Tuesday 12th of November 2019

English Tamil
Advertiesment


රෝගියෙකුට ඇඳක් ලබා දෙන්න බැරි සෞඛ්‍ය සේවයක් කුමකටද..?


2019-10-16 1851

ඖෂධ ජාවාරමට තිත
(නිලන්ති මානෙල්) 

රෝගියෙකුට ඇඳක් ලබා දිය නොහැකි ජාතික සෞඛ්‍ය සේවය වෙනුවට විධිමත් සෞඛ්‍ය සේවයක් යළි ගොඩනගා නිරෝගී සම්පන්න ජාතියක් බිහි කරන්නේ යැයි ජාතික ජන බල වේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර සිටියි.

ඔහු මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය එළිදැක්වීම නිමිත්තෙන් අඟහරුවාදා (15) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති උත්සවයේදීය.එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා මෙසේද කීය. 

2018 වසරේ රජයේ රෝහල්වල බාහිර රෝගී අංශයෙන් බෙහෙත් ලබා ගත් ප‍්‍රමාණය මිලියන පනහකට ආසන්නයි. ශ්‍රී ලංකාවෙ ජනගයහනය මිලියන විස්සයි. මේ කියන්නෙ පෞද්ගලික රෝහල් හෝ වෛද්‍ය මධ්‍යස්ථාන හෝ ආයුර්වේද රෝහල්වලින් බෙහෙත් ගත්ත පිරිස ඇතුළත්ව නෙමෙයි. ඒකෙන් පේන්නෙ මොකක්ද? අපේ ජනතාව විශාල වශයෙන් රෝහල් කරා ඇදී යාමේ ප‍්‍රවණතාවයක් තියනව කියන එක නෙමෙයිද? රෝගීන් වීමම නෙමෙයි ඒකට හේතුව. ඒකට ප‍්‍රධාන හේතුවක් තමයි අපේ රටේ ප‍්‍රාථමික සෞඛ්‍ය අධ්‍යාපනය බිඳ වැටීමට ලක් වීම. ඒක නිසා අද රටේ පුරවැසියා, බෙහෙත් ගන්න ඕනෙ මොකටද කියන එකවත් දන්නෙ නැහැ.

ලෙඩරෝග වගේම, සෞඛ්‍ය අධ්‍යාපනය බිඳ වැටීම කියන්නෙත් හොඳ වෙළඳ පොලක්. ඒ වෙළඳ පොල ඇතුළෙ ඖෂධ ජාවාරමට ඉඩ හැදෙනවා. අද ලෝකයේ තියෙන ප‍්‍රධාන ජාවාරම් තුනෙන් එකක් තමයි ඖෂධ ජාවාරම. අද අපේ රටේ ජනතාවත් මේ ඖෂධ ජාවාමේ ගොදුරක් බවට පත් වෙමින් තියෙනවා. ඒ ජාවාරමෙන් රට මුදවා ගැනීම සඳහා අපි අපේ ප‍්‍රතිපත්ති සකස් කරල තියෙනවා. ඒ වගේම රෝහලෙන් එළියට ගිහින් තියෙන සෞඛ්‍ය සේවය නැවත රෝහලට ගෙන ඒමේ වගකීම අපිට තියෙනවා. ඉස්සර රෝහලක් ළඟ තිබුණෙ මිනී පෙට්ටි සාප්පුවක් නැත්නම් දෙකක්. ඒත් අද, රෝහල ළඟ තියෙන්නෙ පරීක්ෂණ මධ්‍යස්ථාන, ඖෂධ අලෙවිසල් විශාල ප‍්‍රමාණයක්. මොකක්ද ඒකෙන් තේරුම් ගන්න පුළුවන් වෙන්නෙ? ඉස්සර රෝහල් වලින් සියලුම බෙහෙත් වර්ග, සියලුම සේවාවන් ලබා දුන්නා. ඒ එකක්වත් එළියෙන් ගන්න ඕනෙ වුණේ නැහැ. මිය ගියොත් මිනී පෙට්ටිය විතරයි රෝහලෙන් දුන්නෙ නැත්තෙ. ඒත් අද වෙනකොට හැම දෙයක්ම මිල දී ගන්න වෙලා තියෙනවා. ඒක නිසයි රෝහල ළඟය අර කියපු සේවාවන්  ඇවිත් තියෙන්නෙ. ගොඩනැගිලි රෝහල ඇතුළෙ තිබුණට සේවාව තියෙන්නෙ එළියෙ.

