Tuesday 12th of November 2019

English Tamil
Advertiesment


ඒකාධිපති රෙජීමය 2015දී රාජ්‍ය මාධ්‍ය උලා කෑ හැටි තව දුරටත්..!


2019-10-30 1097

රාජ්‍ය මාධ්‍ය අවභාවිතය-දෙවැනි කොටස

 

(ඉන්ද්‍රජිත් හේවාවිතාරණ)

ප‍්‍රවෘත්ති අවකාශය සහ ශීර්ෂ පාඨ මගින් ලබා ගන්නා ආකර්ෂණය මගින් පසුගිය 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව රාජ්‍ය මාධ්‍ය අවභාවිත කළ ආකාරය ගැන අපි සදුදා (28) ලිපිය මගින් සාකච්ඡා කළා. මෙම ලිපිය මගින් සකච්ඡා කරන්නේ රාජ්‍ය මාධ්‍ය විසින් ජනපතිවරණ අපේක්ෂකයින්ට, විශේෂයෙන්ම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ මෛත‍්‍රීපාල සිිරිසේන මහතාට ලබා දුන් මාධ්‍ය අවකාශය භාවිත කළ ආකාරය පිළිබඳවයි.

මෙහිදී රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය සිය ගුවන් කාලය වෙන් කිරීමේදී භාවිත කළ කාලය (උදෑසන, දිවා සහ රාත‍්‍රි) වශයෙන් සාකච්ඡා කරන අතර දෙවැනි පියවරේදී මහින්ද රාජපක්ෂ මහතාට සහ මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ලබා දුන් මාධ්‍ය අවකාශය ඔවුන්ගේ ප‍්‍රතිරූප කෙරෙහි සිදුකළ බලපෑම විමසා බැලෙනවා.

ප‍්‍රස්ථාර අංක 01 : රාජ්‍ය මාධ්‍ය (සිටි එෆ්.එම්, ලක්හඬ සහ වසන්තම්) උදෑස ප‍්‍රවෘත්ති විකාශනය තුළ මහින්ද රාජපක්ෂ මහතාට සහ මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ලබා දුන් ගුවන් කාලය

ඒ ඒ අපේක්ෂකයාට වෙන් කර ඇති කාලයෙහි ස්වරූපය දක්වා ඇති ආකාරය අංක 01 රුපහටහන මගින් පැහැදිලි කරයි.

ලංකාවේ ගුවන්විදුලි මාධ්‍යය ශ‍්‍රාවකත්වය පිළිබඳව විමසා බලන විට පැහැදිලි වන කරුණක් වන්නේ ප‍්‍රවෘත්ති ඇසීම සඳහා වැඩි පිරිසක් ගුවන්විදුලිය ශ්‍රවණය කරන්නේ උදය කාලයේ බවයි. දෛනික කාර්යයන් සඳහා නිවෙස තුළ ලහිලහියේ සූදානම් වන පසුබිමක වෙනත් කාර්යයන් අතර රූපවාහිනියට යොමුවන්නට නොහැකිවීමේ තත්ත්වය මත ඇතිවන වාසිය මෙහිදී ගුවන්විදුලියට හිමිවෙයි.

ඒ නිසා උදය කාලයේ ගුවන්විදුලි ප‍්‍රවෘත්ති ප‍්‍රචාරය අතිශයින් වැදගත් වේ. මැතිවරණයට පෙර කාල සීමාවේ මේ වාසිය උපරිම වශයෙන් ලබාගන්නා මහින්ද රාජපක්ෂ වෙනුවෙන් රාජ්‍ය ගුවන්විදුලිය 25% ක සීමාවේ සිට 60%ක සීමාව දක්වා පරාසයක විහිදෙන අවස්ථාවන් ලබාදේ. එහිදී මෛත‍්‍රීපාල සිරිසේන වෙනුවෙන් හිමිවනුයේ කිසිවිටෙක 25% නොඉක්මවන ඉඩ පරාසයකි. එහෙත් එම ඉඩ පරාසයේ අන්තර්ගතය සියුම්ව විමර්ශනය කරනවිට පෙනීයන කරුණුවලට අනුව එම අවකාශය මෛත‍්‍රීපාල සිරිසේනට අවාසි සහගතව යෙදවී ඇතිවිට වාසි සහගතව එකතුවන්නේ මහනි්ද රාජපක්ෂටමය.

