‘එක පාසලක් වසන විට හිර ගෙවල් සීයක් අරින්න සිදු වෙනවා’ අධ්‍යාපනය සම්බන්ධයෙන් කතා කරන විට උපුටා දැක්වෙන ප‍්‍රකට කියමනක් ඒ. එයින් අදහස් වන්නේ අධ්‍යාපනය සමාජයට කොතරම් වැදගත් ද යන්නයි. ‘උගත මනා ශිල්පයමයි මතු රැකෙනා’ ආදි ‘රුවන් වැකි’ සමග පුළුල්ම සමාජ අවධානයක් දිනාගන්නා අධ්‍යාපනය මෙවර ජනාධිපතිවරණයේදී ද සුවිශේෂ භූමිකාවක් නිරූපණය කරනවා.
විශේෂයෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සේම හිටපු ජනාධිපතිවරයා, හිටපු අධ්‍යාපන ඇමැතිවරුන් වන සුසිල් පේ‍්‍රමජයන්ත, බන්දුල ගුණවර්ධන ආදීන් ද මැතිවරණ වේදිකාවේ පුනපුනා කියන ප‍්‍රකාශයක් තිබෙනවා. ඒ වත්මන් ආණ්ඩුවේ ගෙවී ගිය සිවුවසර තුළ මෙරට අධ්‍යාපනය ‘වළපල්ලට’ ගොස් ඇති බවයි. අපොස උසස් පෙළ සමත් වන දරුවන්ට සරසවි වරම් අහිමි වී ඇති බවයි.
ඒක පාර්ශ්විකව සිදුවන තොරතුරු ගලනය සහ රජයේ සංවර්ධනාත්මක පුවත් සන්නිවේදනයට මාධ්‍ය දක්වන ඇල්මැරුණු ආකල්පය නිසා වත්මන් රජය යටතේ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ සංවර්ධනය වෙනුවෙන් සිදු වූ බොහොමයක් දේ ජනතාවට සන්නිවේදනය වී නැහැ. ඒ නිසා විපක්ෂයට බොහොම පහසුවෙන් ‘මේ ආණ්ඩුව අධ්‍යාපනයත් කෑවා’ කියන්න පුළුවන් පසුබිමක් නිර්මාණය වී තිබෙනවා.
1994 සිට 2015 දක්වා
මීට පෙරත් බොහෝ අවස්ථාවල උපුටා දක්වා ඇති ආකාරයට 1994 සිට මේ දක්වා මේ රට පාලනය කරන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් නායකත්වය දෙන ජනාධිපතිවරුන් විසිනුයි. ඒ වගේම 2001 දෙසම්බර් 06 - 2004 අපේ‍්‍රල් දක්වා කෙටි කාලය හැරෙන්නට පසුගිය දශක දෙකකට ආසන්න කාලයක් මේ රටේ අධ්‍යාපනය සම්බන්ධයෙන් වගකීම දැරුවේ වත්මන් විපක්ෂය නියෝජනය කරන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, හිටපු අධ්‍යාපන ඇමැතිවරුන් වන බන්දුල ගුණවර්ධන ආදීන්. ඒ නිසා රට තුළ අධ්‍යාපනයේ යම්කිසි පිරිහීමක් හෝ ගුණත්වයේ බාල වීමක් සිදුව තිබෙනවා නම් එහි ඍජු වගකීමක් මේ ‘හිටපු පාලකයින්ට’ අනිවාර්යයෙන්ම ලැබෙනවා. මේ තත්ත්වය තුළ 2015 දී වත්මන් අධ්‍යාපන ඇමැතිවරයා දක්වා ගෙවී ගිය 2005 සිට 2019 දක්වා කාලය තුළ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ සිදු වූ භෞතික සංවර්ධනය විශේෂයෙන්ම විමසීමට ලක් කිිරීමේ කාලීය අවශ්‍යතාවක් තිබෙනවා.
වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා බලයට පත් වන්නේ 2005 වසරේ පැවැති ජනාධිපතිවරණයෙන් නිසා නව රජයේ අධ්‍යාපන ප‍්‍රවණතා 2006 සිට විමසීමට ලක් කිරීම තර්කානුකූල කරුණක් වශයෙන් සැලකිය හැකියි.
2006දී මෙරට සාමාන්‍ය අධ්‍යාපනයේ තත්ත්වය
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත් වීමෙන් පසු ගත වුණ වර්ෂය (2005-2006) තුළ සාමාන්‍ය හා විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ මූලික දත්ත විමසීමේදී පෙනී යන්නේ පහත සඳහන් ආකාරයේ චිත‍්‍රයක්.
