මාර්තු 12 ව්‍යාපාරය සහ 'එෆ්රියල්' තරුණ ජාලය සංවිධානය කළ ජනාධිපතිවරණයේ ප්රමුඛ අපේක්ෂකයන් එකම වේදිකාවකට ගෙමින් ජනතා ප්‍රශ්න සාකච්ඡා කරන වැඩසටහන සෙනසුරාදා (ඔක්තෝබර් 05) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගනයෙදී පැවැත්වුණි.
එම වැඩසටහනට ආණ්ඩු බලය හිමි එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස, ජාතික ජනතා බලවේගය ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ඇතුළු ජනාධිපතිවරණ අපේක්ෂකයන් දහ දෙනෙකු සහභාගී වී සිටියහ. ප්‍රධාන විපක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ඊට සහභාගී නොවිණි.
ජනාධිපතිවරණ නාමයෝජනා භාරදීම අවසන් වී නොමැති අවස්ථාවක පවත්වන මෙවන් සංවාද "අර්ථ ශුන්‍ය" නිසා මෙම අවස්ථාවට ගෝඨාභය රාජපක්ෂ එක්නොවූ බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා පවසයි.
කෙසේ නමුත් සෙසු අපේක්ෂකයන්ගේ සහභාගිත්වයෙන් වැඩසටහන සාර්ථකව පැවැත්වුණු බව එහි සංවිධායකයෝ කියා සිටියහ.
වැඩසටහන ආරම්භයේදීම නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් මහජන ඉල්ලීම් ඇතුළත් යෝජනාවලියක් ස්වාධීන මැතිවරණ නිරීක්ෂක සංවිධානවලට භාරදීම සිදුවිය.ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක විසි දෙකක, ගම්මාන දහසක දී 'ඒෆ්‍රියල් තරුණ ජාලය' පැවැත්වූ වැඩසටහන්වලදී මහජනතාව විසින් ඉදිරිපත් කරන ලද යෝජනා ඇතුළත් කර එම සංක්ෂිප්ත වාර්තාව සකස් කර තිබේ.
එකී යෝජනාවලියේ ඇතුළත් කාරණා සැලකිල්ලට ගෙන නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමෙහිලා ප්‍රායෝගිකව අවශ්‍ය පියවර ගනිමින් මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කරනු ඇතැයි ද, නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම උදෙසා මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ද කැපවීමෙන් සහ වඩාත් විශ්වසනීයත්වයෙන් වැඩකටයුතු සිදු කරනු ඇතැයි ද තමන් බලාපොරොත්තු වන බව එම යෝජනාවලිය භාරදෙමින් 'ඒෆ්‍රියල් තරුණ ජාලය' පැවසීය.
පොදු දේපල අයථා පරිහරණය වැළැක්වීම, පෝස්ටර් හා දැන්වීම් පුවරු ප්‍රචාරණ ව්‍යාපාරයන් අනිකුත් නීති විරෝධී ප්‍රචාරණ කටයුතු වැලැක්වීම, මාධ්‍ය අවභාවිතයන් හා වෛරී ප්‍රකාශ අවම කිරීම සහ අසත්‍ය පුවත් ප්‍රචාරණය අවම කිරීම, වගකිවයුතු සමාජ මාධ්‍ය භාවිතය, දේශපාලන පක්ෂවල මූල්‍ය භාවිතය, මැතිවරණ නිරීක්ෂක සංවිධානවල හැසිරීම, ඡන්ද අල්ලස්, ආගමික ස්ථාන සහ ආගමික පූජකවරුන් මැතිවරණ ප්‍රචාරණයට යොදා ගැනීම ගැන එම යෝජනාවලට ඇතුළත් වෙයි.
ඉන් අනතුරව ජනාධිපතිවරණයට ඉදිරිපත්වන තෝරාගත් අපේක්ෂකයන් අටදෙනෙකුට සීමිත අදහස් දැක්වීමක් සඳහා අවස්ථාව ලබාදීමක් සිදුකෙරිණි.
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බවට දැනට ප්‍රකාශ කර ඇති එකම කාන්තා අපේක්ෂිකාව වන ආචාර්ය අජන්තා පෙරේරා මෙන්ම හිටපු යුධහමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක එහිදී අදහස් දැක්වූහ.
"පරිසරය සුරැකීම, දූෂණය නැති කිරීම" තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට මුලික හේතුවක් බව ආචාර්ය අජන්තා පෙරේරා කියා සිටියාය.
හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක කියා සිටියේ, "ජාතික ආරක්ෂාවට මුල්තැන දෙමින් ජාතික සමගිය ඇතිකිරීම" තම බලාපොරොත්තුව බවය.
ජනාධිපති අපේක්ෂකයන් අටදෙනෙක් අදහස් දැක්වීමෙන් අනතුරුව මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වන ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයන් තිදෙනා වෙනුවෙන් වෙනම සැසියක් වෙන් කර තිබුණි.
එම සැසියට ජනාධිපතිධූර අපේක්ෂකයන් වන සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක සහ ගෝඨාභය රාජපක්ෂට ආරාධනා කර තිබු අතර ගෝඨාභය රාජපක්ෂ එයට සහභාගිවූ නොවූ හෙයින් සජිත් ප්‍රේමදාසගේ සහ අනුර කුමාර දිසානායකගේ සහභාගිත් වයෙන් එය පැවැත්විණි. එම සැසියේ දී ඔවුන් දෙදෙනා විවිධ මාතෘකා ඔස්සේ අදහස් දැක්වූහ.
ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස කියා සිටියේ ආර්ථිකය ගැන අදහස් දක්වමින් සාර්ව ආර්ථික විචල්‍යන් පිළිබඳ හොඳ අවබෝධයකින් නව නැඩපිළිවෙලක් යටතේ රාජ්‍ය අයිතිය සහතික කරගෙන හවුල්කාර ව්‍යාපෘති දියත් කරමින් ආර්ථික ප්‍රතිපත්තිය හසුරුවන බවය.
නිෂ්පාදන ධාරිතාව වර්ධනය කිරීම මගින් ජාතික ආදායම වැඩි කොට එයින් කොටසක් ණය ගෙවීම සඳහා වෙන් කිරීමෙන් ඊළඟ පරම්පරාවේ ණය බර නැති කිරීමට කටයුතු කරන බව සජිත් ප්‍රේමදාස සඳහන් කළේය. ඒකීය ශ්‍රී ලංකාවක් තුළ උපරිම බලය බෙදීමකින් සියලු ජනතාව ජයග්‍රහණය කරා යන දේශයක් නිර්මාණය කළ හැකි බව සජිත් ප්‍රේමදාස පවසයි.
එම අවස්ථාවේ අදහස් දැක්වූ 'ජාතික ජනබලවේගය' ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ජාතිවාදය හෝ ආගම්වාදය තම ව්‍යාපාරයේ දේශපාලන න්‍යාය පත්‍රයේ නොමැති බව අවධාරණය කළේය.
අන්තවාදීන් සමග කිසිදු දේශපාලන ගනුදෙනුවකට නොයන බවද ඔහු කියා සිටියි..ආර්ථික මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රෙය් තීරණාත්මක වෙනස්කම් සිදුකළ යුතු බවත් 'ජාතික ජනබලවේගය' ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සඳහන් කළේය.
Lanka Newsweek © 2024