Wednesday 21st of April 2021

English Tamil
Advertiesment


උතුරේ ත්‍රස්තවාදය යළි හිස ඔසවයිද ?


2019-07-02 3162

(අශන්ති වර්ණසුරිය-යාපනයේ සිට )

උතුරේ ත්‍රස්තවාදය යළි හිස ඔසවමින් සිටින බවට ඇතැම් පිරිස් දකුණේ විවිධ දුසමාන ආරංචි ආරංචි පතුරුවා හරින්නේ පටු දේශපාලන න්‍යායපත්‍රවලට අනුව යැයි යාපනය ආරක්ෂක සේනා ආඥාපති  මේජර් ජනරාල්   ඩී.ඩී.යූ.කේ හෙට්ටිආරච්චි මහතා පවසයි.

උතුරේ එවැනි තත්වයක් නොමැති බවත් එමනිසා මේ දුසමාන ආරංචිවලට නොරැවටෙන ලෙස දකුණේ ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් පවසන මේජර් ජනරාල් ඩී.ඩී.යූ.කේ හෙට්ටිආරච්චි මහතා උතුරේ ජනතාව ඉතාම සතුටින් සහ සමාදානයෙන් යුතුව ජීවත් වන බව ද සඳහන් කරයි.

එමෙන්ම එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයට යළි හිස එසවීමට කිසිදු ඉඩකඩක් නොමැති බව ද මේජර් ජනරාල් ඩී.ඩී.යූ.කේ හෙට්ටිආරච්චි මහතා අවධාරණය කර සිටියි.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල්   ඩී.ඩී.යූ.කේ හෙට්ටිආරච්චි මහතා මේ බව හෙළි කළේ යාපනය ආරක්ෂක සේනාමුලස්ථානයේදී  “lankanewsweek” කෙටි සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

එම සම්මුඛ සාකච්ඡාව මෙසේය.

[embed]https://youtu.be/fwxMaWiQI8Q[/embed]

Advertiesment