Monday 19th of April 2021

English Tamil
Advertiesment


එජාපෙ ජනපති අපේක්ෂකත්වයට ලක්ෂ්මන් කිරිඇල්ලගේ නම යෝජනා කෙරේ..!


2019-12-01 72701

ජනපති සටනට අගමැති නොඑන්නේ නම් සභානායකට අවස්ථාව දෙනු..!

සභානායක කෙරෙහි ඉන්දීය අවදානය..!

සජිත් ප්‍රේමදාසට වඩා ලක්ෂ්මන් කිරිඇල්ල එජාපෙට වටිනා බව මහා සංඝ රත්නය අවධාරණය කරති..!

(සුජිත් මංගල ද සිල්වා)

 

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ස්ව කැමැත්තෙන් ඉදිරිපත් නොවන්නේ නම් ඒ අවස්ථාව ලබා දිය යුත්තේපාර්ලිමේන්තුවේ සභානායක අධි නීතිඥ ලක්ෂමන් කිරිඇල්ල මහතාට බව එක්සත් ජාතික භික්ෂූ පෙරමුණේ භික්ෂූන් වහන්සේලා පිරිසක් ද,ජාතික යොවුන් පෙරමුණේ තරුණ තරුණියන් බහුතරයක් සහ එම  පෙරමුණේ  පසු පෙළ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් “lankanewsweek” සමග පැවසුහ. 

මේ බව එක්සත් ජාතික පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත හෙට අනිද්දාම නිල වශයෙන් දැනුම් දෙන බව “lankanewsweek” සමග පැවසූ, එක්සත් ජාතික භික්ෂූ පෙරමුණේ එම භික්ෂූන් වහන්සේලා,ජාතික යොවුන් පෙරමුණේ තරුණ තරුණියන් සහ පසු පෙළ මන්ත්‍රීවරු මේ කාරණය සම්බන්ධයෙන් සිය සාමාජිකයින් නිල නොවන පෞද්ගලික මට්ටමින්  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  මහතා වෙත මේ වන විටත් දැනුම් දී තිබෙන බව ද පැවසූහ. 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස  ස්ව කැමැත්තෙන් ඉදිරිපත් නොවන්නේ නම් ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන පුද්ගලයා අවම වශයෙන් සිය මැතිවරණ දිස්ත්‍රික්කය කෙසේ වෙතත් සිය මැතිවරණ  කොට්ඨාශය හෙවත් ආසනයවත් ජයග්‍රහණය කර තිබිය යුතු අතර,ඔහු එක්සත් ජාතික පාක්ෂිකයින් දේශපාලන සහ ආර්ථික වශයෙන් රැක බලා ගත් නායකයෙකු විය යුතු බවද ඔවුහූ අවධාරණය කර සිටිති.මේ කාරණයට අදාළව “lankanewsweek” ජාත්‍යන්තර සම්බන්ධීකාරකවරයා ඉන්දීය නව රජයේ අභ්‍යන්තර ස්ථාවරය සම්බන්ධයෙන් එරට ජනමාධ්‍යවේදීන්ගෙන් කරුණු විමසූ අවස්ථාවේදී ජන මාධ්‍යවේදී KOLAHALA SRAENIVAAS (R.SREENIVASAN) මහතා අවධාරණය කර ඇත්තේ, සභානයක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කෙරෙහි ඉන්දීය රජයේද විශේෂ අවධානයක් යොමුව තිබෙන බවය.  

භාරතීය ජනතා පක්ෂයේ හිටපු නායක සහ හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය අතල් බිහාර් වජ්පායි මහතාගේ අව මංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ එකම  රාජ්‍ය නායකයා වන්නේ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා බව පමණක් බව පෙන්වා  දුන් මහතා ඇතුළු එම  ඉන්දීය මාධ්‍යවේදින් පිරිස, ඉස්ලාමිය ISIS ත්‍රස්ත්‍රවාදී තර්ජනය හමුවේ ශ්‍රී ලංකාවේ ඉදිරි නායකයා විය යුත්තේ සියලු ජනයා සහ සියලු ආගමිකයන් එකට ඒකරාශී කළ හැකි  සැබෑ සිංහල බෞද්ධයෙකු විනා, එම පිළිවෙතින්, සම්ප්‍රදායෙන් සහ සංස්කෘතියෙන් විමුක්ත වූ නාමික සිංහල බෞද්ධයෙකු නොවන බවද අවධාරණය කළහ.

