Monday 19th of April 2021

English Tamil
Advertiesment


යාපා කී ට්‍රිලියනය බැඳුම්කර වාර්තාවේ කෝ..?


2019-07-02 2373

          හොරු බැංකු බිඳලා ගන්න සල්ලි ඒ බැංකුවේම තැන්පත් කරයි ද..?

මෛත්‍රී පත් කළ බැඳුම්කර කොමිසමෙන් මාධ්‍ය රටම රත් කරද්දී, මෛත්‍රීගේ නියෝජ්‍ය ඇමතිවරයකු වූ ලක්ෂ්මන් යාපා රට හොල්ලන හෙළිදරව්වක් කළේය.ඔහු කීවේ බැඳුම්කරයෙන් රටට වූ පාඩුව ට්‍රිලියනයක් කියාය.ඔහුගේ මේ මහා හෙළිදරව්ව මාධ්‍ය පළ කළේ පෛතගරස් හොයාගත් ගණිත සූත්‍රයක් වගේය.ට්‍රිලියනය කියන වචනය ඇහුවත් ට්‍රිලියනයට බින්දු කීයද කියන එකවත් බොහෝ අය දන්නවා ද දන්නේ නැත.ලංකාවේ ගමේ පමණක් නොව නගරයේත් තත්ත්වය ඒකය.ලෝකයේත් ට්‍රිලියනයක වත්කම් ඇති මිනිස්සු තවම හොයා ගෙන නැත.ලොව දනවත්ම මිනිසා ලෙස සලකන බිල් ගේට්ස් පවා තවම බිලියනවලින් ගණන් හදන වත්කම් ඇති අයෙකි.අනාගතයේ ට්‍රිලියනයක වත්කම් ඇති ධනවත් මිනිස්සු පහළවේ යැයි ආර්ථික විශේෂඥයෝ අනාවැකි කියමින් සිටිති.ඒ කියන්නේ එවැනි වත්කම් ඇති ව්‍යාපාරිකයකු පහළවේ ද කියා තවම සිතා ගන්නවත් නොහැකිය.එතකොට ලක්ෂ්මන් යාපාගේ ගණන්සාස්තරයට අනුව බැඳුම්කරයෙන් රටට වූ පාඩුව ට්‍රිලියනයක් වුණේ කොහොමද..?

මේ ප්‍රශ්නය බොක්කෙන්ම ඇහුවේ එජාප මන්ත්‍රී නලින් බණ්ඩාරය.ඔහු කීවේ ලක්ෂ්මන් යාපා ගණන් නොදන්නා අතර ට්‍රිලියනයකට බිංදු කීයද කියාවත් දන්නේ නැති බවය.ලක්ෂ්මන් යාපාට ඒ ප්‍රශ්නයට කේන්ති ගියේය.ඔහු කීවේ තමා ගණිතය දන්නා බවත් තමා බැංකුවක සේවය කළ අයෙකු බවත් කියාය.ලක්ෂ්මන් යාපා මොන බැංකුවක සේවය කළා  ද, සේවය කළේ කවුරුන් ලෙස ද කියා කවුරුවත් දන්නේ නැත.හැබැයි ලක්ෂ්මන් යාපා හක්මන එජාප මන්ත්‍රීගේ පෞද්ගලික ලේකම් ලෙස සේවය කළ බව නම් හැමෝම දනිති.ජේ.ආර්.ගේ ආණ්ඩු කාලයේ මන්ත්‍රීවරයකුගේ පෞද්ගලික ලේකම්වරයකු කියන්නේ ඉතා අවම වැටුපක් ලබන වාහනයක්වත් හිමි නැති පහළ පන්තියේ සේවකයෙකි.

“මදැයි එහෙව් ලක්ෂ්මන් යාපා ආපු දුර...” කාට හෝ එහෙම හිතන්න පුළුවන.ලක්ෂ්මන් යාපාගේ පුතාගේ විවාහ මංගල්‍යයේ වීඩියෝව බලපු බයියන් විවාහ මංගල්‍යට වියදම් කළ මුදල් සම්භාරය ගණන් හදමින් මුහුණු පොත්වලට දැම්මේ ඊර්ශ්‍යාවට විය යුතුය.ලක්ෂ්මන් යාපා ට්‍රිලියනවලින් ලාභ පාඩු හදන්න දන්න ගණන්කාරයකු බව ඔවුන් දැන නොසිටියා විය හැකිය.

