Wednesday 21st of April 2021

English Tamil
Advertiesment


මීළඟ ගොදුර ඔබද ?


2019-07-02 3322

රජයේ රෝහල්වල ඇඳන්වලින් සියයට 20ක් මධ්‍යසාර හා සිගරැට් නිසා රෝගී වූ පිරිසගෙන් පිරී පවතිනවා. මධ්‍යසාර හා දුම්වැටි සඳහා ශ‍්‍රී ලාංකිකයින් දිනකට රුපියල් කෝටි 50 ක් වැය කරනවා. අඩු ආදායම්ලාභීන්ගේ ආදායමෙන් සියයට 35 ක් මධ්‍යසාර සඳහා වියදම් වෙනවා. දුම්පානයෙන් දිනකට පුද්ගලයන් 55ක් මිය යනවා.

දුම්කොළ හා මධ්‍යසාර වලින් සිදුවන සෞඛ්‍ය හා සමාජයීය හානිය මුදලින් තක්සේරු කළ නොහැකි බවයි. සෞඛ්‍ය හා ආර්ථික විශේෂඥයෝ අවධාරණය කරන්නේ. ඔවුන් අවධාරණය කරන මේ කරුණු සියයට සියයක් නොවෙයි සීයට දාහක් ඇත්ත බව දුම්කොළ හෝ මධ්‍යසාර වලින් බැටකන ලංකාවේ පවුල්වල පුංචි ළමයෙක් පවා කියාවි.

මේ තත්ත්වය උදාවෙලා තිබෙන්නේ දුම්කොළ හා මධ්‍යසාර අපේ රටේ , මුළු ලෝකයේම පුද්ගල ජීවිතය පමණක් නොවෙයි ඔබගේ පවුල් ජීවිතයත් පොදුවේ සමස්ත සමාජයමත් ඛේදවාචකය කරා ඇදගෙන යන නිහඬ මාරයෙක්ගේ තත්ත්වයට පත් වෙලා තිබෙන නිසයි.

දුම සමඟ එන නිහඬ මාරයා

දුම්කොළ හා දුම්වැටි මගින් ඒවා භාවිත කරන්නන්ගෙන් සියයට 50ක් ම මරාදමන බව සෞඛ්‍ය අංශවල වාර්තා හෙළි කරනවා. ඒක සංඛ්‍යාත්මකව ගතහොත් වසරක් පසා දුම්කොළ හා දුම්වැටි නිසා ලෝකයේ පුද්ගලයින් ලක්ෂ 60ක් මරණයට පත් වෙනවා. මේ තත්ත්වය තවත් සරල කළහොත් සෑම තත්ත්පර 06 කටම වරක් දුම්කොළ හෝ දුම්වැටි නිසා පුද්ගලයෙක් මිය යනවා.

ලංකාවේ තත්ත්වය අපිට හිතා ගන්නවත් බැරි තරම් භයානකයි. මොකද ලංකාවේ වාර්ෂිකව දුම්කොළ හා දුම්වැටි භාවිතය නිසා මියයන පුද්ගලයින් සංඛ්‍යාව 20,000ක්. දිනකට 55 දෙනෙක්.

මධ්‍යසාර භාවිතය නිසා සෑම තත්ත්පර 10 කටම වරක් පුද්ගලයෙක් මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා. 2012 වසරේ දී මධ්‍යසාර භාවිතය නිසා මියගිය සංඛ්‍යාව ලක්ෂ 33 ක්. මේ තත්ත්වය ඛේදවාචකයක් වන්නේ අවුරුදු 15-49 අතර තරුණ ප‍්‍රජාව අකාලයේ මරු වසඟයට ගෙන යන ප‍්‍රධාන මාරයා වන්නේ මධ්‍යසාර වීම නිසයි.

රෝගයක් නොවෙයි ලෙඩ වාට්ටුවක්

දුම්කොළවල විෂ සහිත රසායනික සංඝටකයන් 250කට අධික සංඛ්‍යාවක් තිබෙනවා. ඒවායින් 50කට වඩා වැඩි සංඛ්‍යාවක් පිළිකාකාරක වශයෙන් හඳුනාගෙන තිබෙනවා.

