Tuesday 12th of November 2019

English Tamil
Advertiesment


රට පුරා හමන ගෝඨාගේ නිදහසේ හුස්ම


2019-10-23 3054

(සුමුදු පෙරේරා)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ක්‍රියාවලිය කාබන් සංවේදී හා පරිසර හිතකාමී අයුරින් පැවැත්වීම අරමුණු කරගෙන "නිදහසේ හුස්ම" ව්‍යාපෘතිය "වියත් මග" සංවිධානය මගින් රට පුරා දියත් කොට තිබේ.

ප්‍රචාරක රැලි හේතුවෙන් සිදු වන කාබන්ඩයොක්සයිඩ් විමෝචනය ශුන්‍ය කිරීම සහ , පරිසර හිතකාමී අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම මේ ව්‍යපෘතිය යටතේ සිදු කෙරේ.

එමෙන්ම මැතිවරණ ව්‍යාපාරය අවසානයේ ස්වාධීන ආයතනයක් මගින් කාබන් විමෝචනය ශූන්‍ය වූ බවට සහතිකයක් ලබා ගැනීමට ද "වියත් මග" සැලසුම් කර තිබේ.

මෙම වැඩ සටහනේ දෙවන පියවර ලෙස අගහරුවදා (22) කොළඹ කඩුවෙල පැවති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජන රැළියට සමගාමීව දැනුම්වත් කිරීමේ වැඩ සටහනක් සහ පැළ පන්සියයක් රෝපණය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරිණ.

කොළඹ විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානී, පරිසරවේදී මහාචාර්ය සරත් කොටගම මහතා විසින් මෙම දැනුම්වත් කිරීමේ වැඩ සටහන මෙහෙය වූ අතර, මහාචාර්ය ලක්දාස් ප්‍රනාන්දු, මහාචාර්ය හේමන්‍ති රණසිංහ සහ සමන්ත ගුණසේකර යන මහත්ම මහත්මීන්ද මෙම කර්තව්‍යයට අවැසි මග පෙන්වීම සිදු කළහ.

 

Advertiesment