Tuesday 12th of November 2019

English Tamil
Advertiesment


සජිත්ගේ ආසනය ගැන කතා කරන මහින්ද සිය දිස්ත්‍රික්කයම පැරදී අවුරදු 12ක් ගෙදර හිටිය හැටි


2019-10-28 2908

සිය නිජ බිම අත හැර මහින්ද කුරුණෑගලට පැන්නේ සජිත්ට බියෙන්ද..?

 

මහින්ද රාජපක්ෂ 1977ත් පරාදයි-1983ත් පරාදයි..!

 

(අහුන්ගල්ලේ දේ.සූ ද සොයිසා)

සිය මැතිවරණ දිස්ත්‍රික්කයත් මැතිවරණ කොට්ඨාශයත් පරාජයට පත් වූ සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපතිවරණයේදී ඡන්දය ලබාදීමෙන් පළක් නැතැයි හිටපු ජනාධිපති සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ වේදිකාවේ මේ දිනවල උස් හඬින් මොර ගානු පෙනේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ කතාව කියන්න 1977 මහා මැතිවරණයේදී වර්ෂ හතක් මුළුල්ලේ තමා දැරූ මන්ත්‍රී පදවියත් මුළු හම්බන්තොට දිස්ත්‍රික්කයත් එක්සත් ජාතික පක්ෂය හමුවේ පරාජය වී 1989 වන තෙක්,එනම් පුරා වසර දොළහක් ගෙදරට වී හුදෙකලාව කල් ගෙවූ බව වයසට යෑම හේතුවෙන් අමතක වී ඇති නිසා විය හැකිය.

1977 මහා මැතිවරණයෙන් පරාජයට පත් වූ මහින්ද රාජපක්ෂ මහතා 1983 පැවති බෙලිඅත්ත අතුරු මැතිවරණයෙන් ද අන්ත පරාජයට පත් වී ගෙදර ගියේය.එවැනි පරාජිත මන්ත්‍රීවරයෙකුට පසුව දෙවරක්ම මේ රටේ විධායක ජනාධිපති වීමට හැකි වූයේ ජනතාවගේ ඡන්දයෙනි.

කෙසේ නමුත් සජිත් ප්‍රේමදාස මහතා කිසි විටෙක සිය මන්ත්‍රී ධූරය අහිමි කර ගත් දේශපාලනඥයෙකු නොවේ.මහින්ද රාජපක්ෂ මහතා හම්බන්තොට දේශපාලනය කරන්නේ සිය පිය උරුමයෙනි.හම්බන්තොට මහින්ද රාජපක්ෂලාගේ නිජ බිමය.නින්දගමය.එහෙත් සජිත් ප්‍රේමදාස සිය පිය උරුමය ද අත හැර පැමිණ හම්බන්තොට දිනන්නේ ස්වොත්සහයෙනි.

සිය නිජ බිම වූ හම්බන්තොට අත හැර මහින්ද රාජපක්ෂ මහතා 2015 මහා මැතිවරණයේදී කුරුණෑගලට පොලා පැන්නේ සජිත් ප්‍රේමදාස මහතා සමග මුහුණට මුහුණ තරඟ වැදීම නුවණට හුරු නොවන නිසාය.එහෙත් සජිත් ප්‍රේමදාස මහතා සිය ජයග්‍රහණය ගැන සැකයකින් හෝ ජයග්‍රහණයක් අපේක්ෂාවෙන් හෝ කිසි විටෙක සිය මැතිවරණ දිස්ත්‍රික්කය සහ කොට්ඨාශය මාරු කර නොමැත.

ඔහු වාර්තා ගත දේශපාලකයෙකි.අභීත නායකයෙකි.සජිත් ප්‍රේමදාස මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන්නේ නම් එසේ සිදු වන්නේ 2019 නොවැම්බර් 16 වැනිදා පවත් වෙන ජනාධිපතිවරණය ජය ගෙන ජනාධිපති ධූරයේ දිවුරුම් දීමෙනි.එසේ නොමැතිව මන්ත්‍රී තරඟවලින් පරාජය වීමෙන් නොවේ.

මන්ත්‍රී තරඟ දෙකකින්ම පරාජය වී හිටපු මන්ත්‍රීවරයෙකු ලෙස වර්ෂ දොළහක්ම ගෙදර සිටී මහා ජන නියෝජිතයෙකු වන මහින්ද රාජපක්ෂ මහතා,අපරාජිත මන්ත්‍රීවරයෙකු වන සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපතිවරණයේදී ඡන්දය ලබා දෙන්න එපා යැයි කියන්නේ සිය පරාජිත අතීතය අමතක වී සිහි විකල්ලයෙන් බව කිව යුතුය.

 

Advertiesment