Tuesday 12th of November 2019

English Tamil
Advertiesment


ජාත්‍යන්තර ත්‍රස්තවාදයෙන් රට බේරා ගැනීමේ මෙහෙයුම ෆීල්ඩ් මාර්ෂල් අරඹයි


2019-10-11 8340

ජාතික ආරක්ෂාව තහවුරුයි 

 

ජනපති සජිත්ගේ ආරක්ෂක ඇමති ෆීල්ඩ් මාර්ෂල් 

 

ගෝඨාට ඇපත් නැතිවන ලකුණු

(සුජිත් මංගල ද සිල්වා)

සිය රාජ්‍ය නායකත්වය යටතේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ සම්පුර්ණ වගකීම් සහ බලතල ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වෙත පැවරීමට එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර තිබේ. 

සජිත් ප්‍රේමදාස මහතා මේ තීරණය ගෙන තිබෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන එක්සත් ජාතික පෙරමුණේ සියලුම දේශපාලන නායකයින්ගේ විශේෂ ඉල්ලීමකට අනුවවන අතර කොළඹ ගාලු මුවදොර පිටියේදී බ්‍රහස්පතින්දා (10) පැවති සිය ජනාධිපතිවරණ ව්‍යාපාරයේ මංගල ජන රැළියේදී සජිත් ප්‍රේමදාස මහතා රට ජනතාව හමුවේ මේ බව නිල වශයෙන් නිවේදනය කලේ රැස්ව සිටි සුවහසක් ජනතාවගේ ජය ගෝෂා මධ්‍යයේය.

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වූ පසුව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ජාතික ආරක්ෂක,නීතිය සහ සාමය ඇමතිවරයා ලෙස ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පත් කිරීමට නියමිතය.

රට අභ්‍යන්තරයේ පැවති කුරිරු එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කළා සේම ශ්‍රී ලංකාව මුහුණ දි සිටින ජාත්‍යන්තර ත්‍රස්තවාදී අනතුර ද මුලින් උපුටා දැමීමට අවශ්‍ය සියලු සැලසුම් සරත් ෆොන්සේකා මහතා මේ වන විටත් සකස් කරමින් සිටියි.

ඇමරිකාවේ "සී අයි ඒ" ,ඉන්දියාවේ "රෝ" සහ රුසියාවේ "එෆ් එස් බී" යන ලොව පිළිගත් ජාත්‍යන්තර බුද්ධි සේවාවල මට්ටමට ශ්‍රී ලංකාවේ රාජ්‍ය බුද්ධි සේවය ද සම්පුර්ණයෙන්ම ප්‍රතිවියුහ ගත කරමින් නගා සිටුවීමට සැලසුම් කර ඇති සරත් ෆොන්සේකා මහතා ඊට සමගාමිව ත්‍රිවිධ හමුදාවලට සහ පොලිසයට අනුබද්ධව ඇති අනෙකුත් සියලුම බුද්ධි ඒකක ද සම්පුර්ණයෙන්ම නගා සිටුවා ඒ සියලුම බුද්ධි අංශ සීරුවෙන් තැබීමට කටයුතු යොදා තිබේ.

ජාතික ආරක්ෂාව, නිතිය සහ සාමය යන විෂයට අදාළ නව ප්‍රවණතා සම්බන්ධයෙන් ජාතික සහ ජාත්‍යන්තර ආරක්ෂක විශේෂඥයින් සමග මෙ වන විටත් සකච්ඡා ආරම්භ කර ඇති සරත් ෆොන්සේකා මහතා ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සියලුම වගකිව යුතු නිලධාරින් සමග ද සංවාදයක් ආරම්භ කර තිබේ. 

සිය ජාතික ආරක්ෂක නිතිය සහ සාමය පිළිබඳ ඇමතිවරයා ලෙස ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා නම් කිරීමට එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පියවර ගැනීමත් සමග රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තිබු සියලුම සැක සංකා දුරුව ගිය බව අවධාරණය කර සිටින මහා සංඝරත්නය සරත් ෆොන්සේකා මහතාට වගේම සජිත් ප්‍රේමදාස මහතාටත් පුර්ණ ආශීර්වාදය පළ කර සිටින බවද පෙන්වා දෙති.

 

Advertiesment