දුම්කොළ සහ දුම්වැටි මිනිස් සිරුරේ සියලූම පද්ධතීන්ගේ ක‍්‍රියාකාරීත්වයට හානිකරන බව මේ වන විට තහවුරු කරගෙන තිබෙනවා. හෘදයාබාධ සහ අඝාත තත්ත්වයන් ඇති කිරීමේ හේතු අතරින් ඉදිරියෙන්ම සිටින්නේ දුම්වැටි.

එමෙන්ම දුම්පානය නිසා ඇතිවන ඇදුම හා නිධන්ගත ශ්වසන රෝගවලට ද වැඩිහිටියන් ගොදුරු වෙනවා. ඒ වගේම දුම්කොළ භාවිතය නිසා මුඛය, ස්වරාලය, පෙණහළුල ආමාශය සහ මුත‍්‍රාශය ඇතුළු සිරුරේ තවත් අවයව රැසක පිළිකා ඇති කරනවා.

දුම්කොළ භාවිත කරන අති බහුතරයක් පිරිමින් වනවා වාගේම ඔවුන් වයස අවුරුදු 15-49 අතර පසුවන අය. මේ පිරිස මුහුණ දෙන තවත් බරපතළ සෞඛ්‍ය ගැටලූවක් වන්නේ දුම්කොළ භාවිත කරන පුද්ගලයින් ලිංගික බෙලහීනතාවයට පත්වීමට වැඩි ඉඩක් තිබීමයි.

මධ්‍යසාර කරන විනාශය

ඔබ දැක පුරුදු ‘බේබද්දන්’ බොහෝ දෙනකුට අවසාන කාලයේ උරුම වුණේ කුමන විදියේ මරණයක්ද කියලා සිතා බලන්න. නිසැකවම ඔවුන් සියලූ දෙනාම මිය ගියේ අක්මාවේ සිරෝසිස් තත්ත්වයෙන් බව ඔබට මතක් වේවි.

අක්මාවේ සිරෝසිස් තත්ත්වය ඇති කරන්න ප‍්‍රධාන වශයෙන්ම හේතු වන්නේ මධ්‍යසාර පානය කිරීම. ඒ වගේම මධ්‍යසාර පානය කිරීමෙන් මොළයේ ක‍්‍රියාකාරීත්වය අඩපණ වෙනවා. හොඳට මතක තියාගන්න මධ්‍යසාර කියන්නෙක් ප‍්‍රබල පිළිකා කාරයයක්.

මධ්‍යසාර භාවිතයේ තිබෙන තවත් බරපතළ සමාජ අවධානමක් තමයි මත්පැන් පානය කර රිය පැදවීම නිසා සිදුවන අනතුරු. ලංකාව ද ඇතුළත්ව ලෝකයේ බොහෝ රටවල රිය අනතුරු ඇති වීමට ප‍්‍රධානතම හේතුවක් වන්නේ බීමත්ව රිය පැදවීමයි.

අසල්වැසියාත් මරාගෙන මැරීම

දුම්පානය සැලකෙන්නේ අසල්වැසියාත් මරාගෙන මැරෙන වැඩක් විදිහටයි. ඒ බොහෝ විට ඔබගේ පවුලේ සමීපතමයෙක් බිරිය, දරුවා, විය හැකියි.මේ තත්ත්වයට හේතු වන්නේ දුම්පානය කරන්නන්ගෙන් නිකුත් වන දුම තවත් බොහෝ පිරිසකට ආශ්වාස කිරීමට සිදුවන නිසයි. නිවසේ විසිත්ත කාමරයේ සිට දුම්පානය කරන ඔබගේ පියා හෝ සැමියා ගැන හිතන්න. එවිට මේ තත්ත්වය ඔබට මනාව අවබෝධ වේවි.දුම්පානය කරන්නන් විසින් නිකුත් කරන දුම් තවත් අයෙකු විසින් ආශ්වාස කිරීමිඅක‍්‍රීය දුම්පානය’ කියලා හඳුන්වනවා.

