Tuesday 10th of December 2019

English Tamil
Advertiesment


ගෝඨාභය රාජපක්ෂට ජනපතිවරණයට තරඟ කරන්න බැරි හේතු මෙන්න..!


2019-09-30 1856

චෝදනා බරපතළයි-සිර දඬුවම් නියතයි..!

(වික්ටර් අයිවන්)

ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පවරා තිබෙන නඩුද ගාමිනී වියන්ගොඩ සහ මහාචාර්‍ය චන්ද්‍රගුප්ත තේනුවර යන මහත්වරුන් ඔහුගේ හැදුනුම් පත් සහ ගමන් බලපත්වලට අදාළව පවරා ඇති නඩුව ද ඊට අදාළ පරීක්ෂණ වාර්තාද මම හොදින් හැදෑරූ අතර මගේ නිගමනයට අනුව නම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයකට තරග කිරීමේ අයිතියක් නොමැත.

ඔහුට තිබෙන අනෙකුත් සියලු චෝදනා බැහැර කොට හැදුනුම් පත් සහ විදේශ ගමන් බලපත්‍ර ප්‍රශ්නය පමණක් ගත්තත් ඔහු සිදු කර තිබෙන වැරදි ඉතාම බරපතළයි.ඔහු පුරවැසි නීති උල්ලංඝණය කර තිබෙනවා.ආගමන විගමන නීති උල්ලංඝණය කර තිබෙනවා.කූට ලේඛන සකස් කර තිබෙන බව පැහැදිළිව පෙනීමට තිබෙනවා.

ගෝඨාභය රාජපක්ෂ පරණ හැදුනුම් පත ලබා ගෙන තිබෙන්නේ 1976 දෙසැම්බර් 21 වනදාය.එහි අංකය "491724021V".විදේශ ගමන් බලපත් අංකය "N 5384975" ය.ඔහුට ඇමරිකන් පුරවැසි භාවය ලැබී තිබෙන්නේ 2003 ජනවාරි 31 වනදාය.

පුරවැසි නීතිය අනුව විදේශ රටක පුරවැසි භාවය ලබා ගත් පුද්ගලයෙකුගේ ශ්‍රී ලංකාවේ පුරවැසි භාවය ස්වයං ක්‍රීය ලෙස අහිමි වනවා.2005 ජනාධිපතිවරණයේදී ඔහු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන්නෙ ඇමරිකානු පුරවැසියෙකු ලෙස තාවකාලික සංචාරක වීසා බලපත්‍රයක් යටතේය.මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරයට තේරී පත්ව න්නේ 2005 නොවැම්බර 18 වන සිකුරාදාය.ගෝඨාභය රාජපක්ෂ මහතාට ද්වීත්ව පුරවැසි භාවය ලබාදී තිබෙන්නේ 2005 නොවැම්බර් 21 වන සදුදාය.

ඉතා සීග්‍රගාමි වේගයකින් එම ක්‍රියාවලිය සිදුවී තිබෙන්නේ විෂය භාර ඇමතිවරයෙකු පවා පත් නොකර තිබූ අවස්තාවකදීය.ද්වීත්ව පුරවැසි භාවය සදහා එදිරිපත් කළ අයදුම් පත්‍රයේ ගෝඨාභය රාජපක්ෂ මහතා තමා හදුන්වා ගෙන ඇත්තෙ පරිගණක ඉංජිනේරුවෙකු වශයෙනි.ඒ නිසා එම අයදුම් පත සැලකිය හැක්කේ බොරු තොරතුරු ඇතුළත් කූට ලේඛණයක් වශයෙනි.

ඔහු සිය අලුත් ජාතික හැඳුනුම් පත (194917210010)ලබා ගෙන තිබෙන්නේද 2016 වසරේදී ඇමරිකන් පුරවැසි භාවය තිබියදීය.නීතියට පටහැනිව අලුත් ජාතික හැදුනුම් පතක් ලබා ගෙන තිබියදී 2017,2018 සහ 2019 යන වර්ෂ සදහා මැතිවරණ නාම ලේඛනයේ නම ලියාපදිංචි කර තිබෙනුයේ අවලංගු පරණ ජාතික හැදුනුම් පත යොදා ගෙනය.එම ක්‍රියාවද චේතනාන්විතව කරන ලද බරපතළ වරදක් ලෙස සැලකිය හැකිය.

ගෝඨාභය රාජපක්ෂ මහතා තමාගේ ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්ත්‍රය (N192600594)ලබා ගෙන තිබෙන්නේද ඇමරිකන් පුඅරවැසි භාවය තිබියදීය.ඒ සියල්ල බරපතළ වැරදි වන අතර චේතනාන්විත්ව කර තිබෙන වැරදි වශයෙන් විනා නොදැන කරන ලද වැරදි ලෙස සැලකිය නොහැකිය.

නීතිය ක්‍රියාතමකවීමේදී ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් කුමන ප්‍රතිපත්තියක් අනුගමනය කරාවිද යන්න කිව නොහැකිය.නීතියට අනුව නම් ඔහුට ජනාධිපතිවරණයට තරග කළ නොහැකිය.ඒ බරපතළ වැරදි වෙනුවෙන් සිරදඩුවම් හිමිවීමද නොවැලැක් විය හැකිය.

 

Advertiesment