Tuesday 12th of November 2019

English Tamil
Advertiesment


ඒකාධිපති රෙජීමය 2015 ජනපතිවරණයේ දී රාජ්‍ය මාධ්‍ය උලා කෑවේ මෙහෙමයි


2019-10-30 1771

රාජ්‍ය මාධ්‍ය අවභාවිතය-පළමු කොටස

 

 (ඉන්ද්‍රජිත් හේවාවිතාරණ)

"පබා" ටෙලිනාට්‍යයේ රඟ පෑ නිළියගෙන් පවා පළිගනිමින්, අත්තනෝමතික ලෙසත් අනීතික ලෙසත් 2010 ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී රාජපක්ෂ ආණ්ඩුව රාජ්‍ය මාධ්‍ය හා රාජ්‍ය මාධ්‍ය සතු සම්පත් අවභාවිත කළ ආකාරය පිළිබඳව අපි පසුගිය දා කතා කළා.

අද අපේ අවධනාය යොමු වන්නේ ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මළගම’ සනිටුහන් කරමින් සම්මත වූ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සමග තෙවැනි වරටත් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට තරග කළ 2015 ජනවාරි 08 වැනිදාට යෙදී තිබූ ජනාධිපතිවරණායේදී රාජ්‍ය මාධ්‍ය හා රාජ්‍ය මාධ්‍ය සතු සම්පත් අවභාවිත කළ ආකාරය ගැන විමසීමක් කිරමටයි. 2010 පැවැති ජනාධිපතිවරණයෙන් ජයග‍්‍රහණය කළ මහින්ද රාජපක්ෂ මහතාට 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව තව වරක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් ඉඩක් ලබා දුන්නේ නැහැ. ඒ ලංකාවේද ඇතුළු ලෝකයේ අති බහුතරයක් ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී’ රාජ්‍ය ඕනෑම ජනාධිපතිවරයෙකුට ජනාධිපති ධූරය දැරිය හැකි වාර ගණන 02කට සීමා කිරීම සම්ප‍්‍රදායක් බවට පත්කර ගෙන තිබූ නිසයි.

මේ සීමා කිරීම නිසා විධායක ජනාධිපති ක‍්‍රමය වඩාත් ප‍්‍රශස්ත ආකාරයෙන් ක‍්‍රියාත්මක වන ඇමෙරිකා එක්සත් ජනපදයේ වඩාත් කීර්තිමත් (බරක් ඔබාමා වැනි) ජනාධිපතිවරුන් තම දෙවැනි ධුර කාලයෙන් පසු ‘ගෞරවණීය’ ආකාරයෙන් දේශපාලනයෙන් සමුගත්තා. ලංකාවේ වුවත් එවකට (1995-2005) කීර්තිමත් ජනපතිවරියක් චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය පමණක් නොවන 6/5ක පාර්මේන්තු බලයක් තිබූ, විධායක ජනාධිපති ක‍්‍රමයේ පීතෘ වූ ජේ.ආර් ජයවර්ධන (1978-1988) පවා ‘වාර දෙකේ’ සීමාවට ගරුකරමින් දේශපාලනයෙන් ‘විශ‍්‍රම ගත්තා.

එහෙත් 2005 දී වැඩි ඡුන්ද 185,000කින් පමණ ජයගෙන පසුව, 2010 ජනපතිවරණයෙන් ද ජයගෙන විවිධාකාරයෙන් බලය අත්පත් කරගත් මහින්ද රාජපක්ෂ මහතා ‘යාවජීව’ ජනපතිවරයෙක් වීම සඳහා කුප‍්‍රකට 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගනිමින් ‘ජනතාවගේ කැමැත්ත තිබෙන තාක් කල්’ ජනාධිපති ධූරය දැරිය හැකි ආකාරයට ව්‍යවස්ථා සංශෝධනය කර ගත්තා. ඒ අනුව ජනපති මහින්ද රාජපක්ෂ මහතා 201 නොවැම්බර් 19 වැනිදා ‘තවත් ධුර කාලයක් සඳහා තේරී පත්වීමට ඇති තමන්ගේ කැමැත්ත ප‍්‍රකාශ කිරීමෙන් පසු මැතිවරණ කොමසාරිස්වරයා 2014 නොවැම්බර් 20 වැනි දින අංක 1889/31 දරන අති විශේෂ ගැසට් පත‍්‍රය මගින් ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කළා. ඒ අනුව 2015 ජනවාරි 08 වැනි දින ජනාධිපතිවරණ ඡන්ද විමසීමට දින නියම වුණා.

