Tuesday 4th of August 2020

English Tamil
Advertiesment


තරුණ තරුණියන් සඳහා නව රැකියා උත්පාදනය කරනවා-සජිත්-


2019-11-09 2838

රට පුරා කර්මාන්තපුර ආරම්භකර, තරුණ තරුණියන් සඳහා නව රැකියා උත්පාදනය කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා බ්‍රහස්පතින්දා(07) අකුරැස්ස නගරයේ පැවති ජනරැලියකට එක්වෙමින්  සඳහන් කළේය.

"එක්ව ඉදිරියට" යන්න තේමා කරගනිමින් සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වන ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් ඊයේ අකුරැස්සේදී පැවති අතර අනතුරුව බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේ සංවිධාන කළ ජනහමුවකටද සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වුණි.

මේ අතර සජිත් ප්‍රේමදාස මහතා අද මන්නාරම රදගුරු එමානුවෙල් ප්‍රනාන්දු හිමිපානන් මුණගැසුණු අතර එම අවස්ථාවට අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාද එක්ව සිටියේය.

ඉන් අනතුරුව සජිත් ප්‍රේමදාස මහතා මන්නාරම මහජන ක්‍රීඩාංගණයේ පැවති ජනහමුවකට සහභාගි විය.

එහිදී අදහස් දක්වමින් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මේ බව පවසා සිටියේය.

“අපිට අවංක නායකයෙක් අවශ්‍ය නිසයි අපි සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදෙන්නේ.අපි මේ මැතිවරණය ඉතාම පරිස්සමින් මෙහෙයවීම අවශ්‍යයි.ඒ වෙනුවෙන් සුළු ජාතික පක්ෂ අපිට එකතුවෙලා තිබෙනවා.

මේ මැතිවරණයෙන් අපේ ඉරණම වෙනස් කරගැනීම අවශ්‍යයි.සුළු ජාතීන්ට බියක් නැතිව ජීවත් වෙන්න ඕන නිසයි අපේ මේ විදිහට එකතුවුණේ.මහජාතියේ ඇතැම් පිරිස් අපිව යටපත් කරලා තබාගන්න උත්සාහ කරනවා.ඒ ක්‍රියාමාර්ග නතර කරගන්න ඕන නිසයි අපි සජිත් ප්‍රේමදාස මහතාට සහාය දෙන්නෙ.“

 

Advertiesment