ශ‍්‍රී ලංකා මහ බැංකුව වාර්ෂික වාර්තාව 2006ට අනුව මහින්ද රාජපක්ෂ පාලනයේ පළමු වසරේ (2005-2006) අධ්‍යාපනය සම්බන්ධ දත්ත සටහන් වන්නේ මුළු පාසල් සංඛ්‍යාව 10,455ක් සහ මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 39,99,000ක් වශයෙනුයි. මෙම සිසුන් පිරිස වෙනුවෙන් ගුරුවරුන් 216,000ක් සේවයේ යෙදී සිටි අතර ‘ගුරු - සිසු අනුපාතය' පැවතියේ 19ක් ලෙසයි.
2006 වර්ෂයේදී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව අධ්‍යාපනය වෙනුවෙන් (උසස් අධ්‍යාපනය ද ඇතුළුව) රුපියල් බිලියන 78.3ක් වැය කළ බව මහ බැංකු වාර්ෂික වාර්තාව 2006 (පිටුව 61) දක්වා තිබෙනවා. එහි වර්තන වියදම රුපියල් බිලියන 61.1ක් වූ අතර ප‍්‍රාග්ධන වියදම වශයෙන් රුපියල් බිලියන 17.2ක් වැය කර තිබෙනවා. මහින්ද රාජපක්ෂ පාලනයේ පළමු වර්ෂය තුළ මේ ආකාරයෙන් සටහන් වන සාමාන්‍ය අධ්‍යාපනය සම්බන්ධ දත්ත මහින්ද රාජපක්ෂ පාලනය අවසන් වූ 2014 වර්ෂයේදී සටහන් වන්නේ මේ ආකාරයටයි.
ශ‍්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව 2015ට අනුව (පිටුව 108) 2014 වර්ෂයේදී රජයේ මුළු පාසල් සංඛ්‍යාව 10,971ක් වූ අතර එය 2015 වර්ෂය අවසාන වන විට 10,977 දක්වා වර්ධනය වී තිබෙනවා. එහිදී 2014 දී 10,121ක් වූ රජයේ පාසල් සංඛ්‍යාව 10,144 දක්වා වර්ධනය වී ඇති අතර ප‍්‍රාථමික පාසල් සංඛ්‍යාව 2014 දී 3577 සිට 3704 දක්වා වර්ධනය වී තිබෙනවා.
2014 දී 43,54,011ක් වූ මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 2016 දී 44,18,173 දක්වා වර්ධනය වී ඇති අතර ගුරුවරුන්ගේ සංඛ්‍යාව 2014 දී 253,649 සිට 2016 දී 259,967 දක්වා වර්ධනය වී තිබෙනවා. මේ තුළ රජයේ පාසල්වල ගුරුවරුන් සංඛ්‍යාව 2014 දී 232,990 සිට 2015 අවසාන වන විට 236,999 දක්වා වර්ධනය වී තිබෙනවා. ඊට සමගාමීව පිරිවෙන් ගුරු සංඛ්‍යාව ද 2014 දී 6471 සිට 7075 දක්වා වර්ධන වී තිබෙන අතර ගුරු ශිෂ්‍ය අනුපාතය 2014 දී 18 සිට 17 දක්වා පහළ බැස තිබෙනවා. සාමාන්‍ය අධ්‍යපනය සම්බන්ධයෙන් 2015 වසරෙන් පසු තවත් වැඩි දියුණුවක් සටහන් කරමින් 2014 දී 07ක් වූ ගුරුවරු පුහුණු කිරීමේ පාසල් සංඛ්‍යාව 2015 08 දක්වා වර්ධනය වී තිබෙනවා.
අධ්‍යාපනය සඳහා වන රජයේ වියදම පිළිබඳ දත්ත විශ්ලේෂණයේදී පැහැදිලි වන්නේ වත්මන් ආණ්ඩුව 2018 වර්ෂයේදී අධ්‍යාපනය වෙනුවෙන් රුපියල් බිලියන 267.6ක් වැයකර ඇති බවයි.
ඒ අනුව 2014 දී 10,121ක්ව පැවැති රජයේ පාසල් සංඛ්‍යාව 2017 දී 11,053ක් දක්වා වර්ධනය වී ඇති අතර ඊට සමගාමීව 2014 දී 40,78,798ක් වූ රජයේ පාසල්වල සිසුන් සංඛ්‍යාව 2017 දී 41,65,955 දක්වා වර්ධනය වී තිබෙනවා.
