දේශපාලන වේදිකා වල මොන යම් පොරොන්දු ,ප්‍රතිපත්ති ඉදිරිපත් උවද,ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන සැබෑම ගටලුවටනම් විසඳුම් දෙන ක්‍රමවේදයක් කිසිඳු පාර්ශවයකින් ඉදිරිපත් වී නැත.එයට හේතුව වී ඇත්තේ එවැනි කතිකාවක් මගින් චන්ද ලබා ගත නොහැකි වීමත්,මහජනතාවට මේ පිළිබඳව ලොකු අවබෝදයක් නොමැති වීමත්,මෙම ප්‍රශ්නයට විසඳුම් සෙවීමට සැබවින්ම දේශපාලකයන්ට ඇති නොහැකියාවත් විය හැක.නමුත් LANKA NEWSWEEK හි අපට මේ පිළිබඳව සමාජය දැනුවත් කිරීමට වගකීමක් ඇත.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය මුල්‍ය පිළිබඳව යම් ප්‍රමාණයකට හෝ අවබෝදයක් ඇති ඕනෑම අයෙකුට මෙම ගැටලුව දැනටමත් විසඳිය හැකිදැයි සැකයක් මතු වීම සාදාරනය.ඒ අනුව මෙයට විසඳුම් සොයා ගිය LANKA NEWSWEEK කණ්ඩායමට,මේ පිළිබඳව ගවේෂණය(research) කරනු ලබන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨයේ සිසුන් කණ්ඩායමක් සම්බන්ද කර ගත හැකි විය.
ඔවුන්ගේ අදහස වූයේ ශ්‍රී ලංකාව දිගින් දිගටම හසුවී තිබෙන මේ ණය උගුලට හේතුව සමස්ත අය වැයේ හිඟයක් පැවතීම නොවන බවත්,වර්තන ගිණුමේ හිඟයක් පවතීම බවත්ය.ඔවුන් පවසන අන්දමට ඕනෑම ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන රටක සමස්ත අයවැය හිඟයක් අපේක්ෂා කරයි.
එසේනම් සමස්ත අයවැය ශේෂය හා වර්තන ගිණුමේ ශේෂය අතර වෙනස අවබෝධ කර ගැනීම ඉතාම වැදගත් වේ.දේශපාලකයින් සෑමවිටම සඟවන කාරණාවද මෙයම වේ. “රජයේ මුළු අයභාරය හා පුනරාවර්තන වියදම් අතර වෙනස වර්තන ගිණුමේ ශේෂය නම් වේ”
පුනරාවර්තන වියදම් යනු, “අදාල වර්ෂය තුළ දෛනික රාජ්‍ය සේවා පවත්වාගෙන යාම හා නඩත්තු කිරීම සඳහා දරන වියදම් සහ සංක්‍රාම ගෙවීම් පුනරාවර්තන වියදම් වේ.පුනරාවර්තන වියදම්වල ප්‍රතිලාභ වියදම දරනු ලබන කාලපරිච්චේදයට පමණක් සීමා වන අතර මෙම වියදම් නැවත නැවතත් කළයුතු ස්වරූපයේ වියදම් වේ.” පොලී ගෙවීම,රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීම,පොහොර සහනාධාරය,විශ්‍රාම වැටුප් ගෙවීම ආදිය උදාහරණ ලෙස දැක්විය හැකිය.
මෙහි පොලී ගෙවීම් මුළු වර්තන වියදමෙන් 35%ක් පමණ වන අතර වැටුප් 10%ක් පමණ වේ.(ශ්‍රී ලංකා මහබැංකු වාර්තාව - 2016) “රජයේ මුළු ලැබීම්(මුළු අයභාරය + විදේශ ප්‍රධාන) හා රජයේ මුළු වියදම(වර්තන වියදම්+ප්‍රාග්ධන වියදම්) අතර වෙනස සමස්ත අයවැය ශේෂය යි.”
“ප්‍රාග්ධන වියදම් යන්නෙන් අදහස් වන්නේ වසරකට වඩා වැඩි කාලයක් පවත්නා මූර්ත වත්කම් අත්පත් කර ගැනීම්,පුනරුත්ථාපනය කිරීම හා වැඩි දියුණු කිරීම සඳහා දරන වියදම් හා ප්‍රාග්ධන පැවරුම් යනාදියයි.”
