Tuesday 19th of November 2019

English Tamil
Advertiesment


ඊනියා දේශප්‍රේමීන්ගෙන් -ආගමිකයන්ගෙන් රට බේරාගනිමු


2019-10-25 1540

ශ්‍රී ලංකාව යනු අවිච්ඡින්න ඉතිහාසයක් ඇති අසිරිමත් දේශයකි. මනරම් දිවයිනකි. සුන‍දර දූපතකි. සරුසාර භූමියකි. මිහි මත සුපිහිටි සුරපුරයකි. මහින‍දාගමනයත් සමග අඛණ්ඩ බෞද්ධ ඉතිහාසයක් සහ පසුබිමක් තුළ අනෙකුත් ආගමිකයන් සහ අන්‍ය ජාතීන් ජීවත් වූ (වන) සාමකාමී අපූරු දේශයකි. නමුත් පසුගිය දශකය තුළ මේ තත්ත්වය සම්පූර්ණයෙන් ම වෙනස් විය. එයට හේතුව වූයේ එක් එක් දේශපාලන අවශ්‍යතා ඉටු කර ගැනීමේ අරමුණින් ආගමික අන්තවාදයන් ඇති කොට එකිනෙකා කෙටවීමයි. නැති ප්‍රශ්න නිර්මාණය කිරීමයි. එබැවින් පසුගිය කාල වකවානුව පුරාවට මෙරට පැවැති ජාතිවාදී ආගම්වාදී සහ වර්ගවාදී ගැටුම් නිසා එකිනෙකා දෙස බැලූවේ වෛරීසහගත ත්‍රස්තවාදී දෘෂ්ටියකිනි. එහි පුපුරා යාම සිදු වූයේ මෙම අවුරුද්දේ අප්‍රේල් විසි එක් වෙනිදා යම් ඉස්ලාම් ආගමික අන්තවාදීන් පිරිසක් විසින් එල්ල කළ පාස්කු ප්‍රහාරයත් සමගයි . මෙයට වග කිවයුත්තෝ කවරහු ද..? මෙහි පසුබිම සම්පූර්ණයෙන් ම නිර්මාණය කරන ලද්දේ ව්‍යාජ දේශප්‍රේමීන් විසින් යැයි අප මොහොතකටවත් බුද්ධිමත්ව සිතුවේ ද..?

පාස්කු ප්‍රහාරය එල්ල වී මාස හයක් ගත වන මේ මොහොත වන විට ඇතැම් අන්තවාදී නූගත් දුෂ්ට දුර්දාන්ත දේශපාලන(අ)ඥයන් විසින් නැවත නැවතත් එම මාතෘකාව කරලියට ගෙන එමින් ඒ සිද්ධිය හරහා ස්වකීය පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට කේජු කෑල්ලට රහ වැටුණු හිවලූන් පිරිසක් සේ කෙල හලමින් තප්පුලමින් සිටී. එසේ ම මෙම සිදු වීම බල ලෝභී කෑදර දේශපාලන(අ)ඥයන්ට කල දුටු කල වල ඉහ ගැනීමකි. අහෝ මෙවන් ඛේදයක්. අද ඔවුන්ගේ දේශපාලන වේදිකාව වෛරී සහගත ප්‍රකාශනවලින්  පිරී ඉතිරී ගොස් හමාරය. එසේ ම ඒවාට ඔවුන් විසින් ම නිර්මාණය කරන ලද අන්තවාදී ආගමික කල්ලි ද උඩ ගෙඩි සපයමින් සිටී. ඔවුන් හැමදාමත් කළේ ඇවිලෙන ගින්නට පිදුරු දැමීම සහ ජාතිවාදය නම් ඉහඳ රටේ අස්සක් මුල්ලක් නෑර පැතිර වීමයි. ඔවුන් මේ සඳහා (අ)ප්‍රසිද්ධ රැස්වීම්, සමාජ ජාලා සහ ඇතැම් පෞද්ගලික රූපවාහීනි නාලිකා ද යොදාගනිමින් (අ)ප්‍රසිද්ධියේ ම ජාතිවාදය පතුරමින් සිටී. අපේ රටේ ලොකු කුඩා බොහෝ දෙනෙකු විසින් ම සමාජ ජාලා භාවිතා කරනු ලැඛෙත්. නමුත් බොහෝ දෙනෙක්  කරන්නේ වෛරීසහගත අන්තවාදී ප්‍රකාශයන්ය. ඒවායේ පවතින සත්‍යය හෝ අසත්‍යය බව ගැන මොහොතකටවත් නොසිතයි.

