Friday 17th of January 2020

English Tamil
Advertiesment


ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අදින් ඇරඹේ


2019-10-31 2100

ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළ පරිදි පොලීසියේ, මැතිවරණ කාර්යාලවල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල නිලධාරීන් හැර අනෙක් සියලු රාජ්‍ය සේවකයින්ට අද(31) සහ හෙට(01) තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමි වේ.

කෙසේ නමුත් පොලීසියේ, මැතිවරණ කාර්යාලවල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල නිලධාරීන්ට තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව හිමි වනුයේ නොවෙම්බර් මස 4 සහ 5 යන දිනවල වලදී බව මැතිවරණ කොමසාරිස් තුමා තව දුරටත් ප්‍රකාශ කර තිබුණි.

තවද එම දිනවල ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන ඡන්ද දායකයින්ට නොවෙම්බර් 7 වන දා සිය රැකියා ස්ථානය අදාළ වන දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව සලසා ඇත.

මෙවර තැපැල් ඡන්දය සංඛ්‍යාවද ඉහල ගොස් ඇති අතර, ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති සංඛ්‍යාව 659,514ක් බව වාර්තා වේ.

මේ වෙනුවෙන් දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක වන අතරම තැපැල් ඡන්දය පැවැත්වෙන කාලසීමාවේදී අදාළ රාජ්‍ය ආයතනයේ සිට මීටර් 500ක් ඇතුලත ප්‍රචාරණ කටයුතුවල නිරත වීම තහනම් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තව දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.

 

Advertiesment