Thursday 5th of December 2019

English Tamil
Advertiesment


බියපත් මතකය සිතේ තබා ගෙන ලාහෝර් යාම..!


2019-09-27 1257

 (කසුන් ප‍්‍රබෝධ සමරවීර) 

දිනය 2009 මාර්තු 03 – ස්ථානය පාකිස්ථානයේ ලාහෝර් නුවර‘ගඩාෆි ක‍්‍රීඩාංගණය’’ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායම ක‍්‍රීඩාංගණයවෙත රැගෙන යමින් සිටි බස් රථයට නාඳුනන තුවක්කුකරුවන් 12 දෙනකුගෙන් දැවැන්ත ප‍්‍රහාරයක් එල්ල  වුණා. ප‍්‍රහාරයෙන් පාකිස්ථාන පොලිස් නිලධාරීන් 06 දෙනකු සහ සිවිල් වැසියන් 02 දෙදෙනකු ජීවිතක්ෂයට පත් වුණා.ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ක‍්‍රීඩකයින් 06දෙනෙක් කාර්ය මණ්ඩලයේ දෙදෙනෙක් සහ එක් විනිශ්චකරුවෙක් තුවාල ලැබුවා. මේ ප‍්‍රහාරයෙන් මුළු ලෝකයම කම්පනයට පත් වුණා. ඒ සමග පාකිස්ථානයේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවත් අර්බුදයටලක් වුණා.

බොහෝ රටවල් පාකිස්ථානයේ සංචාරය කිරීමෙන් වැළකුණා.මේ තත්ත්වය තුළ පසුගිය දශකයකටත් අධික කාලය පුරාම ශ‍්‍ර‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමක් පාකිස්ථානයේ සංචාරය කළේ නැහැ. ඊට ප‍්‍රධාන හේතුව වුණේ ආරක්ෂාව.පාකිස්ථානය ඉස්ලාම් අන්තවාදීන්ගේ කෙළිබිමක් බවට පත්ව තිබෙන තත්ත්වය තුළ ලෝකයේ බොහෝ රටවල් පාකිස්ථානයේ සංචාරය කරන්නේ නැහැ. ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව පාකිස්තානයේ ජාත්‍යන්තර ක්‍රිකට් තරග පැවැත්වීම මුලුමණින්ම තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කළා.එහෙත් ලාහෝර් ප්‍රහාරයෙන්  පසුව කෙසේ හෝ තම රටේ ක‍්‍රිකට් රැක ගැනීමට පාකිස්ථානය ක‍්‍රියා කළා.

ඒ අනුව සිම්බාබ්වේ පිල පමණක් එක්දින තරගාවලියකට එක්වූ අතර අනතුරුව ශ්‍රී ලංකා පිලද විස්සයි 20 තරගයකට මෙයට වසරකට පමණ පෙර එක් වුණා. පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර ඩුබායි හිදී ටෙස්ට් එක් දින  හා විස්සයි 20 ක්‍රිකට් තරගාවලියක් පවත්වා අවසන් විස්සයි 20 තරගය පමණක් පාකිස්ථානයයේ  ලාහෝර් හී ගඩාෆී ක්‍රීඩාංගණයේදී පැවැත් වුණා.එමෙන්ම ලොව දක්ෂතම ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත්  ලෝක ක්‍රිකට් පිල හා පාකිස්තානය අතර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියක්ද පාකිස්තානයේදී පැවැත්වුණා. එම ලෝක ක්‍රිකට් පිලට දකුණු අප්‍රිකාවේ ඩූ ෆ්ලෙසීස්,හසීම් අම්ලා, එංගලන්තයේ පෝල් කොලින්වුඩ්, කොදෙව් ක්‍රීඩක ඩැරන් සමී, බංග්ලාදේශයේ ටමීම් ඉක්බාල් හා ශ්‍රී ලංකාවේ තිසර පෙරේරා වැනි ක්‍රීඩකයන්  එක් වුණා.   ලාහෝර්  ප‍්‍රහාරයෙන් දශක දෙකක් ගතවන තෙක් ශ‍්‍රී ලංකාවේ ජාතික කණ්ඩායම පාකිස්ථානයේ සංචාරකට ඒක් නොවුණත් පාකිස්ථානය සමග බුබායි ඇතුළු රටවල් කිහිපයකදී මුහණට මුහුණ හමු වුණා. ඒත් පාකිස්ථාන පේ‍්‍රක්ෂකයින් බලාපොරොත්තු  වුණේ ලසිත් ඇතුළු ලෝක පූජිත ශ‍්‍රී ලංකා කණ්ඩායම යළිත් තමන්ගේ භූමිය තුළ කී‍්‍රඩා කරනු දෑසින්ම දැකබලා ගැනීමටයි. ඒ සඳහා දශක දෙකක් බලා සිටීමට ඔවුන්ට සිදු වුණා.

