Friday 23rd of April 2021

English Tamil
Advertiesment


මෛත්‍රීගේ ඇස් බැඳපු සහරාන් කවුද..?


2019-12-01 1571

කාරක සභාව බය විමල්ලා- ගම්මන්පිලලා..!

 

පාස්කු ලේ තවරා ගත් හිරු-දෙරණ-සිරස..!

 
(උපුල් ජෝශප් ප්‍රනාන්දු)

පසුගියදා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු ප්‍රධානි සහ මෛත්‍රී-ගෝඨා ඝාතනයට කුමන්ත්‍රණය කළා යැයි චෝදනා ලද නාලක සිල්වාට ඇප ලැබිණි. එදින උසාවියේ අරුම පුදුම කතාවක් හෙළිදරව් විය. එනම් නාලක සිල්වා පාස්කු බෝම්බයේ මහා මොලකරු සහාරන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය වරෙන්ත්වක් ලබා ගැනීමට සියලු ලියකියවිලි සූදානම් කොට වරෙන්තුව ලබා ගන්න උසාවියෙන් නියෝගයක් ලබා තිබියදී, නාලක සිල්වා අත්අඩංගුවට ගත් බවය. නාලක සිල්වා අත්අඩංගුවට  ගත්තේ  නාමල් කුමාර හෙළිකළ මෛත්‍රී-ගෝඨා ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන්ය.

නාමල් කුමාර යනු කුරුණෑගල සහ මිනුවන්ගොඩ සිදු වූ මුස්ලිම්වරුන්ට එරෙහි කෝලාහල වලදී අත් අඩංගුවට පත් වූ මහසොන් බලකායේ නිර්මාතෘ  අමිත් වීරසිංහගේ ගජ මිතුරෙකි. රට පුරා මුස්ලිම් විරෝධි කෝලාහල දියත් කරන කල්ලි කණ්ඩායම් ගැන විමර්ශනය කිරීමට භාර වන්නේ ත්‍රස්ත්‍ර විමර්ශන ප්‍රධානි නාලක සිල්වාටය. එසේම මුස්ලිම් විරෝධී කෝලාහලවලදී සිංහලයන්ට පහරදෙන මුස්ලිම් කල්ලි කණ්ඩායම් ගැන විමර්ශනය  කරන්නේ ද නාලක සිල්වාය. ඔහුට මහසෝන් බලකායේ නායකයා සේම සහරාන්වද ඇස ගැසෙන්නේ එම විමර්ශනවලදීය.

ඔහු මහසෝන් බලකායේ ප්‍රධානියාගේ  ගජ මිතුරු නාමල් කුමාරට දැල එලලා, සහරාන්ගේ  ගෝලයන්ට දැල එළලා ඔවුන්ගෙන් මුස්ලිම් අන්තවාදීන්ගෙන් තොරතුරු ලබා ගනී.සහරාන්ගේ අනතවාදී ත්‍රස්ත්‍ර ක්‍රියා ගැන තොරතුරු ලබා ගන්නා නාමල් සිල්වා 2018 ජූලි 02 කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ සහාරන්ව අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය වරෙන්තු නිකුත් කරවා ගැනීමට කටයුතු කට තිබේ. ඒ දිනකදී සිදුවූ මුස්ලිම් විරෝධී කෝලාහල වලදී මුස්ලිම්වරුන්ට අත තියපු අයට වන්දි ගෙවීමට සිදුවන බවට සහරාන් නිකුත් කළ වීඩියෝ දර්ශනයක් අධ්‍යනය කිරීමෙන් පසුවය. ඔහු සහරාන් අත්අඩංගුවට ගැනීමට රතු නිවේදනයක් ද  උසාවියෙන් නිකුත් කරවාගෙන තිබේ.