ප‍්‍රතිරූප ගොඩනැගීම සහ බිඳ දැමීම

මෙහිදී මෛත‍්‍රීපාල සිරිසේනට  හිමිවූ ඉඩ ප‍්‍රමාණය ඔහුට වාසි සහගත වීද මහින්ද රාජපක්ෂට වාසි සහගත වීද යන්න නැවත විමසා බැලිය යුතුයි .

මේ තත්ත්වය ‘ප‍්‍රතිරූප ගොඩනැගීම’ සහ ‘ප‍්‍රතිරූප බිඳ දැමීම’ වශයෙන් සරල සිංහලාර්ථයෙන් ගත හැකිය. එසේ නැතහොත් මහින්ද රාජපක්ෂ මහතාට ‘ධනාත්මක’ බලපෑමක් කරන පුවත් සහ මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ‘ඍණාත්මක’ බලපෑමක් කරන පුවත් වශයෙන් ගත හැකිය.

මේ සම්බන්ධ සියුම්ව අධ්‍යනය කළ ප‍්‍රස්ථාර සටහන් 02 පහත දැක්වේ.

ප‍්‍රස්ථාර අංක 02: ජනාධිපතිවරණ සමය තුළ මහින්ද රාජපක්ෂ මහතාගේ සහ මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රතිරූපයට අදාළව රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය Image handling by state radio during election period

පෙරකී පරිදි සැබෑ තත්ත්වය මෙම`ගින් මනාව චිිත‍්‍රනය කෙරේ. ඉහත අංක 02 ප‍්‍රස්ථාර සටහන් මගින් මැතිවරණයට පෙර මහනි්ද රාජපක්ෂ මහතාට වෙන්වූ සමස්ත ඉඩ ප‍්‍රමාණය 100% ඔහු කෙරෙහි ධනාත්මකව භාවිත වී ඇති අතර මෛත‍්‍රීපාල සිරිසේන මහතාට වෙන්වූ සමස්තය 100%ක් ඍණාත්මකව භාවිත වී ඇති බව පෙනේ. ඒ අනුව මෛත‍්‍රීපාල සිරිසේනට හිමිවූ අවකාශය ද වාසිදායක වන්නේ මහින්ද රාජපක්ෂටමය

රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය තුළ දැකගත හැකි වූ ‘ඒකපාර්ශවී්ය’ මාධ්‍ය භාවිතයම රාජ්‍ය මුද්‍රිත මාධ්‍ය තුළත් ඒ ආකාරයෙන්ම දැකගත හැකි බවයි පහත සඳහන් ප‍්‍රස්තාර අංක 03 මගින් හෙළිවන්නේ.

 

ප‍්‍රස්ථාර අංක 03: රාජ්‍ය මුද්‍රිත මාධ්‍ය තුළ මුල් පිටුවේ ප‍්‍රවෘත්ති මගින් මහින්ද රාජපක්ෂ මහතාට සහ මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ලබා දී ඇති ආවරණයේ ස්වභාවය.

පුවත්පත් ආශ‍්‍රයෙන් මෙම තත්ත්වය සමාලෝචනය කළ විට දකින්නට ලැබෙන්නේද විද්්‍යුත් මාධ්‍ය හැසිරී ඇති අන්දම හා සමාන තත්ත්වයකි. එහෙත් මැතිවරණයට පසුදින අපේක්ෂා කළ නොහැකි ආකාරයෙන් මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පුවත්පත්වල අවකාශය වෙන්ව තිබේ. ඊට හේතුව මහින්ද රාජපක්ෂ ජයග‍්‍රහණය කර ඇතැයි යන සාවද්‍ය පූර්ව නිගමනය මත දිනමිණ පුවත්පත නිකුත්කළ සංස්කරණයේ බලපෑම නිසා මතුවූ තත්ත්වයයි.

