Monday 9th of December 2019

English Tamil
Advertiesment


මෛත්‍රී-මහින්ද ව්‍යවස්ථා විරෝධී තිරස්චින ආණ්ඩු කොල්ලයට වසරයි


2019-10-26 1405

 

සම­හ­රක් දේ කාලයේ වැලි­ත­ලා­වෙන් වැසී මැකී යෑම වටී. එහෙත් සම­හ­රක් දේ සිහි­ව­ටන සේ ගුජු­ප්සා­වෙන් සිහි­පත් කර­න්නට සිදුව තිබේ. මීට වස­ර­කට පෙර ඔක්තෝ­බර් 26 දා සිදු­වූයේ එවන් ගුජු­ප්සා­ජ­නක සිදු­වී­මකි. නීත්‍යා­නු­කූල ආණ්ඩු­වක් හොර රහසේ පන්නා දමා බලය ඩැහැ­ගත් මෑත කාලීන තිර­ස්චීන ක්‍රියා­ව­ලි­යට වස­රකි. බලය ඩැහැ­ගත් පම­ණින් එය පව­ත්වා­ගෙන යා හැකි නොවේ. එකී නොහැ­කි­යාව පුපුරා ගියේ මෙරට පාර්ලි­මේන්තු ඉති­හා­ස­යට නරක පන්නයේ කැළැල් රැසක් ඉතිරි කර­මිනි. “මම සිතමි එම නිසා මම වෙමි.” දාර්ශ­නික ඩේකාර්ට්ස් වරක් පවසා තිබේ. ඇතැම් කල්ලි සහ පවුල් විශ්වාස කරන්නේ තම­න්ගෙන් තොරව කිසි­වකු නැති බව ය. තමන් තරම් කිසි­වකු ද නැති බව ය. බල­හ­ත්කා­ර­යෙන් ආණ්ඩුව කොල්ල කා අග­මැ­ති­කම ඉල්ලා සිටියේ මහින්ද රාජ­පක්ෂ ය. ඔහු මෙරට දෙව­රක් ජන­ප­ති­කම් කළ, අග­මැති කම් කළ අයෙකි. එහෙත් ඔහුට මේ කුම­න්ත්‍රණ ආණ්ඩුවේ අග­මැති කම උව­මනා විය. එහෙත් වරක් දෙව­රක් නොව දස වරක් ඉල්ලා සිරි­ය­දීත් නීර්හ්‍යා­නු­කූල නොවන අග­මැ­ති­කම් එක හෙළා ප්‍රති­ක්ෂේප කර­න්නට එවක සජිත් ප්‍රේම­දා­සට හැකි විය.

මීට තෙව­ස­ර­කට පෙර මෙරට ප්‍රධාන පක්ෂ දෙක එකට එකතු වූයේ ශිෂ්ට­ස­ම්පන්න අපේක්ෂා රැසක් පෙර­දැරි කර­ගෙන ය. එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩා­ර­නා­යක මහතා එජා­ප­යෙන් වෙන්ව ගොස් ශ්‍රීල­නි­පය බිහි කළ දා සිට එජා­පය හා ශ්‍රීල­නි­පය පස­මි­තුරෝ වූහ. එය හරි­යට ම කීවොත් එක බඩ­වැල කඩන් ආ සොයු­රන් දෙදෙ­නෙකු දෙම­ඟක යන ගම­නක් වැනි ය.

කෙසේ වෙතත් 2015 ජන­වාරි අට ඡන්ද ප්‍රති­ඵ­ල­යත් සමඟ බොහෝ දේ වෙනස් විය. ඒ අනුව ශ්‍රීල­නි­පය හා එජා­පය එක්ව සම්මුති ආණ්ඩු­වක් බිහි කරනු ලැබීය. එයින් රටට අත්වූ ජය­ග්‍ර­හණ රැසකි.

එහෙත් තෙව­ස­රක් එක්ව ගිය ගමන ඉකුත් ඔක්තෝ­බර් 26 වෙනි දා රාත්‍රී පැය කිහි­ප­යක් තුළ හමාර විය.