හැබැයි බැඳුම්කර කොමිෂන් වාර්තාව ලක්ෂ්මන් යාපා ගණන්වලින් අසමත් බව ඔප්පු කොට පෙන්වා ඇත.මේ කොමිසම කරේ තියා ගෙන ගියේ ලක්ෂ්මන් යාපලාය.බැඳුම්කර කොමිසන් වාර්තාව කියන්නේ රජයට වූ පාඩුව රුපියල් හැට කෝටි අසූපන් ලක්ෂ හැට දෙදහස් එකසීයක් යැයි කියාය.ඒ කියන්නේ කෝටි හැට එකකකට ආසන්න ගණනකි.රාජ්‍ය ආයතනවලට බැඳුම්කර විකිණීම මඟින් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම යුතු ලාභයක් උපාය ඇති දැයි සෙවිය යුතු බවත් එම අයුතු ලාභය රුපියල් කෝටි අටසීය ගණනක් බවත් කොමිසම කියයි.මෙම අයුතු ලාභය අභ්‍යන්තර තොරතුරු ලබා ගැනීම සහ වෙළඳ පොළ කෘත්‍රීමව හැසිරවීම මගින් අයුතු ලෙස උපයා ගෙන ඇති දැයි නඩු විභාගයක් කොට සෙවිය යුතු බව කොමිසම කියයි.රනිල් ජාතිය අමතා කීවේ මේ කෝටි 800 නොහොත් බිලියන 8 පමණක් නොව බිලියන 11ක් මහා බැංකුවේ තැන්පත් කොට තිබෙන බවත් එම මුදලින් කොමිසම කියන මුදල අය කර ගත හැකි බවත්ය. ලක්ෂ්මන් යාපලගේ ශ්‍රීලනිපය වගේම ඒකාබද්ධ විපක්ෂයත් කීවේ මහා බැංකුව මංකොල්ල කා සල්ලි අරන් පැන්නා කියාය.එලෙස සල්ලි අරන් පැන්නා නම් බැඳුම්කරයෙන් පර්පචුවෙල් හොයන ලාභය මහා බැංකුවෙම තැන්පත් කර තියෙන්න විදිහක් නැත.ලක්ෂ්මන් යාපලා ඇමතිකම් කරපු මහින්දගේ ආණ්ඩු කාලයේ බැඳුම්කර අලෙවි කරලා හොයපු සල්ලි මහා බැංකුවේ තැන්පත් කරලා තිබුණේ නැත.හොරු බැංකුවක් බිඳලා ගන්න සල්ලි ඒ බැංකුවේම තැන්පත් කරන්නේ නැත.ඒ නිසා යූඇන්පීය බැංකු බිඳපු කතාව,අලියා මහා බැංකුවට ගහපු කතා ඔක්කොම මෝඩ චූන්ය.

කොමිසමේ වාර්තාව එළියට ආවාට පසු එය හංගා ගත්තේ රජයට සිදු වූ ඇත්ත පාඩුව එළියට එනවාට ලක්ෂ්මන් යාපලා බය වූ නිසාය.මේ පාඩුව ට්‍රිලියන ගණන්වලින් කීවේ යූඇන්පීයට හොර ලේබලය අලවන්නටය.මෙම කෝටි හැට නොව කෝටි දහස් ගණනින් රජයට පාඩු කළ අය අද මේ ශ්‍රීලනිප කැබිනට් මණ්ඩලයේ සිටිති.එජාපය මොවුන්ට එරහිව ඇති දුෂණ චෝදනා,මොවුන් රජයට කළ පාඩු එකින් ඒක රටට හෙළි කළ යුතුය.එසේ හෙළි කොට මොවුන්ට එරෙහිව පරීක්ෂණ කරන ලෙස මෛත්‍රී -රනිල් ආණ්ඩුවට බල කළ යුතුය.මොවු මෛත්‍රී ළඟට වෙලා, අපි මෛත්‍රී ලව්වා යූඇන්පියට ගස්සන්නම් කියලා මහින්දවාදීන්ගේ ප්‍රහාරයෙන් ද බේරී සිටියි.මෛත්‍රී පාවිච්චි කරලා යූඇන්පී ඉවර කරලා දෙන්නම් කියලා, යූඇන්පී විරෝධී මහින්දට කඩේ යන මාධ්‍ය ද ශේප් කර ගෙන සිටියි.මෙම මාධ්‍ය මහින්දගේ ආණ්ඩු කාලයේ මොවුන් කළ දුෂණ ගැන වචනයක් කතා කරන්නේ නැත.මහින්ද එදා ජනාධිපතිවරනය්දී කීවේ මොවුන් ගැන ෆයිල් තමන් ළඟ තියෙනවා කියාය.මොවුන් එදා මහින්දගේ කකුල් ලෙව කෑවේ ඒ ෆයිල්වලට බයේය.අද මෛත්‍රීගේ කකුල් ලෙව කන්නෙත් මෛත්‍රී ළඟ ඒ ෆයිල් තියෙන නිසාය.

රාපක්ෂ පාලනයේ තමන් අතින් රජයට වූ බිලියන ගණන් පාඩු වහන්නට ට්‍රිලියනවලින් පාඩු මවලා හදන මොවුන් මෛත්‍රීට කියන්නේ ශ්‍රීලනිපය මෛත්‍රීගේ දෙපතුල ළගට ගෙනවිත් දෙන්නම් කියාය. හැබැයි පෙබරවාරි 11 පාන්දර යාමයේදී මෛත්‍රීට තේරුම් යනු ඇත්තේ 1965-70 කාලයේදී ගොයම් වෙනුවට ඉලුක් පෙන්වා ඩඩ්ලිව ඇන්දුවා වගේ මොවුන් නිල් පාට  පෙන්වා තමන්ව අන්දපු බවය.

-උපුල් ජෝශප් ප්‍රනාන්දු-

(ජනයුගය)

Advertiesment