ඉහත කී තත්ත්වයන් අනුව පුවත්පත් මැතිවරණයට පෙර ප‍්‍රධාන අපේක්ෂයන් දෙදෙනාගේ ප‍්‍රතිරූප හැසිරවීම සිදුකර ඇති අන්දම මෙහදීි විමසා බැලමි වැදගත්ය. මහනි්ද රාජපක්ෂට 100%ක් ධනාත්මක ප‍්‍රතිරූපයක් හිමිකර දෙනවිට මෛත‍්‍රීපාල සිරිසේනට 91% ක ඍණාත්මක ප‍්‍රතිරූපයක් හිමිකර දි තිබේ. ඔහු කෙරෙහි 9% ක් වන උදාසීන ගොඩනැගීමක් සිදුකර ඇති නමුත් ඉන් මැතිවරණයකදී කැපී පෙනෙන වාසිදායක තත්ත්වයක් උද්ගත වනු ඇතැයි සැලකිය නොහැක. ඊට හේතුව ඒ වනවිට මහින්ද රාජපක්ෂට වාසිදායක ලෙස ධනාත්මක ප‍්‍රතිරූප හැසිරවීම 100%ක් වන බැවිණි.  

මැතිවරණ සමයකදී ‘දැන්වීම්’ මගින් ජනමතය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් කළ හැකි බව පොදුවේ පිිළිගන්නා කරුණකි. මේ තත්ත්වය තුළ වඩාත් නිර්මාණශීලී මෙන්ම ආක‍්‍රමණශීලී දැන්වීම් වෙන්ම ප‍්‍රතවිාදී අපේක්ෂකයාගේ ප‍්‍රතිරූපයට හානි කරන දැන්වීම් පළ කිරීම ද සුලභ තත්ත්වයකි.

‘පොදු දේපළ අයථා පරිහරණ නිරීක්ෂණ වැඩසටහන’ මගින් රාජ්‍ය මාධ්‍යවල දැන්වීම් පළ කිරීම ද නිරීක්ෂණය කර ඇත.

සංඛ්‍යා ලේඛනාත්මකව සංසන්දනයක් නොවුවද පොදු නිරීක්ෂණයක් ලෙස ස`දහන් කළ හැක්කේ මෙවර ජනාධිපතිවරණයේදී දිනපතා අති විශාල සංඛ්‍යාවක් මැතිවරණ ප‍්‍රචාරක දැන්විම් යොදාගත් බවයි. ඇතැම් විට ප‍්‍රචාරණ කාලය කෙටිවිම මෙම තීව‍්‍රවීමට බලපාන්නට ඇත.

මෙම විශ්ලේෂණය සදහා යොදාගෙන ඇත්තේ ITN හා රූපවාහිනි නාලිකාවල අප නිරීක්ෂණය කළ ප‍්‍රවෘත්ති ප‍්‍රකාශය ඇතුළත අඩංගු දැන්විම් පමණකි. ඊට හේතුව අප නිරීක්ෂණය කළ ගුවන්විදුලි නාලිකාවල අතරතුර වෙළද දැන්විම් යොදාගෙන නොතිබීමයි. මෙම ප‍්‍රස්තාර අංක 5න් දැක්වෙන්නේ එම විස්තරයයි.

මෙහිදි මැතිවරණ දැන්විම් දේශපාලන පක්ෂ, ලකුණු , පුද්ගල නම්, සහිතව ඍජු ලෙසම මැතිවරණයට අදාළව පළවන දැන්විම් සහ කිසියම් අපේක්ෂකයෙකුට හෝ දේශපාලන පක්ෂයකට වක‍්‍රාරයෙන් සහය පළ කෙරෙන දැන්විම් ලෙස ප‍්‍රධාන වශයෙන් දෙයාකාරයකින් නිරීක්ෂණය විය. ඒ අතර මුදල් ගෙවා ප‍්‍රචාරය කළබව දැක්වෙන දැන්විම් මෙන්ම මුදල් ගෙවු හෝ නොගෙවු බවක් හදුනාගත නොහැකි දැන්විම් රැසක්ද මෙම අධ්‍යයනයේදී අපගේ නිරීක්ෂණයන්ට හසුවිය. මුදල් ගෙවු හෝ නොගෙවු බවක් සදහන් නොවු එම දැන්විම් සියල්ලම පාහේ එවකට ජනාධිපතිවරයා වු මහින්ද රාජපක්ෂට සහය පළකරන දැන්විම් විම මෙහිදි කැපි පෙනිණී.