ශ්‍රී ලංකාවේ දේශපාලන සමාජ සහ සංස්කෘතික අනාගතය සාධනීයව විසදෙනු ඇත්තේ එවැනි නායකත්වයක් හරහා බව පෙන්වා දෙන එම පිරිස, එම නායකත්ව ලැයිස්තුවේ පළමු දෙදෙනා අතර සිටින්නේ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල සහ කතානායක දේශබන්දු කරු ජයසූරිය යන මහත්වරුන් බව ද පැවසූහ.

මේ කාරණය සම්බන්ධයෙන් කොළඹ සේදවත්ත පුරාණ රජ මහා විහාරාධිපති,ජාතික යොවුන් පෙරමුණේ උපදේශක,එක්සත් භික්ෂූ පෙරමුණේ සහ ජාතික විද්වත් සභාවේ ජාතික සංවිධායක අඹන්පොල ඥානාලෝක නා හිමියන්ගෙන් “lankanewsweek” කළ විමසීමකදී උන්වහන්සේ මෙසේ අවධාරණය කළහ.

“ඔව්... ලක්ෂ්මන් කිරිඇල්ල කියන්නේ සජිත් ප්‍රේමදාසට වඩා ඉතාම පරිණත, පළපුරුදු, අත්දැකීම් සහිත සහ වගකීම් සහගත නායකයෙකු බව කිව යුතයි.එමෙන්ම එතුමා පැවැත්මෙන්ම හොද සිංහල බෞද්ධයෙකු බව එක්සත් ජාතික පෙරමුණේ කවුරුත් දන්නවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ස්ව කැමැත්තෙන්ම ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තරඟ නොකරන්නේ නම් ඒ අවස්ථාව ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට හෝ කරු ජයසූරිය මහතාට ලබාදිය යුතුයි.

එක්සත් ජාතික පක්ෂයේ අනාගතයේ නැගී එන නායකයින් ලෙස මහා සංඝරත්නය වශයෙන් අපට නම් පෙනෙන්නේ රවී කරුණානායක, නවින් දිසානායක, අකිල විරාජ් කාරියවසම්, දයා ගමගේ, රුවන් විජයවර්ධන සහ හර්ෂණ රාජකරුණා ඇතුළු පිරිසකුයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවට යම් නායකයෙක් එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ නම් ඔහු සිය මැතිවරණ කොට්ඨාශය සහ මැතිවරණ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කර තිබිය යුතුයි.

සිය මැතිවරණ දිස්ත්‍රික්කය තබා සිය ආසනයවත් ජයග්‍රහණය කළ නොහැකි පුද්ගලයෙකු එක්සත් ජාතික පෙරමුණ වෙනුවෙන් රටක් දිනා ජනාධිපති වන්නේ කෙසේද..?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානය පුරා අවුරුදු පහළොවක් තිස්සේ බලය හෙබවූ මහ නුවර දිස්ත්‍රික්කය 2015 වේ ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී ජයග්‍රහණය කරවමින් මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපති වීමටත්, රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති වීමටත් පාර කැපුවේ සජිත් ප්‍රේමදාස නොව  ලක්ෂ්මන් කිරිඇල්ලයි.

එස්.බී. දිසානායක, කෙහෙළිය රඹුක්වැල්ල, ආනන්ද අලුත්ගමගේ, සරත් අමුණුගම, ලොහාන් රත්වත්තේ සහ මධ්‍යම පළාතේ ආණ්ඩුකාරවරයා වශයෙන් අවුරුදු පහළොවක් මුළුල්ලේ කටයුතු කරන සරත් ඒකනායක ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ  ප්‍රබලයින් සමග සටන් කරමින් ලක්ෂ්මන් කිරිඇල්ල 2015 ජනාධිපතිවරණයේදී මහනුවර දිස්ත්‍රික්කය වැඩි ඡන්ද 83,000කින්ද, මහ මැතිවරණයේදී වැඩි ඡන්ද 135,000කින්ද ජයග්‍රහණය කර දුන්නා.