ඒ සහරාන් විදේශ ගතවීම වලක්වා ගන්නටය. එසේම නාලක සිල්වා ඇප ලබා ගත් නිතීඥයා  උසාවියේදී පවසා සිටියේ සහරාන් ප්‍රහාරක්  එල්ල කිරීමට  සූදානම් වන බව නාලක සිල්වා උසාවියට පමණක් නොව නීතිපති දෙපාර්තමේන්තුවට ද හතරවතාවක්  දන්වා ඔහුව අත්අඩංගුවට ගැනීමට රතු නිවේදනයක් නිකුත් කරවා ගැනීමට උත්සහ ගෙන ඇති බවය.

නාලක සිල්වා රතු නිවේදන නිකුත් කරවා ගැනීමට උත්සහ කරමින් උසාවියෙන් වරෙන්තු ලබා ගනිමින් සහරාන් පසු පස පන්නද්දී  නාමල් කුමාර මාධ්‍ය සාකච්ඡාවකින් එළියට එයි. ඔහු එළියට එන්නේ නාලක සිල්වා මෛත්‍රිපාලව  සහ ගෝඨාභය රාජපක්ෂව ඝාතනය කරන්න කුමන්ත්‍රණ කළාය කියමින්ය. එම මාධ්‍ය සාකච්ඡාව සංවිධානය කරන්නේ ඒකාබද්ධ විපක්ෂයය. එම මාධ්‍ය සාකච්ඡාවට දෙරණ, හිරු , සිරස නාලිකා සේම මෙරට ප්‍රධාන පුවත් පත් ද ඉහළම ප්‍රසිද්ධියක් ලබා දෙන්නේ, නාමල් කුමාර වීරයෙක් කියමින්ය. එම මාධ්‍ය සකඡාවත් සමග විමල් විරවංශ , උදය ගම්මන්පිල  ඇතුළු ඒකාබද්ධ විපක්ෂය පමණක් නොව මහින්ද රාජපක්ෂත් කියන්නේ වහාම නාලක සිල්වාව අත්අඩංගුවට ගත යුතු බවය. නාලක සිල්වා අත්අඩංගුවට ගන්නා තෙක්ම මෙම මාධ්‍යයන් සහ මහින්ද, විමල්, උදය ඇතුළු ඒකාබද්ධ විපක්ෂය යකා නටන්නේ නාලක සිල්වා ත්‍රස්තවාදියෙක් ලෙස හංවඩු ගසමින්ය.

ඉන්පසු මාධ්‍යය කියන්නේ, නාලක සිල්වා මහින්දව ඝාතනය කරන්නත්, කුමන්ත්‍රණය කළා කියාය. එස්.බි.ලා  වැනි ශ්‍රීලනිප නායකයන් කියන්නේ නාලක අත්අඩංගුවට ගෙන මෙම ඝාතන කුමන්ත්‍රණ හෙළිදරව් කරගෙන නාලක සිල්වා වැනි ත්‍රස්ත්‍රවාදින්ගෙන් රට ආරක්ෂා කර ගත යුතු බවය. මෛත්‍රීපාල  නාලක  සිල්වා අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග දෙන්නේ තමාව ඝාතනය  කරන කුමන්ත්‍රණය එජාප ආණ්ඩුව සුළුකොට තකන බව කියමිනි.

නාලක සිල්වා අත්අඩංගුවට පත්වීමත් සමග සහරාන් ගැන නාලක සිල්වා සිදු කළ විමර්ශන වාර්තාවලට  වුණු දෙයක් නැත. සහරාන් අත්අඩංගුවට ගැනීමට නාලක සිල්වා නිකුත් කළ රතු නිවේදනය වරෙන්තු අතුරුදන්වෙයි. නාලක හිරේට යද්දී සහරාන් එළියට එයි. ඔහු පාස්කු  බෝම්බය සැලසුම් කරන්නේ, නාලක හිරේට ගියාට පසුව තමාට අත තියන්න කවුරුත් නැති බව හිතමිනි.