එයින් අපට වැටහෙන්නේ ඉහත කී ඊනියා දේශප්‍රේමීන්ගේ මෙහෙයුම සාර්ථක වී ඇති ආකාරයක්ය. ඒවායේ දැක්වෙන පොදු කාරණය වන්නේ අනෙක් ජාතීන් විසින් සිංහල බෞද්ධ ජාතිය සැලසුම් සහගතව විනාශ කරන බවයි. මේවායේ අර්ධ සත්‍යයන් තිබිය හැකිය. නමුත් අප බුද්ධිමත්ව තේරුම් ගත යුත්තක් ඇත. අපව වඳකරන්නට හෝ විනාශ කරන්නට වෙන ජාතීන් අවශ්‍ය වන්නේ නැත. සිංහල බෞද්ධයන් විනාශ වී යන්නේ අපේම මෝඩ වැඩ නිසාය යන්න ඔබ මොහොතක් සිතුවේ ද..? අපගේ සිංහල බෞද්ධ අනන්‍යතාව රැක ගත යුත්තේ අප විසින් මිස අන්‍ය ජාතීන් විසින් නොවේ. මෙය කදිමට ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන් විසින් සහ පූජනීය ගංගොඩවිල සෝම හිමියන් විසින් මීට දශක කිහිපයකට කලින් පහදා දුන්න ද සිංහල බෞද්ධ අපි ඒ ගැන අබමල් රේණුවක්වත් තැකුවේ නැත. අන්‍ය ජාතීන් විසින් අපව විනාශ කරනවා යන්න ඊනියා දේශප්‍රේමීන්ගේ සහ ඊනියා ආගමිකයන්ගේ ප්‍රලාප පමණි. එයත් තවත් එක්තරා දෘෂ්ටියක් පමණි.

අප සියළු දෙනාම ඔවුන්ගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් තිබේ. ඊනියා දේශප්‍රේමීන් අපේ රටට සිදු කළ ඇත්තේ කුමක් ද යන්න අප සියළු දෙනාම ඔවුන්ගෙන් සහ අපෙන් ම ඇසිය යුතු ප්‍රශ්නයකි. ඔවුන් සිදු කළේ අපව තව තවත් වලපල්ලට ඇද තල්ලූ කර දැමීමක් පමණි. ඔවුන් නඩත්තු වන්නේ ද භඨධ හරහා බව මොහොතක් ඔබ සිතුවේ ද..? දේශප්‍රේමිත්වයේ තරම ඔවුන්ගේ මුහුණින්, වචනයෙන් සහ ක්‍රියා කලාපයෙන් ම අපට පැහැදිලි කර ගත හැකිය. කරුණාව, දයාව, මෛත්‍රිය, ඉවසීම, අනෙකාට සවන් දීම, අනෙකාව තේරුම් ගැනීම, අනෙකාට ගරු කිරීම යන මනුෂ්‍ය ගුණ ධර්ම නැති කල කවර නම් දේශප්‍රේමිත්වයක් ද..? එබැවින් මේ කාලය පැමිණ ඇත්තේ ඊනියා දේශප්‍රේමීන්ගේ සහ ඊනියා ආගමිකයන්ගේ නොමනා ක්‍රියාකලාපයන් නිසා නොමග ගොස් ඇති ජාතිය නැවත නිවැරදි මගට ගැනීමේ සුදුසු ම කාලයටයි. ඒ සඳහා තරුණ වැඩිහිටි ඔබ මේ මොහොතේ ගන්නා තීරණය ඉතා වැදගත්ය. බුද්ධිමත්ව සිතන්න. අප එක්ව ඉදිරියට යා යුතුය. ඛෙදී ගියොත් රට යයි සුන් වී. සිතන්න මොහොතක් ඒ ගැන.