මෙහිදී වැදගත් සංවර්ධන දත්තයක් වන රජයේ පාසල්වල ගුරුවරුන් සංඛ්‍යාව 2014 දී 232,990ක් වූ අතර එය 2017 දී 241,018ක් දක්වා වර්ධනය වී තිබෙනවා. මෙහි ඇති වැදගත් කරුණක් වන්නේ 2014දී 18ක් වූ ගුරු ශිෂ්‍ය අනුපාතය 2017 වන විට 17 දක්වා අඩු කර ගැනීමට වත්මන් ආණ්ඩුව සමත් වීමයි.
මේ සමග පසුගිය මාස කිහිපය තුළ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විද්‍යා පීඨ ගුරුවරුන් බඳවා ගැනීම්, විදේශීය භාෂා ගුරුවරුන් බඳවා ගැනීම් ආදිය ද ඇතුළත්ව සලකා බැලූවහෝ මහින්ද රාජපක්ෂ දශක පාලනයට සාපේක්ෂව වත්මන් රජයේ පසුගිය වසර 05ක කාලය තුළ සාමාන්‍ය අධ්‍යාපනයේ ප‍්‍රමාණාත්මක මෙන්ම ගුණාත්මක වර්ධනයක් ද සිදුව තිබෙන බවක් හඳුනා ගත හැකියි.
අධ්‍යාපනයේ සිදු වූ ගුණාත්මක වර්ධනය
මේ තත්ත්වය මෙරට ප‍්‍රමුඛ විභාග ද්විත්වයක් වන අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගය අසුරින් විශ්ලේෂණය කළ හැකියි.
සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන බහුතර පිරිස පාසල් අයදුම්කරුවන් වශයෙන් සැලකිය හැකියි. ඒ බව ශ‍්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වාර්තා ඇසුරින් සකස් කළ පහත වගු සටහන මගින් පැහැදිලි කරගත හැකියි.
ඉහත සටහනට අනුව 2012 වසරේදී සාමාන්‍ය පෙළ විභාගයේ විෂයන් 05කට වඩා වැඩියෙන් මුහුණ දුන් පාසල් අයදුම්කරුවන් සංඛ්‍යාව 268,995ක් වූ අතර එය 2013දී 264,322ක් දක්වාත් 2014දී 257,322 දක්වා පහළ ගොස් තිබෙනවා. වසර තුනක් තුළ පාසල් සිසුන් 11,673ක අඩුවීමක් වාර්තාවීම සැලකිය යුත්තක් වශයෙන් සැලකිය හැකියි. එහෙත් යළිත් පාසල් අයදුම්කරුවන්ගේ සංඛ්‍යාව 2015 සිට වර්ධනයක් පෙන්නුම් කරනවා. 2015දී එම ප‍්‍රමාණය 273,224 සිට 2017 වන විට 296,812 දක්වා 23,588ක වර්ධනයක් පෙන්නුම් කරනවා. මෙය 2012 වර්ෂය සමග සැසදීමේදී 27,817ක වර්ධනය වීම විශේෂත්වයක්.
මේ සමග මෙම පාසල් අයදුම්කරුවන් අතරින් උසස් පෙළ සඳහා සුදුසුකම් ලබාගත් පිරිස පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. ඒ අනුව 2012 වර්ෂයේදී සාමාන්‍ය පෙළ සඳහා පෙනී සිටි පාසල් අයදුම්කරුවන්ගේ 64.74%ක් උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. මේ ප‍්‍රතිශතය 2012 සිට 2017 දක්වා ක‍්‍රමික වර්ධනයක් අත්පත් කරගත් ආකාරයක් ඉහත වගු සටහන අනුව අපට නිරීක්ෂණය කළ හැකියි. ඒ අනුව උසස් පෙළ සඳහා සුදුසුකම් ලබාගත් පිරිස 2017 වසර වන විට 73.05% දක්වා විශාල වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. එය 2012 වසරට සාපේක්ෂව ගත් විට 8.31%ක පැහැදිලි වර්ධනයක්. මෙහිදී අපට පෙනී යන්නේ 2015 වර්ෂයේ සිට පාසල් පද්ධතිය තුළ රජය විසින් දියත් කළ සංවර්ධන වැඩසටහන් හා ප‍්‍රතිසංස්කරණ සාමාන්‍ය පෙළ විභාගය සඳහා ශිෂ්‍ය සහභාගීත්වය වර්ධනය කිරීමට මෙන්ම ප‍්‍රතිඵල වර්ධනය කිරීමට ද ප‍්‍රබල දායකත්වයක් ලබාදී ඇති බවයි.