එබැවින් ප්‍රාග්ධන වියදම්වල ප්‍රතිලාභ වියදම් දරනු ලබන කාලයට පමණක් සීමා නොවන අතර දිගු කාලීනව ප්‍රතිලාභ හිමිකර දෙයි.මෙම වියදම් රාජ්‍ය ආයෝජන ලෙසද සැලකේ.මහා මාර්ග ඉදි කිරීම,වරාය,ගුවන්තොටුපල ඉදිකිරීම,දුම්රිය එක්කිරීම,බස්රථ මිලදී ගැනීම ආදිය ප්‍රාග්ධන වියදම් වේ.
ඒ අනුව මනාව සැලසුම් කරන ලද ප්‍රාග්ධන වියදම් සඳහා රජය ණය ලබා ගැනීම ආර්ථිකය ආගාදයකට ඇද දැමීමක් සිදු නොවන අතර සැබවින්ම එය ආර්ථිකයට මනා පිටු වහලකි.මන්ද එමගින් රාජ්‍ය ආදායම ඉහල නංවා ගැනීමට හැකි වන අතරම එහි ප්‍රතිලාභ දීර්ඝ කාලයකට විහිදී යාමයි.එම නිසා ඒ වෙනුවෙන් ලබා ගන්නා ණය මුදලේ වාර්ෂික වාරිකය හා පොලිය යන දෙකම එමගින් උපයන ආදායමින් ගෙවා දැමීමට හැකියාව ඇත.
නමුත් දේශපාලකයින් නිතරම ජනතාව අතරට ගෙන එන මතය වන්නේ රජය ප්‍රාග්ධන වියදම් සඳහා ණය වීමෙන් මෙම බරපතල ගැටලුව නිර්මාණය වී ඇති බවය.
නමුත් සැබවින්ම මෙරට ණය ප්‍රපන්චයට හේතුව වී ඇත්තේ වර්තන වියදම හෙවත් වර්තන ගිණුමේ හිඟයක් පවතීමයි.නමුත් දේශපාලකයින් ඒ පිළිබඳව කතා නොකරීමට හේතුවනම් වර්තන වියදම් පාලනයට යාම තම චන්ද ගොන්න අහිමි වීමට ඉඩ ඇති බවට ඇති බියයි.නමුත් වර්තමාන ආණ්ඩුව මේ වෙනුවෙන් යම් යම් ක්‍රියාමාර්ග ගෙන ඇත.එසේම එම ක්‍රියා මාර්ග ආණ්ඩුවට එරෙහිව ජනතාව පෙළ ගැසීමටද හේතු වී ඇත.
එසේනම් කුමණ රජයක් ඉදිරියේදී බලයට පත් උවද මේ වෙනුවෙන් ගත හැකි සාර්ථකම ක්‍රියා මාර්ග මොනවාදැයි සොයා බැලිය යුතුමය. ණය පාලනය සඳහා ගත හැකි ක්‍රියාමාර්ග ප්‍රදාන ආකාර දෙකක් ඔස්සේ ගලා යන බව ඔවුන්ගේ අදහසයි.එනම්,
සෑම ආණ්ඩුවක්ම ණය ප්‍රශ්ණය විසදීමට උත්සහ කරන ක්‍රමවේදය ලෙස මෙය දැක්විය හැක.නමුත් එහිදීද සෑම රජයක්ම උත්සහ ගනුයේ බදු ආදායම ඉහල දැමීමටයි. රාජ්‍ය ආදායමේ සංරචක මොනවාද? I. බදු ආදායම - 87% II. බදු නොවන ආදායම(රාජ්‍ය ව්‍යවසායන්ගේ ආදායම්) – 13% රාජ්‍ය බදු ආදායම ඉහල නැංවීම වැරදිද?
කිසිසේත්ම නොමැත.නමුත් ලංකාවේ බදු ක්‍රමවේදයේ විශාල අඩුපාඩු රාශියක් දක්නට ලැබේ.එම අඩුපාඩු නිවැරදි කර ගැනීමට අනිවාර්යෙන්ම කටයුතු කල යුතු බව වර්තමාන මුදල් ඇමති වරයාද යම් යම් අවස්ථා වලදී පෙන්වා දී ඇත.