එමනිසා ඊනියා දේශප්‍රේමින්ගේ උගුලට හසුව ඇති අපේ බාල සහ තරුණ පරම්පරාව බේරා ගැනීමට සුදුසු ම කාලය එළඹ ඇත. ඒ සඳහා අප පෙළ ගැසිය යුතුය. මතවාදිව සටන් කළ යුතුය. අනෙකාව දැනුවත් කළ යුතුය. අනෙකාට කියාදිය යුතුය. අපට ඉදිරියට අවශ්‍ය වන්නේ සිංහල බෞද්ධයා පමණක් දිනවන නායකත්වයක් නොව සිංහල බෞද්ධයා ඇතුළු සෙසු ජාතීන් ද දිනවීමට හැකි ශක්තිමත් නායකත්වයක්ය. නැතිනම් අපේ ශ්‍රී ලංකාව ලෝකයේ කොදෙව්වක් හෙවත් අරාජික රාජ්‍යයක් බවට ම පත්වන්නේමය. මේ සඳහා එක්ව ඉදිරියට යමු. නමුත් මේ මොහොත වන විට දේශපාලන වේදිකාව ජාතිවාදී ගින්නෙන් ඇවිලෙමින් තිබේ. මේ මර උගුලෙන් අපේ රට සහ අපේ මතු පරම්පරාව බේරාගත යුතුය. මේ සද් කාර්ය වටා දේශයේ මුරදේවතාවන් සේ සැලකෙන භික‍ෂූන් වහන්සේලා ද, සෙසු ආගමික නායකයන් ඇතුළු සියළු ප්‍රගතිශීලි ජනතාව ද එක්ව අපේ ජාතිය වලපල්ලට යැවීමට උත්සහ දරන මිනීමරු ලේ පිපාසිත ඊනියා දේශප්‍රේමින්ගෙන් රට, ජාතිය, සමය බේරා ගැනීමට පෙළ ගැසිය යුතු කාලය පැමිණ ඇත. මේ අපට ලැබී ඇත්තේ ඊනියා දේශප්‍රේමින්ගෙන් රට, ජාතිය, සමය බේරා ගැනීමේ අවසාන අවස්ථාවයි.

ත්‍රස්තවාදයට හෝ ආගමික අන්තවාදයට අවි ආයුධ ම ගත යුතු නැත. ත්‍රස්තවාදය නැවත වරක් මෙරට තුළ ඇති වීමට (කිරීමට) දේශපාලන වේදිකාවේ කෑ මොර දෙන ඊනියා දේශප්‍රේමීන්ගේ වෛරී සහගත ප්‍රකාශයන් හොඳටෝ ම ප්‍රමාණවත්ය. ඔවුන්ගේ සෑම වචනයක් ම වෛරයෙන් පිරී ඉතිරී ගොස්ය. සුපුරුදු පරිදි එකිනෙකා ඛෙදීමටත් අන්‍ය ජාතීන් හෙලා දැකීමේ දේශපාලන මාෆියාවේ සක්‍රීයව යෙදී සිටිති. ත්‍රස්තවාදය මූලිකව ම මිනිස් හිතට ඇතුළු වන්නේ හෝ අතුළු කරන්නේ වෛරී සහගත ප්‍රකාශයන් හරහාය. එබැවින් අප තවදුරටත් සිදු කළ යුත්තේ එවැන්නක් සිදු නොවීමට වග බලා ගැනීමයි. ඇවිලෙන ගින්නට පිදුරු නොදැමීමයි. නමුත් මෙය ලේ පිපාසිතයන්ට කිසිසේත් නොවැටහේ. පුරවැසියන් ලෙස අප ඔවුන්ගෙන් පරිස්සම් වීමට සුදුසු කාලය පැමිණ ඇත. නමුත් රටේ හෝ ජාතියේ අවාසනාවකට ඔවුන් කියන ඊනියා දේශප්‍රේමී වහසි බස් ඇසීමට අපේ රටේ ඇතැම් පුරවැසියෝ ද යම් රුචිකත්වයත් දක්වති. මේ ප්‍රයත්නය වනාහි ඊනියා දේශප්‍රේමීන්ගෙන් රට බේරා ගැනීමට උඩු ගං බලා පීනා යාමකි (පටිසෝතගාමි).

