Monday 21st of September 2020

English Tamil
Advertiesment


ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම


2019-10-11 18985

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම අද (11) උදැසන 7.00 ට ආරම්භ වූ අතර මධ්‍යස්ථාන 47කදි පස්වරු 4.00 දක්වා  පැවැත්වීමට නියමිතය.

ඡන්දය ප්‍රකාශ කිරිඋමට සුදුසුමක් ලබා ඇති මුළු ඡන්ද දායකයින් ගණන පනස් තුන්දහස් තුන්සිය අසු හතරක් වන අතර මෙ ඡන්ද විමසීම සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 05කින් අපේක්ෂකයින් 155ක් ඉදිරිපත් වි සිටිති.මෙ අතරින් 28 දෙනෙකු සභිකයින් ලෙස තේරී පත් වීමට නියමිතව ඇත. 

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව පිළිගත් හැඳුනුම් පතක් ඉදිරිපත් කළ යුතුය. මෙම ඡන්ද විමසීමේ රාජකාරි කටයුතු සඳහා  800 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් යොදවා ඇත.

අද දහවල් වන විට සියයට පනහක් පමණ ඡන්දය ප්‍රකාශ කර ඇති අතර සාමකාමී මැතිවරණයක් පැවැත්වෙන බව ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා ප්‍රකාශ කර සිටියි. 

මෙතෙක් කිසිම මැතිවරණ නීති  උල්ලංඝනය කිරීමේ සිදුවීමක් අනාවරණය වි නොමැති අතර තමාට හිමි ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි ඉක්මනින් පැමිණෙන ලෙස ඡන්ද දායකයින්ට ඉල්ලීමක් කර සිටි. 

අවස්ථා 3 ක දී ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශ වන බවත් , පළමු අවස්ථාවේ දී ඡන්ද මධ්‍යස්ථාන 47 තුළදීම සිදුවන බවත් අනතුරුව එක් එක් මධ්‍යස්ථානයේ ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශ වන බවත් දෙවැනි පියවර වශයෙන් ප්‍රාදේශීය සභා 17 ට අදාළ ප්‍රතිඵලය ඒ ඒ කොට්ඨාශ තුළදීම ලබා දෙන බවත් තුන්වන අවස්ථාව ලෙස සමස්ත ප්‍රාදේශීය සභා ප්‍රතිඵලය නිකුත් කරනු ලබන බවත් තේරීම්  භාර නිලධාරියා කියා සිටියේය.

 

Advertiesment