Thursday 25th of April 2024

English Tamil
Advertiesment


ජාතික අපේක්ෂකත්වයට කතා නායක සූදානම්..!


2019-09-17 8400

බහුතරයේ ඉල්ලීමට කතා නායක හිස නමයි..!

 

විධායකය අහෝසි කිරීම අරමුණයි..!

 

(සුජිත් මංගල ද සිල්වා)

ජාතික අපේක්ෂකයා ලෙස ජනපතිවරණයට ඉදිරිපත් වන ලෙසට සියලු පාර්ශවයන් කරන ඉල්ලීම් තමාට සලකා බැලිය හැක්කේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ පරමාර්ථය මුඛ්‍ය අරමුණ කොට ගත් දේශපාලන බලවේග සමග එක් වෙමින් පමණක් යැයි කතා නායක දේශබන්දු කරු ජයසුරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

ජනාධිපතිවරණයට තමා එසේ ඉදිරිපත් වන්නේ නම් ඒ ඉදිරිපත් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සහිත ආර්ථික සහ සදාචාරාත්මක වශයෙන් ශක්තිමත් වගේම සුරක්ෂිත දේශයක් උදෙසා පදනම සැකසීම පිණිස කරන කැප කිරීමක් වශයෙන් විනා ජනපති තනතුර අපේක්ෂාවෙන් කරන මැදිහත්වීමක් වශයෙන් නොවන බව ද කතා නායකවරයා  සිය නිවේදනය මඟින් අවධාරණය කර සිටියි.

ජනාධිපතිවරණය සහ ජාතික අපේක්ෂකත්වය සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිළි කර දුන් කතා නායක කරු ජයසුරිය මහතා නිකුත් කර ඇති එම විශේෂ සහ නිල නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

පසුගිය සති කිහිපය තුල ගෞරවනීය නායක හිමිවරු ඇතුළු මහා සංඝරත්නය සහ අනෙකුත් පුජ්‍ය ප්‍රසාදීන් වහන්සේලා, විවිධ සිවිල් සංවිධාන ප්‍රධානීන්, විශ්වවිද්‍යාල ආචාර්යවරු හා විවිධ ක්ෂේත්‍රවල බුද්ධිමතුන්, වෘත්තිකයන්, තරුණ සංවිධාන නියෝජිතයින් මෙන්ම දේශපාලන ක්‍රියාකාරින්ද විවිධාකාරයෙන් මා ඇමතුහ.

ඇතැම් පිරිස් පුද්ගලිකව පැමිණ මා හමුවු අතර තවත් අය දුරකථනයෙන් අමතමින් හා ප්‍රසිද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවන් පවත්වමින්ද මාගෙන් ඉල්ලා සිටියේ සුවිශේෂි කරුණු කිහිපයක් වෙනුවෙන් ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන ලෙසය.

එම සියලු පාර්ශවයන් ඉදිරිපත් කළ පොදු කරුණ නම්, රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරිමත්, පවතින දේශපාලන ව්‍යාකූලත්වය සමනය කර ශිෂ්ඨසම්පන්න සත් පුරුෂ පාලනයක් ස්ථාපිත කිරිමත් සඳහා විශ්වාසනීය නායකත්වයක් රටට අත්‍යාවශ්‍ය හෙයින්, තමන් එම ඉල්ලිම ඉදිරිපත් කරන බවයි. පළමුවෙන්ම මා කෙරෙහි එවන් විශ්වාසයක් රැඳවීම පිළිබඳව පුජ්‍ය පක්ෂය ඇතුළු අනෙකුත් සියලු පාර්ශවයන්ට මාගේ කෘතවේදිත්වය පිරිනමමි.

කෙසේ වුවද, ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස ලැබී ඇති කවර ඉල්ලිමක් වුවද මා හට සලකා බැලිය හැක්කේ, “ 1995 වසරේ සිට අප අඛණ්ඩව පෙනී සිටි විධායක ජනාධිපති ධූරය අහෝසි කරලීමේ පරමාර්ථය මුඛ්‍ය අරමුණ කොටගත් දේශපාලන බලවේග සමඟ එක්ව පමණි. එමෙන්ම 17 වන සංශෝධනය මඟින් ඉදිරිපත් කරන ලදුව 19 වන සංශෝධනය මඟින් තහවුරු කල දියුණු ප්‍රශස්ත ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටින පාර්ශවයන් සමඟ පමණි. එය දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් සහිත ආර්ථික හා සදාචාරාත්මක වශයෙන් ශක්තිමත් සුරක්ෂිත දේශයක් උදෙසා පදනම සැකසීම පිණිස යම් නිශ්චිත සීමිත කාලයක් සඳහා කරනු ලබන කැපවීමක් මිස කිසිවිටකත් ජනාධිපති තනතුර අපේක්ෂාවෙන් කරන මැදහත්විමක් නොවන බවද අවධාරණය ‍කරමි.

කෙසේ නමුත් එක්සත් ජාතික පෙරමුණ ප්‍රධාන කොටගත් පාර්ශවයන් නියෝජනය කරමින් එලෙස ඉදිරිපත් වන්නේ නම් එය පක්ෂයෙහි ව්‍යවස්ථාවට අනුකූලව සියලු පාර්ශවයන්ගේ ආශිර්වාදය ද සහිතව සිදුවිය යුතු බව මාගේ හැඟීමයි.

Advertiesment