මනුෂ්‍ය ඝාතනය යනු අපරාධයන් අතුරින් සිදු කළ හැකි දරුණුතම හා බරපතලම අපරාධයයි. මනුෂ්‍ය ඝාතනය යන්නේ සරල අර්ථය නම් පුද්ගලයකු විසින් තවත් පුද්ගලයකුගේ ප‍්‍රාණය නිරුද්ධ කිරීමයි. මෙය වඩාත් බරපතල අපරාධය ලෙස සැලකෙන්නේ පරම මානව අයිතිවාසිකමවන ජීවත්වීමේ අයිතිය’ මෙමඟින් උල්ලංඝණය වන බැවිණි. සදාචාරය අනුව සෑම මනුෂ්‍ය ඝාතනයක්ම යුක්ති සහගත නොවුණ ද නෛතික වශයෙන් යුක්ති සහගත හා සමාව දිය හැකි ගණයේ මනුෂ්‍ය ඝාතන ඇත.
මෙහිදී නීත්‍යානුකූල මනුෂ්‍ය ඝාතන යටතට සමාව දියහැකි හා යුක්ති සහගත මනුෂ්‍ය ඝාතන (නෛතික වශයෙන් පිළිගත්) ඇතුළත් වේ. සමාව දිය හැකි ගණයේ මනුෂ්‍ය ඝාතන වූ කලී යමෙකුගේ ජීවිතය තොර කිරීමේ අදහසින් හෝ චේතනාවකින් තොරව යම් කිසි ක‍්‍රියාවක් සිදු කිරීම තුළින් පුද්ගලයකුගේ මරණය සිදු කරන ලද අවස්ථා එනම්,
ශ‍්‍රී ලංකාව තුළ සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය පිළිබඳ නෛතික විග‍්‍රහයක් ඇත්තේ දණ්ඩ නීති සංග්රහයේ 293 වගන්තියේ ය.
‘මරණය සිදු කිරීමේ අදහසින් හෝ මරණය සිදුවිය හැකි අන්දමේ ශාරීරික පාඩුවක් කිරීමේ අදහසින් හෝ තමා සි දුකරන ක්‍රියාවෙන් මරණය සිදු විය හැකි බව දනිමින් ම යම් ක‍්‍රියාවක් සිදු කිරීමෙන් මරණය සිදු කරන පුද්ගලයකු සාවද්‍ය මනුෂ්‍ය ඝාතන වරද සිදු කරයි.මේ අනුව අනෙකුත් අපරාධයකදී ම මෙන්ම සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය තුළදි සාවද්‍ය ක‍්‍රියාවක්’හා සාවද්‍ය චින්තනයක් ගැබ්ව පවතියි.
සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයේ සාවද්‍ය ක‍්‍රියාවල Actus Reus වන්නේ මරණය සිදු කිරීමයි . ‘සාවද්‍ය චින්චනය’ Mens Rea වන්නේ සාපරාධී චේතනාව හෝ සාවද්‍ය දැනීමයි. දණ්ඩ නීති සංග‍්‍රහයේ 293 වගන්තිය අනුව සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් සිදුවීමට බලපාන සාවද්‍ය ක‍්‍රියාව හා චිත්තය සලකා බැලීමේදී,
මෙහිදී පළමු පාදයන් ත‍්‍රිත්වය සාවද්‍ය චිත්තය විග‍්‍රහ කරනු ලබන අතර අවසන් පාදය සාවද්‍ය ක‍්‍රියාව විග‍්‍රහ කරනු ලබයි.
1 . ආබාධයකින් , රෝගයකින් හෝ කායික දුර්වලතාවයකින් පෙළෙන තැනැත්තෙකුට ශාරීරික පාඩුවක් කිරීමෙන් එම තැනැත්තාගේ මරණය ඉක්මන් කරනු ලැබූවෙකු ඔහුගේ මරණය සිදු කළා යැයි සැලකේ.
රජය එ. සලමන්(38 NLR 113) - මෙම නඩුවේදී චූදිතයා වින්දිතයාට පහරක් එල්ල කරයි. එය ස්වභාවික කටයුතු අතරදී මරණයට ප‍්‍රමාණවත් වූ පහරක් නොවුන ද ඉන් වින්දිතයාගේ ශාරීරික ආබාධයක් උත්සන්නවීමෙන් මරණය සිදුවේ. චූදිතයා හට සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයට වගකීම පැවරුණි.
රජ එ කොළඳා (1901 5 NLR 236) - මෙම නඩුවේදී චූදිතයා වින්දිතයාගේ යටිබඩ ප‍්‍රදේශයට පහරක් එල්ල කරයි. එම පහර නිරෝගී පුද්ගලයකුගේ මරණයට ප‍්‍රමාණවත් නොවූවද ඒ වන විටත් ඇලදිව (ප්ලීහාව හා අක්මාව) විශාලවීමේ රෝගයකින් පෙළුනු වින්දිතයාගේ ඇලදිව පිපිරීමට තරම් ඒ පහර ප‍්‍රමාණවත් වී ඇති බව අධිකරණ වෛද්‍ය වාර්තාවේ සඳහන් විය. ඒ අනුව චූදිතයා සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයට වරදකරු විය.
