Monday 14th of October 2019

English Tamil
Advertiesment


ගෝඨා පරාජය කළ හැක්කේ පොදු අපේක්ෂකයෙකුට විතරයි..!


2019-09-21 178729

කිසිම අපේක්ෂකයෙකුට 50% ගනු බෑ..!

 

2015 යහ පාලන කඳවුර එලෙසින්ම කරළියට ආවත් 50% නැහැ..!

 

පොහොට්ටුවට 39.24%යි-ගෝඨාටත් 50% නැහැ..!

 

එජාපෙට 27.12%යි-ශ්‍රීලනිපයට 5.02%යි-ජවිපෙට 6.89%යි..!

 

ඡන්දය භාවිතා නොකරන සහ විකල්පයක් ඉල්ලන ජනතාව 18.99% දක්වා ඉහළ යයි..!

 

යහ පාලන කඳවුර කරළියට ආවත් 41.77%යි..!

 

තරුණ පරපුර ජනපතිවරණයේ තීරක බලය වෙයි..!

 

දේශපාලන නායකයින් විශාල උභතෝකෝටිකයක..!

 

දේශපාලන කරළිය කැළඹවූ ඇත්තම ඇත්ත ජන සමීක්ෂණය මෙන්න..!

 

ශ්‍රී ලංකා තරුණ පෙරමුණේ වැඩක්..! 

 

(සුජිත් මංගල ද සිල්වා)

ඉදිරි ජනාධිපතිවරණයේදී කිසිදු ජනාධිපති  අපේක්ෂකයෙකුට 50% ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් පැහැදිළි  ජයග්‍රහණයක් අත් පත් කර ගැනීමට නොහැකි බව විශේෂ ජන සමීක්ෂණයකින් පැහැදිළිව හෙළිදරව් වී තිබේ.

මේ තත්ත්වය සියලු දේශපාලන පක්ෂ මේවන විටත් තේරුම් ගෙන සිටින අතර ඒ අනුව එක්සත් ජාතික පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා  නිදහස් සන්ධානය,ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ වගේ ම එම දේශපාලන පක්ෂවල නායකයින් විශාල දේශපාලන උභතෝකෝටිකයකට මුහුණ පා සිටින අතර එම සියලු නායකයෝ      සියලු බලවේග එකට ඒකරාශී කර සියලු ජාතීන්ට සහ ආගමිකයින්ට පිළිගත හැකි පොදු අපේක්ෂකයෙකු සිය කඳවුරෙන් ඉදිරිපත් කිරීම සඳහා සිතල යුද්ධයක නිරතව සිටිති.

මුළු රට ම ආවරණය වන පරිදි  63,500 ක ජනකායක් නියැදිය ලෙස යොදා ගනිමින් 2019 අගෝස්තු මස පළමු වෙනිදා සිට 31 වෙනිදා දක්වා වූ කාල පරිච්ඡේදයේදී  මේ සමීක්ෂණය සිදු කොට තිබෙන්නේ ශ්‍රී ලංකා තරුණ පෙරමුණ,ශ්‍රී ලංකාවේ හිටපු යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්,තරුණ අපි,රට වෙනුවෙන් වූ ජාතික ව්‍යාපාරය සහ තරුණ රාජ්‍ය සේවක එකමුතුව යන සංවිධාන එකට ඒකාබද්ධවය.

මේ ජන සමීක්ෂණයට සහභාගී කරවා ගත් 63,500ක් වූ නියැදියට මහා සංඝරත්නය ප්‍රධාන සර්ව ආගමික නායකයින්, දේශපාලන පක්ෂවල සාමාජිකයින්,රාජ්‍ය සේවයේ නියුතු මාණ්ඩලික නිලධාරින්,රාජ්‍ය සේවයේ නියුතු අනෙකුත් නිලධාරින් වගේම ක්ෂේත්‍ර නිලධාරින්,ඇගලුම් ක්ෂේත්‍රයේ නියුතු අය,වතු කරයේ වගේම රටේ අනෙකුත් ප්‍රදේශවල තේ කර්මාන්තයේ නියැලෙන ජනතාව, පුද්ගලික අංශයේ නියුතු පිරිස්,පුද්ගලික අධ්‍යාපන ආයතන,ගොවින් දෛනික රැකියාවල නියුතු අය,ත්‍රි රෝද රථ රියදුරන්,බස් රථ රියදුරන්,ජනමාධ්‍යවේදීන්,සමාජ මාධ්‍ය ජාලා සාමාජිකයින් ආරක්ෂක අංශ නිලධාරින්,ව්‍යාපාරකයින්,වෘත්තීයවේදීන්,විදෙස් ශ්‍රමිකයින්,ධිවර ප්‍රජාව, උසස් අධ්‍යාපනවේදීන් සහ සමාජ ක්‍රියාකාරකයින් ඇතුළත් කර ගෙන තිබේ.