එක්සත් ජනතා නිද­හස් සන්ධා­නයේ මහ ලේකම් මහින්ද අම­ර­වීර, සිය පාර්ශ්වය ආණ්ඩු­වෙන් ඉවත් වූ බව කථා­නා­ය­ක­ව­ර­යාට දන්වා යැවූ බව ජනා­ධි­පති මාධ්‍ය අංශය නිවේ­ද­නය කළ නමුත්, එදින රාත්‍රියේ ආණ්ඩු­වක් වෙනස් වන බවක් බොහෝ දෙනෙක් විශ්වාස කළේ නැත. රාත්‍රී 'බ්‍රේකිං නිවුස්' වලට ඉඩ­කඩ විවර විය.

සිය­ල්ලන්ම තූෂ්ණි­ම්භූත වූයේ මහින්ද රාජ­පක්ෂ මහතා නැවත 'අග්‍රා­මාත්‍ය ලෙස ' දිවු­රුම් දුන් පුවත ඇසී­මෙනි. මහින්ද රාජ­පක්ෂ, ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන ඉදි­රියේ අග­මැති ධුරයේ දිවු­රුම් දුන් බව ජනා­ධි­පති කාර්යා­ලය නිවේ­ද­නය කළේය.

විසි හත්වන දිනයේ උදෑ­සන එතෙක් ආ ආණ්ඩුවේ සමස්ත ක්‍රිය­ව­ලිය බල­හ­ත්කා­රය විසින් පාල­න­යට ගනු ලැබිණ. විශේ­ෂ­යෙන් ම රාජ්‍ය ආය­ත­න­වල තත්ත්වය ත්‍රාඩ ස්වරූ­ප­යක් ගනු ලැබීය.නීත්‍යා­නු­කූල නොවන ආණ්ඩුවේ නරි­නා­ටක ආය­තන පුරා රඟ දැක්විණි. මධ්‍යස්ථ පිරිස් පවා අන්ත අස­රණ කරන මට්ට­මට බල­හ­ත්කා­රය යෙද­විණ.

දැන් සියල්ල හරි­යැයි සම­හ­රුන් සිතූ නමුත් අන­පේ­ක්ෂිත සියල්ල ආරම්භ වූයේ එතැන් සිට ය.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍ර­ම­සිංහ තව­මත් රටේ අග­මැ­ති­ව­රයා බව එවක කැබි­නට් ප්‍රකා­ශක රාජිත සේනා­රත්න බීබීසී සිංහල සේවය සමඟ කියා සිටි­යේය.

එසේම මාධ්‍ය හමු­වක් පව­ත්ව­මින්, 19 වැනි ව්‍යවස්ථා සංශෝ­ධ­නය ප්‍රකා­රව අග­මැ­ති­ව­රයා තීර­ණය කළ හැක්කේ පාර්ලි­මේ­න්තු­වට පම­ණක් බව 'ධුර­යෙන් නෙර­පන ලද අග්‍රා­මාත්‍ය' රනිල් වික්‍ර­ම­සිංහ පෙන්වා දුන්නේය.

ඔක්තෝ­බර් 27 වැනිදා ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේ­නගේ නිය­මය අනුව නිකුත් කෙරුණු අති­වි­ශේෂ ගැසට් නිවේ­ද­න­යක් මඟින් පාර්ලි­මේ­න්තුව වාරා­ව­සාන කරන ලද අතර නොවැ­ම්බර් 16 වැනිදා නැවත පාර්ලි­මේ­න්තුව ආරම්භ වන බවට දින නියම කෙරිණි. එදින පස්වරු 4ට පෙර, අර­ලි­ය­ගහ මන්දි­රය බාරදී පිටව යන ලෙස රනිල් වික්‍ර­ම­සිං­හට දැනුම් දී ඇතැයි මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේ­ව­ර්ධන මාධ්‍ය වෙත පැව­සීය.

ඒ දක්වා අග්‍රා­මාත්‍ය ලේක­ම්ව­රයා ලෙස කට­යුතු කළ සමන් ඒක­නා­යක අති­වි­ශේෂ ගැසට් නිවේ­ද­න­යක් මඟින් ඉවත් කර ඒ වෙනු­වට සිරි­සේන අම­ර­සේ­කර පත් කෙරිණි.

කෙසේ වෙතත් අග්‍රා­මා­ත්‍ය­ව­රයා ලෙස ක්‍රියා කිරීමේ පූර්ණ බලය හා හැකි­යාව තමා සතුව පව­තින බව රනිල් වික්‍ර­ම­සිංහ විශේෂ මාධ්‍ය හමු­වක් පව­ත්ව­මින් පැව­සීය.

