Monday 11th of December 2023

English Tamil
Advertiesment


උස්මාන් කාන් ට කොන්දේ ආබාධයක්..


2019-07-03 7824

(හේමන්ත තුෂිත කුමාර) උස්මාන් කාන් නම් පාකිස්ථාන වමත් වේග පන්දු යවන්නා ක්‍රිකට්වලට ආදරය කරන කාටත් අමතක වන්නේ නම් නැත. ඒ පසුගියදා පැවතිශ්‍රී ලංකා පකිස්ථාන අවසන් එක්දින තරගයේදී ශ්‍රී ලංකාවට පරාජය හිමි කර දීමට මුල් වූ ක්‍රීඩකයා ඔහු බැවිනි.ශ්‍රී ලංකාව සතු ප්‍රබලම මුල් පෙළ පිතිකරුවන් පස් දෙනෙකු(තරංග,සධීර,චන්දිමාල්,දික්වැල්ල,සිරිවර්ධන,) ලකුණු 34ක් තුල දවාලීමට ඔහු එදින සමත් විය.එහෙත් මේ වනවිට ඔහු කොන්දේ අබාධයකට ගොදුරු වී ඇති බවට පකිස්ථාන ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි. මේ හේතුවෙන් ඔහුට තවත් මාස 6ක පමණ කාලයක් ක්‍රිකට් අහිමි වනු ඇත. 1994 වසරේදී උපත ලැබූ ඔහුට මේ වන විට වයස අවුරුදු 23කි. ක්‍රිකට් ජීවිතයේ ආරම්භයේදීම මෙවැනි ආබාධ වලට ගොදුරු වීම ක්‍රීඩකයන්ගේ පැත්තෙන් බලන කල අවාසනාවට කරුණකි.

Advertiesment