Friday 13th of December 2019

English Tamil
Advertiesment


මහා බ්‍රිතාන්‍ය කෙළසන අගමැති බොරිස් ජොන්සන්ගේ පැටිකිරිය මෙන්න..!


2019-09-16 1575

සතියේ ජාත්‍යන්තර දේශපාලන ප්‍රවණතා..!

 

HOT WORLD..! 

 

(තුෂල් විතානගේ)

පිස්සූ සහ අත්තනෝමතික පාලකයින් පත්කර ගැනීම ගැන පසුගිය කාලය පුරාම බටහිර ලෝකය චෝදනා කළේ, සමච්චල් කළේ, ආසියානු, අප්‍රිකානු රටටවල්වලටයි. ඒත් ඇමෙරිකානුවන් ඩොනල්ඩ් ට්‍රම්ප්  සහ මහා බ්‍රිතාන්‍යයේ පාලක කොන්සර්වේට්ව් මන්ත්‍රීවරුන් විසින් බොරිස් ජොන්සන් තෝරා පත් කර  ගැනීමත් සමග එම රටවල ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම දීර්ඝ කාලයක් පවත්වා ගෙන ආ පාර්ලිමේන්තු සම්ප්‍රදායන්  දැඩි අභියෝගයකට ලක්වෙලා තිබෙනවා. ඒ වගේම විදේශ ප්‍රතිපත්තිය තුළ ඇති වූ විකෘතිතා හේතුවෙන් විදේශ සම්බන්ධතා ද නොසිතූ විරූ අවුලකටල අභියෝගයකට ලක්ව තිබෙනවා. විශේෂයෙන් මහා බ්‍රිතාන්‍යය මේ මොහොත වන විට දැවැන්ත ආර්ථිකල දේශපාලන හා සමාජයීය ව්‍යකුලත්වයකට මුහුණ දී සිටිනවා. බ්‍රිතාන්‍ය දේශපාලන විශ්ලේෂකයින් මේ තත්ත්වය විග්‍රහ  කර ගැනීමට වචන සොයමින් සිටිනවා.

අද මහා බ්‍රිතාන්‍ය  මුහුණ දී සිටින ව්‍යකුකත්වය/අවුල නිර්මාණය වුණේ brexit හෙවත්  යුරෝපා හවුළෙන් ඉවත්වීමේ ක්‍රියාවලිය නිසයි. ආරම්භයේ සිටිම උද්දච්ච අධිරාජ්යවාදී සහ අවස්ථාවාදී දේශපාලනඥයින්ට දීර්ඝ කාලයක් තිස්සේ ගෙන ගිය අරගලයකින් පසුව මහා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්කර ගැනීමේ ජනමත විචාරණය ජය ගැනීමට හැකි වුණා. අතිෂයින් තියුණු, නැතහොත් සීමිත ජයග්‍රහණයක්  වුවත් එය ජනමත විචාරණයේදී බහුතරයේ අනුමැතියට ලක් වුණ නිසා මහාබ්‍රිතාන්‍යට යුරෝපා සංගමයෙන් ඉවත්වීමට සිදුව තිබෙනවා. ඒ අනුව පසුගිය කාලය තුළ ගත් විවිධ උත්සාහයන් හමුවේ ලබන ඔක්තෝබර් 31 වැනි මධ්‍යම රාත්‍රියේදී ගිවිසුම් හෝ එකගතා ඇතිව හෝ නැතිව යුරෝපා සංගමය මහා බ්‍රිතාන්‍යට අයුබෝවන්’ (අපේ භාෂාවෙන්) කීමට නියමිතව තිබෙනවා.

