Monday 22nd of July 2019

English Tamil


උතුර දකුණ යා කළ


2019-07-02 3712

( අශාන්ති වර්ණසුරිය-යාපන සංචාරයෙන් පසු)

යාපනය යුධ හමුදා ආරක්ෂක සේනා මුලස්ථානය නත්තලට සමගාමීව සංහිදියාවේ දෑත් දුගු කරමින් උතුර දකුණ එක් කරලීමේ අරමුණ ඇතිව  සංවිධාන කළ යාපනය රස උදානය ඉතාමත් සාර්ථකව ඉරිදා (17) සවස  අවසන් විය.

තෙදිනක් පුරාවටම යාපනය කොටුව ඉදිරිපිට මහජන ක්‍රීඩාංගනයේ පැවති යාපනය රස උදානය දේශීය අපගේ සහෝදර ජනතාවගෙන් මෙන්ම සංචාරකයන්ගේත් ආකර්ෂණයට ලක් වීම  විශේෂත්වයකි.දිවයිනේ සියලුම පළාත් ආවරණය වන පරිදි එකී පළාත්වලට වෙන් වූ කුටිවල ඒ පළාතට අවේනික රස අහාර පාන වර්ග ප්‍රදර්ශනය කරමින් එම ආහාරවල රස ජනතාවට බුක්ති විඳීමට යුධ හමුදාවේ දක්ෂ සුපවේදීන් කටයුතු යොදා තිබිණි.

මෙහි සුවිශේසී කාරණය වූයේ සියලුම අහාර ඉතාමත් අඩු මිලකට මිලදී ගැනීමට තිබුණු ඉඩකඩයි. එමෙන්ම අහාර පිසීම සහ  ආහාර ඇසුරුම් කිරීම   නියම ප්‍රමිතියෙන් යුතුව සිදු කිරීමටත් හමුදා  නිලදාරීන්ගේ විශේෂ අවදානය යොමුව තිබිණ. කැප්ටන් තුෂාර සම්පත් ,ආරක්ෂක සේනා මුලස්ථානය යාපනය රස උදානය ව්‍යාපෘතියේ කළමනාකරු “lankanewsweek” සමග කතාවට එක්වෙමින් මෙසේ පැවසීය.

 "උතුරේ ජනතාව සමග යුද හමුදාව සම්බන්ධවීමේ අරමුණ ඇතිවයි අප මේ “යාපනය ආහාර සැණකෙළිය” සංවිධාන කළේ. ඒ හැරෙන්න  ලාබ ලබා ගැනීම කිසිදු අරමුණක් ඇත්තේ  නැහැ."

ඒ කරණය  සත්‍යකි. මිල ගණන් බැලු බැල්මට ඉතාමත් අඩුය. එමෙන්ම රස ගුණ ඉහළය. යුද හමුදාවේ  මූලික අරමුණ වූයේ උතුර දකුණ යා කිරීම වන අතර එම අරමුණ  සාර්ථක වී ඇත .

ඒ බව අපට පසක් වුයේ අප කතා කළ යාපනය සහෝදර ජනතාව මේ සම්බන්ධයෙන් දැක්වූ ප්‍රතිචාර නිසාවෙනි. " ඇත්තටම අපට සිංහල කෑමවල රස ගුණ විඳින්න  අවස්ථාවක් නැහැ . ඒක නිසා සිංහල කෑම බීමවල රස ගුණ විඳින්න මේ උත්සවය  හොද අවස්ථාවක් වුණා. කෑ." ඒ අප සමග කතාවට වැටුණු යාපනය ජනතාවගේ අදහස්ය.

මේ අය වගේම යාපනයේ රැකියා කටයුතුවල නිරත වන්නන් සහ අධ්‍යාපන  කටයුතු කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්  බොහොමයක්ද අප සමග යුධ හමුදාවට සිය  ස්තුතිය පළ කරමින් පැවසුව මෙවැනි වැඩ සටහන් තව  තවත් සංවිධානය  කළ යුතු බවය.

මනරම් දමිළ නර්තනාංග ඇතුළත් කරමින් සිකුරාදා(15)සන්ධ්‍යාවේ පැවැත්වූ  සමාරම්භක උත්සවය යාපනය යුධ හමුදා ආරක්ෂක සේනා ආඥාපති  මේජර් ජනරාල් ඩි.ඩි.යු.කේ හෙට්ටිආරච්චි , යාපනය ආණ්ඩුකාර රෙජිනෝල් කුරේ , මේජර් ජනරාල් මර්වින් පෙරේරා යන මහත්වරුන්ගේ ද  ආගමික නායකයින් ප්‍රධාන සම්භාවනීය අමුත්තන් රැසකගෙන් ද  සුසැදිව ආරම්භ වී ඉරිදා (17) සන්ධ්‍යාවේ සාර්ථකව අවසන් වුයේ යුධ හමුදා නිලධාරින්ද ඇතුළුව  සියලු දෙන ගායනා කළ  නත්තල් කැරොල් ගීත ද  සමගිනි .

නත්තල් කැරොල් ගී ප්‍රසංගය මෙම ප්‍රදර්ශනයේ වඩාත් ආකර්ශනීය අංගයක් බවට පත් වූ අතර ඊට  සමගාමිව තෙදින පුරාවටම කතුරු ඔන්චිල්ලා සහ  මාරක ළිද ද සංගීත ප්‍රසංග ද ඇතුළු විශේෂාංග ගණනාවක් මේ සැණකෙළියට කර තිබිණ.

එදා යුද හමුදා ඇඳුමට  ඔවුන් බිය  විය. යුද්ධයෙන්  පසුව ද අප සිදු කළ සංචාර හරහා අපට ද පසක් වුයේ ඔවුන් තවමත් යුද හමුදාවට වෛර කරන බවය. සිය  ඉඩම්වලින්  යන ලෙසට එම ජනතාව නිරන්තරයෙන් ඉල්ලුහ. නමුත් අද වන විට ඔවුහූ සැබවින්ම අපගේ ආරක්ෂක සේනාව සිය  සේනාව ලෙසින් පිළි ගනිමින් සිටිති. මේ සියල්ල පෙරළා දනවන්නේ එවැන්නකි.