අක‍්‍රීය දුම්පානයට ගොදුරු වන දරුවන් ඇදුම හා ශ්වසන මාර්ගයේ ආසාදනයන්ට පහසුවෙන්ම ගොදුරු වෙනවා. ඒ වගේම තමයි අක‍්‍රීය දුම්පානය මගින් පවා පෙණහළුවලල උගුරේ සහ ස්වරාලයේ පිළිකා ඇති වීමේ අවධානම වර්ධනය කරනවා.ඒ නිසා ඔබ අසල සිට ඔබේ පියා, සැමියා, මිතුරා, අසල්වැසියා, ප‍්‍රධානියා මේ  ඕනෑම කෙනෙක් දුම්පානය කරන විට එයට විරුද්ධ වීමට ඔබට අයිතියක් තිබෙනවා.

දුප්පත්කමට මුල

දුප්පත්කමට ප‍්‍රධානතම හේතුව දුම්වැටි හා මධ්‍යසාර භාවිතය බව සනාථ වෙලා බොහෝ කාලයක් වෙනවා. බොහෝ වැඩිහිටියන් ,පියා, සහෝදරයා, උපයන ආදායමින් සැලකිය යුතු මුදලක් දෛනිකව දුම්කොළ හෝ මධ්‍යසාර භාවිතයට වෙන් කරන ආකාරයක් අප නිතර දකිනවා. ඇතැම් විට මෙය දෛනික ඉපයීම්වලින් සියයට 50ක අගය ඉක්මවන අවස්ථා පවා බහුලව හමුවෙනවා.

අපි රටක් ලෙස දෛනික රුපියල් මිලියන 250ක් දුම්කොළ හා දුම්වැටි වෙනුවෙන් වැය කරනවා. මෙය වාර්ෂිකව ගතහොත් රුපියල් මිලියන 91,250ක්. පුද්ගලයෙක් වශයෙන් ගත් විට ලංකාවේ පුද්ගලයෙක්,  බා,ල තරුණ, මහලූ ආදී සියලූ දෙනා එකතුව ගත්විට වාර්ෂිකව රුපියල් 4562 ක් වැනි මුදලක් දුම්කොළ හා දුම්වැටි සඳහා වැය කරනවා.

දුම්කොළල දුම්වැටි හා මධ්‍යසාර භාවිත නිසා සිදුවන විවිධාකාර සෞඛ්‍ය ගැටලූ වෙනුවෙන් රජය මෙන්ම පුද්ගලිකව ද ජනතාව විසින් රුපියල් බිලියන ගණනක් වැය කරනවා. ඒ වගේම පවුලේ සමගිය, සෞඛ්‍ය තත්ත්වය බිඳී යාම ආදී ගැටලූ නිසා මිල කළ නොහැකි තරම් ධනයක් හා කාලයක් වැය කරනවා.

හොඳට මතක තියා ගන්න, ආණ්ඩුව දුම්කොළල දුම්වැටි හා මධ්‍යසාරවලට බදු පනවා තිබුණත් ඒ බදු ආදායමට වඩා සිය දහස් ගුණයක වියදමක් රජය විසින් දුම්කොළ හා මධ්‍යසාර භාවිත කරන්නන්ගේ සෞඛ්‍ය වෙනුවෙන් වැය කරනවා.

දුම්වැටි හා මධ්‍යසාර භාවිතයේ හානි

එක්තරා කාලයක දුම්වැටි හා මධ්‍යසාර භාවිතය ඉහළ පෞර්ෂය ලක්ෂණයක් හා හොඳ සමාජශීලීභාවය ප‍්‍රකට කරන දෙයක් ලෙස හඳුන්වා දෙන්න දැඩි උත්සාහයක් තිබුණා. ඒත් ඒක සම්පූර්ණයෙන් බොරුවක්, රැවටීමක් කියලා එදත් බොහෝ දෙනෙක් පිළිගත්තා. ඇත්තටම දුම්කොළ හා මධ්‍යසාර භාවිත කරන පුද්ගලයින් අවලස්සනල දුඟද හමන අප‍්‍රියජනක පුද්ගලයින් බව බැලූබැල්මට කිව හැකියි.