 
බොරිස් ජොන්සන් ඇති කළ අවුල

මහා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීම යුරෝපා සංගමය තුළ කම්පනයක් ඇති නොකළත් මහා බ්‍රිතාන්‍ය තුළ දේශපාලන අර්බුද පිට අර්බුද ඇති කළා. මේ ක්‍රියාවලියට ඍජුව මුහුණ දෙන පාලක කොන්සවේටිව් පක්ෂයට අගමැති ජේමිස් කැමරන් වගේම අගමැතිනී තෙරේසා මේ ද අහිමි වුණේ මේ අවුල නිසි පරිදි කළමනාකරණය කර ගැනීමට ඔවුන් අසමත් වූ නිසයි. ඒ අනුව ඉගුරු දී මිරිස් ගත්තා වාගේ’ පාලක පක්ෂයේ සිටින ප්‍රතිපත්තියක්  නැතිම, හුදු ප්‍රසිද්ධියට ලොල් පර දේශක්කාරයෙක්, විකාරයෙක් ’ ලෙස ඇතැම්  බ්‍රිතාන්‍ය මාධ්‍ය විසින් හදුන්වන බොරිස් ජොන්සන් අතට පසුගිය ජූලි 24 වැනිදා සිට මේ අති සංකීර්ණ දේශපාලන න්‍යාය පත්‍රය  පත්ව තිබෙනවා. බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍ය  පදවියට පත් වූ වහාම බෙක්සිට් ගැන යළි භීතියක් බ්‍රිතාන්‍ය  ජාතිකයින් තුළ ඇති වුණේ නව අගමැතිවරයාගේි අතීත පැටිකිරිය’ එතරම් හොද නැති නිසයි.

පාර්ලිමේන්තුව කල් දැමීම

ප්‍රත්පත්තියක් සේම වගවීමක් නැති පාලකයින් විසින් අර්බුද කළමනාකරණයේදී දක්වන අසාර්ථකභාවය මෙන්ම අති උද්දච්ඡ ස්වභාවය ලංකාවේ අපිට නම් අලුත් අත්දැකීමක් නොවෙයි. පසුගිය වසරේ ඔක්තෝබර් 26 වැනිදා අපි එහි තිත්තම තිත්ත ඇත්තට මුහුණ දුන්නා. අදත් ඒ දේශපාලන අත්තනෝමතිකත්වයයේ සහ වගවීමක් නොමැතිකමේ අර්බුදයෙන් ලංකාවේ ජනතාව බැට කමින් සිටිනවා.

මහා බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ගැන කතා වෙන බ්‍රිතාන්‍ය ජාතිකයින් වගේම බ්‍රිතාන්‍ය මාධ්‍යත් අද කියන්නේ බොරිස් ජොන්සන් බ්‍රිතාන්‍යයේ කීර්තිමත් වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු සම්ප්‍රදාය වගේම බ්‍රිතාන්‍ය ක්‍රමයත් අභියෝගයට ලක් කරනවාට වඩා එය කෙළසමින්’ තම නොහැකියාව ඉක්මවා ගිය උද්දච්ඡකම ප්‍රදර්ශනය කරමින් මහා බ්‍රිතාන්‍ය දැවැන්ත අර්බුදයක් කරා තල්ලු කරමින් සිටින බවයි.

ඔවුන්ට අනුව බ්‍රිතාන්‍ය අගමැතිවරයා බ්රෙක්සිට් වෙනුවෙන් ලබා දෙන විසදුම වන්නේ මහා බ්‍රිතාන්‍ය අවුලෙන් අවුලට පත්කර ගිවිසුමකින් තොරව බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් (NO DEAL BREXIT) බවයි. එයට මේ වන විට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ මෙන්ම සාමාන්‍ය  ජනතාව අතර ද බලවත් විරෝධයක් තිබෙනවා. මේ තත්ත්වය තුළ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සති පහකින් කල් දැමීමට අගමැති බොරිස් ජොන්සන් පියවර ගත්තා. ඒ අනුව පසුගිය 10 වැනිදා සිට ඔක්තෝබර් 14 වැනිදා දක්වා බ්‍රිතාන්‍ය  පාර්ලිමේන්තුව අක්‍රීය තත්වයට පත් වෙනවා.

