Monday 26th of October 2020

English Tamil
Advertiesment


2019 අවසානයේ එජාපයෙන් ජනපතිවරයෙක් නියතයි..!


2019-07-02 6069

(සුජිත් මංගල ද සිල්වා)

එක්සත් ජාතික පක්ෂයේම ජනාධිපතිවරයකු 2019 අවසානයේ දී නියත වශයෙන්ම බලයට පත් කර ගන්නේ යැයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහා ලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරණය කළේය.

ඒ සඳහා අවශ්‍ය  සියලු සැලසුම් සකස් කර අවසන් බව පෙන්වා දුන් අකිල විරාජ් කාරියවසම් මහතා ඒ වෙනුවෙන් පළාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත් කරන්න යැයි ද ඉල්ලා සිටියේය.

කුරුණෑගල දිස්ත්‍රක්කයේ පැවැති එක්සත් ජාතික පක්ෂ ජන රැළියක් අමතමින් මේ බව හෙළි කළ අකිල විරාජ් කාරියවසම් මහතා පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව මාස කිහිපයක් ඇතුළ පළාත් සභා මැතිවරණය ද පවත් වන බව  සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයට ජනාධිපතිවරයෙකු දැනට නොමැති බව එහිදී පෙන්වා දුන් අකිල විරාජ් කාරියවසම් මහතා එක්සත් ජාතික පක්ෂය මැදිහත් වී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් කළ බවත් මේ වන විට එම තත්ත්වය අර්ථ දැක්විය හැක්කේ  "මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා" යනුවෙන් යැයි ද වැඩි දුරටත් අවධාරණය කළේය.

  [embed]https://youtu.be/tPKUVYoiEtw[/embed]

Advertiesment