Monday 14th of October 2019

English Tamil
Advertiesment


යුද්ධය වෙනුවෙන් ජාත්‍යන්තරය මෙහෙය වූ නියමුවාගේ සහය සජිත් ප්‍රේමදාසට..!


2019-10-06 48893

"එක්සත් ජාතියක් බිහි කළ හැක්කේ සජිත් ප්‍රේමදාසට විතරයි"

 
(සුජිත් මංගල ද සිල්වා)

කුරිරු එල්ටීටීඊ ත්‍රස්ත්‍රවාදය අවසන් කිරීම සඳහා රට වෙනුවෙන් ජාත්‍යන්තරයේ සහයෝගය සහ ආශීර්වාදය දිනා ගැනීමේ යුද්ධය මෙහෙයවූ හිටපු විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා දේශපාලන තීන්දුවක් ගනිමින් ජනාධිපතිවරණයේදී සිය පුර්ණ සහයෝගය එක්සත් ජාතික පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට තීරණය කර තිබේ.

ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ රජය යටතේ ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව යටතේ සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජය යටතේ ද ප්‍රබල කැබිනට් ඇමති ධූර දැරූ රෝහිත් බෝගොල්ලාගම මහතා ජනාධිපති මෛත්‍රිපාල  මහතාගේ යහපාලන රජයය යටතේ නැගෙනහිර ආණ්ඩුකාර ධූරය ද හෙබ වී ය.

මේ සම්බන්ධයෙන් රෝහිත බෝගොල්ලාගම මහතාගෙන් "lankanewsweek" කළ විමසීමක දී ඔහු සඳහන් කලේ එක්සත් ජාතියක් ගොඩ නැගිය හැකි එකම නායකයා සජිත් ප්‍රේමදාස මහතා වන නිසා ජනාධිපතිවරණයේදී සිය පුර්ණ සහයෝගය සහ අනුග්‍රහය ඔහුට ලබා දීමට තීරණය කළ බවය.

සියලු ජාතීන්ට සහ සියලු ආගමිකයින්ට එක්සත්ව එකට එක්ව ජිවත් විය හැක්කේ සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පෙරමුණ යටතේ පමණක් බව පෙන්වා දුන් රෝහිත් බෝගොල්ලාගම මහතා රටේ උද්ගත වි තිබෙන දේශපාලන සමාජ සහ සංස්කෘතික වාතාවරණය යටතේ වගේ ම ජනතාවගේ අවශ්‍යතා අනුව ජනාධිපතිවරණයේ දි සජිත් ප්‍රේමදාස මහතාගේත් එක්සත් ජාතික පෙරමුණේත් ජයග්‍රහණය නියත යැයිද අවධාරණය කළේය.

 

Advertiesment