අද අප සිටින්නේ ශ්‍රී ලාංකේය දේශපාලනයේ ඉතාමත් වැදගත් සන‍ධිස්ථානයක ය. එනම් සැබෑ දේශප්‍රේමිත්වය සහ ඊනියා දේශප්‍රේමිත්වය අතර පවත්නා ද්වන්ද සටන තුළය. ඊනියා වහසි බස් දොඩන දේශප්‍රේමීන්ගෙන් රට බේරා ගැනීමේ අවසන් සටනේය. ඊනියා දේශප්‍රේමීන් මේ රටට සිදු කළේ කුමක් ද යන්න අප බුද්ධිමත්ව සිතා බැලිය යුතුය. මොවුන් විසින් සිදු කළේ ජාතීන් අතර භේද භින්න ඇති කොට එකිනෙකාව වෙන් කිරීම සහ කොන් කිරීම පමණයි. දූෂිත දේශපාලන(අ)ඥයාගේ අවිය වන්නේ ඊනියා දේශප්‍රේමිත්වය සහ ඊනියා ආගමිකත්වයයි. ඔවුන්ට ප්‍රතිපත්ති නොමැත. ඔවුහු නූගතුන් ම වෙති. අනුන්ව හෙළා දැකීම හැර වෙන කිසිවක් ඔවුනට කර ගත නොහැකිය. තමන්ගේ නොහැකියාව අනුන් පිට යවති. පරාධීන බව එමටය. කිසිවිටෙක ස්වාධීන නැත. නමුත් අහිංසක මිනිස් හදවත්වලට වෛරය සහ ජාතිවාදය ඇතුළත් කිරීමට උපන් හපන්කම්  ඇත්තෝය.  

 මෙය වෙන කිසිවක් නිසා නොව දේශපාලන බන්කොලොත්භාවය නිසයි. එබැවින් සටන දියත් වී ඇත්තේ බොරු කපටි දුර්දාන්ත අශිෂ්ට ඊනියා දේශප්‍රේමිත්වයෙන් සහ වර්ගවාදි ගෝත්‍රවාදි ආගමික ජාතිවාදි අන්තවාදයෙන් අපගේ මාතෘභූමිය බේරා ගැනීිමේ අසීරූ අවස්ථාවකය. මෙය සම්පූර්ණයෙන් ම බුද්ධිමය සටනකි. ශිෂ්ටත්වය සහ අශිෂ්ටත්වය තෝරා ගැනීමේ සටනකි. කෙටියෙන් මෙය වටහාගන්නේ නම් ඊනියා දේශප්‍රේමිත්වය සහ ඊනියා ආගමිකවාදය නිසා ජාතිය ගොඩනැගීමේ අපහසු දුෂ්කර අවස්ථාවයි. පසුගිය දශක කිහිපය තුළ මෙරට සිදු වූ ඇතැම් මුග්ධ දේශපාලන(අ)ඥයන්ගේ සහ ආගමික අන්තවාදීන්ගේ ක්‍රියාකලාපයන් නිසා  ලාංකික අප සැවොම විශාල ලෙස බැට කෑහ. තවමත් අපට ඒ තත්ත්වයෙන් ගොඩ ඒමට හැකියාවක් ලැබී නොමැත. එසේ ම රට ජාත්‍යන්තර වශයෙන් දැඩි අපකීර්තියට ලක්විය. හෑල්ලූ විය. මේවා සිදු කළ හැක්කේ ඊනියා දේශප්‍රේමීන්ට හැර වෙන කිසිවෙකුට නොවේ. මේවා ඔවුන් අපට අත්කර දුන් වටිනා දායාදයන්ය.