නව අග­මැ­ති­ව­ර­යකු පත් කිරී­මෙන් පසු පළමු වරට ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන එදින ජාතිය ඇමතූ අතර තමන් කළ ක්‍රියාව ව්‍යව­ස්ථා­වට අනු­කූල බව ඔහු එහිදී අව­ධා­ර­ණය කළේය. රනිල් වික්‍ර­ම­සිංහ ධුර­යෙන් නෙර­පී­මට හේතු වූ කරුණු දැක්වූ ජනා­ධි­ප­ති­ව­රයා, "ආස­න්නම සහ ප්‍රබ­ල­තම හේතුව" ලෙස තමා ඝාත­නය කිරීම සඳහා කුම­න්ත්‍ර­ණ­යක් පැවැතී යැයි කියන තත්ත්වය පිළි­බඳ තොර­තුරු හෙළි­ද­රව් වීම ද පෙන්වා දුන්නේය.

එ් කතා­වේදී ජනා­ධි­ප­ති­ව­රයා පොලි­ස්පති පූජිත් ජය­සු­න්ද­රගේ ක්‍රියා­ක­ලා­පය ද දැඩි ලෙස විවේ­ච­නය කළේය.

ඔක්තෝ­බර් 29 මහින්ද රාජ­පක්‍ෂ කොළඹ මල්පාරේ පිහිටි අග්‍රා­මාත්‍ය කාර්යා­ල­යේදී අග්‍රා­මා­ත්‍ය­ව­රයා ලෙස වැඩ බාර ගත්තේය. ශ්‍රී ලංකාවේ ව්‍යව­ස්ථා­වට අනුව පාර්ලි­මේ­න්තුව කැඳ­වීමේ බලය කථා­නා­ය­ක­ව­රයා සතුව පව­තින බව රනිල් වික්‍ර­ම­සිංහ ඔක්තෝ­බර් 29 වැනිදා විදෙස් මාධ්‍ය­වේ­දීන් සමඟ පැවැති ප්‍රවෘත්ති සාක­ච්ඡා­වේදී සඳ­හන් කළේය.

මේ අතර රටේ ස්ථාව­ර­භා­වය ඇති කිරී­මට කට­යුතු කරන ලෙස විදේශ රාජ්‍ය සහ අන්ත­ර්ජා­තික සංවි­ධාන ජනා­ධි­ප­ති­ව­ර­යා­ගෙන් ඉල්ලා සිටි­මින් නිවේ­දන නිකුත් කළේය. කථා­නා­යක කරු ජය­සූ­රිය, ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන වෙත ලිපි­යක් යව­මින්, "නොවැ­ම්බර් 16 වැනිදා තෙක් දින 20ක් පාර්ලි­මේ­න්තුව අක්‍රි­යව පැවැ­තී­මෙන් රටට දැඩි අහි­ත­කර වාතා­ව­ර­ණ­යක් උද්ගත වීමට ඉඩ නොත­බන ලෙස" ඉල්ලා සිටි­යේය.

නොවැ­ම්බර් මස 14 වැනිදා පෙර­වරු 10ට පාර්ලි­මේ­න්තුව කැඳ­වී­මට තීර­ණය කර ඇති බව ම ජනා­ධි­ප­ති­ව­රයා නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේ­ද­න­ය­කින් කියැ­විණි. නොවැ­ම්බර් 05, නව පාර්ශ්ව­යට හිමි බහු­තර බලය පෙන්වී­මට හැකි වන තුරු පෙර පැවති තත්ත්වය පිළි­ගැ­නී­මට සිදු වන බව දක්ව­මින් කථා­නා­යක කරු ජය­සූ­රිය නිවේ­ද­න­යක් නිකුත් කළේය.

කථා­නා­ය­ක­ව­ර­යාගේ නිවේ­ද­න­යෙන් සුළු මොහො­ත­කට පසු පාර්ලි­මේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණ­ව­ර්ධන සභා­නා­ය­ක­ව­රයා ලෙස පාර්ලි­මේන්තු සභා­නා­යක කාර්යා­ල­යේදී වැඩ ආරම්භ කළේය.

