Thursday 5th of December 2019

English Tamil
Advertiesment


ඔබත් Green Tea රසිකයෙක්ද..?


2019-11-04 1404

විඩාබර මොහොතක අපට එක් වරම සිහියට නැගෙන්නේ රසවත් තේ කෝප්පයක්.මේ අතරින් ලංකාවෙ අපි පුරුදුවෙලා ඉන්නෙ සාමාන්‍ය තේ එහෙමත් නැතිනම් බ්ලැක් ටී වලටයි.ඒ කොහොම උනත් බ්ලැක් ටී කෝප්පයකට වඩා ග්‍රීන් ටී කෝප්පයක ගුණ ඉතාම ඉහළයි.මේ නිසාම මුළු ලොකයෙම අවධානය මේ ග්‍රීන් ටී වලට යොමු වෙලා තියෙනවා.ඉතින් ඔබත් දැනටමත් ග්‍රීන් ටී රසිකයෙක් නම් මෙන්න මේ වාසි ඔබට හිමි වෙනවා.

ෆ්ලූ මට්ටු කරනවා.

ඉන්ෆ්ලුවෙන්සා A(H1N1) වැනි ඕනෑම ෆ්ලූ තත්වයකදී ග්‍රීන් ටී කදිම ඖෂධයක්.ග්‍රීන්ටී කොප්පයකට ෆ්ලූ වැළැක්වීමට වගේම ෆ්ලූ පවතින කාලය අඩු කිරීමේ හැකියාවත් පවතිනවා.

 මතකය ශක්තිමත් කරනවා

වියපත් වීමත් සමග අමතක වීම වගේම ඩිමෙන්ෂියා,ඇල්ෆයිමර් වැනි අමතක වීමේ රෝග වලට ගොදුරු වීමේ ඉඩකඩ වැඩියි.මොළයේ සෛල මිය යාම  අඩු කිරීමේ හැකියාවක් ග්‍රින් ටී සතුයි.දිනකට එක් තේ කෝප්පයක් පානයෙන් මොළයේ ක්‍රියාකාරීත්වය අඩු වීම 38% කින් අවම කල හැකි බව විශේෂඥයන්ගේ මතයයි.

වැඩි වෙලාවක් ව්‍යායාම කරන්න හැකි වෙනවා.

ග්‍රීන් ටී වල ඇති රසායනික සංයෝග අක්මාවේ හා මාංශපේශීන් වල අඩංගු මේද අම්ල ප්‍රයෝජනයට ගැනීම උත්තේජකය කරනවා.මාංශපේශී සෛල වලින් වැඩි වශයෙන් මේදය දහනය වී ඒවා ග්ලයිකොජන් ලෙස තැම්පත් වෙනවා.මේ නිසා ඉක්මනින් වෙහෙසට පත් නොවී දිගු වේලාවක් ව්‍යායාම කරන්න හැකිවෙනවා.

 උදරයේ මේදය අඩු කරනවා.

උදර කුහරයේ බඩවැල් අවට මේදය තැම්පත් වීම බොහෝ දෙනෙකුට ගැටළුවක් වන්නේ එය ඔබේ ශරීරයේ හැඩය අවලස්සන කරන නිසයි.සැබවින්ම මෙම තත්වය හෘද රෝග,ආඝාතය,දියවැඩියාව වැනි රෝග සමගද සම්බන්ධතාවක් දක්වනවා.මේදය දහනය කරන කැටෙචින්,කැගේන් හා තිනින් යන සංයෝග ග්‍රීන් ටීවල අඩංගු නිසා උදරයේ මේදය දහනය කරන්න උපකාර කරනවා.

 ඔබේ අක්මාව රැකගන්නවා

මත්පැන්,විවිධ ඖෂධ වලින් වගේම යම් යම් විෂ නිසා අක්මාවට හානි වන අතර ඔබ ග්‍රීන් ටී පානය කරන්නෙකු නම් ඒ හානි අවම කර ගන්නත් පුළුවන්.

 දත් හා අස්ති නිරෝගී කරනවා

කාන්තාවන්ට සුළභ රෝගයක් වන ඔස්ටියෝපොරෝසිස් රෝගයටත් දත් හා විදුරුමස් රෝග වලින් වළකීමටත් අවශ්‍ය සංයෝග ගණනාවක් ග්‍රීන් ටී සතුයි.මුඛයෙහි වර්ධනය වන බැක්ටීරියා මර්ධනය කිරීමේ හැකියාවෙන්ද ග්‍රීන් ටී අනූනයි.

 වකුගඩු ආරක්ෂා කරනවා.

වකුගඩු නිරෝගීව පවත්වා ගන්නත් වකුගඩු බද්ධ කල පසු නිරෝගී පැවැත්මටත් ග්‍රීන් ටී භාවිතා කරන්න

 ප්‍රබල පිළිකා නාශකයක්

පිළිකා වර්ග ගණනාවක්ම මර්ධනය කිරීමේ හැකියාව ග්‍රීන් ටී සතු බව නවතම පර්යේෂණ මගින් හෙළි වි ඇත.පිත්තාශයේ පිළිකා,පෙනහළු පිළිකා,බඩවැලේ පිළිකා,ඩිම්බකෝෂ වල පිළිකා,පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා,පියයුරු පිළිකා මේ අතරින් ප්‍රධාන වේ.එසේම අක්‍රීය දුම් පානයට ගොදුරුවන සියල්ලන්ටම ග්‍රීන් ටී හොද විසදුමක්

අධික රුධිර පීඩනය අවම කරනවා.

දිනපතා ග්‍රීන් ටී කෝප්ප එකක් හෝ දෙකක් පානයෙන් අධික රුධිර පීඩනය අවම කර ගත හැකි සේම අධික රුධිර පීඩනය ඇතිවීමේ අවධානමෙන්ද ඉවත්වි හැකියි.

 රුධිර කැටි සෑදීම වළක්වනවා.

ග්‍රීන් ටී වල අඩංගු ඔමේගා 6 නම් මේද අම්ලයෙන් හෘද නාල වල,රුධිර නාල වල රුධිරය කැටි ගැසීම වලක්වන නිසා හෘදයාබාධ, ආඝාතය වැනි තත්ව ඇතිවීමේ ඉඩකඩ ග්‍රීන් ටී පානය කරන්නෙකුට අවම බව වෛද්‍යවරුන්ගේ මතයයි.

 

Advertiesment