තබෝමාලි ඒ. රැජිණ (1958 WLR 228)- මෙම විදේශීය නඩුවේදී චූදිතයා වින්දිත තැනැත්තා හට පහර කිහිපයක් ගසා ඔහු මියගියා යැයි සලකා දේහය සැඟවීමට එය ප‍්‍රපාතයකන් පහළට හෙළනු ලැබීය. එහෙත් ඒ වන විටත් මිය නොගොස් සිහිසුන්ව සිටි වින්දිතයාග් මරණයට හේතු වී ඇත්තේ සිරුර ප‍්‍රපාතයෙන් පහළට හෙලීමේදී හිස ගල්වල වැදීම නිසා වූ බරපතල තුවාල හේතුවෙන් ඇති වූ අධික රුධිර වහනය හේතුකොට සිදු වූ කම්පනයෙන් බව අධිකරණ වෛද්‍ය වාර්තාවේ දැක්වින මෙහිදී අධිකරණය පැවසුවේ මෙම සිද්ධියේ එක් අදියරකදී පමණක් චූදිතයා සතුව සාවද්‍ය චේතනාව පැවතුණ ද මරණය සිදු වී ඇත්තේ චේතනාන්නවිතව සිදු කළ පහරදීමෙන් නොවන බැවින් චූදිතයා මිනීමැරුමට නොව සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයට වගකිව යුතු යැයි ප‍්‍රකාශ කරන ලදී.
සෑම සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක්ම මිනීමැරුමක් නොවුවත් සෑම මිනී මැරුමක්ම සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් වේ. (Every Culpable Homicide is not a Murder, But every Murder is a Culpable Homicide) ශ‍්‍රී ලංකා දණ්ඩ නීති සංග්රහයේ 294 වගන්තියේ මිනීමැරීම යන අපරාධය පිළිබඳ සඳහන් වේ.
මින් මතු බරහැර කරන අවස්ථාවන්හි දී හැර පහත දැක්වෙන පරිදි වුවහොත් සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය මිනීමැරුමක් වේ. එනම්,
මිනී මැරීම හා සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය අතර විශාල වෙනස්කමක් නොමැත. මිනීමැරීමේ සාවද්‍ය චිත්තය වන්නේ ද සාපරාධී චේතනාව හා සාවද්‍ය දැනීමයි. සාවද්‍ය ක‍්‍රියාව වන්නේ මනුෂ්‍ය ඝාතනයයි.
චූදිතයා සතුව මිනීමැරීම සඳහා වූ චේතනාව අධිකරණය ඉදිරියේ ශක්තිමත්ව ඔප්පු කිරීමට පැමිණිලිකාර පාර්ශවය විසින් පහත කරුණු උපයෝගී කරගත හැකය .
ගුණදාස එ. නීතිපති (1999 1 Sri .LR 253) - මෙම නඩුවේදී පළමු චූදිතයා විසින් යම් ආයුධයකින් මරණකරුගේ හිසට පහර දී තුවාල කර තිබූ අතර දෙවන චූදිතයා විසින් කඩුවකින් මරණකරුගේ පාදයට කැපුම් තුවාල 2ක් සිදු කර තිබුණි. අධිකරණය පැවසුවේ පළමු චුදිතයා අනිවාර්ය යෙන්ම මිනීමැරුමට වරදකරු විය යුතු බවයි. මෙහිදී අධිකරණය කරුණු 2ක් පිළිබඳ අවධානය යොමු කර න ලදී. එනම්,
විතාන එ. රජය (2007 1 Sri .LR169) - මෙම නඩුවේදී සිසිර ඞී. ආබෘ විනිසුරුතුමා පැවසූවේ මිනී මැරුමක් සිදුවීමට නම් පහත කරුණු ඉටුවිය යුතු බවයි. එනම්,
මෙන්ඩිස් එ. රැජිණ( 1952 54 න.නි.වා 177) - මෙම නඩුවේදී චූදිතයා විසින් පුද්ගලයකුට පොල්ලකින් පහර දී තුවාල කර තිබුණි. මෙහිදී ඔප්පු වූයේ එම පොලූ පහර අදාල වින්දිතයාගේ මරණයට හේතු වූ බවයි. ඒ අනුව මනුෂ්‍ය ඝාතනයේ අදහසින් චූදිතයා විසින් පොලූ පහර එල්ල කර ඇතැයි අධිකරණයේදී තීරණය විය. චූදිතයා මිනීමැරීමට වරදකරු විය.
වින්දිතයාගේ මරණය සිදු විය හැකි යැයි චූදිතයා දන්නා වූ ශාරීරික පාඩුවක් සිදුකළේ යැයි (294 - 2වන පාදය) අධිකරණයේදී ඔප්පු වුවහොත් මිනීමැරුමට වගකීම පැවරිය හැක.
