Tuesday 12th of November 2019

English Tamil
Advertiesment


තාරුණ්‍ය දිරිගැන්වීමට සෑම දිසාපති කොට්ඨාසයකටම තාක්ෂණ උද්‍යානයක්-සජිත්


2019-10-31 1429

තොටළඟ ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක් වෙමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ සෑම දිසාපති කොට්ඨාසයක්ම ආවරණය වන පරදි තාක්ෂණ උද්‍යාන නිර්මාණය කරන බව යි.

රටේ ඉදිරි ගමනේ ප්‍රධානතම පාර්ශවකරුවන් වන්නේ යොවුන් පරපුර බවත් ඔවුන්ට නව ශක්තියක් ලබා දිය යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරිමේ ජන රැළියක් ඊයේ(31) පස්වරුවේ තොටළඟ ප්‍රදේශයේ දී පැවති අවස්ථාවේදී එතුමා ප්‍රකාශ කර සිටියේය.

සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ "තාරුණ්‍යට අලුත් අවස්ථා ලබා දිය යුතු බැවින් රටේම උප දිසාපති ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ තුළින් නවීන පන්නයේ තාක්ෂණ විද්‍යාලයක් ආරම්භ කර තොරතුරු තාක්ෂණය මෙන්ම ඉංග්‍රීසි භාෂාව හා තවත් අංශ ගණනාවක් තුළින් යොවුන් පරපුරට නොමිලේ අධ්‍යාපනය ලබා දීමටත් උපදිසාපති කොට්ඨාස තුළ තාක්ෂණික උද්‍යාන ඇති කර රජයේ අනුදැනුමින් තාක්ෂණ විද්‍යාලවලින් පිටවන දරුවන්ට එහි නව රැකියා අවස්ථා උප්පාදනය කරන බව යි."

කටවචනයට පමණක් සීමා වු ඩිජිටල් විප්ලවය 16 වෙනිදායි පසුව සැබවින්ම මාතෘ භූමියේ ක්‍රියාත්මක කරන බවද මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසීය.

මෙම අවස්ථාවට එක්වු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ, සජිත් කිසිවිටෙකත් තමා යුද්ධ කර බවක් හෝ තමා එයට දක්ෂ බව නොපවසන බවයි.එනිසා ඔහු පවසා සිටින්නේ තමා ජනාධිපති වුවිට එයට සුදුසුම පුද්ගලයා වන සරත් ෆොන්සේකා මහතා එයට පත් කරන බව යැයි ද කියා සිටි අගමැතිවරයා, ත්‍රස්තවාදයට එයින් කිසිදු ඉඩක් නොමැති බවත් පැවසීය.

 

Advertiesment