අතීත ශ්‍රී ලංකාව දෙස ආපසු හැරී බැලීමේ දී පෙනී යන්නේ ආර්ථීක සහ දේශපාලන ස්ථාවරය අතින් අපි කොතරම් ලොව අනෙකුත් රාජ්‍යයන්ට සාපේක‍ෂව ඉදිරියෙන් සිටියේ ද යන්න යි. අප රට තුළ ධාර්මිෂ්ඨ පාලන තන්ත්‍රයක් අතීතයේ පවත්වා ගැනීමට එකල සිටි රජදරුවෝ යුහුසුලූ ව කටයුතු කළ ආකාරයයි. නමුත් ඊනියා දේශප්‍රේමීන් සහ ආගමික අන්තවාදීන් යන සියළු දෙනා එකතුව මේ තත්ත්වයන් විනාශ කොට ජාතීන් අතර වෛරය ගොඩනැගීය. මේ තත්ත්වය නැවතත් මේ රට තුළ  ක්‍රියාත්මක  කිරීමට මොවුහු මානබලමින් කුරුමානන් අල්ලමින් සිටිති. එමනිසා මොවුන්ව මතවාදීමය වශයෙන් අනිවාර්යයයෙන් ම පරාජයට පත්කළ යුතුමය. එසේ නොවුනහොත් අපට රටක් සහ ජාතියක් ලෙස තම අනන්‍යතාව ආරක‍ෂා කරගනිමින් ඉදිරියට යෑමට නොහැකිය. මෙම තත්ත්වය රටවැසි ලොකු කුඩා සියළු දෙනාම අවබෝධ කරගත යුතුය. රටක් ආර්ථීක-දේශපාලනික සහ සමාජ-සංස්කෘතික ලෙස ඉදිරියට යන්නේ සාමය සංහිඳියාව ඒ දේශය තුළ ඇතිවුවහොත් පමණි. වර්ගවාදය, ආගම්වාදය, ගෝත්‍රවාදය සහ ඊනියා දේශප්‍රේමිත්වය ඕනෑම රාජ්‍යයක් තුළ නිර්මාණය කරන්නේ නිරන්තර ගැටුම්ය. රට සෑම ලෙසින්ම අස්ථාවර වීම පමණයි.