සජිත් ප්‍රේමදාස  ඇතුළු බොහෝ නායකයින් මේ මැතිවරණවලදී සිය දිස්ත්‍රික්කය පමණක් නොව සිය ආසනයද අන්ත ලෙස පරාජය වූ බව අප කවුරුත් දන්නවා.

එමෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඉතාම විශ්වාසවන්ත සහ සමීපතමයෙකු වන ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මල්වතු මහ නා හිමියන්ගේ පූර්ණ ආශීර්වාදය ඇතිව අස්ගිරි මහ නා හිමි ප්‍රධාන එම පාර්ශවයෙන් ගෞරව සම්මාන  ලැබූ නිකලැල් සිංහල බෞද්ධ නායකයෙකු බව ද යළිත් සිහිපත් කළ යුතුයි.”

මේ කාරණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජාතික යොවුන් පෙරමුණේ තරුණ තරුණියන්ගෙන් “lankanewsweek” කළ විමසීමක දී ඔවුන් කියා සිටියේ සිය ජීවිතය පරදුවට තබා එක්සත් ජාතික පක්ෂයට දර දිය ඇද්ද තරුණ තරුණියන්ට යහපාලන ආණ්ඩුවේ අවස්ථා ලබා දී ආර්ථික සහ දේශපාලන වශයෙන් රැක බලා ගත්තේ සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල සහ එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක යන මහත්වරුන් පමණක් බවය.

මේ අතර එක්සත් ජාතික පෙරමුණේ පසු පෙළ මන්ත්‍රීවරුන්  පිරිසක් “lankanewsweek” සමග අවධාරණය කර සිටියේද සිය පාක්ෂිකයින්ට උදව් උපකාර කරමින් රැක බලා ගැනීම සඳහා ලක්ෂ්මන් කිරිඇල්ල සහ  රවී කරුණානායක යන මහත්වරුන් සිය කණ්ඩායමට  විශාල වශයෙන් උදව් උපකාර කළ අතර ආණ්ඩු බලය තිබියදී එක්සත් ජාතික පෙරමුණ ගම් මට්ටමේ සහ බිම් මට්ටමේ දේශපාලන වශයෙන් ඇද වැටුණේ මලික් සමරවික්‍රම, කබීර් හසීම්, සජිත් ප්‍රේමදාස  සහ සාගල රත්නායක ඇතුළු පිරිසක් ජනාධිපතිවරයා සමග ද කූට දේශපාලන ගනුදෙනු කරමින් අග්‍රාමාත්‍යවරයා නොමග යවා එම නායකයින්  දේශපාලන වශයෙන් දුර්වල කළ නිසා යැයිද ඔවුහු පැවසුහ.

මේ අතර ආණ්ඩුව රැක ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ විශාලම සටන ගෙන යන්නේ සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා බවද එම පසු පෙළ මන්ත්‍රීවරු වැඩි දුරටත් පෙන්වා දුන්නහ.

ද්‍රවිඩ ජාතික සන්ධානය ඇතුළු සුළු දේශපාලන පක්ෂවල ද සහයෝගය ලක්ෂමන් කිරිඇල්ල මහතා කෙරෙහි පවතින අතර ඊට හොදම උදාහරණය වන්නේ පුනරුත්ථාපන සහ නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශය ඩි. එම්.ස්වාමිනාදන් මහතාගෙන් ගැළවූ අවස්ථාවේදී  එම අමාත්‍ය ධූරය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නොදරන්නේ නම්, එම ධූරය සභානායක ලක්ෂ්මන් කකිරිඇල්ල මහතා වෙත පවරා දෙන ලෙසට ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පී. සුමන්තිරන් මහතා විසින් අග්‍රාමාත්‍යවරයාගෙන් කරනු ලැබූ විශේෂ ඉල්ලීමය.

පී. සුමන්තිරන් මහතාගේ එම ඉල්ලීමට හේතු වී ඇත්තේ සිංහල බෞද්ධයෙකු ලෙස ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ජාති, ආගම්,කුල භේද නොතකා රටේ සියලු ජාතිකයින්ගේ සහ ආගමිකයින්ගේ දියුණුව වෙනුවෙන් සිය සීමිත බලය යොදවා ක්‍රියා කිරීමය.     

Advertiesment