Tuesday 19th of November 2019

English Tamil
Advertiesment


අපි රට බෙදුවෙත් නැහැ-අන්තවාදීන්ට ඕනෑ හැටියට නැටුවෙත් නැහැ


2019-10-20 1938

 "ඒකාධිපති රෙජීමය වගේ ත්‍රස්ත්‍රවාදීන් පෝෂණය කළෙත් නැහැ"

 

"එජාපය කිසිවෙකුගේ කොන්දේසිවලට යට වෙන්නේ නැහැ"

 

(සුජිත් මංගල ද සිල්වා)

" අපේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් විසින් ගෙනයන අසත්‍ය ප්‍රචාරයක් තමයි අපි සුළු පක්ෂවල කොන්දේසි වලට යටත්වෙලා ඡන්දය ගන්න හදනවා කියන එක. අපි 2015 බලයට එන වෙලාවෙත් කිවේවේ ඒ දේම තමයි. නමුත් මේ වනතෙක් රටට අයහපතක් වුණාද. රට බෙදුවද. අපි සුළු ජාතීන්ට ඕන විදියට නැටුවද. නැහැ. මේ කිසිදෙයක් සිදුවුණේ නැහැ. අපිට අවශ්‍ය වන්නේ ඒකීයභාවයක් පමණයි. සිංහල, ද්‍රවිඩ, මුස්ලිම්, බර්ගර්, මැලේ යන සියලු ජාතීන්ට මේ මගේ රට කියලා ආඩම්බරයෙන් ජීවත්වෙන්න පුළුවන් රටක්, බෞද්ධාගමට මුල්තැන දීලා, සෙසු ආගම් වලට සම තැන දීලා කටයුතු කරන්න පුළුවන් රටක් නිර්මාණය කරන්නයි අපට අවශ්‍ය වන්නේ. මේ අය මොන ප්‍රකාශ කළත් අපි වසර 5 ක් ආණ්ඩුව ගෙනගියා. රටෙන් එක අගලක්වත් නැතිවුණාද. වෙනත් කිසිම අලාභයක් වුනාද. මම ඉතා වගකීමෙන් කියන්නේ අපි කිසිසේත්ම කොන්දේසි වලට යටත් වෙලා වැඩ කරන්නේ නැහැ. අපිට එහෙම කරන්න අවශ්‍යත් නැහැ " යයි එක්සත් ජාතික පක්ෂ උප නායක, විදුලි බල, බල ශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා විමසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, ඉරිදා (20) පෙරවරුවේ නුගේගොඩ නාලන්දාරාම විහාරස්ථානයේ පැවති කඨින පිංකමක් වෙනුවෙන් සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න වලට පිළීතුරු දෙමිනි.

මෙහිදී වැඩිදුරටත් වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රවී කරුණානායක මහතා මෙසේ ද පැවසිය.

අපි කිසිම පක්ෂයක, කිසිම පුද්ගලයෙක්ගේ ප්‍රතිපත්තියකට එකගවෙලා නැහැ. කාගෙවත් කොන්දේසි වලට යටත් වෙලත් නැහැ. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් බලන්න පුළුවන් අපි මොනවද කරන්න යන්නේ කියලා.

ත්‍රස්තවාදි පනත අහෝසි කිරීම සම්බන්ධව අපි කතා කරලා නැහැ. ඒවා කතා කරලා ඇති වෙනත් පක්ෂවල නායකයින් සමග. ඔය කතා කරන කරුණා අම්මාන් කොහෙද ඉන්නේ. පිල්ලෙයාන් කොහෙද ඉන්නේ. කේ.පී. ඉන්නේ කොහෙද. හිස්බුල්ලා කොහෙද ඉන්නේ. එහෙමනම් ඇයි මේ අපෙන් මේ දේවල් අහන්නේ.

ලක්ෂමන් යාපා මහතා සදහන් කලා එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දෙන්න සූදානමින් ඉන්නවා කියලා. කියන්නා කෙසේ කීවත්, අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි. ඒ වගේම එතුමා කියනවා රනිල් වික්‍රමසිංහ මහතාට ඉතාමත් හිතවත් කෙනෙකුත් මේ ආකාරයෙන් පොදුජන එක්සත් පෙරමුණට සහාය දෙන්න ඉන්නවා කියලා. හැබැයි ඉතින් එයාලා ඒ ආකාරයෙන් කියද්දි අපි ඒයාලගේ කට්ටය අරගෙන ඉවරයි. අපේ පක්ෂයෙන් කිසිම කෙනෙක් ඒ ආකාරයෙන් යන්නේ නැහැ කියලා මම කියනවා. එළඹෙන ජනාධිපතිවරණයේදී අපි ජනතා විශ්වාසය තුළින් ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත්කරනවා කියන එක විශ්වාසයි යැයි පැවසීය.

 

 

 

Advertiesment