ප‍්‍රස්ථාර අංක 05 : රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය (ස්වාධීන සහ ජාතික දැන්වීම් ප‍්‍රචාරණය)

 

මැතිවරණයට පෙර ප‍්‍රචාරණ කටයුතු අත්හිටුවන අවස්ථාව තෙක් රාජ්‍ය රූපවාහිනී ද්විත්වය ප‍්‍රවෘත්ති විකාශයන් අතරතුර පමණක් විකාශය කළ සමස්ත දැැන්වීම් 679 ක් අතරින් 328 ක් මැතිවරණ දැන්වීම්ය. ඉන් 281 ක් හෙවත් 86%ක් සෘජුව මහින්ද රාජපක්ෂට (ඵඍ* අදාල දැන්වීම් වන අතර මෛත‍්‍රීපාල සිරිසේනට ඵී ඍජුව අදාල වන්නේ දැන්වීම් 29කි. එය ප‍්‍රතිශතයක් ලෙස 9%කි. වෙනත් සියලූ අපේක්ෂකයන්ට දැන්වීම් 8ක් සහ ප‍්‍රතිශතයක් ලෙස 2%ක් හිමිව ඇත. එයද මහින්ද රාජපක්ෂ පිළෙහි ප‍්‍රචාරණ උපක‍්‍රමයක් ලෙස ආර්. ඒ. සිරිසේනට ලබාදුන් මෛත‍්‍රීපාල සිරිසේන ගර්හාවට ලක්කෙරෙන දැන්වීම් වලින් සමන්විතය. මේ කාල සමීාව තුල වක‍්‍රව මහින්ද රාජපක්ෂ නංවාලන දැන්වීිම් 10 ක්ද ප‍්‍රචාරය වී ඇති අතර එහි ප‍්‍රතිශතයක් ලෙස 3%කි.

ප‍්‍රස්ථාර අංක 06-ස්වාධීන රූපවාහිනිය තුළ මැතිවරණ දැන්වීම් විකාශනය වීම

 

ස්වාධීන රූපවාහිනිය මැතිවරණ දැන්වීම් ප‍්‍රචාරය කළ ආකාරය විමසා බලනවිට මැතිවරණයට නාමයෝජනා භාරදුන් දිනයේ සිට මහින්ද රාජපක්ෂ මහතාට දැන්වීම් අවස්ථාවන් ලැබීම සීඝ‍්‍රයෙන් වර්ධනය වේ. දෙසැම්බර් 31 වනදින එය කූට ප‍්‍රාප්තියට පත් වන අතර ජනවාරි 01 වනදින හා 02 වනදිනයන් හදීි ද මහින්ද රාජපක්ෂ මහතාගේ දැන්වීම් වැඩි වශයෙන් ප‍්‍රචාරය වී ඇත.

ඊට සාපේක්ෂව දෙසැම්බර් 26 වනදා තෙක් මෛතී‍්‍රපාල සිරිසේනගේ දැන්වීම් එහි ප‍්‍රචාරය වී නොමැති අතර එදිනට පසුව ඔහුගේ දැන්වීම් නැවත ප‍්‍රචාරය වන්නේ ජනවාරි 01 වැනිදා සිට ප‍්‍රචාරණ කටයුතු අත්හිටුවන අවස්ථාව දක්වා පමණි. මෙහි පැහැදිලිව හඳුනාගත හැකි සහ සිත්ගන්නා සුළු කරුණක් වන්නේ මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ඵී දැන්වීම් විකාශය වූ අදාළ කාල අන්තරයන්හිදී ඊට සමගාමීව සෙසු අපේක්ෂක දැන්වීමක් ප‍්‍රචාරය වීමයි. එය මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඵී ගර්හාවට ලක්කළ ආර්. ඒ. සිරිසේනගේ දැන්වීම වීම සැළසුම් සහගත ක‍්‍රියාවලියක ප‍්‍රථිඵලයක් බව නිගමනය කළ හැකිය.

