Saturday 14th of December 2019

English Tamil
Advertiesment


MIG චෝදනා ලැබ සිටින යුක්රේන සමාගමෙන් තවත් ගුවන් යානා 3ක් ගැනීමට යයි..!


2019-10-08 13013

"Ukrinmash" සමාගම එක්ක ගනුදෙනු එපා කියා යුක්රේනයේ ආරක්ෂක අමාත්‍යාංශයත් නිවේදනය කරලා..!

 

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යුධ සමයේදී "MIG" වර්ගයේ ප්‍රහාරක ගුවන් යානා මිලදී ගත් යුක්රේනයේ "M/s Ukrinmash"  සමාගමෙන් ම  "Antonov AN 32B" වර්ගයේ  තවත් ගුවන් යානා තුනක් මිලදී ගැනීමට රජය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. 

ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයා වශයෙන් ක්‍රියා කළ වකවානුවේදී "M/s Ukrinmash" යන යුක්රේන සමාගමෙන් අදාළ "MIG" යානා මිලදී ගැනීමෙ ගනුදෙනුව සම්බන්ධයෙන් ඔහුට  සහ එම සමාගමට එරෙහිව එල්ල වි තිබෙන මහා පරිමාන දුෂණ,වංචා සහ අක්‍රමිකතාවලට අදාළව පුළුල් විමර්ශනයක් සිදුවෙමින් පවතින තත්වය හමුවේ එම සමාගමෙන් ම මෙසේ ගුවන් යානා  තුනක් මිල දි ගැනීමට රජය සුදානම් වන්නේ කිනම් පදනමක්,සම්ප්‍රදායක් සහ නීතියක් යටතේ දැයි ආරක්ෂක විශේෂඥයෝ ප්‍රශ්න කර සිටිති.

"M/s Ukrinmash" සමාගමට එල්ල වි තිබෙන චෝදනා සම්බන්ධයෙන් එම සමාගම නිවැරදිකරු බව තහවුරු වන තුරු එම සමාගම සමග ගනුදෙනු කිරීමෙන් වැලකි සිටිය යුතු බව යුක්රේනයේ ආරක්ෂක අමාත්‍යංශය ද ජාත්‍යන්තර වශයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර තිබෙන අතර යුක්රේන භාෂාවෙන් යුතු  එම නිවේදනය "lankanewsweek" ඔබගේදැන ගැනීම සඳහා පහළින් පළ කර තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මෙ ""Antonov AN 32B" වර්ගයේ ගුවන් යානා තුනක අවශ්‍යතාවය 2014 වර්ෂයේ සිට පැවැත ඇති අතර එම යානා මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් පත් 2016 වර්ෂයේ කැඳවා තිබු නමුත් එදා සිට අවුරුදු තුනක් ගත වන තුරුම එම යානා මිලදී නොගෙන හදිසියේම මෙසේ එම යානා යුක්රේනයේ "M/s Ukrinmash" සමාගමෙන් මිලදී ගැනීමට උත්සහ දැරීම ගැටලු සහගත බව පෙන්වා දෙන ආරක්ෂක විශේෂඥයෝ එම සමාගම අදාළ ගුවන් යානා සඳහා ඉදිරිපත් කර ඇති මිල ගණන් සාධාරණ නොවන බව ද පෙන්වා දෙති.

අදාළ මිල ගණන් යටතේ යුක්රේනයේ "M/s Ukrinmash" සමාගමෙන් මෙ ගුවන් යානා මිලදී ගත හොත්  එමගින් "MIG" ගනුදෙනුවට අදාළව හිටපු ආරක්ෂක ලේකම්  ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එම සමාගම  සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අනිසි සහ වක්‍රාකාර බලපෑමක් සිදු වනු ඇති අතර  මේ ගුවන් යානා මිලදී ගැනීමට අදාළව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු කැබිනට් පත්‍රිකාව මුදල් අමාත්‍යංශයේ සුපරීක්ෂණය සඳහා මේ වන විට ඉදිරිපත් කර ඇතැයි ද ඔවුහු අවධාරණය කර සිටිති.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Advertiesment