සාමාන්‍ය පෙළ විභාගයේදී ඉහළ සාමාර්ථයක් ලබා ගැනීමට සියලූ සිසුන් දැඩි වෙහෙසක් ගන්නවා. පාසල් පද්ධතිය තුළින් සේම දෙමාපියන්ගෙන් ද ඒ සඳහා විශාල පිටිවහලක් ලැබෙනවා. මේ තත්ත්වය තුළ විශිෂ්ඨ සාමාර්ථවලට හිමිකම් කියන සිසුන් ප‍්‍රතිශතයේ ක‍්‍රමික වර්ධනයක් සේම අසමත් වන පිරිස අඩුවීමක් දැකිය හැකි වෙනවා පමණක් නොව සියලූම විෂයන් අසමත් වන පිරිසේ ද ක‍්‍රමික අඩුවක් දකින්නට ලැබෙනවා.
මේ අනුව 2012 වසරේදී සියලූම විෂයන් සඳහා ‘‘විශිෂ්ඨ සාමාර්ථය - ලකුණු 75%" ලබාගත් පාසල් අයදුම්කරුවන් ප‍්‍රමාණය 4509ක් වූ අතර එය ප‍්‍රතිශතයක් වශයෙන් සියයට 1.68ක් වුණා. මේ අගය 2017 වන විට 9960 දක්වාත් ප‍්‍රතිශතයක් වශයෙන් 3.36%ක් දක්වා 100%කට වඩා වැඩි වේගවත් වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. මෙහිදී දැකිය හැකි තවත් විශේෂයත්වයක් වන්නේ සියලූ විෂයන් අසමත් ප‍්‍රමාණය (විෂයන් 06කට වඩා වැඩියෙන්) ක‍්‍රමිකව පහළ වැටීමයි. 2012දී 4.13%ක් වූ එම අගය 2017 වන විට 2.46% දක්වා 90%කට ආසන්න අගයකින් පහළ වැටී තිබෙනවා. මෙම තත්ත්වය පසුගිය කාලය තුළ අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුළ වත්මන් රජය විසින් දියත් කර ඇති අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ හා සංවර්ධන වැඩසටහන්වල සාධනීය ප‍්‍රතිඵල ප‍්‍රකාශයට පත් කිරීමක් වශයෙන් සැලකිය හැකි බවයි අධ්‍යාපන විශේෂඥයින්ගේ අදහස වන්නේ.
‘‘සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පාසල් අයදුම්කරුවන්ගේ ප‍්‍රතිශතාත්මක වර්ධනයක් පසුගිය 2015 වසරේ සිට පැහැදිලිව දැකිය හැකියි. ඊට සාපේක්ෂව උසස් පෙළ සඳහා සුදුසුකම් ලබන පිරිස වගේම විශිෂ්ඨ සාමාර්ථ ලබා ගන්නා සිසුන්ගේ ප‍්‍රතිශතය ද 100%කින් පමණ ඉහළ ගොස් සියලූ විෂයන් අසමත් වන සිසුන්ගේ ප‍්‍රතිශතයත් 100%කින් පහණ පහළ ගොස් තිබෙනවා. මෙය ඉතාම පැහැදිලිව පසුගිය තෙවසර තුළ රජය විසින් අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුළ දියත් කළ ප‍්‍රතිසංස්කරණවල ප‍්‍රතිඵල වශයෙන් සැලකිය හැකියි’’ පසුගිය තෙවසර තුළ සිදු වූ මේ ධනාත්මක ප‍්‍රතිඵල පිළිබඳ විග‍්‍රහයක යෙදුණු අධ්‍යාපන විශේෂඥයෙක් අවධාරණාත්මකව සඳහන් කළා.
අපොස සාමාන්‍ය පෙළ විභාගයට පාසල් අයදුම්කරුවන් වශයෙන් සහභාගී වූ සිසුන් 2012 සිට 2017 දක්වා කාලය තුළ ඉංග‍්‍රීසි භාෂාව සම්බන්ධයෙන් ලබාගත් ප‍්‍රතිඵල පිළිබඳ විශ්ලේෂණයක් ඇතුළත් වගුවක් පහත පළ වෙනවා.