ප‍්‍රස්තාරය මගින් දැක්වෙන්නේ මැතිවරණ දිනය ළංවෙද්දි ITN හා රූපවාහිනි නාලිකා ම`ගින් ප‍්‍රචාරය වුණු දැන්විම් සංඛ්‍යාවේ ඉහළ යාමක් ඇතිබවයි. ප‍්‍රචාරක කටයුතු අවසන් කළ යුතු කාලසීමාවේ ෂඔභ නාලකිාව ඍජු හෝ වක‍්‍ර දැන්විම් ප‍්‍රචාරය කොට නොතිබු අතර රූපවාහිනිය සුළු වශයෙන් වක‍්‍ර මැතිවරණ දැන්විම් ප‍්‍රචාරය කොට තිබුණේය.

ප‍්‍රස්ථාර අංක 07 ජාතික රූපවාහිනිය තුළ දැන්වීම් විකාශනය වීම

ජාතික රූපවාහිනියේ දැන්වීම් විකාශය පිළිබඳ නිරීක්ෂණය කරන විටදීද පෙනී යන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ ඵඍ දැන්වීම් විකාශය වීම අනුක‍්‍රමික නැග්මක් පෙන්නුම් කරන අතර දෙසැම්බර් 25 වන දින එහි වර්ධනයක් කැපී පෙනෙන ලෙස දක්නට ලැබෙන බවයි. ජනවාරි 05 වනදින එහි කූටප‍්‍රාප්තිය එළඹෙනුයේ ප‍්‍රචාරණ කාර්යයන් අත්හිටුවීමට පෙර සිදුවු විකාශය හේතුවෙනි. මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ඵී දැන්වීම් දෙසැම්බර් 15, 16 දිනවල සුළුවශයෙන් සිදුව ඇති අතර නැවත සිදුවන්නේ ජනවාරි 05 වැනිදාය. ඒ අතර කාලයේ ප‍්‍රවෘත්ති විකාශන කාලය ඇතුළත ඔහුගේ දැන්වීම් ප‍්‍රචාරය ව නැති තරම්ය. ජනවාරි 05 වැනිදින ඔහු හා සමගාමීව සෙසු අපේක්ෂකයෙක් ලෙස ආර්. ඒ. සිරිසේන ගේ දැන්වීම් ප‍්‍රචාරය ව ඇති බව පෙනේ. එය මෛත‍්‍රීපාල සිරිසේන ගර්හාවට ලක්කිරීම සඳහා උපක‍්‍රමිකව ක‍්‍රියාකිරීමත් බව පෙනේ.

ඉහතින් සකච්ඡා කරන ලද්දේ 2015 ජනාධිපතිවරණ සමයේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් තමා යටතේ තබා ගෙන සිටි රාජ්‍ය මාධ්‍ය කොතරම් අත්තනෝමතික සහ ඒකපාර්ශ්වික ලෙස තම මැතිවරණ ව්‍යාපාරයට උපයෝගී කොට ගත්තේ ද යන්නයි.

මෙම ලිපිය හමාර කිරීම සඳහා විද්වතුන් විසින් විධිමත් ක‍්‍රමවේදයන් අනුගමනය කරමින් සම්පාදිත මෙම පර්යේෂණයේ ‘නිරීක්ෂණ’ වෙත ද අවසාන වශයෙන් අවධානය යොමු කළ යුතුව තිබෙනවා.

නිරීක්‍ෂණ හා නිගමන

* රාජ්‍ය විද්‍යුත් මාධ්‍යයේ ප‍්‍රධාන පුවත් විවරණකිා සහ රාජ්‍ය පාලිත මුද්‍රිත මාධ්‍යවල මුල් පිටුවල පාඨිත විශ්ලේෂණය කිරීමෙන් අප අනාවරණය කැරගත් දැය නම්, ඒවා අපේක්‍ෂකයන් 18 දෙනා අතුරින් ඒක් අපේක්‍ෂකයකුට (මහින්ද රාජපක්ෂට) පමණක් අති විශාල අනුග‍්‍රහයක් සහ අසාධාරණ පක්‍ෂපාතීත්වයක් පෙන්නුම් කළ බවයි.