එනම් බදු අය කිරීමේ මූල ධර්ම වලට අනුව බදු ක්‍රමය සකස් විය යුතු බවයි.බදු අය කිරීමේ මූලධර්ම(Principles of Taxation) ලෙස සලකන්නේ ,බදු ක්‍රමයක් තුළ අන්තර්ගත විය යුතු යයි පොදුවේ පිළිගැනෙන ගුණාංග හෙවත් යහපත් ලක්ෂණ වේ.ආණ්ඩුවේ අය බදුවලින් ඇති විය හැකි අයහපත් ප්‍රතිවිපාක හැකිතාක් දුරට අවම කර ගැනීම සඳහාත්,බදු ක්‍රමය කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහාත් බදු ප්‍රතිපත්තිය මෙම මූලධර්ම මත ක්‍රියාත්මක විය යුතුය.
මෙම මූලධර්ම කඩ වීමේදී ජනතාව බදු ගෙවීම් පැහැර හැරීමට උත්සහ ගන්නා අතර එමගින් බදු ආදායම ඉහල නංවා ගැනීමට නොහැකි වේ.
බදු අයකිරීමේදී අසමාන ආර්ථික හැකියාවක් ඇති පුද්ගලයින් මත අසමාන බදු බරක් ඇති කිරීම මින් අදහස් වේ.එනම් වැඩි අදායමක් ඇති පුද්ගලයින් වැඩි බදු බරක්ද ,අඩු ආදායමක් ඇති පුද්ගලයින් අඩු බදු බරක්ද දැරීම මෙහි අදහසයි.ඒ අනුව සිරස් සාදරනත්වය ආරක්ෂා වීමටනම් සෘජු බදු(උදා:අදායම් බදු) අයකිරීමට සෑම විටම උත්සහ ගත යුතු වේ.එවිට සිදු වන්නේ ඇත්තෙන්ම බදු ගෙවීමට හැකියාවක් නොමැති පුද්ගලයින් බදු බරින් මිරිකීම වලකීමයි.එසේම ආදායම් බෙදී යාම සාදාරණ වීමයි.
නමුත් අප රටේ බදු ආදායම ඉතාම අසාදාරණ ලෙස වක්‍ර බදු(උදා:VAT) මත රඳා පවතී.වක්‍ර බදු අය කල විට සිදු වන්නේ බදු ගෙවීමට හැකියාවක් නොමැති පුද්ගලයින් පවා සමාන බදු බරක් ඉසලීමයි.රාජ්‍ය මුළු බදු ආදායමින් 18% පමණක් සෘජු බදු වන අතර 82%ක් වක්‍ර බදු වේ.සැබවින්ම මෙය නිවැරදි කිරීමට ඉක්මන් ක්‍රියා මාර්ග ගැනීම අත්යාවශ්‍ය කාර්යකි.
බදු අය කිරීම මලකින් රොන් ගැනීමක් ලෙස සිදු කළයුතු යයි සැලකෙනුයේ මෙම මූලධර්මය ආරක්ෂා කිරීමටය.එනම් බදු අයකිරීම නිසා තීරණ ගන්නා එකක වල තීරණ විකෘති නොවිය යුතු බවයි.ව්‍යාපාරිකයන් අධෛරිමත් නොවිය යුතු බවයි.එසේ නොමැතිනම් ආර්ථිකයේ ව්‍යාපාර වර්ධනයට බදු ක්‍රමය විශාල බදාවක් විය හැක.මෙය වර්තමානයේ ශ්‍රී ලංකාවට ආයෝජනා ගලා නොඒමට ප්‍රදනතම හේතුවකි.මෙය රාජ්‍ය ආදායම ඉහල නැංවීමට විශාල බදාවකි.