ජනා­ධි­ප­ති­ව­රයා පාර්ලි­මේ­න්තුව විසු­රුවා හැරී­මට කළ නියෝ­ගය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා නොවැ­ම්බර් 12 ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය වෙත මූලික අයි­ති­වා­සි­කම් පෙත්සම් 13ක් පමණ ඉදි­රි­පත් වූ බව වාර්තා විය.

ඒ අතර ශ්‍රී ලංකා මැති­ව­රණ කොමි­ෂන් සභාවේ සාමා­ජික මහා­චාර්ය රත්න­ජී­වන් හූල් ද විය. එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධා­නය, ජනතා විමුක්ති පෙර­මුණ, සමස්ත ලංකා මහ­ජන කොංග්‍ර­සය, පාර්ලි­මේන්තු මන්ත්‍රී මනෝ ගනේ­ෂන්, විකල්ප ප්‍රති­පත්ති කේන්ද්‍රය සහ නීතිඥ අරුණ ලක්සිරි ඇතුළු තවත් පාර්ශ්වද පෙත්සම් ඉදි­රි­පත් කරනු ලැබ තිබිණි.

ඒ සම්බන්ධ ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ පෙත්සම් සලකා බැලීම, අග­වි­නි­සුරු නලින් පෙරේරා, ප්‍රියන්ත ජය­ව­ර්ධන සහ ප්‍රසන්න ජය­ව­ර්ධන යන ත්‍රිපු­ද්ගල ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සුරු මඬුල්ල හමුවේ ආරම්භ විය.

නොවැ­ම්බර් 13, ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් වූ මූලික අයි­ති­වා­සි­කම් පෙත්සම් පිළි­බඳ සලකා බැලීම දෙවැනි දින­ටත් පැවැ­ත්විණි.

එහිදී ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවේ 19 වැනි සංශෝ­ධ­නයේ 33 වැනි වග­න්තිය ප්‍රකා­රව පාර්ලි­මේ­න්තුව විසු­රුවා හැරීම සම්බ­න්ධ­යෙන් ව්‍යව­ස්ථාවේ සඳ­හන් වන ප්‍රති­පා­ද­න­ව­ලට පරි­බා­හි­රව පාර්ලි­මේ­න්තුව විසු­රුවා හැරීම සඳහා අම­තර බල­යක් ජනා­ධි­ප­ති­ව­ර­යාට හිමි වී තිබෙන බව නීති­ප­ති­ව­රයා සඳ­හන් කළේය.

දිනය අව­සා­න­යේදී, ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන පාර්ලි­මේ­න්තුව විසු­රුවා හරි­මින් නිකුත් කළ ගැසට් නිවේ­ද­නය ක්‍රියා­ත්මක කිරීම අත්හි­ටු­ව­මින් අතුරු තහ­නම් නියෝ­ග­යක් නිකුත් කළ ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය ඉදි­රි­පත් කළ පෙත්සම් විභා­ග­යට ගැනී­මට තීර­ණය කළේය.

නොවැ­ම්බර් 04 වැනිදා ජනා­ධි­ප­ති­ව­රයා නිකුත් කළ ගැසට් නිවේ­ද­න­යට අනුව, නොවැ­ම්බර් 14, උදෑ­සන 10.00ට පාර්ලි­මේ­න්තුවේ කට­යුතු ආරම්භ කෙරිණි.

එහිදී පත් කළ අග්‍රා­මාත්‍ය මහින්ද රාජ­පක්ෂ සහ එක්සත් ජනතා නිද­හස් සන්ධා­නයේ මන්ත්‍රී­ව­රුන් ආණ්ඩු පක්ෂයේ අසුන් ගත් අතර ධුර­යෙන් නෙර­පන ලද අග­මැ­ති­ව­රයා ඇතුළු එක්සත් ජාතික පෙර­මුණ විප­ක්ෂයේ අසුන් ගත්තේය.

පාර්ලි­මේන්තු ස්ථාවර නියෝග අත්හි­ටුවා 'පත් කළ අග්‍රා­මා­ත්‍ය­ව­ර­යාට එරෙහි විශ්වා­ස­භංග යෝජ­නා­වක්' ඉදි­රි­පත් කර මන්ත්‍රී­ව­රුන්ගේ 'හඬ අනුව' සම්මත කළ බව කථා­නා­ය­ක­ව­රයා ප්‍රකාශ කළ අතර, ඒ බව කථා­නා­ය­ක­ව­රයා රාත්‍රි­යේදී ම ජනා­ධි­ප­ති­ව­ර­යාට ලිඛිත ව දැනුම් දීමට කට­යුතු කළේය. ඊට ප්‍රති­චාර වශ­යෙන් කථා­නා­ය­කගේ ස්ථාව­රය ප්‍රති­ක්ෂේප කර­මින් ජනා­ධි­ප­ති­ව­ර­යාද කථා­නා­ය­කට ඒ රාත්‍රි­යේම ලිපි­යක් යොමු කළේය.