එපමණක් නොවෙයි දුම්කොළ හා මධ්‍යසාර භාවිත කරන පුද්ගලයින්ට කිසිසේත්ම වීරත්වයක් හෝ ජයග‍්‍රාහීභාවයක් හිමිවන්නේ නැහැ. ඔවුන් නිරන්තරයෙන්ම පරාජිතයින් බවට පත් වෙනවා. ඒ වගේම ඔවුන් සමාජය හමුවේ නින්දාවටල අපහාසයට ලක්වන පුද්ගලයින් බවට පත්වෙනවා.

දුම්කොළ හා මධ්‍යසාර භාවිතයේ හානිකර තත්ත්වයන්

‘‘මධ්‍යසාර හා දුම්කොළ භාවිතය නිසා ශරීර සෞඛ්‍ය පිරිහීමට ලක් වෙනවා.

‘‘දරා ගැනීමේ හැකියාව දුර්වල කරනවා.

‘‘අනෙකුත් මත්ද්‍රව්‍ය භාවිතය සඳහා :හෙරෝයින් වැනි වැඩි නැඹුරුවක් තිබෙනවා

‘‘කලහකාරී බවල දැඩි කෝපය වැනි මානසික ගැටලූවලට ලක් වෙනවා.

‘‘ආර්ථික අතින් විනාශයට පත් වෙනවා.

‘‘සමාජය තුළ කොන් වූ හෝ නොසලකා හරින පුද්ගලයෙක් බවට පත් වෙනවා.

 

මීළඟ ගොදුර ඔබද ?

ශ‍්‍රී ලංකාවේ දිනපතා දුම්පානය නිසා හටගන්නා විවිධාකාර රෝගාබාධවලට ලක්වීම හේතුවෙන් පුද්ගලයින් 55 දෙනකු මිය යනවා. මේ තත්ත්වය නිසා දුම්කොළ සමාගම් අලූතින් පුද්ගලයින් 55 දෙනකුවත් දුම්පානය සඳහා නැඹුරු කරගත යුතුයි. දුම්කොළ හා දුම්පානය කරන්නන්ගෙන් අති බහුතර ළමා හෝ නව යොවුන් පුද්ගලයින් නිසා ඔවුන්ගේ මීළඟ ගොදුර ඔබ හෝ ඔබගේ සමීපතමයෙක් විය හැකියි. ඒ නිසා ඔබ දුම්වැටි නිෂ්පාදන සමාගම් විසින් අනුගමනය කරන විවිධාකාර රැවටිලි සහගත ප‍්‍රචාරණ උපක‍්‍රමයන්ගේ පහසු ගොදුරුක් නොවීමට වගබලා ගත යුතුයි.

ඉතාම තදින් අවධාරණයට ගන්න ඔවුන් මුළු දවස පුරාම සෑම තැනකදීම නොනැවතී ඔබව ලූහුබඳිනවා. ඒ ඔබව දුම්පානයට යොමුකරවා ගන්න. ඒ උපායට හසුවෙලා ජීවිතයම ඛේදවාචකයක් කර ගන්න එපා.

ජනප‍්‍රිය චරිත යොදා ගැනීම

දුම්වැටි හා මධ්‍යසාර භාවිතය ප‍්‍රචලිත කරන කිසිඳු ආකාරයක දැන්වීම් ප‍්‍රදර්ශනයට වර්තමානයේ ඉඩක් නැති තත්ත්වයක් තුළත් මෙම සමාගම් විවිධාකාර උපායන් යොදා ගන්නා බවක් අපට දැකිය හැකියි. ඒ අතර ප‍්‍රධාන වන්නේ ළමුන් හා නව යෞවනයන් වඩාත් ආදරය කරනල ප‍්‍රියකරන වීරයින්ගේ චරිත යොදා ගෙන ළමුන් තුළ පෙළඹවීමක් ඇති කිරීම. මේ සඳහා බොහෝ විට ජනප‍්‍රිය කාටුන් චරිත යොදා ගන්නා ආකාරයක් අපට දැකිය හැකියි.

