Thursday 25th of April 2024

English Tamil
Advertiesment


පුපුරණ ද්‍රව්‍ය සමඟ හිටපු LTTE සාමාජිකයෙකු එක්ක කතුන් දෙදෙනෙකු අත්අඩංගුවට


2019-10-16 7805

ටී 56 ගිනි අවි 2ක් සහ උණ්ඩ තොගයක් සමග එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සාමාජිකයෙකු සේරුනුවර කිලිවෙඩ්ඩි පාලම  අසල දි  අත්අඩංගුවට ගෙන තිබේ.මෙම සැකකරු සේරුනුවර යුද හමුදා කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගත්  බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කර සිටියි.

සැකකරු අත් අඩංගුවට ගැනීමෙන් පසු පොලිසියට භාර දි ඇති අතර පසුව ඔහුගේ නිවාස පරීකෂා කිරීමේදී විවිධ වර්ගයේ අත් බෝම්බ 05ක්,මිලි මීටර් 09 වර්ගයේ උණ්ඩ 62ක් ,මිලි මීටර් 07 වර්ගයේ උණ්ඩ 09ක්,ටී 56 උණ්ඩ154ක් සහ  ඩෙටනේටර් 62ක් ද සොයා ගෙන තිබේ.

තව ද පොලීසිය පැවසුවේ සීෆෝ වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කුඩා ප්‍රමාණයක්, එම්.ජී.එම්. සජීව උණ්ඩ 5ක්, දුර දක්නයක්, ඩෙට් කෝඩ් 2ක්,  මෙන්ම පිහි ඇතුළු උපකරණ තොගයක් සොයා  ගෙන ඇති බවයි.මිට අමතරව ජි.පී.එස්. උපකරණයක්, කැමරාවක්, ලැප්ටොප් පරිගණකයක්, ඩොංගල් එකක්, ජංගම දුරකථන 4ක්, හිටපු එල්.ටි.ටි.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඡායාරූපය සහිත ටි ෂර්ට් 4ක්, කළු මුහුණ ආවරණයක් ද  සොයා ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරු හිටපු එල්.ටි.ටි.ඊ. සාමාජිකයෙකු වන බවට හඳුනා ගෙන ඇති අතර එම නිවසේ පදිංචිව සිටි සැකකරුගේ බිරිඳ සහ සහෝදරියක් ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට භාරදීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

 

Advertiesment