අප රටේ විශාල ලෙස බදු පැහැර හැරීමට බලපෑ ඇති අනෙක් විශාලම කරුණනම් බදු ක්‍රමය සරල නොවීමයි.එම නිසා විශාල ලෙස පවත්නා කුඩා බදු ඉවත් කොට සරල එමෙන්ම පහසුවෙන් ගෙවිය හැකි බදු වර්ග හදුන්ව දීමෙන් රජයේ ආදායම විශාල ලෙස ඉහල නංවා ගත හැක.එය ජනතාවටද විශාල පහසුවකි.එසේම තමාගෙන් ලබා ගන්නා බදු වලින් මැති ඇමති වරු සැප පහසුකම් බුක්ති විදින්නේනම් ව්‍යාපාරිකයන් බදු පැහැර හැරීමට පෙළබේ.මෙයද ලංකාවේ පවත්නා විශාල ප්‍රශ්නයකි.එම නිසා රජයේ බදු අදායම ඉහල නංවා ගැනීමටනම් මැති ඇමති වරුන්ගේ අනවශ්‍ය වියදම් කපා හැරීමද අත්‍යාවශ්‍ය කාරණයකි.මන්ද එවිට ව්‍යාපාරීකයන් සිය කැමැත්තෙන් බදු ගෙවීමට පෙළඹේ.
රාජ්‍ය අදායම ඉහල නැංවිය හැකි අනෙක් ක්‍රමය වන්නේ රාජ්‍ය ව්‍යවසායන්ගේ ලාභ ඉහල නන්වීමයි.ලාභ ලැබීම වෙනුවට රාජ්‍ය ආයතන සෑම විටම අලාභ ලැබීම රාජ්‍ය අයවැය මත විශාල බරක් ඇති කරයි.නමුත් ඒ සඳහා කිසිඳු විසදුමක් මේ තාක් ඉදිරිපත් වී නොමැත.රජයේ වර්තන වියදෙම් පොලී වියදමට පසුව පවත්නා විශාලතම සංරචකය වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වියදමයි.ඒ අනුව රාජ්‍ය ව්‍යවසායන් ලාභ ලබන තත්වයට පත් කිරීම හා සෘජුවම රජයේ වර්තන වියදම්(වැටුප්) හැකි තාක් අවම මට්ටටමකට ගෙන ඒම බැදී පවතී.එසේම රජයේ වර්තන වියදම් වල පවතින දැඩි අනම්‍ය ස්වභාවය නිසාත් රජයන් එම වියදම් කපා හැරීමට සැබවින්ම බියක් දක්වයි.
නමුත් මේ තත්වය විසඳිය හැකිද??
පළමුවෙන්ම සිදු කල යුත්තේ සෑම රජයේ ආයතනයකටම නව සේවකයින් බඳවා ගැනීම දිගු කාලීනව නව්තාලීමයි.මන්ද දැනටමත් අතිරික්ත සේවක පිරිසක් සිටින නමුත් එම අතිරික්ත සේවකයන් ඉවත් කිරීමට නොහැකි වීමයි.සේවක අතිරික්තයක් ලෙස සැලකෙන්නේ ප්‍රාග්ධන සම්පත්(රජයේ කාර්යාල ගොඩනැගිලි,බස් රථ,දුම්රිය,අමාත්‍යංශ,දෙපාර්තමේන්තු) වලට සාපේක්ෂව ඉතා විශාල සේවක පිරිසක් සිටීමයි.ලං.ග.ම එක් බස් රථයකට සේවකයින් 6ක් පමණ වර්තමානයේදී සේවයේ නියුක්ත වී ඇත.මෙසේ සේවක අතිරික්තයක් නිර්මාණය වීමට හේතු වී ඇත්තේ විශාල ලෙස මැතිවරණයකින් පසුව සහ මැතිවරණයකට පෙර දේශපාලනික පත්වීම් ලබා දීමයි.
ඒ අනුව රාජ්‍ය දේපල වලට එකතු වන නව ප්‍රාග්ධන සම්පත්(නව කාර්යාල ගොඩනැගිලි,නව දුම්රිය,නව බස්රථ,ගුවන් යානා)මගින් සේවය ලබා ගැනීමට දැනටමත් සිටින සේවකයින් යොදා ගත යුතු බවයි.එවිට රාජ්‍ය අදායම ඉහල යාමේදී ඊට සාපේක්ෂව රාජ්‍ය වර්තන වියදම අඩු වේගයකින් ඉහල යාම නිසා මෙය ඉතාම වැදගත් ක්‍රියා මාර්ගයකි. මෙය බොහෝ විට මෙහෙයුම් මට්ටමේ සේවකයින්ට වඩාත්ම යෝග්‍ය වේ.