ප‍්‍රවේශම් වන්න,  ඔවුන් මේ කරන්නේ ඔබව ගොදුරු කර ගැනීමට තවත් ක‍්‍රමයක් අත්හදා බැලීමටයි. එයට ගොදුරු වන්න එපා.

කාන්තාවන් ඉලක්ක කිරීම

රජයන් හා විවිධ කණ්ඩායම් විසින් පසුගිය කාලය පුරා ගෙනගිය දැවැන්ත වැඩපිළිවෙළ නිසා මේ වන විට ලෝකය පුරාම දුම්පානයේ පැහැදිලි අඩුවක් දැකිය හැකියි. ඒ පිරිමින් අතරයි. මේ නිසා වර්තමානයේදී කාන්තාවන් දුම්වැටි පානය සඳහා පොළඹවා ගැනීමේ දැවැන්ත යාන්ත‍්‍රණයක් දුම්වැටි සමාගම් විසින් දියත් කරලා තිබෙනවා.

මේ තත්ත්වය තුළ වැඩි වශයෙන් කාන්තාවන් ගැවසෙන, විනෝදමේලා, ප‍්‍රදර්ශන, රාත‍්‍රී සමාජශාලාල ප‍්‍රියසම්භාෂණ හා පාඨශාලාන්තර ක‍්‍රීඩා උත්සව වෙනුවෙන් විශාල වශයෙන් මුදල් අනුග‍්‍රහය දැක්වීමට මේ සමාගම් පියවර ගෙන තිබෙනවා.

ඒ වගේම තමයි මේ වන විට කාන්තාවන් අතර වැඩි ජනප‍්‍රියභාවයක් ඇති මුහුණුපොත වැනි සමාජ මාධ්‍ය ද මේ දුම්වැටි හා මධ්‍යසාර නිෂ්පාදන සමාගම් විසින් ආක‍්‍රමණය කරමින් ඔබව ගොදුරු කර ගැනීමට මුව අයා සිටිනවා.

දුම්කොළ හා මධ්‍යසාර ගැන ඔබ විසින් දැනගත යුතුම දේ

‘‘මධ්‍යසාර සහ දුම්වැටි සඳහා ආරක්ෂිතව පරිභෝජනය කළ හැකි ප‍්‍රමාණයක් නැත. කුඩා ප‍්‍රමාණවලින් වුවත් ඒවා ඔබගේ සිරුරට හානි කරන අතර ඔබගේ සෞඛ්‍ය හා සමාජ ජීවිතය අනතුරේ හෙළයි.

‘‘මධ්‍යසාර හා දුම්වැටි කර්මාන්තයේ මූලික ඉලක්කය වන්නේ පාසල් දරුවන්.

‘‘දුම්කොළල දුම්වැටි හා මධ්‍යසාරවලට ගොදුරු බවට පත්වන්නේ දුර්වල අයයි. එහෙයින් ඔවුනට ඒවායින් මිදීම සඳහා අපගේ උපකාර අවශ්‍ය වෙනවා.

‘‘දුම්කොළ හා දුම්වැටිඇබ්බැහි වීම’ ඇති කරනවා. එනිසා ඒවා අත්හදා බැලීම නොකළ යුතුයි. ඇබ්බැහි වුවහොත් එයින් මිදීමට නොහැකි වෙනවා.

‘‘දුම්කොළල දුම්වැටි හා මධ්‍යසාර සියලූම දෙනාට ඉතා හානිකරයි.

-ලක්ෂ්මන් සිරිවර්ධන -

Advertiesment