මේ අතර පාකිස්ථාන ක‍්‍රිකට් පාලක මණ්ඩලය සහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පාලක මණ්ඩලය මේ වසරේ සැප්තැම්බර් අග භාගයේ ඩුබායිහි පැවැත්වීමට සැලසුම්කර තිබූ ශ‍්‍රී ලංකා - පාකිස්ථාන තරගාවලිය පාකිස්ථානයේ දී පැවැත්වීමට ඇති හැකියාව ගැන සොයා බලමින් සිටියා. ඊට හේතු වුණේ ලාහෝර් ප‍්‍රහාරය සිදුවන යුගය වන විට පැවැති තත්ත්වයට වඩා වර්තමාන පාකිස්ථානය ඉස්ලාම් අන්තවාදීන්ගේ කෙළිබිමක් බවට පත්ව තිබීමයි.  මේ සාකච්ඡා පවතින අතරතුරු ‘ත‍්‍රස්තවාදයෙන් තොර රටක්’ ලෙස පුරා දශකයක් තිස්සේ සාමකාමීව පැවැති  ශ්‍රී ලංකාවේ නොසිතූ විරූ ලෙස පාස්කු ඉරිදා ප‍්‍රහාරය එල්ල වුණා. මොහොතකින් ශ‍්‍රී ලංකාව දශකයක් පුරා පවත්වා ගෙන ආ ‘සුරක්ෂිත රටක්’ යන අභිමානය බිඳ වැටුණා. යළිත් ලෝකයම ලංකාව කොන් කරද්දී  අසල්වැසි පාකිස්ථානය සුපුරුදු ලෙස තම මිත‍්‍රත්වයේ දෑත් දිගු කළා. එය ලංකාවට  ශක්තියක් මෙන්ම අසීමිත ධෛර්යයක් දවුණා.   මේ තත්ත්වය තුළ ‘එකම මල්ලට වැටී සිටින’ ශ‍්‍රී ලංකාව තම රටට ගෙන්වා ගැනීම අපහසු නොවනු ඇතැයි පාකිස්ථාන ක‍්‍රිකට් බලධාරීන් කල්පනා කළාට සැකයක් නැහැ. ‘අපේ විතරක් යෑ ජාතික ආරක්ෂාව අර්බුදයට ලක් වෙලා තියෙන්නේ. ලංකාවත් දැන් ඉස්ලාම් අන්තවාදයේ කෙළිබිමක්’ ඔවුන් සිතන්න ඇති. ඒ අනුව ඩුබායි තරගාවලිය පාකිස්ථානයේ ලාහෝර් සහ කරච්චි වෙත ගෙන යාමට පාකිස්ථාන බලධාරීන් සුක්ෂම වුණා. පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් කම්පනයට පත්ව සිටි ශ‍්‍රී ලංකාවට ගත හැකි වෙනත් විකල්පයක් තිබුණේ නැති නිසාම දෝ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පාලක මණ්ඩලය ඩුබායි තරගාවලිය ලාහෝර් - කරච්චි වෙත ගෙන යාමට අනුමැතිය ලබාදුන්නා.  

නොසිතූ අර්බුදය 

ලංකාවේ බොහෝ දෙනෙක් වගේම ලෝකය බලාපොරොත්තු වූ ආකාරයට ලංකාව ඉතාම කෙටි කාලයකින් ඉස්ලාම් අන්තවාදය සමූල ඝාතනය කරයළි ජාතික ආරක්ෂාව තහවුරු කළා. ඒ සමග පාකිස්ථාන සංචාරය පිළිබඳ යළි අවධානය යොමුවුණා. විශේෂයෙන්ම ශ‍්‍රී ලංකාවට එරෙහිව ඉස්ලාම් අන්තවාදය  කඳවුරු බැඳ ගෙන ඇති තත්ත්වයක් තුළ පාකිස්ථානය වැනි ඉස්ලාම් අන්තවාදයේ කෙළිබිමක් වෙත ශ‍්‍රී ලංකා කණ්ඩායම යැවීම ‘ගොදුර කට ළඟට ගෙන යාමක්’ ලෙස ඇතැමුන් හැඳින් වුවා.

ඒ අතර මෙය රාජ්‍ය තාන්ත‍්‍රික ගැටලූමක් දක්වා දෝලනය වන තැනට පාකිස්ථාන ක‍්‍රිකට් පරිපාලනය ගමන් කළා. ඒ සමග ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තමන්ට ගත හැකි සියලූම පියවර ගනිමින් පාකිස්ථානයට ශ‍්‍රී ලංකා කණ්ඩායම පිටත් කර  යැවීමට පිඹුරු පත් සකස් කළා.   එහි පියවරක් ලෙස ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා ඇතුළු නිලධාරීන් සිව් දෙනෙක් පාකිස්තානය බලා අගෝස්තු 06 වැනිදා පෙරවරුවේ පිටත්ව ගියා.මොහාන් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරක්‍ෂක ප්‍රධානී, විශ්‍රාමික ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල්රොෂාන් ගුණතිලක, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විදේශ ක්‍රිකට් ප්‍රධානි චන්දිම මාපටුන සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරක්‍ෂක අංශ නිලධාරී පාලිත සෙනෙවිරත්න යන මහත්වරු ඇතුළත් වුණා.ඉස්ලාම් ත‍්‍රස්තයින්ගේ ප‍්‍රහාර හා බෝම්බ පිපිරීම් පාකිස්තානයේ නිතර සිදුවන හෙයින් ශ්‍රී ලංකා ක්‍රිකට් පිල පාකිස්තානයේ සංචාරයක නිරත වුවහොත් විශේෂ ප්‍රභූ ආරක්ෂාවක් සැපයීම සම්බන්ධයෙන් සොයා බලා තත්ත්වය පරීක්ෂා කිරීමයි. මෙම සංචාරයේ අරමුණ වුණේ.  බලාපොරොත්තු වූ ආකාරයටම පාකිස්ථාන බලධාරීන් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාව තහවුරු කරනවා පමණක් නොව රාජ්‍ය නායකයෙකුට ලබා දෙන ආරක්ෂාව ශ‍්‍රී ලංකා කණ්ඩායමට ලබා දෙන බවට සහතික වුණා (මේ ආරක්ෂාව ඇතිවපාකිස්ථාන අගමැතිනී බෙනාසීර් භූතෝ ඉස්ලාම් අන්තවාදයේ ගොදුරුක් වුණා)  

