Tuesday 10th of December 2019

English Tamil
Advertiesment


තිස් පහෙන් පස්සෙත් නිරෝගීව ඉන්න කැමතිද?


2019-10-28 1534

දවසින් දවස වගේම පැයෙන් පැයත් අපි වයසට යන බව මතක් වෙද්දි හිතට දැනෙන්නෙ පුංචි දුකක් කියලා අපි හැමෝම දන්නවා.වයසට යාම වළක්වන්න බැරි වුණත් පාලනය කරන්න පුළුවන්. ඒ සදා අවහ්‍ය වෙන්නෙ ඔබේ එදිනෙදා ජීවිතේ ක්‍රියාකාරකම් වල පුංචි පුංචි වෙනස්කම් කීපයක් විතරයි. විශේෂයෙන්ම ඔබේ වයස 35-40 වෙද්දි පෙර තිබුණු ක්‍රියාකාරීත්වය ටිකෙන් ටික අඩු වෙනවා. ඒත් එක්කම බර වැඩි වෙනවා,මහත් වෙන්න ගන්නවා, විවිධ ලෙඩ රෝග ඇති වෙන්නත් පටන් ගන්නවා.මේ හැම ප්‍රශ්නෙකටම පිළිතුරු අපි ළගම තියෙනවා.ඉතින් අපි අපේ ජීවිතේ මෙන්න මේ වෙනස්කම් කරලා බලමු. ඔබටම දැනේවි ඒ වෙනස

• ක්‍රියාකාරී වෙන්න.

ලෙඩ රෝග නැති සුන්දර සිරුරක් පවත්වා ගන්න තියෙන රහසක් තමයි ක්‍රියාශීත්වය.ඒ කියන්නෙ ඔබේ ශරීරයෙන් වැඩි කැලරි ප්‍රමාණයක් දහනය කරගන්න පුළුවන් වෙන විධියට දවස පුරාම ශරීරය ක්‍රියාශීලීව තබා ගන්න.උදාහරණයක් විධියට ඔබ ඇවිදිනවානම් මදක් වේගයෙන් ඇවිදින්න.කාර්යාලයේදී නම් විදුලි සෝපානය වෙනුවට පඩිපෙළ භාවිතා කරන්න.

• තේ, කෝපි අවම කරන්න

අපි හැමදෙනාම තේ,කෝපි වලට බොහෝම කැමතියි වගේම ඒ සදහා අපි හුරුවෙලා ඉන්නවා.ඒත් එබ වයස අවුරුදු 35 න් පසුව නමු තේ කෝපි වැනි කැෆේන් අඩංගු පාන සහ ඒ ආශ්‍රිත ආහරෙ වර්ග හැකි තරම් අවම කරන්න.ඒ මොකද කියනවා නම් කැෆේන් වලින් කරන්නේ අපේ මොළය ප්‍රබෝධමත්ව තැබීම සහ ශරීරයේ අඩංගු ජලය වැඩි වශයෙන් අවශෝෂණය කර ගැනීම.ඉතින් මේ නිසා ඔබට විජලනය තත්වය ඇති වීම සහ නින්ද අවම වීම වෙන්න පුළුවන්.

• පෝෂ්‍යදායී ආහාර අනිවාර්ය කරගන්න

පරිවෘත්තීය ක්‍රියාවලිය මනාව පවත්වා ගැනීමට වගේම ඔබ වයස්ගත වීමත් සමග පිරිහෙන ශරීර සෞඛ්‍ය රැකගන්න පෝෂ්‍යදායී ආහාර අනිවාර්යෙන්ම වැදගත් වෙනවා.ඒ නිසා ඒ ගැන ඔබේ අවධානය දෙන්න.කලින් ඔබ ආවට ගියාට බඩගින්නට ආහාර ගත්තත් දැන් එහෙම කරන්න එපා.පෝෂණ ගුණයෙන් යුක්ත ආහාර ගන්න.වයස්ගත වීමත් එක්ක ශරීරයට අවශ්‍ය වන පෝෂ්‍ය පදාර්ථ මොනවාද යන්න දැනුවත් වී ඒවා ඔබේ ආහාරයට එක් කැ ගන්න.විටමින් වර්ග පෙති ආකාරයෙන් නොගෙන ආහාර මගින්ම ගන්න උත්සාහ කරන්න.

• වතුර තමයි නිරෝගී බවේ රහස

ඔනෑම වයසක අයෙකුට ජලය පානය ඉතාම වැදගත්.මේ නිසා ඔබ නිතරම වැඩියෙන් වතුර බොන්න පුරුදු වෙන්න.වයස්ගත වීමත් සමග ජලය අවම වීමෙන් ශරීරය විජලනය වෙන්න ගන්නවා.ඉන් ඔපේ සමේ ජීවී පෙනුම නැති වෙනවා වගේ රෝගාබාධ රැසකට මග පාදනවා.ඒ වගේම අපිට වැළදෙන බොහෝමයක් රෝගී තත්වයන්ට තියෙන හොදම ඖෂධය තමයි වතුර.දිනකට වතුර වීදුරු 12-16 ත් බොන්න අමතක කරන්න එපා.

• එදිනෙදා කටයුතු සමබර කරගන්න.

පරිවෘත්තීය ක්‍රියාවන් සදහා සිරුරට අවශ්‍ය ව්‍යායාම ලබා දීම අනිවර්යෙන්ම ලැබිය යුතුමයි.ඔබ කොතරම් කාර්ය බහුල වුනත් ඒ අතරේදී ව්‍යායාම සදහාත් කාලයක් වෙන් කරන්න.ඒ සදහා උදෑසන හෝ සවස වෙලාවක් වෙන් කරගන්න.ඒ වගේම එද්නෙදා කටයුතු වලදී නිවැරද් ඉරියව් භාවිතා කරන්න. මේ පුංචි වෙනස්කම් වලින් ඔබේ එදිනෙදා ජීවන රටාවත් වෙනස් කරගන්නවා නම් අනිවාර්යෙන්ම සැදෑවියේදීත් ලෙඩ රෝග අවම සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්නට හැකියාව සැලසෙන බව කිව යුතුමයි.

 

Advertiesment