රජු ඒ. සාන්න සූසායි (1891) - චූදිතයා විසින් වින්දිතයාගේ අතකට පෑන් පිහියකින් කැපුමක් සිදු කරන ලදී. මෙම තුවාලය දැඩි ශාරීරික පාඩුවකට හේතු වූයෙන් වින්දිතයාගේ මරණය සිදු විය. අධිකරණයේදී සනාථ වූයේ චූදිතයා විසින් වින්දිතයා සතුව පැවැති රුධිරය කැටි නොගැසීමේ රෝගී තත්ත්වය පිළිබඳ දැන සිටි බවයි. ඒ අනුව චූදිතයා හට මිනීමැරීමට වරදකරු විය.
තවද චූදිතයන් විසින් සාපරාධී ක‍්‍රියාව සිද්ධ කිරීමට ප‍්‍රථමව සිදු කරන ලද ප‍්‍රකාශයන් ද මිනීමැරුම් ඔප්පු කිරීමට උපකාරී වන වැදගත් සාක්ෂි වේ.
බෙල්ලන විතානගේ ඇඞ්ඩින් (1940 - 41 න.නි.වා 345) - චුදිතයා වින්දිතයාගේ හිසට පොලූ පහර 4ක් එල්ල කර තිබුණු අතර ඉන් තුනක් මරණය සිදු විය හැකි අන්දමේ බරපතල ගණයේ ඒවා බව අධිකරණ මරණ පරීක්ෂණයේදී තහවුරු විය. ඇසින් දුටු සාක්ෂි මඟින් තහවුරු වූයේ “දැන් බලං හිටපං මං උඹ පාන්දර වෙන්න කලින් මරණවා’ යැයි චූදිතයා ප‍්‍රකාශ කර තිබූ බවයි. චූදිතයාගේ මේ ප‍්‍රකාශය අධිකරණය ඉදිරියේ ඔහු සතුව පැවති සාවද්‍ය චේතනාව තහවුරු කරන ලදී.
රෙංගසාමි (1924 - 25 න.නි.වා 434) - මෙම නඩුවේදී ද චූදිතයාගේ ප‍්‍රකාශයක් මිනීමැරීමේ වරදට වගකීම පැවරීමට උපකාරී විය.’එකෙක් මැරුවා අනිකත් එලිවෙන්න කලින් මරණවා’ යැයි චූදිතයා පවසා තිබුණි.
දණ්ඩ නීත සංග‍්‍රහයේ 302 වගන්තිය අනුව සියදිවි නසා ගැනීමට තැත් කිරීම වරදක් ලෙස සැලකුණි .එහෙත් පසුකාලීනව එම වගන්තිය සංග‍්‍රහයෙන් (පනතින්) පරිච්ජින්න කරනු ලැබුණි. වර්තමානයේ එවැනි වගන්තියක් සංග‍්‍රහයේ නොමැත. (එහෙත් 300 වගන්තිය අනුව සියපණ හානි කර ගැනීමට අනුබලදීම දඬුවම් ලැබිය හැකි වරදකි.)
දණ්ඩ නීති සංග‍්‍රහයේ 303 වගන්තියට අනුව මවගේ ජීවිතය බේරාගැනීමට සද්භාවයෙන් කරනු ලබන යන ව්‍යතිරේකයට යටත්ව නූපන් කළලයක් ගබ්සා කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි.
ශ‍්‍රී ලංකා අපරාධ නීතියේ හරයාත්මක නීතිය (Substantive law ) තුළ ප‍්‍රධාන මූලය වන දණ්ඩ නීති සංග‍්‍රහයට අනුව (297 වගන්තිය) මිනී මැරුමක් නොවන සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයකට වරදකරුවකු වූ තැනැත්තකුට අවුරුදු 20දක්වා වූ දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාර ගත කිරීමකින් දඬුවම් කළ යුතුය. ශ‍්‍රී ලංකා අපරාධ නීතියේ ක‍්‍රියාපටිපාටික නීතියේ( Procedural law) ප‍්‍රධාන මූලය වන අපරාධ නඩු විධාන සංග‍්‍රහය අනුව සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය යනු ඇප ලබාදිය නොහැකි මෙන්ම සැකකරු වරෙන්තුවකින් තොරව අත්අඩංගුවට ගත හැකි වරදකි.
දණ්ඩ නීති සංග‍්‍රහයේ 296 වගන්තිය අනුව මිනීමැරීමට වරදකරුවූවකුට මරණීය දඬුවමෙන් දඬුවම් කළ යුතුය. අපරාධ නඩු විධාන සංග‍්‍රහයට අනුව ඇප ලබාදිය නොහැකි එමෙන්ම වරෙන්තු රහිතව වූවද සැකකරු අත්අඩංගුවට ගතහැකි වරදකි. වයස අවු. 16 අඩු තැනැත්තන් සඳහා ජනාධිපතිවරයා දක්වන කාලයක් ද ගර්භණි කාන්තාවන් සඳහා ජීවිතාන්තය දක්වා ද බන්ධනාගාරගත කිරීම මඟින් දඬුවම් නියම කරනු ලබයි.
(කුසල් කාවින්ද අමරසිංහ)
Lanka Newsweek © 2023