ගැනීමට යන තීරණය ගැන පසුගිය අගෝස්තු 28 වැනිදා අගමැති බොරිස් ජොන්සන් මෙම පාර්ලිමේන්තු අත්හිටුවීම ලබන ඔක්තෝබර් දාහතර (14) වෙනිදා නිමවීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව යළි රැස්වූ විට රැජින ඇයගේ රාජාසනයේ කතාව’ පවත්වනු ඇතැයි සඳහන් කළා.අගමැතිවරයාගේ එම සැලැස්ම අනුව ලබන ඔක්තෝබර් මාසය නිමවන විට ගිවිසුමකින් තොරව යුරෝපා හවුලෙන් ඉවත්වීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අවහිර කිරීමක් සඳහා මන්ත්‍රීවරුන්ට අවශ්‍ය  තරම් කාලයක් නොලැබෙන බවයි බ්‍රිතාන්‍ය  විපක්ෂය සහ බොරිස් විරෝධී කොන්සවේටිව් මන්ත්‍රීවරුන් කියන්නේ.එහෙත් ඊට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය  කාර්යාලය යුරෝපා හවුලෙන් ඉවත්වීමේ වැඩපිළිවෙළ සහ පාර්ලිමේන්තුව අත්හිටුවීමේ තීන්දුව අතර සම්බන්ධයක් නැතැයි’ප්‍රකාශ  කළා.

තීන්දුවට දැවැන්ත විරෝධයක්

පාර්ලිමේන්තුව කල් දමා දේශපාලන ගේමක් ගැසීමට හොද ගේම්කාරයෙකු ලෙස ප්‍රකට බොරිස් ජොන්සන් ගත් ප්‍රයන්තයට  පාලක පක්ෂය වෙතින් සේම විපක්ෂය ප්‍රමුඛ  සිවිල් සමාජය තුළින් දැවැන්ත විරෝධයක් එල්ල වෙමින් තිබෙනවා.එහි ප්‍රතිවිපාකයක්  වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නීති සම්පාදනය සඳහා කාලය අහිමි කිරීමක් සිදු කෙරෙන අතර, ලබන මස තිස් එක් වෙනිදා (ඔක්තෝබර් 31) වනවිට ගිවිසුමකින් තොරව යුරෝපා හවුලෙන් ඉවත්වීම සඳහා ගෙන යමින් පවතින වැඩ පිළිවෙළ නතර කිරීමට මන්ත්‍රීවරුන් සඳහා ඇති අවස්ථාව අහිමි වෙන බවයි විරුද්ධවාදීන් විසින් පෙන්වා දෙන්නේ.

අගමැති ජොන්සන් පාර්ලිමේන්තුව අත්හිටුවීමට ගත් තීන්දුවට එරෙහිව ඔහු අයත් කොන්සර්වේටිව් පක්ෂය තුළින් පවා දැඩි විරෝධයක් එල්ල වෙමින් පැවතීම ද විශේෂත්වයක්. ඒ අනුව බ්‍රිතාන්‍ය ව්‍යවස්ථාදායකයේ ඉහළ මන්ත්‍රී  මණ්ඩලය නියෝජනය කරන කොන්සර්වේටිව්වාදියකු වන කුක්හැම් සාමිවරයා (LORD YOUNG COOKHAM) මේ කාරණය සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් පදවියෙන් ඉල්ලා අස් වුණේ මෙවැනි ප්‍රකාශයක් කරමින්.

‘අපේ ඉතිහාසයේ ඉතාම තීරණාත්මක මොහොතක පාර්ලිමේන්තුව සතු මූලික කාර්යභාරය යටපත් කර දැමීම අනතුරක්’

අගමැතිවරයාගේ නිර්දේශයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්නා බව කොන්සර්වේටිව් පක්ෂයේ හිටපු අගමැති ජෝන් මේජර් කල්තබාම ප්‍රකාශ කර තිබූ අතර ස්කොට්ලන්තයේ කොන්සර්වේටිව් පක්ෂ නායිකා රූත් විඩ්සන් (ROUTH DEVIDSAN) එම නායකත්වයෙන් ඉල්ලා අස්වීම තවත් සුවිශේෂ තත්ත්වයක්.