නිසි ස්ථාවර නියෝග අනුව පාර්ලි­මේ­න්තුවේ බහු­ත­රය පෙන්වන්නේ නම් තමන්ට එය පිළි­ගැ­නී­මට සිදු වන බව පැවසූ ජනා­ධි­ප­ති­ව­රයා, රනිල් වික්‍ර­ම­සිංහ සහ සරත් ෆොන්සේකා හැර වෙනත් කෙනකු අග­මැති ධුරය සඳහා යෝජනා කළ යුතු බව ද ප්‍රකාශ කළේය.

මහින්ද රාජ­ප­ක්ෂට පාර්ලි­මේ­න්තුවේ බහු­තර බලය නොමැති හෙයින් ඔහුගේ පත්වීම බල රහිත කරන ලෙස ඉල්ලා පාර්ලි­මේන්තු මන්ත්‍රී­වරු 122 දෙනකු ඉදි­රි­පත් කළ පෙත්ස­මක් සලකා බැලී­මට නොවැ­ම්බර් 26 අභි­යා­ච­නා­ධි­ක­ර­ණය තීර­ණය කළේය.

ඒ අතර අග­මැති රනිල් වික්‍ර­ම­සිංහ පද­වි­යෙන් ඉවත් කිරීම සහ මහින්ද රාජ­පක්ෂ අග­මැති පද­වි­යට පත් කිරීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය වෙත මූලික අයි­ති­වා­සි­කම් පෙත්ස­මක් ද ඉදි­රි­පත් විය.

ඒ අනුව මතු වූ දේශ­පා­ලන අර්බු­දය හේතු­වෙන් මේ වන විට පාර්ලි­මේ­න්තුව විසු­රුවා හැරීම, අතුරු නියෝ­ග­යෙන් අන­තු­රුව පාර්ලි­මේ­න්තුව යළි රැස් කිරීම, මහින්ද රාජ­පක්ෂ දිගට ම අග­මැති ධුරය දැරී­මට එරෙ­හිව මෙන්ම අග­මැති රනිල් වික්‍ර­ම­සිංහ පද­වි­යෙන් ඉවත් කිරී­මට එරෙ­හිව වශ­යෙන් මූලික අයි­ති­වා­සි­කම් පෙත්සම් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර තිබේ. නොවැ­ම්බර් 5 වැනිදා මන්ත්‍රී­ව­රුන්ට අල්ලස් ලබා දීමට තැත් කිරීම සම්බ­න්ධ­යෙන් කළ පැමි­ණි­ල්ලට අදාළ සවි­ස්තර වාර්තා­වක් අල්ලස් හෝ වංචා, දූෂණ විම­ර්ශන කොමි­ස­මට බාර දුන් බව ට්‍රාන්ස්පේ­රන්සි ඉන්ට­ර්නැ­ෂ­නල් ශ්‍රී ලංකා ආය­ත­නය නොවැ­ම්බර් 28, පැව­සීය.

ඔක්තෝ­බර් 26 වැනි දිනට පෙර පැවති 'එක්සත් ජාතික පෙර­මුණේ නාය­ක­ත්ව­යෙන් යුතු ආණ්ඩුව' යළි පිහි­ටු­වීම සඳහා සහාය පළ කරන බව නොවැ­ම්බර් 29, සිය මන්ත්‍රී­ව­රුන් 14 දෙන­කුගේ අත්සන් සහි­තව ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන වෙත යොමු කර­මින් දෙමළ ජාතික සන්ධා­නය පැව­සීය.

ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය පාර්ලි­මේ­න්තුව විසු­රුවා හැරීමේ ගැසට් නිවේ­ද­නය දෙසැ­ම්බර් මස 7 වැනි සිකු­රාදා දක්වා අත්හි­ටු­ව­මින් වාර­ණ­යක් දෙසැ­ම්බර් 04, නිකුත් කළේය.

