Sunday 19th of January 2020

English Tamil
Advertiesment


ආර් ප්‍රේමදාසගේ වාර්තාවත් සජිත් ප්‍රේමදාස බිඳ හෙළයි


2019-10-12 8254

රට පුරා ජන රැළි 150ක් ඇමතීමට යයි 

 

එජාප මැතිවරණ ඉතිහාසයේ වැඩිම ජන රැළි ප්‍රමාණයලු 

 

(සුජිත් මංගල ද සිල්වා)

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සිය ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී රට පුරා යමින් ජාතික මට්ටමේ ජන රැළි 150 ක් ආමන්ත්‍රණය කිරීමට සූදානමින් සිටියි.

කොළඹ ගාලු මුව දොර පිටියෙන් බ්‍රහස්පතින්දා (10) ආරම්භ වූ එම ජාතික ජන රැළි මාලාව 2019 නොවැම්බර් මස 13 වෙනිදා කොළඹ, මරදාන මැද කොළඹ ආසනයේ පැවැත්වෙන අවසන් මහා ජන රැළියෙන් අවසන් වනු ඇත.

එක්සත් ජාතික පක්ෂය මැතිවරණ ඉතිහාසයේ ජාතික මට්ටමේ වැඩිම ජන රැළි රැස්වීම් ප්‍රමාණය වු ජන රැළි 141ක් ආමන්ත්‍රණය කර ඇත්තේ දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා වන අතර ඒ 1989 ජනාධිපතිවරණ ව්‍යාපාරයේදීය.

එක්සත් ජාතික පක්ෂ මැතිවරණ ඉතිහාසයේ වැඩිම ජන රැළි ප්‍රමාණයක් ආමන්ත්‍රණය කරමින් ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා තබා තිබූ වාර්තාව සිය පුත්‍රයා වන එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා 2019 දී මෙසේ බිඳ හෙළීම ඉතිහාස ගත වන සිද්ධියක් බව සජිත් ප්‍රේමදාසගේ ජනාධිපතිවරණ මෙහෙයුම් අධ්‍යක්ෂක සුදත් චන්ද්‍රසේකර මහතා "lankanewsweek" සමග පැවසීය.

රණසිංහ ප්‍රේමදාස මහතා 1989 පැවති ජනාධිපතිවරණයේදී ජන රැළි 141 ක් ද, රනිල් වික්‍රමසිංහ මහතා 1999 ජනාධිපතිවරණයේදි ජන රැළි 110 ක් ද, 2010 ජනාධිපතිවරණයේ දි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සෙකා මහතා ජන රැළි 105ක් ද, 2015 ජනාධිපතිවරණයේ දි මෛත්‍රිපාල සිරිසේන මහතා ජන රැළි 100ක් ද වශයෙන් ජාතික මට්ටමේ ජන රැළි අමතා ඇති අතර සජිත් ප්‍රේමදාස මහතා 2019 ජනාධිපතිවරණය සදහා ජන රැළි 150 ක් මෙසේ ඇමතීම නව වාර්තාවක් වනු ඇති බව, 1999 සිට එක්සත් ජාතික පක්ෂයේ ජාතික මට්ටමේ ප්‍රධාන රැළි සංවිධානය කළ සුදත් චන්ද්‍රසේකර මහතා වැඩි දුරටත් පැවසීය

 

Advertiesment