මෙම ඡන්ද විමසීම සඳහා ඡන්ද දායකයින් 15,044,490 දෙනකු ඡන්ද ප‍්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබාසිටි අතර අපේක්ෂකයින් 19 දෙනකු ඉදිරිපත් වුණා. ඒ අතර එවකට ජනාධිපති ධූරයේ සිටි මහින්ද රාජපක්ෂ මහතා සහ ශ‍්‍රීලනිප මහ ලේකම්වරයාව සිටි සෞඛ්‍යය ඇමැති මෛත‍්‍රීපාල සිරිසේන එජාපයේ, ජවිපෙ ඇතුළු විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වුණා.

රාජ්‍ය මාධ්‍ය අපයෝජනය

අපි පසුගිය සතියේ සාකච්ඡා කළ ආකාරයට මෙම ලිපිය මගින් සම්පූර්ණ අවධානය යොමු කරන්නේ 2015 ජනාධිපතිවරණ සමයේ ‘රාජ්‍ය මාධ්‍ය’ භාවිතය සම්බන්ධයෙන් පමණයි. පොදු දේපොළ අවභාවිතය ඇතුළු අනෙක් මැතිවරණ දූෂණ ගැන වෙනත් ලිපි පෙළකින් සාකච්ඡා කරනවා.

‘ජනාධිපතිවරයාගේ (එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරිපත් වූ මහින්ද රාජපක්ෂ මහතාගේ) මැතිවරණ ව්‍යපාරය සඳහා රාජ්‍ය මාධ්‍ය ඉතාම ඉහළ මට්ටමකින් උපයෝගී කොට ගැනෙමින් තිබෙන අතර මෙය විපක්ෂය සඳහා ලැබෙන මාධ්‍ය ආවරණය අබිබවා ගිය ප‍්‍රචාරණයකි’

මෙම නිරීක්ෂණය ඉදිරිපත් කරන්නේ මෙරට මැතිවරණ නිරීක්ෂණයේ යෙදන ප‍්‍රමුඛතම ආයතන වන ‘පැෆරල්’ සංවිධානය විසින් 2014 දෙසැම්බර් 18 වැනි දින නිකුත් කළ නිවේදනයක් මගිනුයි.

‘විශේෂිත නිරීක්ෂණ’ නමින් ප‍්‍රධාන මාතෘකා 07ක් යටතේ නිකුත් කළ එම මධ්‍ය නිවේදනයේ 06 වැනි මාතෘතාව වෙන්ව ඇත්තේ ‘එක්සත් ජනතා නිදහස් සන්ධාන මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා රාජ්‍ය මාධ්‍ය පූර්ණ වශයෙන් උපයෝගී කොට ගැනීම’ යන ශීර්ෂ පාඨය යටතේයි.

මෙහිදී පැෆරල් සංවිධානය ඉතාම ඍජුව ඉදිරිපත් කරන නිරික්ෂණ වන්නේ ‘ජනාධිපතිවරයාගේ (එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරිපත් වූ මහින්ද රාජපක්ෂ මහතාගේ) මැතිවරණ ව්‍යපාරය සඳහා රාජ්‍ය මාධ්‍ය ඉතාම ඉහළ මට්ටමකින් උපයෝගී කොට ගැනෙමින් තිබෙන අතර මෙය විපක්ෂය සඳහා ලැබෙන මාධ්‍ය ආවරණය අබිබවා ගිය ප‍්‍රචාරණයක්’ බවයි. අද රාජ්‍ය මාධ්‍යවල ස්වාධීනත්වය ගැන, රාජ්‍ය මාධ්‍ය තමන්ට අවකාශය ලබා නොදිම ගැන මැසිවිලි නගන, මැතිවරණ කොමිෂමට පැමිණිලි කරන එවකට ආණ්ඩු බලය දැරූ, මෙම මැතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය දරන මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ කණ්ඩායම 2010 දී මෙන්ම 2015 දී ද තමන් බලයේ සිටියදී රාජ්‍ය මාධ්‍ය අතිෂය ගැති ලෙසත්, අත්තනෝමතික ලෙසත්, පාක්ෂික ලෙසත් තම ප‍්‍රචාරක ව්‍යාපාරය සඳහා උපයෝගී කොට ගෙන ඇති ආකාරය ඉහත පැෆරල් නිරීක්ෂණ මගින් මනාව තහවුරු වෙනවා.