ඒ අනුව පාකිස්ථානයේ ආරක්ෂාව සහිතක බවත් එය තෘප්තිමත් මට්ටමක පවතින බවත් සඳහන් කරමින් මොහාන් සිල්වා ඇතුළු පිරිස වාර්තාවක් ලබා දුන්නා. ඒ අනුවයි යළිත් වටයකින් පාකිස්ථාන සංචාරය තහවුරු වුණේ.

 ජ්‍යෙෂ්ඨයින්ගේ කැරැල්ල 

මේ සමග නොසිතූ අර්බුදයකට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය  මුහුණ දුන්නා. ඒ ලසිත් මාලිංග, දිමුත් කරුණාරත්න  ඇතුළු ජ්‍යෙෂ්ඨයින් 10 දෙනෙක් පාකිස්ථාන සංචාරයට එක්වීම ප‍්‍රතික්ෂේප කිරීමයි.  ඔවුන්ට කළ ඉල්ලීම් හා බලපෑම් හමුවේ අදාළ තීන්දුව වෙනස් කරගත නොහැකි වූ තැන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තම දෙවැනි විකල්පය ක‍්‍රියාවට නංවමින් තිසර පෙරේරාගේ නායකත්වයෙන් කණ්ඩායම නම් කළා. එහි බහුතරය නවක ක‍්‍රීඩකයින් බවට පත් වුණා. 

යළිත් බුද්ධි අංශ වාර්තා ජ්‍යෙෂ්ඨයින් තරගාවලිය  වර්ජනය කිරීම සමග යාන්තමින් ගැට ගසා ගත් ශ‍්‍රී ලංකා සංචිතය පිළිගැනීමට පාකිස්ථානය අදිමදි කරමින් සිටින අතරතුර යළිත් ‘ආරක්ෂාව පිළිබඳ අර්බුදය’ පෙරට ආවේ සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායමට පාකිස්ථානයේදී ප‍්‍රහාරයක් එල්ල විය හැකි බවට බුද්ධි අංශ වාර්තාවක් අග‍්‍රාමාත්‍ය කාර්යාලය වෙත ලැබී ඇති බව වාර්තා වීම සමගයි.

මේ සමග ඉන්දීය අමාත්‍යවරයෙක් ද ප‍්‍රබල හෙළිදරව්වක් කළා. ඒ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයින් පකිස්ථානය වර්ජනය කිරීම පිටුපස ඉන්දියාව සිටින බවට තමන්ට ක‍්‍රිකට් ක‍්‍රීඩා විචාරකයෙක් දැනුම් දුන් බවට කළ ප‍්‍රකාශයයි. පාකිස්ථාන සංචාරයට එක්වන ක‍්‍රීඩකයින්ට ඉන්දීය අයි.පී.එල් තරග ලබා නොදෙන බවට ඉන්දියාව තර්ජනය කර ඇති බව ද පාකිස්ථාන ඇමැතිවරයා කියා සිටියා. 

එහෙත් කරුණු සහිතව එකී චෝදනාව ප‍්‍රතික්ෂේප කළ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය කියා සිටියේ ඉන්දීයඅයි.පී.එල් තරගාවලිය සඳහා සහභාගී වී ඇත්තේ පාකිස්ථාන සංචාරය වර්ජනය කළ 10 දෙනාගෙන් ලසිත් මාලිංග පමණක් බවයි.  මෙකී සියලූ අර්බුද හා අභියෝග මැද පසුගිය 25 වැනිදා ශ‍්‍රී ලංකා කණ්ඩායම පාකිස්ථානය බලාපිටත් වුණා. ඔවුන්ට එහිදී මහත් හරසරින් පිළිගත් බවයි වාර්තා වන්නේ.ශ්‍රී ලංකා කණ්ඩායම කරච්චියේදී මේ මස 27-29 සහ ඔක්තෝම්බර් 2වැනිදා එක්දින තරග තුනකටත් ඔක්තෝම්බර් 5,7ලහා 9 යන දිනවල 20-20 තරග තුනකටත් සහභාගිවීමට නියමිතයි.

Advertiesment