Thursday 22nd of August 2019

English Tamil


මුදල් ඇමතිගේ ලන්ඩන් නිවසේ-මාතර හෝටලයේ-මොනෑක් මන්දිරයේ තොරතුරු හෙළිවේ..!


2019-02-07 1066

මුදල් ඇමති තුසිත හල්ලොලුවගේ ප්‍රාණ ඇපකරුවෙකු වූ හේතුව මෙන්න..!

“MONARCH” මන්දිරය ඩොලර් 3.000කට කුලියට දී ලා..!

තුසිත හල්ලොලුව ගැන ඇඟ කිළිපොලා යන හෙළිදරව්වක් ළඟදීම..!  

මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා එංගලන්තයේ, ලන්ඩන් නුවරින් නිවසක් ද,මාතර දික්වැල්ල ප්‍රදේශයෙන් හෝටලයක් ද,කොළඹ “MONARCH” නිවාස සංකීර්ණයෙන් අති සුඛෝපභෝගී නිවසක් ද මිල දී ගෙන ඇති බව “lankanewsweek” වෙත වාර්තා වෙයි.

මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාට ලන්ඩන් නුවර නිවසක් තිබෙන බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සමීප එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල නිලධාරියෙකු සමග මීට කලකට පෙර පවසා ඇත්තේ ඔහුගේම කාර්ය මණ්ඩල ප්‍රධානී තුසිත හල්ලොලුව මහතාය.

මංගල සමරවීර මහතා වෙනුවෙන් එම නිවස මිලදී ගැනීම ඇතුළු සම්බන්ධීකරණ වැඩ කටයුතු මුදල් ද රැගෙන අවස්ථා ගණනාවකදී එංගලන්තයට ගියේ තමා බව ද,එම නිවස තිබෙන්නේ අමාත්‍යවරයාගේ නමට නොවන බව ද ඔහු සමග කියා ඇති තුසිත හල්ලොලුව මහතා මේ සියලු තොරතුරු දන්නේ තමා නිසා මංගල සමරවීර මහතාට තමා මඟ හැරීමට හෝ තමා නොසලකා හැරීමට නොහැකි බව ද පවසා ඇත.

ඔහු එසේ කළොත් මේ සියලු තොරතුරු තමා හෙළි කරන බව ද තුසිත හල්ලොලුව මහතා එක්සත් ජාතික පක්ෂයේ එම නිලධාරියා සමග සඳහන් කර තිබේ.

මේ අතර මංගල සමරවීර මහතාට අයත් කොළඹ “MONARCH APARTMENT” හී ඇති අති සුඛෝපභෝගී නිවස පිහිටා තිබෙන්නේ පහළොස් වැනි තට්ටුවේ වන අතර එහි අංකය “15/B/05” ය.

රුපියල් කෝටි හත ඉක්ම වූ මුදලකට මේ නිවස මිලදී ගෙන ඇතැයි කියන්නේ සුදු ජාතික විදේශිකයෙකුගේ නමට වන අතර ඔහු මේ වන විට මිය ගොස් සිටියි.

මේ වන විට එම නිවස විදේශිකන් දෙදෙනෙකුට මසකට ඩොලර් තුන් දහසකට කුලියට දී ඇති අතර එම නිවස භාරව කටයුතු කරන්නේ මංගල සමරවීර මහතාගේ වැඩුමහල් සොහොයුරිය වේ.

කුලී පදනම මත එම නිවසේ පදිංචිව සිටින විදේශිකයින් දෙදෙනාට එක යතුරක් සහ ඇයට තවත් යතුරක් වශයෙන් නිවසට යතුරු දෙකක් තිබෙන අතර මංගල සමරවීර මහතාගේ එම සොහොයුරිය බදාදා (06) සවස 5.00 ට පමණ ද එම නිවසට පැමිණ එහි අඩුපාඩු සොයා බලා ගොස් තිබේ.

මාතර හෝටලය පිහිටා තිබෙන්නේ මාතරත් දික්වැල්ලත්  අතර මුහුද පැත්තේ වන අතර මංගල සමරවීර මහතාගේ අතිශය පෞද්ගලික සහයක සමීර මනහර තරුණයා සමග එක්ව එම හෝටලය භාරව ක්‍රියා කරන්නේ ද ඔහුගේ සොහොයුරිය වේ.

මේ අතර මොරටුව බොල්ගොඩ ගඟ අසබඩ පිහිටි මංගල සමරවීර මහතාගේ පෞද්ගලික නිවාස ද අති විශාල මුදලක් වැය කර අති සුඛෝපභෝගී නිවසක් ලෙස නවීකරණය කර තිබේ.

ගම්මිරිස්, කරුන්කා,බිඩි ඔතන කොළ සහ වාහන එකලස් කිරීම ඇතුළු මහා පරිමාණ ජාවාරම් ගණනාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව ආරම්භ කළ පරීක්ෂණවලට එරෙහිව තුසිත හල්ලොලුව මහතා රේගු අධ්‍යක්ෂක ජනරාල්වරියට තර්ජනය කළ අවස්ථාවේදී සහ ඔහුට එරහිව රේගු නිලධාරීන් පැමිණිලි කළ අවස්ථාවේදී පවා මංගල සමරවීර මහතා තුසිත හල්ලොලුව මහතා සම්බන්ධයෙන් පියවරක් නොගත්තේ ඔහු තමාගේ මේ සියලු රහස් තොරතුරු දන්නා නිසාය.  

මේ හෙළිදරව්ව සම්බන්ධයෙන් මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රතිචාර දක් වන තුරු  “lankanewsweek” අවධානයෙන් යුතුව සිටින  අතර ඔහු සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් මේ අයුරින්ම සාක්කි ඇතිව ඉදිරියේදී හෙළි කර සිටින බව ද වගකීමෙන් යුතුව කියා සිටිමු.