මේ පිරිස එක්සත් ජාතික පෙරමුණ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානය,ජනතා විමුක්ති පෙරමුණ සහ සුළු දේශපාලන පක්ෂ වගේම ජනපති අපේක්ෂකයින් ලෙස කරලියේ සිටින ගෝඨාභය රාජපක්ෂ,දිනේෂ් ගුණවර්ධන,සජිත් ප්‍රේමදාස,කරු ජයසූරිය,රනිල් වික්‍රමසිංහ,අනුර කුමාර දිසානායක,මෛත්‍රිපාල සිරිසේන සහ විකල්ප අපේක්ෂකයෙකු සම්බන්ධයෙන් සිය අදහස් සහ යෝජනා ඉදිරිපත් කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 39.24%ක මහ ජන ප්‍රසාදයක්   දිනා ගෙන සිටින අතර එක්සත් ජාතික පෙරමුණ 27.12%ක ජනතා ප්‍රසාදයක් හිමි කර ගෙන සිටියි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 5.02%ක ජනතා ප්‍රසාදයක් හිමි වෙද්දී ජනතා විමුක්ති පෙරමුණ 6.89%ක මහා ජන ප්‍රසාදයක් දිනා ගෙන සිටියි.සුළු දේශපාලන පක්ෂවලට ලැබී ඇත්තේ 2.74%ක ජනතා ප්‍රසාදයකි.ජනාධිපතිවරණයේදී කිසිදු අපේක්ෂකයෙකුට සිය ඡන්දය ලබා නොදෙන බව ජනතාවගෙන් 11.12%ක පිරිසක් කියා ඇති අතර විකල්ප හෝ තරුණ අපේක්ෂකයෙකු වෙනුවෙන් 7.87%ක ජනකායක් සිය කැමැත්ත පළ කර තිබේ. සියලු දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයින් කෙරෙහි තිබෙන කලකිරීම කිරීම මත ඡන්දය භාවිතා නොකරන 11.12%ක සහ විකල්ප හෝ තරුණ අපේක්ෂකයෙකු ඉල්ලා සිටින 7.87%ක පිරිස එකට එකතු කළ විට 18.99%ක මහා ජන මතයක් ජාතික මට්ටමේ ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂවලට සහ නායකයින්ට එරෙහිව ගොඩ නැගී තිබෙන අතර මේ පසුබිම මත ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාව දේශපාලනයට පිවිසෙමින් මැතිවරණ ව්‍යාපාරය සියතට ගත හොත් රටේ දේශපාලනයේ සුවිශාල පෙරළියක් සිදු වන බව එම සමීක්ෂණ වාර්තාව අවධාරණය කර සිටියි.