පොදු දේපොළ සුරැකීමේ වැඩසටහනේ නිරීක්ෂණ-මාධ්‍ය අවකාශය වෙන් කිරීම

අප පසුගිය සතියේ ද සාකච්ඡා කළ ආකාරයට, ශ‍්‍රී ලංකා ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් නායකත්වය දුන් ‘පොදු දේපොළ අයථා පරිහරණය නිරීක්ෂණ වැඩසටහන’ විසින් එම නිරීක්ෂණ ඇතුළත් සිය වාර්තාව ELECTORAL INTEGRITY A Review of the Abuse of State Resources and Selected Integrity Issues during 2015 Presidential Election in Sri Lanka නමින් ප‍්‍රකාශයට පත් කළා. එම වාර්තා වේ 54 වැනි පිටුවේ සිට ඉදිරියට A STUDY ON THE BEHAVIOR OF STATE MEDIA DURING THE 2015 PRESIDENTIAL ELECTION රාජ්‍ය මාධ්‍ය පිළිබඳ ඔවුන්ගේ නිරීක්ෂණ ඇතුළත් වෙනවා. (මේ ගැන උන්නදුවක් දක්වන අය, විශේෂයෙන් වත්මන් විපක්ෂය මෙම නිල වාර්තාව පරිශීලනය කළ යුතුයි)

මෙහිදී අපගේ මූලික නිරීක්ෂණය යොමු වන්නේ 2015 ජනාධිපතිවරණ සමයේ රාජ්‍ය මාධ්‍ය රූපවාහිනී (ස්වාධීන රූපවාහිනිය, ජාතික රූපවාහිනිය, අයි නාලිකාව සහ වසන්තම් (දමිළ) නාලිකා) ගුවන් විදුලි (සිටි එෆ්.එම්, ලක්හඬ, වසන්තම්) පුවත්පත් (දිනමිණ/ සිළුමිණ,ඬේලි නිවුස්, සන්ඬේ ඔබ්සවර්, තිනකරන්/ වාරමංජරී) රාජ්‍ය මාධ්‍ය නාලිකා 13 වෙතයි. අද වත්මන් විපක්ෂය නගන ප‍්‍රමුඛ චෝදනාව වන්නේ අදාළ රාජ්‍ය මාධ්‍ය තුළ තමන්ට ප‍්‍රමාණවත් අවකාශයක් නොලැබෙන බවයි. මේ සම්බන්ධයෙන් ඔවුන්ට 2010 මැතිවරණය ඇසුරින් පිළිතුරු දුන්නා සේම 2015 ජනාධිපතිවරණය ඇසුරින් ද පිළිතුරු ලබාදිය හැකියි.

ඉහත සඳහන් කළ වාර්තාව (පිටුව 66) අදාළ කාලය තුළ රාජ්‍ය මාධ්‍ය ඒ ඒ අපේක්ෂකයින්ට ලබා දුන් වේලාව (විද්‍යුත් මාධ්‍ය) සහ ප‍්‍රමාණය (මුදිත) පිළිබඳ සිය අවධානය යොමුකර තිබෙනවා.

වගු අංක 01: ජනාධිපතිවරණ කාල සීමාව තුළ ඒ ඒ අපේක්ෂකයින් වෙනුවෙන් රාජ්‍ය විද්‍යුත් මාධ්‍යවල ගුවන් කාලය සහ පුවත්පත්වල ප‍්‍රමාණය වෙන්කර ඇති ආකාරය Total time or space of News Line up in State Electronic and Print Media during the election period ප‍්‍රවෘත්ති වාර්තා පෙළ ගැස්විම. විද්‍යුත් මාධ්‍ය හා පුවත්පත්වල ප‍්‍රවෘත්ති පෙළ ගස්වා ඇති ආකාරයද, කියවන්නාට (Reader) වැදගත් වෙනවා.

