Friday 23rd of October 2020

English Tamil
Advertiesment


ඇමති වරුන්ට සැප වාහන ලබා දීම 16 න් පස්සේ අවසන්


2019-11-01 6678

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධාන කර ඇති ජනරැළි මාලාවේ තවත් ජනරැළියක් ඊයේ පස්වරුවේ නුගේගොඩ නගර මධ්‍යයේ පැවැත්විණි.

එම ජනරැළියට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ තම පාලනයක් යටතේ ආණ්ඩුවේ අමාත්‍යවරුන්ට විදේශගත විය හැක්කේ ජනතාවට සෙතක් සැලසීමේ අරමුණින් පමණක් බව යි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා මෙසේ පවසා සිටියේය.

"මේ රටේ ආණ්ඩු මාරු වන ගානට අමාත්‍යංශවල වාහන මාරු වෙන ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙනවා.

අලුත් ආණ්ඩුවක් බිහිවෙන කොට අමාත්‍යවරුන්ට සැප වාහන ලබා දීම සම්පූර්ණයෙන්ම නතර කරනවා.

බදු මුදල්වලින් මේ රටේ පාසල්, රෝහල් පද්ධතිය දියුණු කරන්න අපිට හැකියාවක් නැද්ද?

කෝට්ටේ වැනි ප්‍රදේශවල දැවැන්ත නිවාස ඉල්ලුමක් තියෙනවා.

නරකද මේ නාස්ති කරන මුදල් ගෙවල් හදලා දෙන්න යොදවන එක?

ගෙයක් නෑ කියන්නේ තමන්ට මේ මහපොළොවේ අයිතියක් නෑ කියන එක.

16 වෙනිදාගෙන් පස්සේ දේශපාලකයින්ගේ සුර සැප කාලය අවසන්.

රටේ බදු මුදල් වියදම් කරනවානම් දේශපාලකයෙක් විදේශයන්හි සවාරියක යනවා නම් එයා ඒ සවාරියේ ගිහින් රටට ආපහු සම්පත් ගේන්න අවශ්‍යයි.

ඒ සවාරියේ ප්‍රතිඵල ජනතාවට ලැබෙන්න ඕනේ.

බදු ගෙවන්නන්ගේ සල්ලිවලින් මින් ඉදිරියට දේශපාලකයෝ පිටරට සවාරි යන්නේ ප්‍රතිඵලයක් තිබුණෝත් විතරයි."

 

Advertiesment