Tuesday 12th of November 2019

English Tamil
Advertiesment


රාජ්‍ය සේවය මිලිටරි කරණය කරන ගෝඨාගේ සැලැස්ම කිරිඇල්ල හෙළි කරයි 


2019-10-29 1560

 

සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශය බ්‍රහස්පතින්දා මහනුවර දී එළිදකී

 

ස්වාධීන රාජ්‍ය සේවකයා අනතුරේ 

 

 

සිය පාලනය යටතේ අමාත්‍යංශ ලේකම්වරුන්,දිසාපතිවරුන් සහ ආණ්ඩුකාරවරුන් ඇතුළු රජයේ සියලුම ඉහළ අධිකාරී බලය ලත් තනතුරු සඳහා හමුදා නිළධාරීන් යෙදවීමට ගෝඨාභය රාජපක්ෂ මහතා සැලසුම් කර ඇතැයි සභා නායක ලක්ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම සඳහා මහනුවරදී පැවති ජන හමුවකදීය.එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ලක්ෂමන් කිරිඇල්ල මහතා මෙසේද කීය. 

මේ ජනාධිපතිවරණය ඉතා තීරණාත්මක මැතිවරණයක්.මහින්ද රාජපක්ෂ රජය එදා රට පාලනය කළේ බලහත්කාරයෙන්. ති‍්‍රවිධ හමුදාව සහ පොලිසිය යොදවා ජනතාව මර්දනය කරලා තමයි  රට පාලනය කළේ. මේ අය නැවත බලයට ආවොත් රටේ හමුදා (MILITARY) පාලනයක් ඇති වෙනවා. අමාත්‍යාංශ ලේකම්වරුන් වන්නේ හමුදා නිලධාරින්. දිසාපතිවරු, ආණ්ඩුකාරවරු සහ පාර්ලිමේන්තු ඉහළ තනතුරුවලට පත් වන්නේත් හමුදා නිලධාරින්.

ගෝඨාභය රාජපක්ෂලා ඒ සියල්ල සැලසුම් කර අවසානයි.එහෙම වුණාම රාජ්‍ය සේවක සේවිකාවන්ට ඇති වන ඉරණම අමුතුවෙන් කිව යුතු ද..? රාජ්‍ය සේවකයින්ගේ අයිතීන්ට  සහ නිදහසට  කුමක් සිදු වෙයිද..? මේ මිලිටරි රාජ්‍ය තමයි ඒ අයගේ දර්ශනය. මේ තත්ත්වය රජයේ සේවකයින් තේරුම් ගන්න ඔනෑ.  

ජන මාධ්‍යයෙන් වැඩියෙන්ම බනින්නේ අපිට. නමුත් අපි ප‍්‍රජාතන්ත‍්‍රවාදීව කටයුතු කළා. ඉතිහාසයේ ප‍්‍රථම වතාවට ජනාධිපති අපේක්ෂකවරයෙකුගේ මැතිවරණ ප‍්‍රකාශය මෙවර මහනුවර එළිදක්වනවා. සජිත් පේ‍්‍රමදාස මැතිතුමන්ගේ මැතිවරණ ප‍්‍රකාශය එළඹෙන බ්‍රහස්පතින්දා (31)  මහනුවර එළි දක්වනවා. අනාගත ජනපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මහනුවර දී එළිදැක්වීම කන්ද උඩරටට කරන විශාල ගෞරවයක්.  රණසිංහ පේ‍්‍රමදාස මැතිතුමත් සජිත් පේ‍්‍රමදාස මැතිතුමත් රටේ අසරණ මිනිසුන් ගැන සිතා කටයුතු කරපු අයයි. ඒ නිසා සියලු  දෙනාට මේ දේශපාලන දර්ශනය රැගෙන යන්න.
 

Advertiesment