තමන්ට තමන්ගේ සෞඛ්‍ය  වෙනුවෙන් බෙහෙත්  මිලදී ගැනීමේ හැකියාව රෝගය අනුව නෙමෙයි, තමන්ගේ වත්කමේ ප‍්‍රමාණය අනුව තීරණය කරන්න වෙලා තියෙනවා. කෙනෙකු ජීවත් වෙනවාද නැද්ද කියන එක වත්කම අනුව    තීරණය වීම කිසිසේත්ම යුක්ති සහගත නැහැ. අද රෝගීන් මිය යන්නෙ ඔවුන්ගේ රෝග සඳහා ගත හැකි සියලූ ක‍්‍රියාමාර්ග අරගෙන නෙමෙයි. ඒව කර ගන්න බැරුව. සතියට බෙහෙත් නියම කළාම දින දෙකකට බෙහෙත් අරන් යන තත්ත්වයට අද ජනතාව පත් වෙලා. පිළිකා රෝගීන් විශාල ප‍්‍රමාණයක් ඇඳේ වෙවුල වෙවුල ඉන්නව, අවශ්‍ය වෙලාවට එන්නත් ලබා ගන්න බැරුව. ඒ නිසා තමයි එළියේ තියෙන සෞඛ්‍ය සේවාව නැවත රෝහල වෙත ගෙන යාමට අපි අපේ සෞඛ්‍ය ප‍්‍රතිපත්තිය මූලිකව අවධානය යොමු කරල තියෙන්නෙ.

සෞඛ්‍ය පර්යේෂණ කියන එක අද සැලකිය යුතු මට්ටමකික් බිඳ වැටිලා. වකුගඩු රෝගය බරපතළ ව්‍යසනයක් බවට පත් වෙලා. දවසකට පහළොවත් විස්සත් අතර ප‍්‍රමාණයක් මිය යනවා වකුගඩු රෝගය නිසා. ඒත් ඒක සම්බන්ධයෙන් කිසිදු විධිමත් පරීක්ෂණයක් ක‍්‍රියාත්මක වෙන්නෙ නැහැ. ඒ වෙනුවට වරින්වර අවිධිමත්ව සිදුවෙන පර්යේෂණ පත‍්‍රිකා පදනම් කරගෙන විවිධ තීරණ ක‍්‍රියාත්මක වෙනවා. අවසානයේ රෝගියෙක් මිය ගියාට පස්සෙ ඔහුගෙ මරණයට හේතුව ලෙස සඳහන් කරන්නෙ හඳුනා නොගත් වකුගඩු රෝගයක් නිසා මරණය සිදු වූ බව. මේ විසි එක් වෙනි සියවස. රටේ මිනිස්සු මිය යනව, හේතු දනනෙ නැතුව. ලෝකයේ සමහර රට වල සෞඛ්‍ය සේවය මොන තරම් දියුණුද? දරුවෙක් අසනීප වුණාම රෝහලේ සෞඛ්‍ය පහසුකම් විතරක් නෙමෙයි අධ්‍යාපනය ලබන්නත් අවස්ථාව සකස් කරල දෙනව. ගුරුවරුන් රෝහලට ඇවිත් උගන්නවනවා.

ඒත් අපේ රටේ තත්ත්වය එහෙමද? මාස දෙකක් රෝහලේ ඉන්න වුණොත් ඒ ඉන්න වෙන්නෙත් බංකුවක් උඩ. එහෙම නැත්තම් බිම, ඇඳක් යට. ලෙඩෙකුට ඇඳක් දෙන්න බැරි සෞඛ්‍ය සේවක් අපිට අද ඉතිරි කරල තියෙනවා.මේ විදිහට කඩා ගෙන වැටිල තියෙන සෞඛ්‍ය සේවය නැවත නගා සිටුවීමත්, ඒ තුළින් නිරෝගී සම්පන්න ජාතියක් ගොඩ නැගීමත් අරමුණ කරගෙන තමයි මේ සෞඛ්‍ය ප‍්‍රතිපත්තිය සකස් කරල තියෙන්නෙ.

සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා

අද වෙනකොට රාජ්‍ය සෞඛ්‍ය සේවාව තුළ අවශ්‍ය ඉල්ලූම සපයන්නට සේවාව අසමත් වෙලා. ඒ නිසා පහුතරයක් ජනතාවටත් තමන්ගෙ සෞඛ්‍ය සේවා සපයා ගන්න පෞද්ගලික අංශය වෙත යන්න වෙලා. අනෙක් පැත්තෙන් ප‍්‍රජා සෞඛ්‍ය සහ සෞඛ්‍යසම්පන්න ජීවිතයක් සම්බන්ධයෙන් රජයේ වගකීම ගිලිහෙමින් තියෙනවා. ජනතාවට නිසි පෝෂණයක් ලැබීම සම්බන්ධයෙන් වගකීමක් නැහැ. නිසි පෝෂණයකට අවශ්‍ය ආහාර රට තුළ නිෂ්පාදනය වෙන්නෙ නැහැ. රටේ අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය විතරක් නෙමෙයි ක‍්‍රීඩාවටත් සෞඛ්‍ය තත්ත්වය කියන එක බලපානව. ඒ වගේම ඒ හැම එකක් ගැනම තියෙන අවධානය සහ ජනතාවට ඒ අවශ්‍යතා සපුරා ගැනීමට තියෙන හැකියාව මත සෞඛ්‍ය තත්ත්වය තීරණය වෙනව. අද මේ හැම එකකින්ම අපි අසමත්. ඒ වගේම හදිසි අනතුරු, රෝගාබාධ නිසා විශාල ජනතාවක් දෛනිකව මිය යනව. ඒ අතුරින් විශාල ප‍්‍රමාණයක් නිසි සෞඛ්‍ය සේවාවක් තියෙනවනම් ජීවත් කරවිය හැකි අය. රටක එහෙම තත්ත්වයක් ඇති වෙන්න බැහැ. එක්සත් ජාතීන්ගේ විශ්ව ප‍්‍රකාශ්‍යනයේ සෞඛ්‍ය පහසුකම් ලැබීම කියන එක මූලික අයිතියක් විදිහට පිළි අරගෙන තියෙනව. ඒත් අපේ රටේ සෞඛ්‍ය කියන එක මූලික අයිතියක් විදිහට පිළි අරගෙන නැහැ. දැනට අපි ඉන්නෙ එවැනි තත්ත්වයක. ඒ තත්ත්වයන් සියල්ල සැලකිල්ලට අරගෙන තමයි ජාතික ජනබලවේගය විදිහට අපි අපේ සෞඛ්‍ය ප‍්‍රතිපත්තිය සකස් කරල තියෙන්නෙ.

ජාතික විද්වත් සභාවේ සෞඛ්‍ය කමිටු සභාපති, රාගම වෛද්‍ය පීඨයේ ප‍්‍රජා සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ක‍්‍රිශාන්ත අබේසේන

මේ වෙනකොට රෝගීන් පිළිබඳ ප‍්‍රඥප්තියක් ගැන අවුරුදු ගාණක් පුරා කතා වෙමින් තියෙනවා. ඒක් ක‍්‍රියාවට නගන්නෙ නැහැ. අපි ඒ ප‍්‍රඥප්තිය ක‍්‍රියාවට නගනවා විතරක් නෙමෙයි, රෝගීන්ගේ අයිතිවාසිකම් පිළිබඳ පනතක් සම්මත කරල ක‍්‍රියාවට නගන්නත් අපි බලාපොරොත්තු වෙනවා. අද වෙනකොට සෞඛ්‍යයට වියදම් කරන ප‍්‍රමාණය සියයට දෙකකටත් අඩුයි. ඒක සියයට පහ දක්වා වැඩි කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි ජාතික සෞඛ්‍ය කාර්යාංශයක් ඇති කරනවා. ඒකට හේතුව තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයට විතරක් රටක සෞඛ්‍ය ක‍්‍රියාවලිය තනිවම කරන්න හැකියාවක් නැති වීම. අනෙකුත් අමාත්‍යාංශ, රාජ්‍ය ආයතනය සහ සේවාවන් සියල්ලත්, ප‍්‍රජාවත් මේ ක‍්‍රියාවලියට සම්බන්ධ කර ගත යුතුයි. ඒ සඳහා හොඳ සම්බන්ධීකරණයක් අවශ්‍යයි. ඒ වගේම දැනට තියෙන සෞඛ්‍ය ක‍්‍රම සියල්ල, ඒ කියන්නෙ බටහිර වෛද්‍ය ක‍්‍රමය, සිද්ධ ආයුර්වේදය, යුනානි වෛද්‍ය ක‍්‍රමය ඇතුළු සියල්ලම එක අමාත්‍යාංශයක් යටතට ගේන්නත්, සියල්ලම එකම සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන් මෙහෙයවන්නත් අපි බලාපොරාත්තු වෙනවා. ඒ විතරක් නෙමෙයි දැනට තියෙන සියලූම සේවාවන් තවත් පුළුල් කරන්නත් අපි කටයුතු කරනවා. ඒ වෙනුවෙන් සැලසුමක් අපිට තියෙනවා.

Advertiesment