සාමාන්‍යයෙන් එදිනෙදා ප‍්‍රවෘත්ති ඉදිරිපත් කිරිමේදී විද්්‍යුත් මාධ්‍ය සිය ප‍්‍රවෘත්ති ප‍්‍රකාශනවල ප‍්‍රථමයෙන් පෙළ ගැස්ම සකසන්නේ ප‍්‍රවෘත්තිවල වැදගත්කම සැලකිල්ලට ගැනිමේනි. අදාළ කාලය තුළ පර්යේෂණ සදහා සලකා බැලූ විද්‍යුත් හා මුදිත මාධ්‍ය නාලිකාවල ප‍්‍රවෘත්ති වාර්තා පෙළ ගැස්විමේදී එක් එක් අපේක්‍ෂකයා වෙනුවෙන් කාලය / ඉඩ බේදි ගොස් ඇති ආකාරය ප‍්‍රතිශතාත්මකව පහත වගුව මගින් දක්වා තිබෙනවා.

මේ අනුව රාජ්‍ය ගුවන් විදුලිවල මෙම නිරූපණය සලකා බලද්දී පැහැදිලි වන්නේ මෙම කාලය තුළ රාජ්‍ය ගුවන් විදුලි ප‍්‍රවෘත්ති ප‍්‍රකාශය වෙනුවෙන් සම්පූර්ණයෙන්ම විනාඩි 1654 තත් 56 වෙන් කර තිබූ අතර ජනාධිපතිවරණයට අදාළ ප‍්‍රවෘත්ති සදහා ඉන් විනාඩි 1314 තත් 13ක් (79%)ක්ම ලබා දී තිබු බවයි. එයින් මහින්ද රාජපක්ෂ MR වෙනුවෙන් විනාඩි 893 තත් 31 එනම් (68%) වෙන්කර තිබුණි. මෛත‍්‍රිපාල සිරිසේන (MSවෙනුවෙන් විනාඩි 276 තත් 04 එනම් (21%)වෙන්කර තිබුණි. සෙසු අපේක්ෂකයන් සදහා රාජ්‍ය ගුවන් විදුලි මෙම කාලය තුළ කිසිදු ඉඩක් වෙන් කර නොතිබුණි.

මෙම වගුව නිරීක්ෂණය කිරීමේදි පැහැදිලි වන තවත් කාරණයක් වන්නේ ෂඔභ ආයතනයේ රාජ්‍ය ගුවන් විදුලි නාලිකා දෙක අතර ( ලක්හඬ හා වසන්තම්) ජනාධිපතිවරණයට අදාළ ප‍්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේ දී කැපීපෙනෙන වෙනසක් පැවති බවයි. සිංහල මාධ්‍ය ලක්හඬ රාජ්‍ය ගුවන් විදුලිය ජනාධිපතිවරණයට අදාළ ප‍්‍රවෘත්ති සදහා විනාඩි 861 තත් 57 ක් (87%) වෙන් කරද්දී දමිළ භාෂා මාධ්‍ය වසන්තම් නාලිකාව වෙන් කර ඇත්තේ විනාඩි 197 තත් 16 (61%) ක් පමණි. කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ MR වෙනුවෙන් කාලය වෙන් කරද්දී මෙම වෙනස පැහැදලි නොවේ. ලක්හඬ නාලිකාව මහින්ද රාජපක්ෂ MR වෙනුවෙන් (67%ක් වෙන් කරද්දී වසන්තම් 69% ක් වෙන් වී තිබුණි. එහෙත් මෛත‍්‍රිපාල සිරිසේන MS වෙනුවෙන් කාලය වෙන් කරද්දී ලක්හඬ නාලිකාව ජනාධිපතිවරණයට අදාළ ප‍්‍රවෘත්තිවලින් 23%ක් වෙන් කර තිබූ අතර වසන්තම් නාලිකාව වෙන් කර තිබුණේ 7%ක් පමණි.

