Thursday 5th of December 2019

English Tamil
Advertiesment


ශ්‍රී ලංකාවේ තේ ලෝක උරුමයක්..?


2019-07-02 1632

(රංජිත් ගුණවර්ධන)

ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ ආර්ථික,සමාජීය සහ සංස්කෘතික පසුබිම අධ්‍යනය කර සකස් කරන විශේෂ වාර්තාවක් “UNESCO” සංවිධානයට ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය ලෝක උරුමයක් වශයෙන් නම් කරන ලෙසට යෝජනාවක් ඉදිරිපත් කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල පියවර ගෙන තිබේ.

ඊට අමතරව දෙස් විදෙස් සංචාරකයන්ගේ ගෞරවය දිනා ගෙන අති ශ්‍රී පාදස්ථානය,කතරගම පුදබිම සහ මුන්නේශ්වරම් පුජා භුමිය ලෝක උරුමයක් ලෙස නම් කර ගැනීම සඳහා අවශ්‍ය සක්‍යතා අධ්‍යන කටයුතු ද මධ්‍යම සංස්කෘතික අරමුදල ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකාවේ අතිශය වැදගත් ස්ථාන ලෝක උරුමයන් ලෙස නම් කර ගැනීම සඳහා 1991න් පසුව “UNESCO” සංවිධානයට මේ දක්වාම කිසිදු වාර්තාවක් ඉදිරිපත් කර නොමැති බව ද වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය පසුපස විශාල සංස්කෘතික,සමාජීය,පාරිසරික සහ ආර්ථික වට පිටාවක් ගොඩනැගී ඇති බැවින් වතුකරයේ ද්‍රවිඩ ජනතාවගේ සංස්කෘතික උරුමයන් රැක ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය ආශ්‍රිත වට පිටාව ලෝක උරුමයක් ලෙස නම් කළ හැකි බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහචාර්ය ප්‍රියශාන්ත ගුණවර්ධන මහතා පැවසීය.

 මධ්‍යම සංස්කෘතික අරමුදලේ සභාපති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාවකට අනුව රට පුරා පිහිටි පෞරාණික ග්‍රාමීය බෞද්ධ සිද්ධස්ථාන වගේම ද්‍රවිඩ සහ මුස්ලිම් ජනතාවගේ ආගමික සහ සංස්කෘතික අනන්‍යතාවයන් සහිත පූජා භුමි ද රක ගැනීමේ වැඩ පිළිවෙළක් මේ වන විටත් ආරම්භ කර තිබෙන බව ද  මහචාර්ය ප්‍රියශාන්ත ගුණවර්ධන මහතා පැවසීය.

 

Advertiesment