ත්‍රස්ත්‍ර විරෝධී අංශය සහරාන් පසු පස ලුහු බැඳ යෑම එතැනින්ම නතර වෙයි. නාමල් කුමාර කළ සේවයට මහින්දගේ පොහොට්ටුවේ ආසන සංවිධායක ධූරයක් ඉල්ලයි. මෛත්‍රී සහ ගෝඨා ඝාතන කුමන්ත්‍රණය ගැන නාමල් කුමාර සහ නාලක සිල්වා අතර පැවති සංවාද හඬ පටවල එවැනිඝාතන  කුමන්ත්‍රනයක් ගැන කිසිදු සාක්ෂියක් නැතැයි පොලිසිය කියද්දීත් නාලක සිල්වාට ඇප නොදෙයි.

සහරාන් නිදැල්ලේ බෝම්බ ප්‍රහාරය  සලසුම් කරයි. බෝම්බ ප්‍රහාරයෙන් පසු නාලක සිල්වා උසාවියට ගෙනයා විට නිතිඥයා   නාලක සිල්වා  සහරාන් සහරාන් පසු පස ලුහුබැඳ ගිය හැටිත්, නාලක සිල්වා අත්අඩංගුවට  පත් වූ පසු සහරාන් අත්අඩංගුවට ගැනීමේ සැලසුම කඩා කප්පල් වූ හැටිත් උසාවියට කියයි. නාලකව අත්අඩංගුවට ගත්තේ සහරාන්ට එරෙහි වරෙන්තුව ගෙන මාස හතරකට අඩු කලයකින්ය.නාලකට ඇප ලැබෙයි. හැබැයි ඒ වෙනකොට සහරාන් වන්දිය ලබාගෙන අවසන්ය.

මේ අතර වාරයේ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයට ඉන්දීය ජාතිකයින් ද මැදිහත් වී ඇතැයිද ඔහු රෝ කාරයෙක් යැයි විමලලා, උදය ගම්මන්පිලලාත් කියයි. මෛත්‍රිත් අගමැති මණ්ඩලයේ මේ කතාව කියයි. පසුව එම ඉන්දියානු ජාතිකයා මානසික ලෙඩෙක් බව පොලිසිය කියයි. පාස්කු ප්‍රහාරය සහ සහරාන් ගැන රෝ ඔත්තු සේවය නම් ,ගම්, දින සහිතව දුන් වාර්තාව යට ගහන්නේ ඒකත් කුමන්ත්‍රනයක් යැයි කියාද දන්නේ නැත.

මේ කතාව කියවාගෙන යන විට මෛත්‍රී-ගෝඨා ඝාතන කුමන්ත්‍රණය සහරාන් අත්අඩංගුවට පත් වෙමින්  වලක්වන්න ගහපු ගේමක් බව පෙනෙයි. ඒ කියන්නේ පාස්කු  බෝම්බ ප්‍රහාරය  සැලසුම් කිරීමට සහරාන්ට නිදහස සහ පහසුකම් සලසා දීම සඳහා ඔහුව අත්අඩංගුවට ගන්න දතකාපු නාලක සිල්වාව සිර කොට ඔහුව ත්‍රස්ත්‍රවාදියෙක් කොට තිබේ. එසේම මෙම ප්‍රහාරය පිළිබඳව ඉන්දීය ඔත්තු සේවා දෙන වාර්තා විශ්වාස නොකිරීමට ආරක්ෂක ඇමති වූ මෛත්‍රීගේ මනස තුළ ඉන්දීය ඔත්තු සේවා විරෝධයක් නිර්මාණය කොට තිබේ.

