Friday 14th of August 2020

English Tamil
Advertiesment


විශ්‍රාම යාමෙන් පසුවත් නිල නිවස ජනපතිටම


2019-10-16 4314

ආරක්ෂාවට විශේෂ කාර්ය බලකාය
 
කැබිනට්ටුව තීරණය කරයි 
 
යෝජනාව මුදල් ඇමතිගෙන් 

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පදිංචිව සිටින කොළඹ 07, මහගමසේකර මාවතේ පිහිටි ජනපති නිල නිවස ඔහු විශ‍්‍රාම ගැනීමෙන් පසුව ඔහුටම ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ අඟහරුවාදා (15) පැවති කැබිනට් රැස්වීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින්ඊට අදාළව ඉදිරිපත් කරනු ලැබූ සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
 
විශ‍්‍රාමික ජනාධිපතිවරයෙකුට ව්‍යවස්ථානුකූලව ලබාදිය යුතු සියලු වරප‍්‍රසාදවලට අමතරව මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ආරක්‍ෂාව සදහා විශේෂ  කාර්ය බලකාය ලබාදීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.කැබිනට් මණ්ඩලය එම තීරණය ගෙන තිබෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සදහා විශාල වැඩ කොටසක් කර ඇති බැවින් ඔහුට ඉදිරියේදී මරණීය තර්ජන පවා එල්ල විය හැකි තත්ත්වය හමුවේය. 

මේ අතර විදේශ කටයුතු ඇමති තිලක් මාරපන මහතා අදහස් දක්වමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියටද විශේෂ  කාර්ය බලකායේ ආරක්‍ෂාව ලබාදිය යුතු බව යෝජනා කර ඇත.ඊට පිළිතුරු ලබා දෙමින් මුදල් ඇමති මංගල සමරවීර මහතා සඳහන් කර ඇත්තේ මෛත‍්‍රීපාල සිරිසේන මහතාට  විශේෂ  කාර්ය බලකායේ ආරක්‍ෂාව ලබාදෙන්නේ ඔහු මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමට කටයුතු කිරීම හේතුවෙන් ඔහුට දැඩි ආරක්‍ෂාවක් අවශ්‍ය නිසා බවය. 

Advertiesment