බ්‍රිතාන්‍ය පාර්ලිමේතුව අත්හිටුවීම නීතියට පටහැනියි

පසුගිය වසරේ ඔක්තෝබර් 26 ලංකාවේ දේශපාලන කුමන්ත්‍රණයේ දී  මෙන්ම බොරිස් ජොන්සන්ගේ අත්තනෝමතිකභාවය ඉදිරියේ ද බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව නෛතිකමය හා දේශපාලනමය වශයෙන් ගත හැකි සෑම පියවරක්ම ගත්තා. ඒ අතර ජොන්සන්ගේ තීරණය අභියෝගයට ලක් කරමින් ගත් නෛතික පියවර ප්‍රමුඛයි.

බ්‍රිතාන්‍ය  යුරෝපා හවුලෙන් ඉවත්වීමට එරෙහිව උද්ඝෝෂණය කරන ක්‍රියාකාරිනියක වන ජිනා මිලර්  විසින් පාර්ලිමේන්තුව අත්හිටුවනු ලැබීමට එරෙහිව ලන්ඩන් මහාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ නමුත් අගමැතිවරයා නිත්‍යානුකුලව කටයුතු කර ඇති බව එම අධිකරණයේ තීන්දුව වුණා.

පාර්ලිමේන්තුව අත්හිටුවීම නීති විරෝධී වන බව පවසමින් ස්කොට්ලන්ත අධිකරණයකට තවත් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණත් අගමැති ජොන්සන් නීතිය උල්ලංඝනය කර නොමැති බව එම අධිකරණයේ තීන්දුව විය.පැමිණිල්ල විභාගයට ගත් විනිසුරු ඩොහර්ති සාමිවරයාගේ නිගමනය වුණේි‘අගමැති ජොන්සන් විසින් පාර්ලිමේන්තුව අත්හිටුවනු ලැබීම මගින් නීතිය උල්ලංඝනය කිරීමක් සිදුව නැති අතර අගමැතිවරයාගේ ක්‍රියාවන්  විනිශ්චය කරනු ලැබීම අධිකරණයේ කාර්යයක් නොව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ඡන්දදායකයන් වෙත පැවරෙන කාර්යයක් වන බවයි.

වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තුව අත්හිටුවීම නීති විරෝධී බව ප්‍රකාශයට  පත්කරන ලෙස ඉල්ලා සිටිමින් පෙත්සම්කරුවන් හැත්තෑ නව (79) දෙනෙක් ස්කොට්ලන්ත අධිකරණය  ඉදිරියේ පෙත්සම් ගොනුකළා. ඔවුන්ගෙන් හැත්තෑ අට (78) දෙනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වුණා.

බ්‍රිතාන්‍ය යුරෝපා හවුලෙන් ඉවත්වීම සම්බන්ධයෙන් විධිමත් සලකා බැලීමක් සඳහා අවශ්‍ය කාලය ලබා ගැනීම වළක්වාලමින් ආණ්ඩුව පාර්ලිමේන්තුව අත්හිටුවන මෙන් රැජිනට උපදෙස් දීම නෛතික වලංගුභාවයක් නොමැති පියවරක් ලෙස ප්‍රකාශයට  පත් කරන ලෙස එම පෙත්සම්කරුවෝ ඔවුන්ගේ පෙත්සම් මගින් අධිකරණයෙන් ඉල්ලා සිටියා.එම පෙත්සම විභාගයට ගත් ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයි අගමැතිවරයාගේ ක්‍රියාවයි නීතියට පටහැනි  බව පිළිගනිමින් සිය තීන්දුව ප්‍රකාශයට පත් කළා.

