Saturday 25th of January 2020

English Tamil
Advertiesment


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද එළිදැක්වේ.


2019-10-31 1797

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද(31) "සජිත්ගේ සමාජ විප්ලවය" නමින් එම සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මහනුවරදී එළිදැක්වේ.

පළමුවෙන්ම මල්වතු මහා විහාරයේදී අද(31) උදෑසන මල්වතු පාර්ශවයේ මහ නාහිමිපාණන්ට ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිගැන්වීමට නියමිත අතර,අනතුරුව අස්ගිරි පාර්ශවයේ මහ නාහිමිපාණන්ට අස්ගිරි මහා විහාරයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිගැන්වීමට නියමිත ය.

එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ ඉන් අනතුරුව උදෑසන 10.00ට පමණ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනගත කිරීමේ උත්සවය මහනුවර රැජිණ හෝටලයේදී පැවැත්වෙන බව යි.

 

Advertiesment