Tuesday 12th of November 2019

English Tamil
Advertiesment


සියයට අසූවක් තැපැල් ඡන්දය දමා අවසන්


2019-11-01 2002

අද (01) දිනයේතදීත් ජනාධිපතිවරණයට අදාල තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු සිදුකිරීමට නියමිතව ඇත.

ඊයේ (31) දිනයේ ආරම්භ වු ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු සමස්තයක් ලෙස සාමකාමීව පැවති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

පොලිස් ස්ථාන, දිස්ත්‍රික්ලේකම් කාර්යාලය සහ මැතිවරණ කාර්යාලවල නිළධාරීන්ට තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවස්ථාව ලබා දී තිබෙනුයේ ලබන 4 වන දින සහ 5 වන දිනවලදී ය.

මෙම දිනවලදි තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වු තැපැල් ඡන්ද දායකයින් සිටිනම් ඔවුන් ලබන 07 වන දින තමන් සේවය කරන දිස්ත්‍රික්කයට අයත් මැතිවරණ කාර්යාලයට ගොස් තැපැල් ඡන්දය සළකුණූ කිරීමට අවස්ථාව සලසා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව තවදුරටත් සඳහන් කළේය.

ඊයේ දිනය තුළ තැපැල් ඡන්දය සළකුණූ කිරීම සාමකාමීව පැවතිබව පැෆ්රල් සංවිධානයද පවසා සිටියේය.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ 80% පමණ ප්‍රමාණයක් ඊයේ දිනය තුළදීම තැපැල් ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි.ඒ අනුව පෙනී යන්නේ මෙවර ජනතාව තුව ඡන්දය ප්‍රකාශ කිරීමට වැඩි උනන්දුවක් පවතින බවයි.

 

Advertiesment