මේ ඝාතන කුමන්ත්‍රණ එළියට දැමීමේත්, නාලක සිල්වාව අත්අඩංගුවට ගත යුතු යැයි මරහඬ දුන්නෙත් ඒකාබද්ධ විපක්ෂයය.  අර මෛති‍්‍රයපාල ව්‍යවස්ථා විරෝධිව පොලිසිය කටයුතු කළේ රනිල්ගේ ආණ්ඩුවට ඕනේ විදිහට නොව, ඒකාබද්ධ විපක්ෂයට ඕනෑ විදිහටය. ඔවුන් ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලට පවා සහභාගී වී තිබේ. ඒ කියන්නේ සහරාන් වෙනුවට  නාලක සිල්වාව ත්‍රස්ත්‍රවාදියෙක් කොට  මෛත්‍රීගේ ඇස් වසා පාස්කු ඉරුදින සහරාන්ට බෝම්බ පුපුරවන්න රට අනාරක්ෂිත කළේ, ඒකාබද්ධ විපක්ෂ නමැති සහරාන්ලාය.

බෝම්බ ප්‍රහාරයට පසු කුරුණෑගල, මිනුවන්ගොඩ  මුස්ලිම් විරෝධී කරලිවල සිටියේ නාමල් කුමාර සහ උදය ගම්මන්පිලගේ පක්ෂයේ නායකයෙක් වන ගායක මදුමාධව, පොහොට්ටු සංවිධායකයන්  සහ මහසෝන් බලකායේ නායකයාය. එදා සහරාන්ව බෝම්බ හදවන්න පෙළඹ වූ නුවර, දිගන කෝලාහලය පිටුපස සිටියේද ඔවුන්ය. මෙදා ඔවුන් කුරුණෑගල, මිනුවන්ගොඩ ගිනිතිබ්බේ තව සහරාන්ලා හදවන්න ද දන්නේ නැත.

අද විමල්ලා, උදය ගම්මන්පිලලා ඇතුළු ඒකාබද්ධ විපක්ෂ පාස්කු බෝම්බ ප්‍රහාරය ගැන හොයන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට බුද්ධි අංශ අසීරුතාවයට පත්කරනවාය කියමින් ගහන්නේ බෝම්බය  පිටුපස අදිසි සහරාන්ලා තමන් බව එළියට තේරීම් කාරක සභාව හරහා එළියට එයි  කියන බයටය.

ඔක්තෝබර් 26 කුමන්ත්‍රණයට පසු මෛත්‍රීගේ කනෙන් රිංගා ආරක්ෂක අමාත්‍යංශයට  පොලිසියට, බුද්ධි අංශ තුළට රිංගා ගත් විමල්ලා, උදය ගම්මන්පිලලා ගේ අත්වල තියෙන්නේ පාස්කු බෝම්බයෙන් ඝාතනය වූ 258 ගේ උණු ලේය. මේ ලේ තැවරිලා ඇත්තේ  ඔවුන් අත පමණක් නොව මෛත්‍රී-ගෝඨා ඝාතන කුමන්ත්‍රණය හරහා මාධ්‍යවලින් බුද්ධි අංශය  මෙහෙයවන්න ගිය හිරු, දෙරණ,සිරස නාලිකාවේ අත්වලත් මේ අහිංසකයන්ගේ ලේ තැවරිලා ඇත.

 

“ සහරාන්ව කලින් අත්අඩංගුවට ගත්තා නම් මේ විපත වෙන්නේ නැහැ”

 

බුද්ධි අංශ ප්‍රධානි සිසිර මෙන්ඩිස්  තේරීම් කාරක සභාව ඉදිරියේ  දී  කිව්වේ සහරාන් මිය ගියත් සහරාන්ට නිදැල්ලේ බෝම්බ හදන්න ඉඩ  දීපු ඔක්තෝම්බර් 26න්  පසු බුද්ධි අංශ, පොලිසිය සහ ආරක්ෂක අමාත්‍යංශය මෙහෙයවපු සිංහල  සහරාන්ලා තවම නිරුපද්‍රිතව  ඉන්නවා යැයි කියමින් විය යුතුය.    

-ගුරුදා විග්‍රහය-

මව්රට

Advertiesment