2015 ජනවාරි 08 පැවති ජනපතිවරණය සඳහා සංධාන ගතව තරග කළා වගේ ඉදිරි ජනාධිපතිවරණය සදහාත් එක්සත් ජාතික පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානය,ජනතා විමුක්ති පෙරමුණ සහ සුළු දේශපාලන පක්ෂ එකට එක්ව තරග කළ හොත් එම කඳවුරට 41.77%ක ඡන්ද ප්‍රතිශතයක්කට යා හැකි බව පෙන්වා දෙන එම ජන සමීක්ෂණ වාර්තාව එම කඳවුරේ සියලු පාර්ශවයන් එකට ඒකරාශී වුණත් ඒ අයට 50%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකි වීම සුවිශේෂී තත්වයක් බව ද අවධාරණය කර සිටියි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ එම පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කළ හැක්කේ 2015 ජනාධිපතිවරණයේ දී වගේම මේ ජනාධිපතිවරණයේදිත් එක්සත් ජාතික පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජාතික පෙරමුණ,ජනතා විමුක්ති පෙරමුණ සහ සුළු දේශපාලන පක්ෂ නියත ලෙසම සන්ධාන ගත වී සියලු ජාතීන්ට වගේම, සියලු ආගමිකයින්ට පොදුවේ පිළිගත හැකි ප්‍රබල ජාතික හෝ පොදු හෝ නිර්පාක්ෂික හෝ අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට ඉදිරි පත් කළ හොත් පමණක් බව ද මෙම ජන සමීක්ෂණ වාර්තාව පැහැදිළි ලෙස ම හෙළිදරව් කර සිටියි.

මේ සමීක්ෂණයට අනුව ජනාධිපතිවරණයේ තීරණාත්මක සාධකය බවට තරුණ තරුණියන් පත්ව සිටින අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සෑම දිස්ත්‍රික්කයකින් ම වගේ සමාන ප්‍රතිචාර ලැබී ඇති නමුත් උතුරු සහ නැගෙනහිර පළාත්වලදී ඔහු පසුබා තිබේ.කෙසේ නමුත් ඒ ඒ ජනපති අපේක්ෂකයින් සම්බන්ධයෙන් ජනතාව දක්වා ඇති ප්‍රතිචාරවලට අනුව තනි අපේක්ෂකයෙකු ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා 30.36%ක ජනතා ප්‍රසාදයක් දිනා ගනිමින් සියලු අපේක්ෂකයින් අතරින් ඉදිරියෙන් ම සිටියි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සමස්ත ඡන්ද ප්‍රතිශතය 39.24%ක් වී තිබෙන්නේ එම පෙරමුණ නියෝජනය කරන වාමාංශික දේශපාලන පක්ෂවල අපේක්ෂකයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා සම්බන්ධයෙන් මේ සමීක්ෂණයේ දී ජනතාවගෙන් කරුණු විමසු විට ඔහුට තනි පුද්ගලයෙකු ලෙස ලැබී තිබුණු 8.88%ක ජනතා ප්‍රසාදය ද එම පෙරමුණේ සමස්ත ප්‍රතිශතයට අන්තර් ග්‍රහණය කිරීමෙනි.

මේ අතර තනි අපේක්ෂකයෙකු ලෙස සජිත් ප්‍රේමදාස මහතා 10.51%ක ද ,රනිල් වික්‍රමසිංහ මහතා 8.83%ක ද කරු ජයසුරිය මහතා 7.87%ක ද ජන ප්‍රසාදයක් හිමි කර ගෙන සිටින අතර එක්සත් ජාතික පෙරමුණේ සමස්ත ප්‍රතිශතය 27.12%ක් වී තිබෙන්නේ එම පක්ෂය දෙකඩ නොවනු ඇතැයි යන උප කල්පනය මත එම නායකයින් තිදෙනා ම ප්‍රතිශතයක් ලෙස ලබා ගෙන ඇති ජනතා ප්‍රසාදය එකට එකතු කිරීමෙනි.

එක්සත් ජාතික පෙරමුණේ රනිල් වික්‍රමසිංහ සහ කරු ජයසුරිය යන මහත්වරුන්ට නාගරික ඉහළ පෙළේ ජනතා ප්‍රසාදය හිමිව ඇති අතර සජිත් ප්‍රේමදාස මහතාට ග්‍රාමීය සහ නාගරික වශයෙන් භේදයකින් තොරව ජනතාවගේ ප්‍රසාදය හිමිව ඇත.

2019 ජනාධිපතිවරණයේ දී ඒ ඒ දේශපාලන පක්ෂවලට සහ අපේක්ෂකයින්ට දිස්ත්‍රික් මට්ටමින් හිමිව තිබෙන ජනතා ප්‍රසාදය  වගේම සමස්ත ප්‍රතිශතයන් මෙසේය..

Advertiesment