මෙම අධ්‍යයනයේදී නිරීක්ෂණය කළ රාජ්‍ය රූපවාහිනි නාලිකා ( ITN, Rupavahini, Channel Eye, Wasantham) සිය ප‍්‍රවෘත්ති ප‍්‍රකාශය වෙනුවෙන් වෙන් කර තිබු සමස්ත කාලය විනාඩි 2462 තත් 3ක් වන අතර එයින් මැතිවරණයට අදාළ ප‍්‍රවෘත්ති සදහා විනාඩි 2464 තත් 10 (83%)ක් වෙන් කර තිබුණි. එයින් මහින්ද රාජපක්ෂ සදහා ප‍්‍රවෘත්ති ප‍්‍රකාශන කාලයෙන් විනාඩි 2047 තත් 26ක් (59%)ක් වෙන් තිබූ අතර මෛත‍්‍රිපාල සිරිසේන වෙනුවෙන් විනාඩි 632 තත් 32 (31%) ක් වෙන් කර තිබුණි. සෙසු අපේක්ෂකයන් සදහා මෙම රූපවාහිනී නාලිකා සිය ප‍්‍රවෘත්ති ප‍්‍රකාශන කාලයෙන් කිසිදු ඉඩක් වෙන් කර නොතිබුණි.

මෙම වගුව නිරීක්ෂණය කිරීමේ දී සිංහල මාධ්‍ය රූපවාහිනී නාලිකා දෙකේම මැතිවරණයට අදාළ ප‍්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේ දී කැපී පෙනෙන වෙනසක් නොමැති බව දක්නට තිබේ. එහෙත් ඉංගි‍්‍රසි මාධ්‍ය රූපවාහිනී නාලිකා දෙකේම මැතිවරණයට අදාල ප‍්‍රවෘත්ති විකාශන කාලයෙන් 60%ක් මහින්ද රාජපක්ෂ MR වෙනුවෙන් වෙන් කරද්දී මෛත‍්‍රිපාල සිරිසේන MS වෙනුවෙන් 24%ක් කාලයක් පමණක් වෙන් කර තිබුණි. එමෙන්ම දමිල රූපවාහිනී නාලිකාව මැතිවරණයට අදාල ප‍්‍රවෘත්ති විකාශන කාලයෙන් මහින්ද රාජපක්ෂ MR සදහා 79%ක් වෙන් කර තිබූ අතර මෛත‍්‍රිපාල සිරිසේන MS වෙනුවෙන් වෙන්ව තිබුණෙ 11%ක් කාලයක් පමණකි.

රාජ්‍ය පුවත්පත්වල මෙම නිරූපණය සලකා බලද්දී පැහැදිලි වන්නේ මෙම කාලය තුළ සමස්ත ඉඩකඩ සම්පූර්ණයෙන්ම 201367.02 cm2 වෙන් කර තිබූ අතර ජනාධිපතිවරණයට අදාළ ප‍්‍රවෘත්ති සදහා ඉන් 159528.94 cm2 (79%)ක්ම වෙන්කර තිබුනි. එයින් මහින්ද රාජපක්ෂ MR වෙනුවෙන් 107607.25 cm2 එනම් (67%) වෙන්කර තිබු අතර මෛත‍්‍රිපාල සිරිසේන MS වෙනුවෙන් 42615.64 cm2 එනම් (28%) වෙන්කර තිබුණි. සෙසු අපේක්ෂකයන් සදහා කිසිදු ඉඩක් වෙන් වී නොතිබුණි.

ශීර්ෂ පාඨ භාවිතය

ජන මාධ්‍යයකින් ඉටු විය යුතු ප‍්‍රබලම කාර්යය ලෙස සැලකෙන තොරතුරු සහ ප‍්‍රවෘත්ති ලබාදිමේදී එම කතාවේ/පණිවිඩයේ ශිර්ෂපාඨයන්ට විශේෂ වැදගත්කමක් හිමිවේ. මේ තත්්තවය පසුගිය 2015 ජනාධිපතිවරණයේදී රාජ්‍ය මාධ්‍ය කෙසේ අවභාවිත කළා ද යන්න අපට ‘පොදු දේපොළ අයථා පරිහරණය නිරීක්ෂණ වැඩසටහන’ මගින් ප‍්‍රකාශිත වාර්තාව (පිටුව 66-67) මගින් විමසා බැලිය හැකියි.