බ්‍රිතාන්‍ය යුරෝපා හවුළෙන් ඉවත්වීමේ ක්‍රියාවලිය ඉදිරියේ තිබියදී ආණ්ඩුව පාර්ලිමේන්තුවට වගකීමේ බැඳීම වැළැක්වීමේ අටියෙන් එවැනි පියවරක් ගෙන ඇති බවයි අධිකරණයේ නිගමනය වුණේ. 

බදාදා (සැප්තැම්බර් 11) ස්කොට්ලන්තයේ ඉහළම සිවිල් අධිකරණය විසින් දෙන ලද තීන්දුවත් සමඟ ලන්ඩන් අධිකරණයක් විසින් ලබා දුන්  පූර්ව අධිකරණ තීන්දුව බලරහිත වුණා. ‘මෙම අත්හිටුවීම පාර්ලිමේන්තුව අඩාල කර දැමීමේ උපායක් වන හෙයින්, විනිසුරු ඩොරති සාමිවරයාගේ කලින් තීන්දුව සමඟ තමන් එකඟ නොවන බව ස්කොට්ලන්තයේ ඉහළම සිවිල් අධිකරණයේ THE COURT OF APPEAL IN SCOTLAND ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල කියා සිටියා.

තම තීන්දුව සංක්ෂේපණය කරමින් ප්‍රකාශයක් කළ ස්කොට්ලන්ත අධිකරණයේ විනිශ්චය මණ්ඩලය, අගමැති බොරිස් ජොන්සන් විසින් පාර්ලිමේන්තුව අවහිර කිරීමේ විෂම චේතනාවෙන්’ ක්‍රියාකර  ඇත යන්න තම ඒකමතික විශ්වාසය වන බව කියා සිටියා.‘අගමැතිවරයා විසින් පාර්ලිමේන්තුව අත්හිටුවන ලෙස රැජිනට දෙන ලද උපදේශයෙහි නෛතික වලංගුභාවයක් නොමැති අතර එබැවින් එයි ශුන්ය’ සහ බලපෑමක් නැති’ ක්‍රියාවක්  ලෙස අධිකරණය ප්‍රකාශයට පත් කරයි’

බොරිස් ජොන්සන් අභියෝගයට ලක් කරමින් ස්කොට්ලන්ත අධිකරණය ඉදිරියට ගිය පාර්ලිමේන්තු සහ සාමි මන්ත්රීවරුන්ගෙන් හැත්තෑවකට අධික සංඛ්‍යාවක්  බ්‍රිතාන්‍ය  යුරෝපා හවුල තුළ දිගටම රැඳී සිටිය යුතුය යන මතයේ සිටින්නෝ වීම සුවිශේෂත්වයක්.එම නෛතික අභියෝගය ඉදිරිපත් කිරීමෙහිලා නායකත්වය දුන්නේ ස්කොට්ලන්ත ජාතික පක්ෂයේ  SNF පාර්ලිමේන්තු මන්ත්‍රිනී  ජෝනා චෙරී  විසිනුුයි. ස්කොට්ලන්ත සිවිල් උපරිමාධිකරණයේ ත්‍රිපුද්ගල  විනිසුරු මණ්ඩලයේ එක් සාමාජිකයකු වන බ්රෝඩි සාමිවරයා පැවසුවා.