දූෂිත පාලකයන් සෑමවිටම උත්සහ ගන්නේ සිංහල, දෙමළ, ඉස්ලාම්, ක්‍රිස්තියානි වශයෙන් ඛෙදා වෙන්කොට ඔවුන්ගේ දූෂිත මනෝ රාජ්‍යය ගොඩනගා ගැනීමටය. මෙහි ප්‍රතිඵලය වන්නේ සිංහල බෞද්ධ ජන සමාජයෙන් සෙසු ජන කොටස් ඈත් කිරීමත් අනෙක් ජන කොටස්වලින් සිංහල බෞද්ධ බහුතරය වෙන් කිරීමත් සමගම ජාතීවාදී ගැටලූ ඇති වී එකිනෙකා විරසක කිරීමයි. එකිනෙකා කෙරෙහි වෛරීසහගතව බැලීමයි. දෙමළ මිනිසා සහ මුස්ලිම් මිනිසා ත්‍රස්තවාදීන් ලෙසත් ක්‍රිස්තියානි මිනිසා අන්‍යාගම්කාරයෙකු ලෙසත් සිංහල බෞද්ධයා ජාතිවාදියෙකු ලෙසත් කොන්වීම මෙන්ම කොන්කිරීමත් හංවඩු ගැසීමත්ය සහ ලේබල් කිරීමත් ය. ෙමේ මොහොත වනවිටත් ඊනියා දේශප්‍රේමීන් සහ ඔවුන්ගේ සහචරයන් විසින් වේදිකාගතව මනස්කාන්ත ලෙස ජාතිවාදය ජනගත කරමින් සිටිනු ලැඛෙත්. දැනටමත් ජාතිවාදයේ ගිනි සිළු අවුලමින් රටවැසියාගේ සිත් තුළට වෛරය ඇතුළු කොට හමාරය. ඔවුන් මේ තප්පුලන්නේ ජාතිවාදයේ නමින් රාජ්‍ය බලය ඩැහැගෙන නැවතත් සුපුරුදු රංගනයේ යෙදීමටයි. මෙවන් පසුබිමක් තුළ රටේ ජාතික ආරක‍ෂාව සහ ආර්ථීක සමෘද්ධිය බලාපොරොත්තු විය හැකි ද යන්න සිය දහස් වාරයක් රට වැසියන් ලෙස තරුණ වැඩිහිටි සියළු දෙනාම සිතිය යුතුය. සක්සුදක් සේ ඔවුන්ගෙන් බලාපොරොත්තු විය හැක්කේ මේ රට තුළ වර්ගවාදී ආගම්වාදී සහ ජාතිවාදී ගැටුම් පමණි. එයින් තවදුරටත් අපගේ මාතෘභූමිය සහ මතු පරපුර අනතුරේ වැටීම පමණි.

අන්තවාදී පාලකයෙකුගෙන් සහ ඔහුගේ සහචරයන්ගෙන් බලාපොරොත්තු විය හැක්කේ අන්තවාදී දුර්දාන්ත පාලනයක් මිස ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් නොවේ. එහි නීතියේ ආධිපත්‍යය ඇතුළු කිසිදු මානව නිදහසකට නිසි ඇගයුමක් හිමි නොවේ. මාධ්‍යය නිදහස කි්‍රයාත්මක නොවේ. පාලකයාව ප්‍රශ්න කළ නොහැකිය. විවේචනය කළ නොහැකිය. ඔහු තම ජාතිය පමණක් ජීවත් විය යුතු යැයි සිතන ෆැසිස්ට්වාදියෙකි. එවන් රටක ජීවත් වන පුරවැසියා මළකඳක් හා සමානය. මෙහි ප්‍රතිඵලය නම් තව තවත් අපගේ රට අරාජික වීම මිස වෙන කිසිවක් නොවේ. බුද්ධිමත් පුරවැසියන් වන සිංහල, දෙමළ, මුස්ලිම්, කි්‍රස්තියානි සහ අනෙකුත් ජන කණ්ඩායම් ලෙස සිතිය යුත්තේ ජාතිවාදය, ආගම්වාදය, වර්ගවාදය තවදුරටත් ශිෂ්ට සම්පන්න ලෝකයා පිළිනොගන්නා බවත් ඒවාට විසිඑක් වන සියවස තුළ කිසිදු වලංගු බවක් හිමි නොවන බවත්ය. එබැවින් පුරවැසියන් ලෙස අප සැවොම එළඹ තිඛෙන්නේ එක් විය යුතු සුදුසුම අවස්ථාවටයි. අප තීරණය කළ යුත්තේ අපව එක් රොදකට මිටකට ගත හැකි පාලකයකු තෝරා ගැනීමට ද නැතහොත් රටම අන්තවාදයකට තල්ලූ කරන ඊනියා දේශප්‍රේමියකු පත් කර ගැනීමට ද යන්න වෙතයි.

 

(සුදුසු කාලය එළඹ ඇත-එක්ව ඉදිරියට යමු)

 

කථීකාචාර්ය මොරගස්වැෙවි විජිත හිමි
එක්සත් විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය.
Advertiesment