රාජ්‍ය ව්‍යවසයන්ගේ ලාභ ඉහල නංවා ගැනීමට හැකි වන තවත් ක්‍රියාමාර්ගයක් ලෙස අතැම් සේවා සුබසාධානයෙන් බැහැරව වෙළඳපොල ඔස්සේ පවත්වාගෙන යාමද වැදගත් වේ.උදාහරණයක් ලෙස ශ්‍රී ලංකන් එයා ලයින්ස් පෙන්වා දිය හැක.මෙහි ගුවන් ටිකට් පතක මිල සාපේක්ෂව අඩු මට්ටමක පවතී.නමුත් ශ්‍රී ලාංකේය ජනතාවගෙන් 80%ක් පමණ ගුවන් සේවා පරිබෝජනය නොකරයි.නමුත් සමගම සෑම වර්ශයකම දරන විශාල මෙහෙයුම් අලාභය පියවීමට සෑම පුද්ගලයෙකුම පරිප්පු ඇටයෙන් පවා බදු ගෙවයි.එසේම එමගින් අදායම් බෙදී යාමේ විෂමතාවයද වැඩි වේ.එම නිසා එවැනි සේවාවන්ගේ මිල අනිවාර්යෙන්ම ඉහල දැමීම අවශ්‍ය උවත් එසේ නොකරන්නේ දේශපාලකයන්ගේ හිතවතුන් එම සේවා භාවිතා කරන නිසාද විය හැක.
රාජ්‍ය ලාභ ඉහල නංවා ගැනීමට ගත හැකි තවත් ක්‍රියාමාර්ගයක් ලෙස පෙන්වා දිය හැක්කේ වැටුප් සම්බන්දයෙන් නිතර වැඩ වර්ජන වලට සැලසෙන(මහජනයා පීඩාවට පත්කළ හැකි) රාජ්‍ය නිලධාරීන්(දුම්රිය සේවකයින්,වෛද්‍ය වරුන්) බඳවා ගැනීමේදී හමුදාව හරහා පත්වීම් ලබා දීමයි.එවැනි ක්‍රියා මාර්ග ක්‍රියාත්මක කල රටවල් ලෝකයේ ඇත.
මෙලෙස දැඩි ක්‍රියා මාර්ග ඔස්සේ ක්‍රමවේදය වෙනස් නොකර චන්ද වලට වහල් වී ඉදිරියටත් රජයන් ක්‍රියා කළහොත් සිදු වන්නේ ශ්‍රී ලංකාව ණය ගෙවීම් පැහැර හැරීමේ තත්වයට පත් වීමයි.එම නිසා එවැනි ඉක්මන් ක්‍රියා මාර්ග ගැනීම් හැකි ඉක්මනින් සිදු කල යුතුය.
අප රටේ රාජ්‍ය ඉතුරුම් නොමැති නිසා සහ පෞද්ගලික ඉතුරුම් ප්‍රමාණවත් නොවීම නිසාම විදේශ ආයෝජන ලබා ගැනීම සැබවින්ම අපට පවත්නා එකම විකල්පයයි.ආයෝජන යනු ප්‍රග්ධන සම්පත් බිහි කිරීමේ ක්‍රියාවලියයි.නමුත් ආයෝජන ලබා ගැනීමේදී විශාල බදු නිදහස් කිරීම් ලබා දීම සාර්ථක ක්‍රමවේදයක් නොවේ.සිදු විය යුත්තේ ආයෝජන ලබා ගත හැකි වන පරිදි ශ්‍රම වෙළඳ පොළ සහ අනෙකුත් උපකාරක සේවා ප්‍රතිවියුහ ගත කිරීමයි.ඊට අදාල ක්‍රියා මාර්ග ගැනීමද රජයේ අදායම ඉහල නංවා ගැනීමට වැදගත් වේ.එසේනම් ඉදිරියේදී බලයට පැමිණෙන ආණ්ඩුවවත් මේ පිලිබඳ දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළයුතු බව දේශපාලනීකරණය නොවූ විද්වතුන්ගේ අදහසයි.
Lanka Newsweek © 2024