දඹදෙණි යුගයේ සිරිලක පාලනය කළ දෙවැනි පැරකුම්බා රජතුමා යටතේ දක්ෂිණ දේශය භාරව ක්‍රියා කළ ඇමතිවරයා වූයේ දේව පතිරාජ නම් වූ මතු බුදු වීමට පෙරුම් පුරන වීරවරයාණන්ය.ඔහු සිරිලක බුදු සසුන භාර ඇමතිවරයා වගේම රජුගේ අගමැතිවරයා ද විය.
මේ සමයේ බළපිටිය හෙවත් එදා වැලිතොට ලෙස හැඳින්වූ ප්‍රදේශයට පැමිණි විදේශීය හමුදාවක් සිරිලක අල්ලා ගැනීමේ ආක්‍රමණයකට පිවිසිණි.එම ආක්‍රමණය මර්දනය කිරීමේ වගකීම සහ කාර්ය භාරය දෙවැනි පැරකුම්බා රජතුමා විසින් පවරනු ලැබුවේ දේව පතිරාජ ඇමැතිවරයාටය.ඒ අනුව එතුමා හමුදා රැස් කර තර කරමින් විදේශීය ආක්‍රමණිකයන් සමග යුද වැදී එම සතුරු සේනා පරාජයට පත් කරමින් රට රැක ගත්තේ අභීත සෙන්පතියෙකු ලෙසිනි.
මේ ඓතිහාසික සටන අවසානයේදී ඊට එක්ව සටන් කළ විරෝදාර රණ විරුවන්ට ගෞරව සම්මාන පිදීමක් සිදු විය.එම සම්මාන ප්‍රදාන උත්සවය පැවතියේ දේව පතිරාජ ඇමතිවරයාගේ අශ්වාරෝහක හමුදා බල ඇණිය පිහිටුවා තිබූ වත්මන් අහුංගල්ල හෙවත් අසුන්ගල්ල ප්‍රදේශයේය.එම ඓතිහාසික උත්සවය පැවති අහුංගල්ල ප්‍රදේශයේ එම ස්ථානය වර්තමානයේ හඳුන් වන්නේ "වීරක්කොඩි පිටිය" ලෙසය.විදේශීය පර සතුරු හමුදාවන්ට එරෙහිව යුද පෙරමුණේ සිටිමින් පහර දුන් වීරෝදාර රණ විරුවන්ට එහිදී දෙවැනි පැරකුම්බා රජතුමාගේ අණින් "රණසිංහ" යන ගෞරව නාමය පුද කරනු ලැබිණ."රණසිංහ" යන ගෞරව නාමයෙන් පිදුම් ලැබූ එම රණ විරුවෝ සිය නිජබිම වූ ගාල්ල දිස්ත්‍රික්කයේ ඇහුංගල්ල සහ කොස්ගොඩ යන ප්‍රදේශ වාස භුමි කර ගෙන ජීවත් වූහ.
කොස්ගොඩ විසූ රිචර්ඩ් රණසිංහ මුදලාලි මහතා එම පරපුරෙන් පැවත එන්නෙකි.ශ්‍රී ලංකාවේ ප්‍රථම බෞද්ධ ඉංග්‍රීසි පාඨශාලාව වූ අහුංගල්ලේ රාජපක්ෂ මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඔහු කොළඹට පැමිණියේ වෙළඳාමටය.කොළඹ පදිංචි වී වෙළඳාමේ යෙදුණු ඔහු විවාහ වූයේ හොරණ,බටුවිට එන්සිනා හාමිනේ සමගය.මේ අඹු සැමි යුවළට උපන් පුත් රුවන වූයේ සිරිලක දෙවැනි විධායක ජනපති ධූරයෙන් පිදුම් ලද රණසිංහ ප්‍රේමදාස මහතාය.
රණසිංහ ප්‍රේමදාස මහතා විවාහ වූයේ ඓතිහාසික ඌව දනව්වට අයත් පවුලක උපන් හේමා වික්‍රමතුංග මෙනවිය සමගය.මේ යුවළට උපන් පළමු පුත්‍ර රත්නය වූයේ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාය.ඒ අනුව සජිත් ප්‍රේමදාස යනු වීරෝදාර පරපුරකින් පැවත එන අභීත තරුණ නායකයෙකි.ජාති මාමකයෙකි.දේශ සේවකයෙකි.