පාර්ලි­මේ­න්තුව විසු­රුවා හැරීම නීති­වි­රෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති මූලික අයි­ති­වා­සි­කම් පෙත්සම් විභා­ගය සත්පු­ද්ගල විනි­සුරු මඬු­ල්ලක් හමුවේ ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යේදී විභා­ග­යට ගැනිණි. මේ අතර රටේ ජනා­ධි­ප­ති­ව­රයා පම­ණක් ක්‍රියා­ත්මක වන තත්ත්වය හමුවේ රටේ සාමාන්‍ය කට­යුතු පව­ත්වා­ගෙන යෑම සඳහා ජනා­ධි­ප­ති­ව­රයා සහ අමා­ත්‍යාංංශ ලේක­ම්වරු අතර විශේෂ සාක­ච්ඡා­වක් මෙදින ජනා­ධි­පති කාර්යා­ල­යේදී පැවැ­ත්විණි.

ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ විශේෂ සමු­ළුව අම­ත­මින්, පාර්ලි­මේ­න්තුවේ මන්ත්‍රී­ව­රුන් 225 දෙනාම අත්සන් කළත් නැවත රනිල් වික්‍ර­ම­සිංහ අග­මැති ධුර­යට පත් නොක­රන බව ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන පැව­සීය.

පාර්ලි­මේ­න්තුව විසු­රුවා හැරීම නීති­වි­රෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති මූලික අයි­ති­වා­සි­කම් පෙත්සම් විභා­ගය සත්පු­ද්ගල විනි­සුරු මඬු­ල්ලක් හමුවේ ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යේදී දෙසැ­ම්බර් 05 දෙවැනි දින­ටත් විභා­ග­යට ගැනිණි.

මහින්ද රාජ­පක්ෂ සහ ඔහුගේ ආණ්ඩු­වට එරෙ­හිව සම්මත වූ විශ්වා­ස­භංග යෝජ­නා­ව­ලට අවශ්‍ය ක්‍රියා­මාර්ග ගන්නා ලෙස ජනා­ධි­ප­ති­ව­ර­යා­ගෙන් ඉල්ල­මින් මෙදින පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කිරී­මට නිය­මිත වූ යෝජ­නාව, ඉදි­රි­පත් නොකර සිටී­මට තමන් තීර­ණය කළ බව එක්සත් ජාතික පෙර­මුණ පාර්ලි­මේ­න්තු­වට දැනුම් දුන්නේය.

ජන­වාරි මස 07 වැනිදා සිදු කරන බව දෙසැ­ම්බර් 10 ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය ප්‍රකාශ කළේය.

ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය මගින් අතුරු තහ­නම් නියෝ­ග­යක් නිකුත් කර තිබි­යදී පාර්ලි­මේ­න්තුව කැඳවා විශ්වා­ස­භංග අනු­මත කිරී­මෙන් කථා­නා­යක කරු ජය­සූ­රිය අධි­ක­ර­ණ­යට අප­හාස කර ඇතැයි චෝදනා කර­මින් තවත් පෙත්ස­මක් නීතිඥ අරුණ ලක්සිරි ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළේය.

ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේ­නගේ මාන­සික සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා නඩු කට­යු­ත්තක් ආරම්භ කරන ලෙස පොලි­ස්ප­ති­ව­ර­යාට නියෝග කරන මෙන් ඉල්ලා අභි­යා­ච­නා­ධි­ක­ර­ණ­යට පෙත්ස­මක් ඉදි­රි­පත් විය.

දෙසැ­ම්බර් 11, රජයේ ආය­තන සමග ව්‍යාපා­රික කට­යු­තු­වල යෙදීම හේතු­වෙන් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍ර­ම­සිං­හගේ පාර්ලි­මේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරිමේ රිට් ආඥා­වක් නිකුත් කරන මෙන් ඉල්ල­මින් යුක්තිය උදෙසා කාන්තාවෝ සංවි­ධා­නයේ සම සභා­ප­තිනි ශර්මිලා ගෝන­වල අභි­යා­ච­නා­ධි­ක­ර­ණය වෙත පෙත්ස­මක් ඉදි­රි­පත් කළා ය.

