Tuesday 19th of November 2019

English Tamil
Advertiesment


සජිත් ප්‍රේමදාස දිනවා අලුත් පරම්පරාවට රට භාර දෙමු -සභා නායක-


2019-10-20 2859

 

තරුණ පරපුරේ අනාගතය "සජිත්-රනිල්" සුසංයෝගයයි

 

ජන රැල්ල කැරකැවෙන්නේ සජිත් ප්‍රේමදාස වටායි

 

(සුජිත් මංගල ද සිල්වා)

සජිත් පේ‍්‍රමදාස මහතාගේ සෑම රැළියකටම අති විශාල ජනකායක් එකට ඒකරාශීවීමෙන් එක්සත් ජාතික පෙරමුණේ ජනපතිවරණ නියත ජය මානව තහවුරු වන්නේ යැයි ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තුවේ සභා නායක අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ඔහු මේ බව සඳහන්එ කළේ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ  ජයග‍්‍රහණය වෙනුවෙන් ගම්මට්ටමේ මෙහෙයුම් කමිටු නිලධාරින් දොළොස් දහසකට අධික පිරිසක්  සදහා තනතුරු ලබාදීම නිමිත්තෙන් මහා නුවර පැවති උත්සවයකදීය.එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ලක්ෂමන් කිරිඇල්ල මහතා මෙසේද කීය.

යහ පාලන අපේ රජය 2015 පළමු කැබිනට් රැස්වීමේ සිට ඇති වු නොයෙකුත් බාධක මධ්‍යයේ රට ඉදිරියට ගෙනගියා.ජාත්‍යන්තර වශයෙන් අපේ රටට තිබූ අහිතකර යෝජනා රැසක් ඉවත් කර ගන්න අපේ රජයට හැකි වීම විශාල ජයග‍්‍රහණයක් බව කිව යුතුයි.  

රටේ මේ වන විට  මතයක් පතුරුවනවා එක්සත් ජාතික පක්ෂය බුද්ධාගමට නිසි තැන දෙන්නේ නැහැ කියලා. බුද්ධාගමට නිසි තැන දෙනවා කියන්නනේ මල් වට්ටියක් දෝතින් ගෙන පන්සල් යනවා කියන එක නෙමෙයි. බෞද්ධ ප‍්‍රතිපත්ති ආරක්ෂා කිරිමයි. අප සාමාන්‍ය ජනතාවට පහර දුන්නේ නැහැ. ජනමාධ්‍යවේදීන් ඝාතනය කළේ නැහැ.ඒ අය ඇතුළුව අපේ විරුද්ධවාදීන්  අතුරුදහන් කිරිම් කළේ නැහැ. බෞද්ධ ප‍්‍රතිපත්තිවලට අනුව නියමාකාරයෙන් රජය පාලනය කළේ අපියි. ඉතිහාසයේ රජයක් විසින් බුද්ධාගමේ අභිවෘද්ධිය වෙනුවෙන් සේවාවක් කළා නම් කළේ අපේ රජයයි. මගේ අමාත්‍යාංශයෙන් පමණක් රුපියල් කෝටි හැටක් බෞද්ධ වෙහෙර විහාර සංවර්ධනය වෙනුවෙන් වෙන්කළා.

අප මේ ජනාධිපතිවරණයට යන්නේ අලුත් පරපුරේ අලුත් අදහස් ඇති අලුත් මුහුණක් එක්ක. එතුමා ගමේ වගේම නගරයේ ජනතාවගේ හදවතේ සිටින නායකයා. සජිත් පේ‍්‍රමදාස අපේ අපේක්ෂකයා.සජිත් පේ‍්‍රමදාස ජයග‍්‍රහණය කරවනවා කියන්නේ අපේ රට අලුත් පරම්පරාවට පවරනවා කියන එකයි.

විරුද්ධ පක්ෂයේ අපේක්ෂකයාගේ යෝජනා පිළිබදව මාධ්‍යවේදින්ගේ  ප‍්‍රශ්න කළ විට ඔහු හැසිරුණු ආකාරය අපි සියලු දෙන දුටුවා. ඔහුට උත්තර නැහැ. නමුත් අපේ අපේක්ෂකයා එතුමා අවුරුදු 20ක පාර්ලිමේන්තු ඉතිහාසයේ ලැබූ අත්දැකීම් ඔස්සේ මේ රටට ඔරොත්තු දෙන ඉතා හොද වැඩ පිළිවෙළක් යෝජනා කරනවා. ඒකට අවශ්‍ය කරන ජාත්‍යන්තර සහය සහ සම්බන්ධතා ගරු අග‍්‍රමාත්‍යතුමා හරහා සජිත් පේ‍්‍රමදාස මහතාට නිරතුරුවම ලැබෙනවා. මේ සුසංයෝගය තමයි අපේ රටේ තරුණ තරුණියන්ගේ ඉදිරි අනාගතය ගොඩනගන්නේ.

Advertiesment