* රාජ්‍ය මාධ්‍ය ප‍්‍රධාන ප‍්‍රතිවාදී අපේක්‍ෂකයා යටපත් කරන්නට උත්සාහ ගත්තා පමණක් නොවේ; ඔහුට නිග‍්‍රහ කරන්නට, ඔහු අපකීර්තියට පත් කරන්නට සහ ඔහුගේ ප‍්‍රතිරූපය වනසා දමන්නට පියවර ගත්තෝ ය.

* අදාළ කාලසීමාව තුළ මහනි්ද රාජපක්‍ෂ සහ මෛති‍්‍රපාල සිරිසේන යන අපේක්‍ෂකයන් දෙදෙනාට හැරුණු විට අනෙක් අපේක්‍ෂකයන් සියලූ දෙනාට ම ලබා දුන් මාධ්‍ය ආවරණය ශුන්‍යාසන්න ය.

* රාජ්‍යපාලිත මාධ්‍ය පුවත්වල යටි පෙළ විමසීමේ දී ප‍්‍රකට වු කරුණක් නම් එක් අපේක්‍ෂකයකු (මහින්ද රාජපක්‍ෂ) අසාධාරණ ලෙස උත්කර්ෂයට නංවා තිබුනු බවත් අනෙක් අපේක්‍ෂකයකු (මෛති‍්‍රපාල සිරිසේන) ඉතා නරක අන්දමින් අවකර්ෂයට හෙළා තිබූ බවත් ය.

* නිදර්ශනාත්මක පෙළගත විග‍්‍රහය පෙන්වා දුන්නේ, පෙළ ගොඩ නගා තිබුණේ (ලියා තිබුණේ) එකිනෙකට විරුද්ධ (ප‍්‍රතිමුඛ) දිශාවලට - එනම් මහනි්ද රාජපක්‍ෂට ජයග‍්‍රහණයේ දිශාවට සහ මෛතී‍්‍රපාල සිරිසේනට පරාජයේ දිශාවට බව ය.

* රාජ්‍ය ගුවන් විදුලියේ ද්වේශය වැපිරූ කථා ඡන්දදායකන්ගේ මනසේ කෙමෙන් කෙමෙන් බිය තැන්පත් කළේ වෛරයේ සහ අගතියේ වාතාවරණයක් නිර්මාණය කළේ් ය. (නිහඩ - සර්පිල ආචරණය)

* රාජ්‍ය මාධ්‍ය ආයතන අතිශය මතභෙදාත්මක සහ උද්ධච්ඡු ආකාරයෙන් මැතිවරණ කොමසාරිස්වරයාගේ මාර්ගෝපදේශන හෝ අනතුරු ඇගවීම් පවා නොසලකමින් කටයුතු කරමින් සිටිනු දක්නා ලදී.

* රාජ්‍ය මාධ්‍ය ආයතන එයාකාරයෙන් අවභාවිතා කරනු ලැබීම ගැන රාජ්‍ය නිලධාරීන් වගකිව යුතු ය.

* සමස්තයක් වශයෙන් 2005 ජනාධිපතිවරණයේ දි සහ 2010 ජනාධිපතිවරණයේ දී යෙදුණු අසාධු චරියා ගැන වැඩිදුරටත් සලකා බලන කල රාජ්‍ය මාධ්‍ය තුලිත, සාදාරණ සහ අපක්‍ෂපාත තොරතුරු ජනතාවට සැපයීමට අපොහොසත් වු බව නිරීක්‍ෂණය කරන ලදී. ඒ අයුරින් ම 2015 ජනාධිපතිවරණයේ දී ද ඡුන්දදායකයන්ට තතුදත් තීරණවලට එළැඹෙන්නට ඉඩ ප‍්‍රස්තා විවර කැර දෙන්නට ද ඔවුන්ට නොහැකි වී ය.

 

 

Advertiesment