Tuesday 12th of November 2019

English Tamil
Advertiesment


තරුණයින් ලක්ෂ 5ක් පොහොට්ටුවෙන් ගැල වෙයි-ඔටුන්න හිමි කුමරුට විරෝධය


2019-11-06 6562

  "නිල් බළකාය" අනාථයි 

 

නාමල් රාජපක්ෂ කරකවා අත හරියි 

 

"නිල් බළකායට" අත් වුණු ඉරණම මෙන්න..!

(සුමුදු පෙරේරා)

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ තරුණ පෙරමුණ වන "නිල් බළකාය" සක්‍රීය ලෙස නියෝජනය කළ පන් ලක්ෂයකට අධික තරුණ තරුණියන් පිරිසක් එම පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ හම්බන්තොට දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ක්‍රියා කලාපයට එරෙහිව ජනාධිපතිවරණයේදී ස්වාධීනව සිටිමින් එම කඳවුර පරාජය කිරීමට තීරණය කර තිබේ.

"නිල් බළකාය" කඩා ගෙන ගෝඨාභය රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන මහත්වරුන්ට එරෙහිව එළියට පැමිණ සිටින මේ තරුණ තරුණියන් පිරිස ශ්‍රී ලංකා තරුණ පෙරමුණ ලෙස සංවිධාන ගතව සිටින අතර රට පුරා විසිරී සිටින එම තරුණ පෙරමුණේ නිත්‍ය සාමාජිකත්වය 5,88500ක් වේ.

තරුණ තරුණියන් පාවිච්චි කරමින් ඒ අයගේ කර මතින් නාමල් රාජපක්ෂ මහතා කවදා හෝ රටේ රජ කරවීමට දරන උත්සාහයට ද, දිනේෂ් ගුණවර්ධන මහතා වැනි ප්‍රජාතන්ත්‍රවාදී,ජ්‍යෙෂ්ඨ වගේම රට පිළි ගත් නායකයින් සිටියදී, එවැනි නායකයින්ට වගේම තරුණ තරුණියන්ට ඉදිරියට එන්න අවස්ථාවක් ලබා නොදී ශ්‍රී ලංකා පොදු ජන පෙරෙමුණේ ජනාධිපති අපේක්ෂකත්වය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දෙමින් සිය පවුලේ බලය තර කර ගැනීමට ද, ඒ ඔස්සේ හමුදා පාලනයක් රටේ ඇති කිරීමට ද හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ක්‍රියා කිරීමට එරෙහිව මේ තරුණ තරුණියන් කණ්ඩායම මේ තීරණය ගෙන තිබෙන්නේ නව දේශපාලන සංස්කෘතියක් රටේ ඇති කිරීමේ අරමුණෙනි. 

නාමල් රාජපක්ෂ මහතා රජ කරවීම සඳහා ගොඩනැඟූ "නිල් බළකාය" මේ හේතුවෙන් මේ වන විට සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වී තිබෙන අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේදී මේ සුප්‍රසිද්ධ "නිල් බළකාය" දේශපාලන  කරළියේ පෙනීමට නොමැත්තේ මේ පසුබිම නිසාය.

රට පුරා විසිර ගොස් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන මතය සමාජ ගත කරමින් රටේ තරුණ ප්‍රජාව මෙහෙයවූ ද,ජන සමීක්ෂණ සිදු කරමින් නිවැරදි ජනතා මතය පෙන්වා දී එම මතය එම පෙරමුණට වාසි වන අයුරින් හරවා ගැනීම සඳහා දේශපාලනික වශයෙන් උපාය මාර්ගික සැලසුම් ඉදිරිපත් කළාවූ ද,සමාජ මාධ්‍ය ජාල සම්පූර්ණයෙන්ම මෙහෙයවූ ද මේ තරුණ කණ්ඩායම නොමැතිව මැතිවරණ ජය ගත නොහැකි බව හොඳින්ම දන්නා බැසිල් රාජපක්ෂ මහතා එම කණ්ඩායම පක්ෂයට යළි එකතු කර ගැනීමට දැඩි උත්සහයක් දරා ඇතත් ශ්‍රී ලංකා තරුණ පෙරමුණ ඒ සියල්ල ප්‍රතික්ෂේප කර තිබේ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයේදී කිසිදු සහයක් ලබා නොදී ස්වාධීනව සිටිමින් එම පෙරමුණේ තරුණ ඡන්ද ඔහුට ලැබීම වළක්වා රටේ හමුදා පාලනයක් ඇතිවීම නතර කරන අතර නව දේශපාලන පක්ෂයක් නිර්මාණය කර ඒ යටතේ ඉදිරි මහා මැතිවරණයට සෑම දිස්ත්‍රික්කයකින්ම අපේක්ෂකයින් ඉදිරිපත් කර තරුණ තරුණියන් වෙනුවෙන් සැලකිය යුතු පාර්ලිමේන්තු නියෝජනයක් දිනා ගනිමින් නව දේශපාලන සංස්කෘතියකින් රටේ දිශානතිය තීරණය කිරීම ශ්‍රී ලංකා තරුණ පෙරමුණේ ස්ථාවරය වී ඇත.  

 

 

Advertiesment