Wednesday 18th of September 2019

English Tamil


සිම්බාබ්වේ පිල හමුවේ ශ්‍රී ලංකාව යළිත් පරාදයි ..!


2019-07-03 1139

(හේමන්ත තුෂිත කුමාර )

ශ්‍රී ලංකා ,සිම්බාබ්වේ හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරඟාවලියේ අද (17) දින පැවති ශ්‍රී ලංකා , සිම්බාබ්වේ අතර තරඟයේදී තියුණු තරඟයකින් පසුව ශ්‍රී ලංකාවට පරාජය හිමි විය. පසුගිය තරඟාවලි වලදී දිගින් දිගටම පරාජයන් හිමි කර ගත් ශ්‍රී ලංකාව මේ තරඟාවලියට නව පුහුණුකරුවකු යටතේ විශාල බලාපොරොත්තු සහිතව එක්වුවත් සුපුරුදු ලෙස දුර්වල ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරමින් තරඟය පරාජයට පත් වීම බොහෝ ක්‍රීඩා ලෝලීන් කනස්සල්ලට පත්කරවීමට සමත් විය. තරඟයේ මුලින් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ පිල පන්දු වාර පනහ නිම වන විට කඩුලු 6 කට ලකුණු 290යි. දක්ෂ ලෙස පන්දුවට පහර දුන් මසකඩ්සා ලකුණු 73 ක් රැස් කළ අතර සිකන්ඩර් රාසා ලකුණු 81යි. පිළිතුරු ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකාව තරඟය නිමවන විට පන්දු වාර 48.1 කදී සියලු දෙනා දැවී ලකුණු 278යි. කුසල් පෙරේරා 80යි.තිසර 64යි.  තිසර පෙරේරා පන්දුවට පහර දෙමින් සිටි මොහොතේදී තරඟයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාව දෙසට බොහෝ සෙයින් නැඹුරු වී තිබුනත් ඔහුගේ විකට්ටුවෙන් පසු ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණ සිහිනය බොඳ විය.