Tuesday 12th of November 2019

English Tamil
Advertiesment


මුලින් දිනා ගෙන පසුව අනා ගෙන වැටෙන රෙජීමයේ තවත් ඡන්ද ප්‍රතිපලයක් මෙන්න


2019-10-31 3065

(අහුන්ගල්ලේ දේ.සු. ද සොයිසා)

2014 වසරේ බස්නාහිර සහ දකුණු යන පළාත් දෙකෙහි පළාත් සභා මැතිවරණය තැබුවේ එම වසරේ මාර්තු 29 වනදාය.එම ඡන්දය අවසන් වුයේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය ලබා දුන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට අති විශිෂ්ට ජයක් අත් කර දෙමිනි.

පළාත් දීකෙහිම ඇති ඡන්ද කොට්ඨාස 57න් 51ක්ම දිනා ගත්තේ මහින්ද රාජපක්ෂලාය.එ.ජාපය දිනුවේ ඡන්ද කොට්ඨාස 6කි.මෙම ප්‍රතිපල අනුව මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයාගේ නායකත්වය මත ඔවුන්ට මන්ත්‍රී වරුන් 89ක් හිමි වූ අතර රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් එ.ජාපයට හිමි වුයේ මන්ත්‍රී වරු 42කි.ජේ.වී පීයට මන්ත්‍රී වරු 11ක් හිමි වූ අතර සරත් ෆොන්සේකාගේ පක්ෂයට මන්ත්‍රී ධූර 12ක් හිමි විය.

මෙම මැතිවරණයෙන් උදම් වූ මහින්ද රාජපක්ෂ මහතා වසර දෙකක් ඉදිරියට බලය තිබියදී හදිසි ජනාධිපතිවරණයක් පවත්වන ලද්දේ එ.ජාපය ඇතුළු විපක්ෂය සදා හාන්සි කරන්නටය.අවසානයේ සිදු වූයේ ඉදුණු කජු පුහුලමක් සේ බිමට වැටෙන්නටය.

මෙම පළාත් සභා දෙකම පවත්වා ජය ගෙන වසරක් පිරෙන විට බලයේ සිටියේ රාජපක්ෂලා නොව වික්‍රමසිංහලා සහ සජිත් ප්‍රේමදාස ලාය.ඇල්පිටිය ප්‍රාදේශීය සභාව දිනාගෙන කෑ කොස්සන්  ගහන ඒකාධිපති රාජපක්රාෂ රෙජීමය එදා පළාත් සභා දෙකක් දිනා ගෙන වේදිකා දෙවනත් කලේ එම ඡන්ද ප්‍රතිපලය පෙන්වමිනි.නමුත් ජනතාව රැවටුනේ නැත.ඔවුන් මාස කිහිපයක් ඇතුලත ඒ ජයග්‍රහණය ආපිට පෙරළුවේය.

ශ්‍රී ලංකාව තිබෙන්නේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව ඇතුලේ නම් එ.ජාපයට දිනන්න බැරිය.නමුත් ඇල්පිටිය තිබෙන්නේ ලංකාව ඇතුලේ නිසා ජනාධිපතිවරණයෙන් පොහොට්ටුවට දිනන්න බැරිය.හංස රෑනක් දිය මත සැරිසරන විට විලේ සියලුම පොහොට්ටු ජලයට නැමී පහත් වනු ඇත.නොවැම්බර් 16 වනදා සිද්දවන්නේද ඒ ටිකමය.මහා ඡන්දයට පෙර පවතින ඕනෑම ඡන්දයකින් ඔවුන් දිනූ හැම විටම ඊළඟ ජනාධිපතිවරණයේදී හෝ මන්ත්‍රී තරඟ වලදී ඔවුන්ට ලැබුනේ පරාජයම බව ඉතිහාසය මනාව පහදා දුන්නේය.

 

Advertiesment