Monday 14th of October 2019

English Tamil
Advertiesment


ලක්ෂ ගණන් කාන්තාවන් ගණිකාවන් වුයේ උන්ගේ ආසාවට ද, සමාජයේ වරදින්ද..?


2019-09-22 1168

(රසල් සී.පී. බණ්ඩාරවත්ත )

ලංකාවේ ජනගහනය කෝටි දෙක ඉක්මවා ඇත. ඉන් 50000 ත් 60000 ත් අතර කාන්තාවෝ ගණිකා වෘත්තියේ නියැලෙන බව ඔබ දන්නේද ? මේ නිල වාර්තා පමණි. නොනිල වාර්තා කොපමණ දැයි ඔබ සිතන්න. යම් රටක ඇති ආර්ථික විෂමතාවය , රටක් යහපත් අතට පෙරලීමේ හැකියාව ඇති දේශපාලනයේ නොහැකියාව ගණනය කිරීමට මේ තොරතුරු පමණටත් වඩා වැඩිය.

සෑම පැය තුනකටම වරක් ළමා හා කාන්තා අපචාරයක්මේ මේ රටේ සිදුවේ. එවැනි අපරාධයන්ට ඍජු හා වක්‍රව දේශපාලකයන් හා ඔවුන්ගේ අතවැසියන් සම්බන්ධවීම සුලභ සිදුවීමකි. පවතින ජරාජීර්ණ ක්‍රමය තුල අපේ රටේ කාන්තාව යනු වෙළඳ භාණ්ඩයකි . මිලියන 1.7 ක් වූ විදේශ ශ්‍රමිකයින්ගෙන් මිලියන 1.3 ක් කාන්තාවන් බව වාර්තාවේ . ලිංගිකව මෙන්ම ශාරිරිකවද සුරාකෑමට ලක්වන කාන්තාව වෙනුවෙන් පාලකයන් ගෙන ඇති විකල්ප ක්‍රියාමාර්ග කිසිත් නැතත් , ඉතා පහසුවෙන් කාන්තාවන් රවටා ගැනීමට නම් සමත් වී ඇත.

දුෂ්ඨ පාලකයන් දිනවීමට මානන ප්‍රධාන බලවේගය වශයෙන් අද පත්ව ඇත්තේද කාන්තාවන්ය. අවුරුදු 14 ක දැරියක් දුෂණය කල ගාල්ලේ රත්තරන් කට්ටඩි මන්තිරිවරයා උසාවියෙන් පිටවන විට පැමිණියේද කාන්තාවන්ට නායකත්වය දෙනවා යයි කියන ගීතා කුමරාසිංහලාය. මේ තමයි මේ මජර සිස්ටමයේ කර්කෂක පැතිකඩ මිතුරනි.

අසල්වැසි වැසි ඉන්දියාවේ , බංග්ලාදේශයේ , ඇෆ්ඝනිස්තානයේ කාන්තාව පත්ව තිබුනේ අප අද මුහුණ පා සිටින අභාවාචක තත්වයටය . එහෙත් කිසිදු දිනක එරට කාන්තාව නොරටුන්ට විකිණීමට පියවර නොගත්තේය. මේ රටවල් දකුණු ආසියානු කලාපයේ " ආශ්චර්ය " සිහිනෙන් හෝ නුදුටු රටවල් තුනකි. . එහෙත් එකම කාන්තාවක් හෝ වහල් වෙළඳාමට මැදපෙරදිගට දැක්කා නැත.

ඉන්දියාවේ පවතින කාන්තා හිංසනයට, දෑවැදි ප්‍රශ්න මත ඇතිවන අකටයුතුකම් වලින් මිදීමට ඇති විසඳුම ලෙස හිටපු අගමැතිවරයෙකු වූ මනමෝහන් සිං ගේ යෝජනාව වුයේ වඩා හොඳ අධ්‍යාපනයක් කාන්තාවට ලබා දීමය.ඒ වෙනුවෙන් කාන්තාවන් ඉලක්ක කරගනිමින් වෘත්තීය පුහුණු අධ්‍යාපනයක් ආරම්භ කළේය. අද එය සාර්ථක අත්දැකීමක් බවට පත් වී ඇත්තේ ඉන්දියාවේ වෘත්තීය නිපුනතාවය අතර වැඩි නියෝජනයක් කාන්තාව ලබා ගැනීමත් සමගය.

මැදපෙරදිග වැනි රටවල රෝහල් කාර්ය මණ්ඩලවල වැඩි වශයෙන් සේවය කරනු ලබන්නේ දකුණු ආසියානු කලාපයේ කාන්තාවන් වන අතර, ලාංකීය කාන්තාව 1977 සිට මේ දක්වාම නොරටුන්ගේ වලන් සේදීමට බල කර ඇත. පාලක නරුමයින්ට අවශ්‍ය වන්නේ අපේ කාන්තාවට නිසි ගෞරවය ගෙන දීම වෙනුවට ඉහතකී වෘත්තින් දෙකට දිනපතා අපේ අම්මලා අක්කලා නංගිලා තල්ලු කිරීමය. රටේ වෙනසක් නොවනතාක් මෙවැනි අවාසනාවන්ත ඉරණමකට මේ රටේ කාන්තාවන් ලක්වීම වැළක්විය නොහැක. ඒ වෙනස වෙනුවෙන් ඔබ ඉදිරියට එන්න.

 

Advertiesment