දෙසැ­ම්බර් 12, අග­මැති ධුර­යට පත් කරන ලද මහින්ද රාජ­ප­ක්ෂගේ සහ අමාත්‍ය මණ්ඩල සාමා­ජි­ක­යන්ගේ පත්වීම් බල­ර­හිත කිරීමේ නියෝ­ග­යක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම ජන­වාරි මස 16 ,17 සහ 18 යන දින­වල විභා­ග­යට ගැනී­මට අභි­යා­ච­නා­ධි­ක­ර­ණය නියම කළේය.

රනිල් වික්‍ර­ම­සිං­හට අග්‍රා­මා­ත්‍ය­ව­රයා වශ­යෙන් ක්‍රියා කිරීම සඳහා විශ්වා­සය ප්‍රකාශ කිරීමේ යෝජ­නාව බහු­තර ඡන්ද­යෙන් පාර්ලි­මේ­න්තු­වේදී යථා පරිදි සම්මත කරන ලද බව කථා­නා­යක කරු ජය­සූ­රිය ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන වෙත ලිඛි­තව දන්වා යැවීය.

නොවැ­ම්බර් 09 වැනිදා ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන පාර්ලි­මේ­න්තුව විසු­රුවා හැරීම ශ්‍රී ලංකාවේ ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථා­වට පට­හැනි බව දෙසැ­ම්බර් 13 ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය ඒක­ම­ති­කව තීන්දු කළේය.

එමෙන්ම පාර්ලි­මේ­න්තුව විසු­රුවා හරි­මින් ජනා­ධි­ප­ති­ව­රයා විසින් නිකුත් කළ ගැසට් නිවේ­ද­නය බල­ර­හිත කරන බව ද ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය සිය තීන්දුවේ සඳ­හන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍ර­ම­සිංහ දෙසැ­ම්බර් 16, පස් වැනි වර­ටත් ශ්‍රී ලංකාවේ අග්‍රා­මා­ත්‍ය­ව­රයා ලෙස දිවු­රුම් දුන්නේය.

ජනා­ධි­පති කාර්යා­ල­යේදී ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන ඉදි­රියේ ඔහු දිවු­රුම් දුන් අතර මේ දිවු­රුම් දීමේ අව­ස්ථාව වාර්තා කිරී­මට මාධ්‍ය­වේ­දීන්ට අව­ස්ථාව හිමි නොවූ අතර එක්සත් ජාතික පක්ෂයේ කිහිප දෙනෙක් පම­ණක් සහ­භාගි වූහ. මේ අතර ඉකුත් පාර්ලි­මේන්තු සභා වාර­යේදී සන්ධා­නයේ මන්ත්‍රී­වරු තිදෙ­නෙක් එක්සත් ජාතික පෙර­මු­ණට එක් වූහ. එලෙස පැති මාරු කර­න්නන්ට අමාත්‍ය ධුර නොදෙන බව ජනා­ධි­ප­ති­ව­රයා පැව­සීය. දෙසැ­ම්බර් 20 එක්සත් ජාතික පෙර­මුණේ කැබි­නට් මන්ඩ­ලය දිවු­රුම් දුන්හ.

පුරා දින 51ක් තිස්සේ මෙරට තිබූ අස්ථා­වර තත්ත්වය දැන් කිසි­යම් ස්ථාවර 'තැන­කට පත්වූයේ එසේය.

මේ රට මජර දේශ­පා­ල­නයේ කුණු දුඟ­ඳින් කලක් දශක ගණ­නා­වක් තිස්සේ අප­විත්‍ර වී තිබේ. එකී දුඟ­ඳින් අප­විත්‍ර වන්නේ දේශ­පා­ල­න­ඥ­යන් කල්ලි­යක් පම­ණක් නම් අපට කම් නැත. අපට ප්‍රශ්නය වන්නේ වර්ග කිලෝ­මී­ටර 65610ක භූමියේ ජීව­ත්වන සහ ඉප­දී­මට සිටි­න්නන්ට පවා ඒ පීඩාව දර­න්නට සිදු­වන එක ගැන ය. දින පනස් එකක් තිස්සේ මෙරට ජන­තාව දරා­ගෙන සිටියේ එකී පීඩාව ය.

පහ­සු­වෙන් සහ කඩි­න­මින් විස­ඳුම් දිය යුතු ප්‍රශ්න විශාල වසං­ගත බවට පත්වෙ­න්නට දීම එක් අත­කින් මෝඩ­කම මත සිදු­ක­ර­න්නකි. තවත් අත­කින් හිතා­ම­තාම සිදු කර­න්නකි. නැති­නම් ව්‍යාපෘති මත සිදු­ව­න්නකි.