වගු අංක 02. ELECTORAL INTEGRITY A Review of the Abuse of State Resources and Selected Integrity Issues during 2015 Presidential Election in Sri Lanka පිටුව 67 ප‍්‍රවෘත්තියේ අන්තර්ගතය කියවා බැලිමට, නැතහොත් එම ප‍්‍රවෘත්තියට සවන්දිමට පුද්ගලයෙකුට කුතුහලය හා ආකර්ෂණය ඇති කරනු ලබන්නේ ශිර්ෂපාඨය ම`ගිනි. එම නිසා කතාවේ වැදගත්කම ප‍්‍රකාශ කරමින් යොදන මාධ්‍ය ”ශිර්ෂපාඨය” සන්නිවේදනයේදී වැදගත් කාර්ය භාරයක් ඉටුකරයි. එසේම එය නිර්මාණාත්මක කාර්යයක් වශයෙන්ද සලකනු ලැබේ.

පර්යේෂණය සදහා සලකා බැලූණු කාලය තුළ විද්‍යුත් හා මුදිත මාධ්‍ය ප‍්‍රවෘත්ති විකාශයන් තුළ ”ශිර්ෂපාඨ” ඔස්සේ සිදුකරන ලද සන්නිවේදනයේ ස්වරූපයන් එම ශිර්ෂපාඨ ඉඩකඩ ජනාධිපති අපේක්ෂකයන් අතර ගොස් ඇති ආකාරය පිළිබදවත් අපගේ විශේෂ අවධානයක් යොමුවිය.

අදාළ කාලය තුළ සලකා බැලූණු මුදාිත මාධ්‍ය මුල්පිට ප‍්‍රවෘත්ති ශිර්ෂපාඨ හා ගුවන්විදුලි සහ රූපවාහිනි ප‍්‍රවෘත්ති විකාශයන් තුළ නිරීක්ෂණය වු සමස්ත ශිර්ෂපාඨ සංඛ්‍යාව 1648කි. එයින් ශිර්ෂපාඨ 446 ක් ගුවන්විදුලි මාධ්‍යට අයත් වු අතර 573ක් රූපවාහිනි මාධ්‍යටද 629ක් මුදිත මාධ්‍යටද අයත් විය.

ගුවන් විදුලි මාධ්‍යට අදාළව සිටි.එෆ්.එම්. ලක්හඩ හා වසන්තම් (දෙමළ) ගුවන් විදුලි නාලිකවල ප‍්‍රවෘත්ති විකාශයේ අන්තර්ගත සමස්ත ශිර්ෂ පාඨ සංඛ්‍යාව 446ක් වු අතර එයින් ශිර්ෂ පාඨ 287 මැතිවරණයට අදාළ ප‍්‍රවෘත්ති වෙනුවෙන් වෙන් වී තිබ්ණි. එම ප‍්‍රමාණයෙන් 225ක් හෙවත් 78්‍රක් එවකට ජනාධිපතිවරයා වු මහින්ද රාජපක්‍ෂ මහතා MR සදහා ද ශිර්ෂ පාඨ 41 එනම් 14%ක් පොදු ආප්ක්ෂකයා ලෙස පෙනි සිටි මෛත‍්‍රිපාල සිරිසේන මහතාට ද වෙන්වී තිිබුණි. සෙසු ජනාධිපති අපේක්‍ෂකයින් කිසිවකු වෙනුවෙන් කිසිදු ශිර්ෂ පාඨයක් වී නොතිබිණි.