මීට අවුරුදු පනස් දෙකකට පෙර,එනම් 1967 වර්ෂයේදී උපත ලැබූ සජිත් ප්‍රේමදාස කොළඹ,ශාන්ත තෝමස් කුමර විදුහලෙන් සහ රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා උසස් අධ්‍යාපනය ලැබීම සඳහා විදේශ ගත විය.ඒ අනුව එංගලන්තයේ,ලන්ඩන් නුවර පිහිටි "මිල් හිල්"උසස් පාසලට ඇතුළු වී අධ්‍යාපනය ලැබූ සජිත් ප්‍රේමදාස එම පාසලේ සුදු ජාතික දරුවන්ගේ ශිෂ්‍ය නායකයෙකු වූ අතර 1986 වසරේදී එම පාසලේ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට ද පත් විය.පසුව එංගලන්තයේ ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් දේශපාලන විද්‍යාව පිළිබඳ උපාධිය ලැබූ සජිත් ප්‍රේමදාස විවිධ සම්මානවලින් පුද ලැබූ සරසවි සිසුවෙකු ද විය.
කුරිරු එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ගේ මරා ගෙන මැරෙන ම්ලේච්ඡ බෝම්බ ප්‍රහාරයෙන් සිය පියා වූ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ජීවිතක්ෂයට පත්වීමේ පුවත සැලවීමත් සමග යළි මව් රටට ආ සජිත් ප්‍රේමදාස මහතා සිය උසස් අධ්‍යාපන කටයුතු තව දුරටත් සිදු කිරීම පසෙක තබා පියා වෙතින් ගිළිහී ගිය අසරණ සරණ දේශපාලන ධජය සිය සුරතට ගෙන අන්ත අසරණ ජනතාව වෙනුවෙන් ජනතා සේවයට පිවිසියේ සියලු ආණ්ඩු සහ නායකයින් නොසලකා හැර තිබූ හම්බන්තොට දිස්ත්‍රික්කය මුල් කර ගනිමිනි.
ඒ අනුව 1994 එක්සත් ජාතික පක්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ලෙස පත් වූ සජිත් ප්‍රේමදාස මහතා 2000 වසරේ පැවති මහා මැතිවරණයේදී පළමු වතාවට මැති සබයට තේරී පත් විය.හම්බන්තොට වැනි දුෂ්කර දිස්ත්‍රික්වල උපත ලැබූ නායකයින් පහසු ජයග්‍රහණ සඳහා එම දිස්ත්‍රික් සහ ජනයා අතහැර සුවපහසු දිස්ත්‍රික්වලින් පාර්ලිමේන්තුවට තේරී පත්වීමට තරඟ කරද්දී,සජිත් ප්‍රේමදාස තමාට කිසිම ගැටලුවක් නොමැතිව තරඟ කර ජය ගත හැකි සිය පිය උරුමයෙන් ලැබුණු කොළඹ දිස්ත්‍රික්කයේ මැද කොළඹ ආසනය අත හැර හම්බන්තොටට පැමිණියේ දේශපාලන දුෂ්කර ක්‍රියා කොට ජය ගැනීමටය.
2001 වසරේ පැවති මහා මැතිවරණයේදී හම්බන්තොට දිසාව ජය ගෙන එක්සත් ජාතික පෙරමුණු රජයේ නියෝජ්‍ය සෞඛ්‍ය පදවියෙන්ය පිදුම් ලැබුවේ තරුණ දේශපාලන නායකයෙකු වශයෙනි.2015 දී බලයට පත් යහා පාලන ජාතික රජයේ නිවාස,ඉදිකිරීම්,සමෘද්ධි සහ සංස්කෘතික අමාත්‍ය ධූරය ලබා ජනතා සේවයට බට සජිත් ප්‍රේමදාස දුප්පතාගේ හිතවතා විය.පැවති සියලු රජයන් අතහැර තිබූ සිය පියා වූ රණසිංහ ප්‍රේමදාස මහතාගේ නිවාස විප්ලවයට යළි පණ ලබා දෙමින් උදා ගම් සංකල්පය යටතේ රට පුරා නව නිවාස ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ සජිත් ප්‍රේමදාස මෙ වන විට දේශපාලන පක්ෂ,පාට,ජාති,ආගම් සහ කුල භේදයෙන් තොරව දුගී දුප්පත් ජනයාගේ එකම නායකයා ලෙසටත් එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙසටත් කිරුළු පළදා අවසන්ය.ඒ අනුව ජනතාව ඔහු වෙත දිනෙන් දින රෝද බැඳ ගනිමින් සිටිති.
ඔහු යන යන තැන ජන ගඟය
ඔහු ගිය ගිය තැන ජන සෙතය
ඔහු සිත නීති නීති ජන හදවතය
ඔහු දිනවනු ඇත හෙට ජන මතය
Lanka Newsweek © 2023