කුමන පද­න­ම­කින් සිදු වුවද අව­සා­නයේ වන්දි ගෙව­න්නට සිදු­වන්නේ මිනි­සුන්ට ම ය.

ඒ පිළි­බ­ඳව ඉති­හාස කතා,වර්ත­මාන කතා සහ උදා­හ­රණ, කොතෙ­කුත් තිබේ.

ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය උදෙසා ශිෂ්ට මිනි­සුන් විසින් කරන ලද අසී­මිත කැප­වී­මෙහි ප්‍රති­ඵ­ලය යම් තාක් දුරට ජය­ග්‍ර­හ­ණය කර තිබේ.එයින් ගම්‍ය වන්නේ අශි­ෂ්ඨ­ත්ව­යට හැම­දාම ජය­ගත නොහැකි බවය.මේ අර­ග­ලය පිටු­පස හෛද සාක්ෂි­යක් තිබෙන මිනි­සුන් රොද බැඳ සිටි­යහ. ඔවු­නට අවැසි වූයේ යහ­පත් රටක් මිස පුද්ග­ලි­කව තමන්ට හෙටක් නොවීය. ඒ නිසාම එකී අර­ග­ලය පවිත්‍ර විය. ජය­ග්‍ර­හ­ණ­යෙන් කෙළ­වර විය.‘පරි­ක­ල්ප­නය බුද්ධි­යට වඩා දහස් වාර­යක් බල­වත්ය.”ඇල්බට් අයි­න්ස්ට­යින් එහෙම කියා ඇත.

මේ ජය­ග්‍ර­හ­ණය පක්ෂ­ය­කට හෝ එක් කණ්ඩා­ය­ම­කට ලඝු කොට සල­කන්නේ නම් එය ඒ ජය­ග්‍ර­හ­ණ­යට කරන නිග­රු­වකි. මෙය උතුරු මිනි­ස්දම් වෙනු­වෙන් කැපවූ මිනිස් සමූ­හ­යක් විසින් රටට ලබා දුන් ජය­ග්‍ර­හ­ණ­යකි. ඒ උදසා දේශ­පා­ලන පක්ෂ, සිවිල් සංවි­ධාන, සමාජ ක්‍රියා­කා­රීන්, මහ­ජ­න­තාව සහ ඇතැම් ජන­මාධ්‍ය ගෙන ගිය අර­ග­ලය අති­ශ­යින් ප්‍රශස්ථ විය. අර්බු­ද­කාරී අව­ස්ථා­වක ඊට මුහුණ දෙන ආකා­රය ගැන මෙරට දේශ­පා­ල­න­ඥ­යන්ට වඩා හොඳින් මෙරට පුර­වැ­සි­යන් දන්නා බවත්, ඒ බව ඉකුත් දින­වල මෙරට පුර­වැ­සි­යන් මනා­කොට ඔප්පු කළ බවත් සට­හන් කළ යුතුම ය. ලෝහිත අර­ගල වලට මෙහා මාන­ව­වාදී සහ නිර්මා­ණ­ශීලී අර­ගල බොහෝ පව­තින බව මෙරට පුර­වැ­සියෝ ඕන­ව­ටත් වඩා ප්‍රත්‍යක්ෂ කොට තැබූහ. එහෙත්,පාර්ලි­මේ­න්තුව නියෝ­ජ­නය කරන ජනතා නියෝ­ජි­ත­යන් ඔප්පු කළේ අර්බු­ද­ය­කදී තමන් 'මුහුණ දෙක' රටා­වය.එය අසැබි වදන් සහ ත්‍රාස­ජ­නක හැසි­රී­මක් විය. එක මොහො­ත­කට හෝ ශ්‍රීලාං­කි­ක­යන් ඒ ක්‍රියා­ව­ලිය අත් හදා බැලු­වා­නම්? ඒ අනුව මෙරට දේශ­පා­ල­න­ඥ­යන් ජන­තා­ව­ගෙන් බොහෝ පාඩම් උගත යුතුව ඇත.

 

 

-රිවිදා විග්‍රහය-
(මානාභරණ-සිළුමිණ)

 

Advertiesment