‘මෙම ආණ්ඩුවේ බල අධිකාරීන්ගේ ක්‍රියා කලාපයට අදාළව පොදුවේ පිළිගනු ලබන ප්‍රමිතීන් සමඟ අනුගත වීමෙහිලා පැහැදිලිවම අපොහොසත් වූ අදහාගත බැරි තරමේ අසාර්ථක භාවයකි’ පාර්ලිමේන්තුව අත්හිටුවනු ලැබීම සඳහා වලංගු හේතුවක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව අපොහොසත් වූ බව ඩෲනන්ඩ් යන්ග්  සාමිවරයා පැවසුවා. ‘පවතින තත්ත්වයන් සහ විශේෂයෙන්ම පාර්ලිමේන්තු අත්හිටුවීම බල පැවැත්වෙන දීර්ඝ කාලය අනුව ආණ්ඩුවේ අරමුණ අදාළ කරුණු සියුම්ව පරීක්ෂා කර බලනු ලැබීම වළක්වාලීම බව පැහැදිලිව පෙන්නුම් කෙරෙනවා’ස්කොට්ලන්ත අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් සැණින් ප්‍රකාශයක්  කළ මන්ත්‍රීවරිය  වහාම පාර්ලිමේන්තුව කැඳවන’ මෙන් ඉල්ලීමක් කළා.

 

 ඩවුනිං වීදියෙන් ප්‍රතිචාර 

ස්කොට්ලන්ත විනිසකරුවන්ගේ තීන්දුව මගින් බලාපොරොත්තු සුන් වූ’ තත්ත්වයට පත් වූ බව  බ්‍රිතාන්‍ය අගමැති කාර්යාලයේ ප්‍රකාශකයෙක්  කිව්වා. එම තීන්දුවට එරෙහිව උපරිමාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන බවත් එම ප්‍රකාශකයා කියා සිටියා.

‘ශක්තිමත් අභ්‍යන්තර ව්‍යවස්ථාදායක න්‍යාය පත්‍රයක්  පෙරට තැබීමට එක්සත් රාජධානියේ ආණ්ඩුවට අවශ්‍යයි. පාර්ලිමේන්තුව අත්හිටුවීම නිත්‍යානුකූල පියවරක් ශක්තිමත් අභ්‍යන්තර ව්‍යවස්ථාදායක න්‍යාය පත්‍රයක්  පෙරට තැබීමට එය අත්‍යවශ්‍ය ක්‍රියා මාර්ගයක්.

කෙසේ වුවද අඟහරුවාදා (සැප්තැම්බර්10) උදැසන පටන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව මේ වන විටත් අත්හිටවනු ලැබ ඇති අතර, ස්කොට්ලන්තයේ නව අධිකරණ තීන්දුව මඟින් එම අත්හිටුවීම සම්බන්ධයෙන් බලපෑමක් ඇති නොවන බවයි.බ්‍රිතාන්‍ය දේශපාලන විචාරකයින් කියන්නේ. ඊට හේතුව වශයෙන් ඔවුන් පෙන්වා දෙන්නේ ලන්ඩන් උපරිමාධිකරණය ඉදිරියේ ලබන සතියේ පූර්ණ විභාගයක් ආරම්භ වීමට නියමිතව ඇති හෙයින් පාර්ලිමේන්තුව අත්හිටුවනු ලැබීම අවලංගු කරන මෙන් ස්කොට්ලන්ත අධිකරණය නියෝග කර නොමැති නිසයි.

දැනට බල පැවැත්වෙන අත්හිටුවීම අනුව මන්ත්‍රීවරුන්ට  ලබන ඔක්තෝබර් දාහතර (14)  වෙනිදා දක්වා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට අවස්ථාවක් නැහැ. ඒ අනුව බොරිස් ජොන්සන් ආණ්ඩුවේ පාර්ලිමේන්තු සැලසුම් ඇතුළත් රැජිනගේ කතාව (QUEEN SPEECH) එදින පැවැත්වෙනු ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර ගිවිසුමකින් තොරව යුරෝපා හවුලෙන් ඉවත්වීම මගින් ඇති කෙරෙන ව්‍යාකුල  තත්ත්වයන් සම්බන්ධයෙන් පැවරුනු නඩුවක් උතුරු අයර්ලන්තයේ 'බෙල්ෆාස්ට්’ මහාධිකරණය ඉදිරියේද විභාගයට ගැනෙමින් පවතිනවා.

 

Advertiesment