Monday 14th of October 2019

English Tamil
Advertiesment


දකුණු පළාතේ ස්ථාන මාරුවීම් නොපිළිගත් විදුහල්පතිවරුන්ගේ වැටුප් අත් හිටුවයි..!


2019-09-17 98717

(ජයකාන්ත ලියනගේ) 

දකුණු පළාතේ පාසල් කිහිපයක විදුහල්පතිවරුන්ට දකුණු පළාත් අධ්‍යාපන ලේකම් වරයා විසින් ලබා දී ඇති ස්ථාන මාරු නොපිලිගැනීම මත වහාම ක්‍රියාත්මක වන පරිදි වැටුප් අත්හිටුවීමට කටයුතු කළ බව දකුණූ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු සදුදා  (16) ප්‍රකාශ කළේය.

මෙලෙස විදුහල්පතිවරුන්ට ස්ථාන මාරුවිම් ලබාදීමට හේතු වී ඇත්තේ ඇතැම් පාසල් ප්‍රධානීන්ගේ සේවා අවශ්‍යතා මෙන්ම ඇතැම් පසැල් ප්‍රධානීන්ගේ සේවා දුර්වලතා නිසා බවද දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

ඇල්පිටිය, අම්බලන්ගොඩ, උඩුගම, ගාල්ල,අකුරැස්ස, මොරවක, මුලටියන, මාතර, වලස්මුල්ල, තංගල්ල, හම්බන්තොට යන අධ්‍යාපන කලාප තුළ ඇති පලාත් සභා පාසල් වල විදුහල්පතිවරු 96 කට ඉකුත් අගෝස්තු මාසයේ සිට ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරුවිම් ලබා දී තිබේ. ඇතැම් විදුහල්පතිවරුන් සේවා දුර්වලතා අනුව ස්ථාන මාරු ලබා දී ඇති අතර එම විදුහල්පතිවරුන් තව දුරටත් එම පාසල් වල රැදී සිටිම හේතුවෙන් මෙලෙස ඔවුන්ගේ වැටුප් අත්හිටුවිමට කටයුතු කළ බවද දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ සැලසුම් අංශයේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

අධ්‍යාපන චක්‍රලේඛන අනුව පළාත් සභා පාසල් වලවිදුහල් ප්‍රධානින් පළාතේ අධ්‍යාපන ලේකම්වරයා විසින් නිකුත් කරන අධ්‍යාපන චක්‍රලේඛනමෙන් ම පාසල් පද්ධතියේ අත්‍යාවශ්‍ය හේතු මත විවිධ වෙනස්කම් කිරිමේ බලය ලේකම්වරයාට ලබා දී ඇත. එසේ නියෝග ලබා දිමට ඇති බලය අනුව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වයි. වික්‍රමසිරි මහතාගේ අත්සනින් යුතුව විදුහල්පතිවරුන්ට ලබා දි ඇති ස්ථානමාරු වලට අනුව මෙතෙක් පාසල් වල වැඩ භාර ගැනිම සිදු නොකළ විදුහල්පතිවරුන්ගේ සැප්තැම්බර් මාසයේ සිට වැටුප් අත්හිටුවීමට දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කළ බවත් එසේ කළේ පළාත් අධ්‍යාපන ලේකම් වරයාගේ නියෝග පිළිනොගැනිම නිසා බවද දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් දකුණු පළාත් අධ්‍යාපන ලේකම් වයි. වික්‍රමසිරි මහතාගෙන් අප කල විමසීමේ මෙසේ පැවසීය.

"ඔය කියන කාරණා සම්බන්ධයෙන් ස්ථාන මාරු ලබා දී මාසයකට ආසන්න කාලයක් වෙනවා. ස්ථාන මාරු ලබා දී ඇති විදුහල්පතිවරුන්ට අප කල් ලබාදුන්නා, ගමන්ගේ නව සේවා ස්ථානයට යන්න. අධ්‍යාපන බලධාරින්ගේ නියෝග කඩ කරමින්අ ත්තනෝමතිකව කටයුතු කරන විදුහල්පතිවරු වෙනුවෙන් දැඩි විනය ක්‍රියාමාර්ග ගන්න සිද්ධවෙනවා. අපි කටයුතු කරන්නේ අධ්‍යාපන නිති අනුවයි. එසේ කිරීමට මා පසුබට වෙන්නේ නැහැ.අනිවාර්යෙන්ම ඒ අයට නිතිය කියාත්මක කරනවා" යැයිද ඒ මහතා ප්‍රකාශ කළේය.

Advertiesment