මෙම අධ්‍යයනය සදහා නිරික්‍ෂණය කළ රූපවාහිනි නාලිකා හතරෙහි ප‍්‍රවෘත්ති විකාශය තුළ සමස්ත ශිර්ෂ පාඨ සංඛ්‍යාව වු 573න් 393ක් එනම් 69% මැතිවරණයට අදාල ප‍්‍රවෘත්ති ස`දහා වෙන් ව තිබුණි. ඉන් ශිර්ෂ පාඨ 270 ක් (69% මහින්ද රාජපක්‍ෂ MR සදහා වෙන් වි තිබු අතර මෛත‍්‍රිපාල සිරිසේන සදහා MS වෙන්වි තිබු ශිර්ෂ පාඨ සංඛ්‍යාව 61කි. (15%) මෙහිදි ද සෙසු ජනාධිපති අපේක්‍ෂකයන් සදහා කිසිදු ශිර්ෂපාඨයක් වෙන් වි නොතිබු බව නිරික්‍ෂණය විය.

 

අධ්‍යයනය සදහා නිරික්‍ෂණය කල පුවත්පත්වල මුල්පිටුවේ ශිර්ෂපාඨ 629 න් 491ක් (78%) ජනාධිපතිවරණයට සම්බන්ධ ශිර්ෂපාඨ බව නිරික්‍ෂණය විය. ඒ අතරින් 341ක් හෙවත් 69% ක් මහින්ද රාජපක්‍ෂ MR සදහා වෙන්වි තිබු අතර ශිර්ෂපාඨ ප‍්‍රමාණය 86ක් එනම් 18% ක් මෛති‍්‍රපාල සිරිසේන MS සදහා වෙන්ව තිබිණි.

සෙසු අපේක්‍ෂකයින් සදහා මුදිත මාධ්‍යවලද ශිර්ෂපාඨ වෙන්වි නොතිබිණි. මැතිවරණ කි‍්‍රයාදාමය පිළිබද දැනුම්වත් කිරිම් ද ඇතුළුව මැතිවරණයට අදාල සෙසු පුවත් සදහා වෙන්වි තිබු සමස්ත ශිර්ෂපාඨ සංඛ්‍යාව 64 ක් එනම් 13% ක් බව නිරික්‍ෂණය විය.

ශිර්ෂපාඨ ඉඩකඩ වෙන්වී තිබු ආකාරය පිළිබද මෙම සංඛ්‍ය ලේඛණ තොරතුරු විශ්ලේෂණය කර බැලිමේදි පැහැදිලි වන කරුණක් වන්නේ සිංහල පුවත්පත් පත් (දිනමිණ, සිළුමිණ) හා සසදන විට ඉංගි‍්‍රසි (Daly News, Sunday Observer) හා දෙමළ (තිනකරන්, වාරමන්ජරි) පුවත්පත්වල වැඩි ශිර්ෂපාඨ ප‍්‍රමාණයක් වෙන්කර තිබිමයි. දිනමිණ සිළුමිණ පුවත්පත් වල සෙසු පුවත් සදහා සිරස්තල 06ක් පමණක් වෙන් වෙද්දි (Daly News, Sunday Observer) පුවත්පත්වල ශිර්ෂපාඨ 20ක් ද, (11%) තිනකරන් හා වාරමන්ජිරි පුවත්පත්වල ශිර්ෂපාඨ 38ක් , (17%) වෙන්වි තිබුණි. තවද දිනමිණ, සිළුමිණ පුවත්පත්වල මෛති‍්‍රපාල සිරිසේන MS සදහා ශිර්ෂපාඨ 06ක් වෙන් පමණක් වෙන් වෙද්දි ඉංගි‍්‍රසි පුවත්පත්වල ශිර්ෂපාඨ 46 (26% ක් ද, දෙමළ පුවත්පත්වල මෛති‍්‍රපාල සිරිසේන MS සදහා ශිර්ෂපාඨ 34ක් (16 ‍%) ක් ද, වෙන්වි ඇති බව නිරික්‍ෂණය විය.

නිරික්‍ෂණය කළ විද්යුත් හා මුද්‍රිත සියළු මාධ්‍ය සලකා බැලූ විට ඉංගි‍්‍රසි පුවත්පත්වල මෛති‍්‍රපාල සිරිසේන MS සදහා සාපේක්ෂව සැලකිය යුතු ඉඩක් වෙන්වි තිබු බවද නිරීක්ෂණය විය.

 

Advertiesment