ඉහත සඳහන් වගුව අනුව පැහැදිලි වන්නේ 2012 සිට 2017 දක්වා ඉංග‍්‍රීසි විෂය සඳහා පෙනී සිටින පාසල් අයදුම්කරුවන්ගේ සංඛ්‍යාවෙහි සහ ප‍්‍රතිශතයෙහි පැහැදිලි වර්ධනයක් දැකිය හැකි බවයි. ඒ අනුව 2012 දී ඉංග‍්‍රීසි භාෂාව සඳහා පෙනී සිටි පාසල් සිසුන් සංඛ්‍යාව 267,987 සිට 2017 වසරන විට විට 296,157ක් දක්වා 29,170ක විශාල වර්ධනයක් පෙන්වා තිබෙනවා. මේ ඉහළ වර්ධනයට සාපේක්ෂව ඉංග‍්‍රීසි භාෂාව සමත් වූ සිසුන්ගේ ක‍්‍රමික සංවර්ධනයක් ද දකින්නට ලැබීම වැදගත් කරුණක්. ඒ අනුව 2012 දී ඉංග‍්‍රීසි භාෂාව සමත් වූ සිසුන්ගේ ප‍්‍රතිශතය වූ 47.78%ක අගය 2017 වන විට 51.12% දක්වා වර්ධනයක් පෙන්වා තිබෙනවා. මෙම අගය සංඛ්‍යාත්මකව ගත්විට 23,344ක වර්ධනීය අගයක්.
මේ සමග ඉංග‍්‍රීසි භාෂාව අසමත් වූ සිසුන්ගේ ප‍්‍රතිශතය ද 2012 දී 52.22 %සිට 2017 වන විට 48.88% දක්වා අඩුවී තිබෙනවා.
සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන්ගෙන් බහුතර සිසුන් පිරිසක් ලබා ගන්නේ සාමාන්‍ය සාමාර්ථයක්
පහත වගු සටහන 03 විශ්ලේෂණයේදී පෙනී යන්නේ අපොස සාපෙළ විභාගයේදී ගණිතය විෂයට පෙනී සිටි සිසුන්ගෙන් සමත් වූ පිරිස 2012 සිට 2017 දක්වා සැලකිය යුතු ප‍්‍රතිශතයකින් වර්ධනය වී ඇති බවයි.
එය සංඛ්‍යාත්මකව ගත් විට 2014 දී 56.70% සිට 2017 වන විට 67.24% දක්වා වර්ධනය වී තිබෙන අතර අසමත් ප‍්‍රතිශතය 2014දී 43.30% සිට 2017 වන විට 32.76% දක්වා අඩුවී තිබෙනවා. මෙය ඉතාම පැහැදිලිව වත්මන් ආණ්ඩුව යටතේ අධ්‍යාපන ක‍්‍රමයේ ඇති වූ සාධනීය වර්ධනයක් ලෙස සැලකිය හැකියි.
ගණිතය විෂයෙහි දැකිය හැකි වර්ධනීය තත්ත්වය අපට ප‍්‍රමුඛ විෂයක් වන ‘විද්‍යාව’ විෂය සම්බන්ධයෙන් ද දැකගත හැකියි.
2014 දී විද්‍යාව සමත් ප‍්‍රතිශතය වූ 60.58% 2017 වන විට 73.46% දක්වා කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කර ඇති අතර අසමත් ප‍්‍රතිශතය 39.32% සිට 26.54% දක්වා අඩුවී තිබෙනවා. ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපනයේ ගුණාත්මක තත්ත්වය පහසුවෙන් මැන බැලිය හැකි අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග‍්‍රීසී, ගණිතය සහ විද්‍යා විෂයන්ට අදාළ ඉහත සඳහන් දත්ත විශ්ලේෂණයේදී පෙනී යන්නේ මහින්ද රාජපක්ෂ යුගයට සාපේක්ෂව වත්මන් ආණ්ඩුව සමයේ අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනයක් ද සිදුව ඇති බවයි. මේ තත්ත්වය තුළ මෙරට ප‍්‍රමුඛ ක්ෂේත‍්‍රයක් වන පාසල් අධ්‍යාපනයේ පිරිහීමක් සිදුව ඇත්තේ කෙසේද යන්න ගැන විපක්ෂය ජනතාවට පැහැදිලි පිළිතුරක් ලබාදිය යුතුව තිබෙනවා.
Lanka Newsweek © 2023